Páginas

Saturday, November 27, 2010

හාමුදුරුවනේ .... තව කතුරුමුරුංග සම්බෝල ඕනෙද?


ඔයාල අහල තියනවා නේ අර "හාමුදුරුවනේ...බිත්තරයක් දාන්නද?" කතාව නම්.මේක එකේ ටිකක් mild version එකක්.මටම වෙච්ච වැඩක්.හාමුදුරුවන්ගේ සම්බන්දයක් ඇත්තෙමත් නෑ,නැත්තෙමත් නෑ....

අපේ ආච්චිලගේ ගෙදර හැම සැප්තැම්බර් මාසෙකම සාංඝික දානයක් තියනවා.ආච්චි නැති වෙන්නත් කලින් ඉඳන් තමා මේක තියෙන්නේ,අපේ අම්මල කියන විදිහට,වයස කට්ටිය මළාම දාන දීල වැඩක් නෑ,ජීවත් වෙලා ඉන්නකොට හිත සතුටු වෙන්නයි දෙන්න ඕනේ

ඉතින් ඔන්න දානේ දවසේ මෙහෙ හදපු කෑම ටික මහ ගෙදරට පටවල ඇරලා අපි ලෑස්ති වෙන්න ගත්ත...මම පුරුදු පරිදි කලිසමකුයි සුදු බ්ලවුස් එකකුයි දා ගත්ත.ඕක දැකපු අම්ම බෙරිහන් දෙන්න පටන් ගත්තේ නැතැයි !

"දානයක් දවසක කලිසම් අඳිනවද ළමයෝ! ඇඳගන්නවා සායක්!".
ඉතින් මට සායවල් නෑ නේ :(
තිබ්බ එකම එක හමගිය ඩෙනිම් සායක් නම්.එක දනිස්ස වැහෙන ගානට තමා තිබ්බේ.මොනවා කරන්නද,ඕක ඇඳන් ගෙදරින් පිටත් උනා.මම දානෙට කලින් වැඩපල වලට උදව් උනාට දානේ දීසි වලට බෙදල කරලා අන්තිම මොහොතේ කරන වැඩ වලින් ටිකක් ඈත් වෙලා ඉන්නවා.මොකද කට්ටිය වැඩි උනාමත් ඔතන අවුල් ජාලයක් නේ.ඉතින් හාමුදුරුවොත් වැඩිය.මට පෙන්න බෑ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ව.(පැත්තේම ප්‍රසිද්ද චරිතයක්.දැන් නම් රටෙත් නෑ )ඉතින් මම මුල්ලකට වෙලා හිටිය.එත් ඔන්න කරුමෙට දානේ බෙදන වෙලාවට අම්ම මාව දැක්ක.

"අහ් මෙහෙ එන්න.මේ කතුරුමුරුංග සම්බෝලේ බෙදන්න"මම ඉතින් නහයෙන් අඬ අඬ දීසියත් අරන් ගිය.අම්ම එක හදන්නේ කතුරුමුරුංග කර කර ගානකන් තෙලෙන් බැදලා,ළූණු,උම්බලකඩ,දෙහි ටිකක් එහෙම කලවම් කරලා.මාර රසයි.ඉතින් පෝලිමට බෙදන් ගිහින් ලොකු හාමුදුරුවෝ ලඟටත් ආව.

"හාමුදුරුවනේ,කතුරුමුරුංග සම්බෝල?"
"අහ්,බෙදන්න බෙදන්න"මම හැන්දක් බෙදුව.අතින් වැහුවේ නැති නිසා තව හැන්දක් බෙදුව.එත් අතින් වැහුවේ නැති නිසා මම ටිකක් unsure නිසා මූණ බලල ඇහුව "තව දාන්නද?" කියල.මට පිස්සු නේ.

"තව දාන්න තව දාන්න"තුන් වෙනි පාරත් බෙදුව,එත් වැහුවේ නෑ.ඉතින් මම හතර වෙනි පාරටත් බෙදුව.බත් එකෙන් බාගයක් විතර සම්බෝල දැන්.පස්වෙනි පාරටත් බෙදන්න යනකොට "අහ් ඇති ඇති "කියල නතර කල.මම අනිත් හාමුදුරුවෝ ලඟට යද්දී මෙයා කියනවා
"මීට පස්සේ ලොකු හැන්දක් ගෙන්න ඕව බෙදන්න....කන් හැඳි නෙමේ" ලු.!!! අනේ දෙයියනේ මේස හැඳි නැතුව මම පොල්කටු හැඳි ගේන්නද සම්බෝල බෙදන්න

ඕක ඔතනින් ඉවර උන කියල හිතමුකෝ.පිරිකර බෙදද්දී මම කුස්සියට ගියා හැංගෙන්න.එත් අම්ම අයියලාගෙන් අහල "කෝ කෝ නංග?" කියල මාව හොයාගෙන ඇදගෙන ඇවිත් මට පිරිකරයක් දුන්න ගිහින් පූජා කරන්න කියල.මම හාමුදුරුවන්ගේ මූණු බලල ඉන්න අහිංසකම පාට පුංචි හාමුදුරු නමකට පිරිකරේ පූජා කරලා දණ ගහල වැන්දා.අන්න එතැනදී තමයි සාය පරහකට හිටියේ.හාමුදුරුවන්ට අසුන් පනවල තිබ්බේ පේලි 2 කට.ඒ කිව්වේ මූනට මූණ බලන් ඉන්න වගේ.මම වැඳලා නැගිටලා යද්දීම මම ඇස් කොනින් දැක්ක මම වඳිද්දී මට පිටිපස්සේ හිටපු හාමුදුරු දෙනම වටාපතින් මූණු වහන් හිකි හිකි ගගා මගේ දිහා බලාගෙන රහස් කියනවා.හපොයි!!.මෙයාල මම නිසා අර්හත්ඵලය ලැබුවවත් ද? හාමුදුරුවෝ පිටත් වෙලා යන කන් මම නොඉවසිල්ලෙන් හිටියේ

එලියට බැස්ස විතරයි මම කාටත් කලින් රිංගුවා ඇතුලේ කාමරේකට.ඔකේ එක පැත්තක ඇඳ,අනික් පැත්තේ කන්නාඩිය.ඉතින් මම කන්නාඩියට පිටුපස හරෝල දණ ගැහුවා.ඊට පස්සේ දෑත් එක කරලා වඳින ගමන් පිටිපස්සේ කන්නාඩියෙන් චෙක් කළා මම safe ද කියල.කිසි අවුලක් නෑ.ඔය යස අගේට සාය තියනවා.teenage hormones නිසා වෙන්න ඇති "හිකි හිකිය" කියල සැනසුම් සුසුමක් හෙලපු මම එලියට යන්න නැගිට්ට.ඊට පස්සේ දොර දිහාවට හැරුනා.

එතකොට තමා හිතුනේ මගේ දෙපතුල ලඟින් සතර මහා අපායට වැටෙන්න හරි කමක් නෑ විවරයක් හැදුන නම් කියල!!!!

අපේ ගෙදරට පහල ගෙදර නැන්ද දොර ලඟට වෙලා තක්බීර් වෙලා අන්දමන්ද expression එකක් දාන් මගේ දිහා බලන් ඉන්නවා!එයාගේ පැත්තෙන් බැලුවම ඒ බැල්ම සාධාරණයි.මේ කෙල්ල මොකද මේ පොලවේ දිගාවෙලා දොහොත් මුදුන් දීල ඇඳට වඳින්නේ කියල එයා බලන්න ඇති.ඇත්තට මොන මගුලකට මම වැන්දාද මන්ද,නිකම් දණ ගැහුවා නම් ඉවර නේ.අඩු ගානේ ඇඳ යට මොනවා හරි හොයනවා කියලවත් හිතයි නේ.lol.දැන් ඉතින් මොනවා කරන්නද,මම හොඳට හිනාවෙලා එයා ලඟින් රිංගල එලියට ගියා.

ඉතින් ඔන්න එදා ඉඳන් එයා හිතන් ඉන්නේ මට පිස්සු කියල.who cares!!lol.හැබැයි එදායින් පස්සේ නම් අම්ම තියා ශක්‍රයා කිව්වත් දානේ ගෙවල් වලට සායවල් නම් අඳින් නෑ මම!!

23 comments:

  1. /* "දානයක් දවසක කලිසම් අඳිනවද ළමයෝ! ඇඳගන්නවා සායක්!".
    */

    අනිත් දවසෙ අම්මිගෙන් අහන්න ත්‍රිපිටකයේ කොයි වග්ගයේ ද ඔය ධර්මය තියෙන්නේ කියලා.

    ReplyDelete
  2. Hehe.kohen hari mullakin eya hoyaa gani ekatath adaala part ekak....ammage hati ehemai !

    ReplyDelete
  3. Aiyoo mata mawila penawa dana gahagena andata wandagena inna hati...he he

    ReplyDelete
  4. මොනව කියන්නද මන්දා?

    ReplyDelete
  5. Hoo hooo! Maxxa story!! Thanx Poppy!!

    ReplyDelete
  6. Hehe.dnt worry,i'm gonna post daily from today on...

    ReplyDelete
  7. බුදු අම්මෝ !
    මමත් මුකුත් නොකියා ඉන්න එක හොඳයි
    හැබැයි ඉතින් මම මාසෙටම ඇතිවෙන්න අද හිනා උනා ...
    කතාව එල

    ජයවේවා !!

    ReplyDelete
  8. හැබෑටම ඔච්චර ෂොපින් කරන එකේ ගන්ඩකෝ ටිකක් දිග සායක්..

    ReplyDelete
  9. අර කතුරුමුරුංගා බෙදන වෙලාවේ ඇඳන් හිටියේ කර පළල් උඩ ඇදුමක් නොවෙන්න ඇති කියලා හිතනවා..

    මම දන්න විදියට නම්, සායකට වඩා කලිසම සංවර ඇදුමක් ( ඇඟට හිරවෙච්ච කලිසම් නෙවෙයි ඕන්).

    මොනවා උනත් අගේ ඇති කතාව.

    ReplyDelete
  10. mama shopping karan na ane....daz thama maasekata sarayak shopping.mama thaniyata wage yanawa.lol

    ReplyDelete
  11. lolzz ... mama kata wahan innam ... moko kohomath mata break naha ... :P

    ReplyDelete
  12. you are mad .. utterly devastatingly mad .. btw ape malli fridge ekata wanda ekath me wage ne ne ... :P

    ReplyDelete
  13. @daz-lol.u knw me nah.y surprised?meh y dnt u write that story in ur blog!
    @udara-ansh?is she also mad like me? :O

    ReplyDelete
  14. අපිත් දානයක් දෙන්න හිතගෙන ඉන්නේ ඔයත් එන්න කතුරුමුරුOගත් අරගෙන...ලොල්

    ReplyDelete
  15. @sameerausa-aiyo I missed ur comment.ow oya qwa de aththa.kalisan hondaa
    @Sudath-apo mama nam aaye jeewitheta daane bedanna yan na

    ReplyDelete