Avoiding...

There are things I like,and things I try to avoid my best when I'm in a crowd.today's a good example.well...I forgot to tell you guys about it.was really busy:-)

achchige 3maase bana ada.now the house is almost empty,beside few cousins and relatives.but 2hours ago there were more than two hundred people here!

I hate when everybody ask me what i'm doing now.and about future plans...ya i have plans.the thing is i don't want to share those with all these nosy women,and specially our next door thick headed Mr.engineer.(Eng,ACCA,ACIM,ACMA ....etc)why me?i'm glad he's married,or else people would suspect he has a huge crush on me or something.he was like a magnet!thousand and ten questions!from my education,desired jobs to my bro...

So i do it my way.my bro told me how to deal with these type of guys several years back.i let them have the satisfaction they need.i tell them i don't have any other plans beside finishing this damn course i started.hehe.well that's a one plan.lol.

And i hate when guys who haven't seen me for years stare at me like i'm some kind of a freak...and my mother's struggle to introduce me to them and making me even embarrassed by asking whether i remember those people,in which case,i don't have any clue who they are!why didn't our grand parents and grand -grand parents use birth controlling methods?hmm it could've made things easy.lesser number of unknown relations...

Again,i avoid people who try to compare me and my mom.i hate it...!

Ofcourse there are some things i like too.i love our small group of relations from kadawatha.and truly...i loved krishid akka's baby! Such a cute,adorable,sweet baby....mwah...! i'm dying to have such a baby!

K then.tmrw's gonna be tight.daane ne.must sleep now.good night.take care buddies

ගිය සතිය


හරිම eventful සතියක්.ඊයේ ගැන කියනවනම් මම රෑ නිදාගන්න යද්දී මගේ ඇඳ උඩ මීයෙක් හිටිය.මීයෙක් කිව්වම ඔලුවට යන්නේ අළු පාට, බඩ මහත,දිග රැවුල් ගස් 3,4 ක් තියන උල් දත් 2 කුයි pointed හොම්බකුයි තියන මීයෙක් නේ. හැබැයි මෙය නම් හරිම sweet මී පැටියෙක්.ක්‍රීම් පාටයි.නැට්ට රෝස පාටයි.හරියටම ලේන පැටියෙක් වගේ.එයාව අල්ලගන්න දුවල ගියත් එයා මට වඩා වේගෙන් ගිහින් ඇඳ යට හැංගුනා.කොච්චර හෙව්වත් ඊට පස්සේ දැක්කේ නම් නෑ.

තව මම ගිය පාර post1 දැම්ම දවසෙම රෑ ,හරියට දෛවයේ සරදමක් වගේ,අපේම මාමගේ වැඩිමල් දුව (again,only 16 years old) පැනල ගියා ,එයා වත් හරියට දන්නේ නැති කොල්ලෙක් එක්ක.මට මුල් දවස් 2,3 නම් තිබ්බේ ලොකු තරහක්.දැන් නම් දුකක් එක්ක නංගිගේ අනාගතය ගැන බයක් දැනෙන්නේ.ඊයේ couple1 අපේ ගෙදරට ආව.බන්දලා දෙන්න විදිහක් නැති නිසා පොලිසියට ගිහින්,කල වයස හරි ගියාම බන්දලා දෙනවා කියල පොරොන්දු කරවන් දෙන්නව ගමට යැව්වා කොල්ලගේ තාත්තලත් එක්ක.පව්.

ආහ්....ඇයි තව මම ලසඥ්ඥා (lasagna) හැදුව නේ!හැදුව නෙමේ හදන්න උත්සහ කළා.මම food city කිහිපයකම හොයල බැලුවත් මට ලසඥ්ඥා noodles1 හොයා ගන්න බැරි උනා.ඉතින් පැස්ටා packet 1, ස්පෙගටි packet1 කුයි,චීස් ,සෝස් ,කුකුල් මස්,සොසේජස්,බෙල් පේපර්ස්,තක්කාලි,ළූණු එහෙම අරන් රෙසපි එකේ විදිහට හදල බේක් කලා.හරිම ලස්සනට ,සුවඳට ආව [දැම්මේ නැත්තේ 'ඔරිගානෝ' විතරයි.food city එකේ වැඩ කරන එක්කෙනෙක්ගෙන් ඔරිගානෝ තියනවද ඇහුවම ආයේ මගෙන් ඇහුව 'මොකක්ද?ඔරිගාන?ම්ම්ම් අර spices තියන රාක්කෙ බැලුවද ?' කියල.මම ඔව් කිව්වම එයා වෙන senior සේවකයෙක් ලඟට ගිහින් අහනවා 'ඔරිගාමි' තියනවද කියල !මම වැඩේ අතැරලා දැම්ම.කොහොමත් original italian recipe එකකට අනුව පීසා හදන්න ගිහින් (රෝස්මරී සහ ඔරිගානෝ herbs වැඩි වෙලා )එකෙන් බාරොන් වෙද මහත්තයාගේ පත්තුවේ සුවඳ හමන්න ගත්තට පස්සේ මම ටිකක් බයයි ඔය නොදන්නා කුළු බඩු එක්ක හැප්පෙන්න යන්න.] ඉතින් එහෙම ලස්සනට ආවට අවන් එකෙන් බාල කුට්ටියක් කපල ඉස්සුවා විතරයි මුළු දීසියම තනිකර නිකම්ම නිකන් නූඩ්ල්ස් ගොඩක් උනා.මට දුකේ බෑ.ලසඥ්ඥා noodles1 නැතුව හරියට හදන්න බෑ නූඩ්ල්ස් ඇලෙන්නේ නෑ එකට.එතකොට කුට්ටිය වගේ කපන්නත් බෑ හැබැයි ඉතිං රසයි.

පැයක් යද්දී දීසි දෙකේ ඉතුරු උනේ ගැවුන සෝස් විතරයි. :D

තව මොනවද.... ම්ම්ම් .... වැඩි යමක් උනේ නෑ ඒ ඇරෙන්න. dazzled ගේ පවුලේ අය ලබන සිකුරාදා විනෝද චාරිකාවක් යන්න දාගෙන.සීගිරියේ.මටත් ආරාධනා කලා.අම්මට නම් යන්න බෑ.නගින්න බැහැ නේ දැන්.මටත් යන්න දෙන එකක් නෑ වගේ.එයාල හිතන්නේ මම ගලෙන් වැටෙන්න තරම් බබෙක් කියල තාමත්.එක්කෝ මම පනී කියල හිතනවද දන්නේ නෑ.I'm not that depressed! කොහොම හරි උත්සාහ කරලා බලන්න ඕනේ දිගටම.කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ අප්පා.හ්ම්ම්ම්
ok එහෙනම්.මම යන්න ඕනේ.දැන් පන්තියට ළමයි 3 දෙනාත් එනවා.ටටා ඔක්කොටම :)

ග්‍රාමසේවක නෝනා තහනම් වැඩ කරද්දී අපි කලාම මොකද නේද?


ඔන්න අපේ වත්තට එන අතරමග තාත්ත දාල තිබ්බ නෙ දැන්වීමක් රඹුටන් කැඩීම තහනම් කියල. මෙන්න බොලේ දවසක් මම බලද්දී කවුද දෙන්නෙක් ගහක් යට ඉඳන් කිසි ගානක් නැතුව රඹුටන් කඩ කඩ,ඒ මදිවට ආයෙමත් අපේ ගේ පැත්තටත් එනවා.බලද්දී අපේ ග්‍රාමසේවක මහත්මිය සහ කවුද කාන්තාවක්.
'අපි මේ රඹුටන් ගෙඩියක් කඩා ගත්ත' කියල හොඳට හිනා වෙලා අපේ ජන්ද පත්‍රිකාව දුන්න.හ්ම්ම්ම් ග්‍රාමසේවක නෝනා නිසා නිකම් හිටිය.

ඕක අතාරිමුකෝ.මේ ලඟදි අපේ මාමගේ ගෙදර පොඩි හොරකමක් උනා.රුපියල් 20000ක විතර පාඩුවක්.ඉතින් නීතියේ හැටියට පැමිණිල්ල සමග 1 දවසේ අරක්කු බෝතලේකුත් දුන්න ලු. දවස් 2 ,3 කට පස්සේ අපේ case එකේ සැක කාර පාර්ශ්වය අපේ නැන්දට තර්ජනය කරලා එකටත් පැමිණිල්ලක් දාන්න අපේ අම්මයි නැන්දයි ආයෙමත් පොලිසියට ගියා.හ්ම්ම්ම් අපේ කාරුණික පොලිස් නිලධාරී මහත්මයෙක් නිකම් ආ ගියා තොරතුරු කතා කරන ගමන් අහල මාම කොහෙද වැඩ කරන්නේ කියල.

නැන්ද වැඩි කල්පනාවක් නැතුව 'හිල්ටන් එකේ' කිව්වලු.
දත් ඔක්කොම පෙන්න හිනාවක් දාපු ඒ මහත්මය 'ආ එහෙමද? එහෙනම් අපේ රන්ජිත් අයියත් එක්ක ඒ පැත්තේ ගිහින් එන්න බැරියැ!!' කිව්වා ලු. (රන්ජිත් කියන්නේ අපිව පොලිසියට 'හොඳින්' අඳුන්වල දෙන්න ආපු කෙනා ලු )
ඉතින් අපි දැන් ඔය පාඩුව ඔයින් ගියාවේ කියල කරබාගෙන ඉන්නවා.හිල්ටන් එකෙන් පොලිස් මහත්වරු දෙතුන් දෙනෙක්ට කන්න දෙන්න තරම් වත්කමක් නැහැ නොවැ....

තව කතාවක් තියනවා ඔය නීතිය ගැන.අපේ දුර නෑදෑ කෙනෙක්ගේ දුව පැනල ගියා ගියා මාසේ.මනමාලය ප්‍රාදේශීය සභාපතිතුමෙක් ගේ ලගම නෑදෑයෙක්.ඉතින් පොලිසිය පැමිණිලි සහ විත්තිකාර පාර්ශ්වයන් දෙකම පොලිසියට කැඳවල තියෙන්නේ පාන්දර 1 ට විතර .තව අර නෑදෑ මාමට ඊට කලින් කිව්වලු විත්තිකාරයෝ කතා කරන්න කැමති ගෑනු ලමයව ගෙදර එක්ක යන්න කතා කරන්නේ නෑ කියල පොරොන්දු වෙනවනම් විතරයි,ඒක නිසා පොලිසියට පොරොන්දු වෙන්න කියලත්.කෙල්ලට වයස 16 තාම.ඒත් පරිවාස භාරයට දාන එකට පොලිසිය විරුද්ද වෙලා.තව පැමිණිලි පාර්ශ්වයෙන් සටහනක් ගන්න හදල මින් මතු මේ පිලිබඳ කිසිදු පියවරක් නොගන්නා බවට.ඒ පාර නම් අර නෑදෑ මාමට මල පැනල.කොහොම උනත් සාධාරණය ඉෂ්ට වෙලා අර ජෝඩුව යන්න ගිහින් hik .ගෑනු ළමයට බඳින්නත් බෑ,වයස නෑ නෙ.අනේ මන්ද. මොනවා උනත් ඒ ළමය වාසනාවන්ත වේයි කියල පතනවා.මොකද ආයේ එයාව බාර ගන්න අදහසක් අම්මලාගේ නෑ.මනමාලය දාල ගියොත් වැලේ වැල් නෑ.

දැන් අර ස්ථානාධිපතිතුමාව ගෙදර යවන සැලසුමක් මේ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා ලු.මම නම් නෑ ඕවට....

ඉතින්.......මම මේක තවදුරටත් දින පොත වගේම පාවිච්චි කරන්නේ නෑ.මොකද මේ ටිකේ මට හිතෙන ඒවා මේකේ පොස්ට් කරන්න භයානක වැඩි.ඉතින් එකට මම වෙනම පොතක් ගත්ත.මම මේකේ හිතට එන පුංචි පුංචි ඒවා ලියනවා.:) හරි එහෙනම්.දැන් යන්න ඕනේ.වැඩ ගොඩ...යි.tataaa