මීදුම


මේ ඊයේ පෙරේද කැළණි කැම්පස් එක ලඟදි අර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට ගහපු එක දැකල මට යමක් මතක් උනා.මගේ බ්ලොග් එක නම් politics free.ඒත් ඉතින් මට හිතෙන දේවල් මම ලියනවා.

මට මතක් උනේ "The mist" කියන film එක.ඔයාලත් සමහරවිට මේක බලල ඇති.ඇමෙරිකාවේ පිටිසර පැත්තක ජීවත් වෙන පොඩි පවුලක්,උදේ නැගිටිද්දී දකිනවා එයාලගේ ගෙදර ළඟ විලේ ඈත කෙලවර මීදුමක් වසාගෙන තියනවා.එයාල එක ගණනකට ගන්නේ නෑ.පවුලේ තාත්තයි පුතායි යනවා නගරෙට බඩු වගයක් ගෙන්න.එතන store1 ක ඉන්නකොට හිටපු ගමන් ඒ store 1 ත් වැහෙන්න මීදුම ගලනවා. ඒ මැදින් මිනිහෙක් කෑ ගහගෙන එනවා එලියට යන්න එපා, එළියේ අත්භූත, භයානක මොක්කු හරි ඉන්නවා කියල. ඉතින් මෙයාල මේක ඇතුලේ කොටු වෙනවා.

ඇත්තටම එහෙම සත්තු ඉන්නවා කියල මෙයාලට ටික වෙලාවකින් තේරෙනවා.ඇතුලේ ඉන්න කණ්ඩායමෙන් මිනිස්සුත් ටික ටික උන්ට ගොදුරු වෙලා මැරෙනවා.එකේ ඉන්නවා හමුදාවේ 3 දෙනෙක්.එයාලගෙන් 2 ක් සියදිවි නසා ගන්නවා.ඉතුරු වෙලා ඉන්න කෙනාගෙන් ප්‍රශ්න කරද්දී කට්ටියම දැන ගන්නවා රජයෙන්, සමාන්තර ලෝක,කාලය-අවකාශය ගැන කරපු project 1 ක් වැරදිලා, අන්තිමට ඒ ලෝකයක සතුන් මේ ලෝකෙත් පැතිරෙන්න අරන් කියල.( එක ටිකක් අමුතු theory 1 ක් ,හරියට project 1 කරපු තැන ඉඳන් ඒ ලෝකෙත් ප්‍රසාරණය වෙලා,මේ ලෝකේ ටික ටික පැතිරෙනවා වගේ කතාවක් ).

මේ හමුදා සෙබල ඒ project 1 ට කිසිම සම්බන්දයක් නැති කෙනෙක්,නිකන්ම ආරක්ෂක භටයෙක්.ඒත් අර store 1 ඇතුලේ බයෙන්,තරහින් පිස්සු වැටිලා වගේ ඉන්න මිනිස්සු මේ වෙලා තියන දේට වගකිවයුත්ත විදිහට අර තරුණ කොල්ලට ගහල, පිහියෙන් ඇනල store එකෙන් එලියට දානවා.ඊට පස්සේ අර සතෙක් ඇවිත් මිනිහව ඇදන් යනකන් සතුටින් බලන් ඉන්නවා. ඒ කණ්ඩායමේ සමහරුන්ට මොලයක් තියනවා මේ අසරණය ඒ වෙලා තියන දේට වගකිවයුත්ත නෙමේ කියල.ඒත් එයාලට ඒ කොල්ලව බේරගන්න ලැබෙන නෑ.
(ඔය film 1 මම බලල තියන film වලින් ජරාම අවසානය තියන එකක්.තව ඔය වගේ ජරා අවසානයක්
තියන එකක් තමා "Remember me".)

ඉතින් ඉතින් අර සීන් එක ( කැලණිය කැම්පස් එකෙන් අසුභ වෙලාවට එලියට බැස්ස ළමයට උද්ගෝෂණය කරපු අය ගහන එක) TV1 පෙන්නද්දී මට ඔය කෑල්ල මතක් උනා.ඇමෙරිකාවේ උනත් ලංකාවේ උනත් මිනිස්සු මිනිස්සුමයි. ඒ කිව්වේ බාගෙට අමනුස්සයෝ. ඒ හැංගිලා ඉන්න පැත්ත එලියට එන්න ඉතින් ඔය වගේ අවස්තාවකම ලැබෙන්න ඕනේ.

අනික තව එකක්,ඕක යද්දී අම්ම කියනවා " අර සන්ධ්‍යා නේද පෙළපාලියේ ඉස්සරහින්ම යන්නේ?ඕකිට කොහෙද කැම්පස් යන ළමයි?මෙහෙන් කීදෙනෙක් ව එක්කන් ගියාද දැන් නෑ" කියල.බලන් යද්දී පෙළපාලියේ බහුතරයක් "අහවල්" දේශපාල පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ.හිනා යන වැඩේ.

mmm ඉතින් එච්චරයි.ලංකාවේ වෙන වැඩ ගැන බොහොම කලකිරිලා ඉන්නේ.දේශපාලනය ගැන විතරක් නෙමේ, ශ්‍රී ලාංකිකයන්ගේ අමනුස්සකම් ගැන.... what to do..........c u guys.bye bye

සුභ උදෑසනක්!!!



මේ තියෙන්නේ අපේ වත්තේ පිපුන දම් පාට රෝස මලක්.අනිත් මලුත් අම්ම හිටවපු ඒවා.රතු මල මගේ...දහ අට වංගුවෙනුයි,රජ මාවතෙනුයි ගිය ගමන ගැන කියන්නත් තියනවා.oh!!ඇයි සොර බොර වැව!!!
....කොහෙන්ද පටන් ගන්නේ....ah...දැන් වංගු දහ අටක් නැහැ.තියෙන්නේ දහ හතයි.දහ අට අලුතින් පාර හදද්දී නැතිවෙලා ද කොහෙද.ඒක ආයෙමත් හදනවලු.ගමන නම් කියල වැඩක් නෑ.මම පිටිපස්සේ seat එකේනේ ගියේ.එකේ වීදුරුව හරිම පළල්.ඒක තියනවද කියලවත් මට මතක් වෙන් නෑ වෙලාවකට.ඉතින් වටපිට එබී එබී බලන්න ගිහින් දෙතුන් පාරක් නහය හප්ප ගත්ත.



අපි යද්දී ගියේ දහ අට වංගු පාරෙන්.ඒක හදනවා,දූවිලි පිරිලා.එත් ඒ පාර කෙටි ලු.අපි නතර උනේ හසලක.මේ කාලේ ගොවිතැන් නොකරන නිසා ඇළ වහල.ඉතින් අපි හිතන් හිටපු විදිහට නාන්න ලැබුනේ නෑ.අපි හිටියේ අපේ අයියගේ ගේ හදපු බාසුන්නැහැගේ ගෙදර.ඒ පැත්තේ අය නම් එයාට කියන්නේ මුදලාලි කියල.හරිම උත්සහවන්න කෙනෙක්.කොළඹ එද්දී මොකුත් බාස් වැඩක් දැන් නැහැ ලු.මෙහෙදී ඉගෙන ගෙන,දැන් එයා යටතේ ගොඩ දෙනෙක් වැඩ කරනවා.එන මාසේ ලක්ෂ 50 ක ඉඩමක් ගන්නලු ඉන්නේ.ඒ මුළු ගෙදරම tiled.හරිම ලස්සනට හදපු ගෙයක්.එයා කියනවා එහෙ මිනිස්සු හරිම කම්මැලි ලු.කුඹුරු වපුරන්න දවස් 10 ක් යයි ලු වැඩිම උනොත්.ඊට පස්සේ මාස ගානක් ඔහේ බලන් ඉන්නවා ලු.එතනින් එහා දෙයක් කරන නැති ලු...ඔහොම ඉන්නකොට හරියයිද අහනවා.ඇත්ත..




අම්පාරට යද්දී හම්බෙන අරන්තලාව හරිම ලස්සන පැත්තක්.හැබැයි දුක්බර කතාවක් ඒකත් එක්ක බැඳිලා තියනවා.අරන්තලාව භික්ෂු ඝාතනය...අපි එතන බලන්නත් ගියා.ස්මාරකයක් තියනවා.හරිම පාලු තැනක්.ඒ පැත්ත මේ රටේ පැත්තක් නෙමේ වගේ.ඈතට යනකන් තණ බිම් පේනවා.ඒවා සීමා වෙන්නේ කඳු වැටියකින්.මට අර කිරි දැන්වීම් වල පෙන්නන typical නවසීලන්තය මතක් උනා.හැබැයි quality සැහෙන්න බස්සල ගන්න වෙන්නේ,මොකද මෙහෙ තණ බිම් ටිකක් විතර කර වෙලා.අනික එකේ තණ කන හරක් කෙට්ටු උන්.ඒ ඇරෙන්න තණ බිම් වල තැන තැන ගල් තලා උඩ හදපු හමුදා බංකර් තියනවා. :)

අනික් කියන්න ඕනේ අත්දැකීම තම රජ මාවතින් ආව ගමන.ඒක හරියට need for speed ගේම් එකක සීන් එකක් වගේ.වංගු වංගු,කාර්පට් පාර,උස කඳු කපල ඒ මැදින් ගැඹුරට විහිදෙන පාර ආයේ ටිකකින් ගන කැලෑවක් මැදට වැටෙනවා.ඒ අතර හැමතිස්සෙම ජලාශ එනවා දර්ශනපථයට.....රන්දෙනිගල ජලාශය ළඟ අපි ගොඩ වෙලාවක් නතර වෙලා හිටිය.හරිම ලස්සනයි.ඒ පාර හරිම නිසංසලයි.smooth.මට ආයේ එකෙන් යනකන් ඉවසිල්ලක් නෑ.....අයිය මුලින්ම ඒ පාරේ ගිය දවසේ හිතුනලු......අම්මටසිරි,මම car එක හැප්පිලා මළාවත් ද?....මේ නම් ලංකාවේ සීන් එකක් වෙන්න බැහැ..... .කියල.hehe.සමහරවිට මම වැඩියෙන් කියෝනව කියල හිතෙන්න පුළුවන් ඒ පැත්තේ කෙනෙක්ට.එත් ඇත්තටම එක නම් ගොඩ කාලෙකින් මම විඳපු සුන්දරම අත්දැකීමක්!! photo ගන්න බැරි උන එක ගන දුකයි :( මොනවා කරන්නද.මට කැමරාවක් නැහැ නේ.




mmm සොර බොර වැව මට වැඩියෙන් ලස්සනට පෙනුනේ එතැනදී හදිසියේ හමුවී හදිසියේ වෙන්වී ගිය නාදුනන කැමරා ශිල්පියා නිසාද දන්නෙත් නෑ......lol. :D හැබැයි ඒකත් මාරයි.රාජාලියෝ,එක එක කොක්කු වර්ග,කුරුල්ලෝ පිරිලා.කුරුල්ලෝ මාළු අල්ලනවා සාමාන්‍ය දර්ශනයක්.එත් එක්කම බලන්න වටින්නේ එකෙන් වතුර පිට වෙන්න තනි කළු ගල කපල හදපු ඇළ මාර්ගය.එතනින් වතුර විදිනවා වගේ පෙන්නේ.so fast.මිනිහෙක් වැටුනොත් නම් මලා.ඉතින් ඕවා ටික ඇරෙන්න වෙන දෙයක් නෑ.අම්පාර නම් වේලෙනවා.කට්ට අව්ව,හුලන් පොදක් නෑ.පුදුම වධයක් වින්දේ එහෙ හිටපු පැය කිහිපයට.බලන් යද්දී අපේ අයියට පදියතලාව නෙමේ,උහන MOH ලැබෙයි වගේ.....තාමත් sure na.මේ දවස් වල එයා කළුතර යනවා පුහුණුවකට.

ඉතින් එච්චරයි.දැන් ඉතින් මට home work තොගයක් තියනවා කරන්න ගොඩ ගැහිලා.දුවන්න ඕනේ.bye bye ඔයාලට.take care.....

Good morning...

It's 5.10 a.m. For the first time in years, i'm fully awake ,even able to post something at a time like this!

I'm not saying that i'm not sleepy... I woke up at 3a.m. Yep.we're going to Padiyathalaawa.do you know where is it?only thing I know is,we're going to Kandy first,then Mahiyanganaya,to Hasalaka,and then to Padiyathalawa...tomorrow we have to go to Ampara from there.my bro got his first post as MOH (or assistant MOH,i'm not sure),in Padiyathalaawa... :-) so we're going to drop him there,but I guess this's more like a trip.hmm i'm not in a mood for a trip...so here I am.seated alone in the back seat of a small van,bumping madly at every bump and pit on this uneven kandy road,cursing,earplugged (smack that-akon)and cut off from other's conversation,and blogging...

Hoping Kandy will brighten my mood....do you know...it's really cold out here.i got goose bumps...and now i see the sky.dark purple...my fav...turning slowly to blue...i'm seeing first streaks of the morning sun..

Looks promising...
Wish everybody a very best morning.love u all :-) bye bye.

Tips of the week...I mean advices...lol

Based on my own experiences!
1-don't brush bathroom floor while singing.you might not notice,but your mouth would open at a very unlucky moment and ... Well... You know the rest... Lysol has a very unpleasnt taste.yuck.

2-don't put your half opened bags in bus's rack.when you're grabbing it back,things could fall.
for an example-your body cream,baby oil,water bottle,clogne,a tooth brush forgotten in it...etc.

3-don't eat pizzas for dinner and sleep.it'll keep you awake whole night.ugh.

4-don't smile with yourself,i mean people usually smile when they remembered something funny nah?if you're in a bus,then don't!!surely a guy's gonna ask your number right after! If you want that to happen,then do smile! :-D i guess they think it's kind of cute...

5-don't make chocolate cakes if you have a greedy,selfish brother.specially if he doesn't give a damn about his personal health!you won't even get a chance to lick off the icing which was stuck in the tray ,after the day you made it! It's gone...

6-don't ever wear yellow.that color sux.wear blue...brown...purple...gray...white....

7-if you want to spread your thoughts,ideas faster than blogging,if need somewhere to use your creativity more effectively,start writing a fanfiction.only 3 chapters yet and i got more than 70 user who'd added it to their alerts!cool.

8-no matter how often you get scolded by your mother,or father,help them when they need it.for an example,wash dishes,pots & pans after dinner.you don't know when they'll die...days left to be with them:-)

9-grow roses! You won't believe how fast those grow! Within a month every bush start producing blossems like crazy!wow.

10-if you're too exhausted to do anything other than lay paralized on your bed and blogging,threw away your phone and just sleep.cos you don't exactly have a clear idea what's your saying...shut up and sleep!

Good night...bye...

අපේ තක්කඩි වැඩ



කවුරුත් කැමති නෑ නේ දුක්බර කතා කියවන්න.ඉතින් මම මේ පාර අපි කරපු තක්කඩි වැඩක් ගැන කියන්න යන්නේ.අපි කිව්වේ මේ මම, ප්‍රධානත්වය ගෙන, dazzled වත් හවුල් කරන් කරපු වැඩක්. අපේ අම්මලගේත් පූර්ණ සහයෝගය ලැබුන :)[මම ගොඩ කාලෙකට කලින් පොරොන්දු උනා මේක කියන්න...මතකද? ]

මම මීට කලින් ගිය institute එකේ තත්වය ඔයාලට කියල තියනවා නේ.... lecturersල කියල වැඩක් නෑ .නියමෙට උගන්වනවා.ඒ වගේම තමා canteen එකේ තේක..., දෙහි බීම එක..., උණු උණු rolls...,ඔක්කොම හොඳයි ,හැබැයි වැසිකිලි වල තත්වය තමා ඉවසන්න බැරි උනේ.අපි සති නෙමේ මාස ගානක් ඕක පැමිණිලි කළා.මුලින්ම Mr.Cute ට chit යැව්වා. ඊට පස්සේ එයාගෙන් ප්‍රතිචාරයක් නැති උනාම Mr.Sweet ට chit යැව්වා.එකෙනුත් වැඩක් උනේ නැතුවම අපි අපිට මාස දෙක තුනකට සැරයක් බෙදන feed back forms වල අපේ කන්නලව්ව ලියල යැව්වා.කිසිම පලක් උනේ නෑ.

මේ වෙද්දී මගේ ඉවසීමේ සීමාව පැනල තිබ්බේ. මේකේ තිබ්බේ toilets 2i, එකෙනුත් 1ක් ඕනේ වෙලාවක lock කරලා,(හදනවා ලු....)අනිකේ එක දවසක light එක වැඩ කරන නෑ.එක්කෝ showers ඔක්කොම leak වෙනවා.එලියට එද්දී ඇඳුම් ඔක්කොම තෙමිලා.එක්කෝ flush කරන්න බෑ.පෙළක් දවස් වලට මාර සුගන්ධයක් එන්නේ.අනික දොර වහන්න බෑ,කවුරු හරි තව කෙනෙක් අල්ලන් ඉන්න ඕනේ.

මේක මෙහෙම වෙන්න ඉඩ අරින්න බෑ නේ.අපි මෙච්චර ගානක් ගෙවල ඇවිත් මෙහෙම කරුම ගෙවන්නේ මොකටද කියල හිතල මම හිතා ගත්ත හොඳ වැඩක් කරන්න.මම එදා ගෙදර ඇවිත් ලිව්වා A4 කොලයක් අරන් notice එකක්.

"WASH ROOMS ARE UNDER CONSTRUCTION.....PLEASE USE THE STAFF WASH ROOM INSTEAD"

හරිම රාජකාරීමය විදිහට,print කළා වගේම ඇද කුද නැතුව block capitals වලින් ලස්සනට ලියල පාට කරපු
ඒක මම නැවෙන් නැති වෙන්න CR පොතක් ඇතුලේ දා ගත්ත. අම්මලටත් කිව්වා කරන්න යන දේ.එයාලට හිනා!!.

ඉතින් ඊට පස්සේ දවසේ කාටත් කලින් institute එකට ගිය මම dazzled ටත් වැඩේ කියල , කවුරුත් එනවදෝ නැද්දෝ කියල හෙමින් සීරුවේ බලල ඕක wash rooms වලට යන තැනම
ඇලෙව්වා.

ඊට පස්සේ හෙමින් සීරුවේ මාරු උනා.ඉතින් අරගොල්ලන්ගේ staff wash rooms වලට යන්න පෝලිමක් හැදෙද්දී මට අර දෙන්නගේ මූණ බලාගන්න තිබ්බ නම් කියල හිතෙනවා.හරියටම මොකද උනේ කියල දන්නේ නෑ....class ඇරෙද්දි අර දැන්වීම නම් අතුරුදහන්වී තිබුනා.මම ඉත සිතින් ප්‍රාර්ථනා කොලේ ඕක කවුරු හරි staff room 1 ට report කොරන්ට කියල. :D

ඒ වගේම ඊළඟ සතිය වෙද්දී wash rooms ආපසු යථා තත්වයට පැමිණියා.ඒ කිව්වේ අලුත් showers... අලුත් දොරවල්...flush වෙන toilets...cool..... :D

ඇයි දෙයියනේ ඔය වගේ දෙයක් කරන්න,අනිනකන් බලන් ඉන්නේ? මහා ලොකු දෙයක් නෙමේ නේ.....මොනවා උනත් ඊට පස්සේ නම් ඕකේ අපි වගේ තක්කඩි වැඩ කරන්න නැතුව ඇති කවුරුත්!hehe.

There's always a question mark...

I feel so loney.....
It's the effect of exams on me...whenever an exam is near,my moods turn gloomier day by day...

Hopefully it'll pass away after november,but there's a doubt that this lonely feelings would do the same...

have you felt lonely even when you're in the middle of hundreds of people?even when you're surrounded by friends?when you're laughing and joking with your own family members?well...this's that kind of a loneliness.it's odd because i've always had my 'inner voice' with me.(crazy right?but it's cool.i talk with myself sometimes) it seems like that's missing too.

Oh,yep.about the question marks....
There are lots of questions arising about my life now.
Why?s ,How?s , When?s ,Where?s , and WHAT?s . Some things take me by surprise and i find myself screaming WHAT? frequently.hehe.

So...i was thinking about those.and lied myself that i'll find answers oneday...will I?
Well look....that's another question mark.hehe

රෝහණ මාමගේ මතකයෙන් බිඳක්,දියතලාව සහ කිඹුහුම් යන හාවෝ

මට රෝහණ මාම කිව්වා ගමන් මතකයට එන්නේ හිම වලහෙක්ව.මොකද කියනවා නම් එයාගේ නහයේ,පිටේ,පපුවේ,අත් වල විතරක් නෙමේ,කනේ තිබ්බ රෝම පවා සුදු වෙලා තිබ්බේ.අනික රැවුල වවාගෙන,උස මහතට හිටපු නිසා පොඩි, චුටිම කාලේ මම එයට ටිකක් බයයි. හැබැයි අවුරුදු අට නමය වෙද්දී නම් ඒ බය ගියා.ඉතින් ඊට පස්සේ රෝහණ මාම අර ඕනේ පොඩි එකෙක්ට දෙන වධ මට දෙන්න ගත්ත.ඒ කිව්වේ ලඟින් යද්දී නහය මිරිකනවා.මට "එන්සිනා" වගේ නම් පට බඳිනවා.කොන්ඩෙන් අදිනවා.ටොකු අනිනවා.මට එපා කරපු දෙයක් තමා මගේ කොන්ඩෙන් අදින එක.වෙන අය නම් ඔලුව අත ගානවට ආසයිනේ.මගේ ඔලුව කවුරු හරි අත ගානකොට ඒ අයට බිම වැටෙන්න දෙකක් දෙන්න හිතෙනව මට.

ඉතින් ඔහොම ගොඩ කාලයක් තිස්සේ පොඩි එකා වෙලා මට එපා උන දවසක මම එයාට තර්ජනය කළා.ආයේ මගේ කොන්ඩෙන් ඇද්දොත් හපනවා කියල.
"ඔය පුංචි කටෙන් හැපුවට මට රිදෙන් නෑ.පුලුවන්නම් හපන්න." එයා මගේ කට ළඟ කිචි කැව්වා.මට එපා කරපු අනික තමා මාව කිචි කවන එක.අර scan කරන්න ගිහින් මට වෙච්ච හදිය මම කිව්වා නේ?ඉතින් මම බලන් හිටියේ නෑ.වහාම කට ඇරලා පුළුවන් තරම් වීරිය දාල ඇඟිල්ල හැපුව.hehe. උඩ යන්න කෑ ගැහුවා රෝහණ මාම.ඊට පස්සේ මට කියනවා මේ වගේ යක්ෂ කෙල්ලක් දැකල නෑ ලු.හැබැයි එදයින් පස්සේ නම් මම නිදහසේ හිටිය.

රෝහණ මාම රස කතා කියන්නේ කට්ටිය එක්ක සෙට් උනාම.ඉතින් මම දන්නේ නෑ ඒවා නම්,එයා වැඩ කලේ Air force එකේ නිසා රස කතා නම් ගොඩක් තිබ්බ කියල දන්නවා.අපේ තාත්ත හදපු කතාවක් තියනවා.රෝහණ මාමවත් පැත්තකින් දාල හදපු.මෙහෙමයි...

ඔන්න දවසක් දියතලාවේ ඉන්නකොට රෝහණ මාම තුවක්කුවක් අරන් දඩයමේ ගියාලු.ඒ පැත්තේ ඉන්නවලු කැලේට හැදුන ලොකු මුව රංචුවක්.මුන්ගේ රංචුවේ නායකයා සුදුම සුදු ලොකු මුවෙක් ලු.කාටවත් ඌට වෙඩි තියන්න බැහැ ලු.වෙඩිල්ල වගේ වේගෙන් ඌ දුවනවා ලු.පෙළක් මිනිස්සු හරියටම ඉලක්කෙට වෙඩි තිබ්බත් අන්තිමට එතනට ගියාම ලේ පැල්ලමක් වත් නැති ලු.මේ රංචුව මිනිස්සුන්ට පේන හරියට එන්නේ කලාතුරකින් ලු.අර සුදු මුවාව මිනිස්සු දකින්නේ එහෙමත් දවසක ලු.ඔය මුවාට වෙඩි තියන්න හදපු මිනිස්සු අසනීප වෙනවා ලු එකෙන් පස්සේ.ඉතින් ඔන්න එදා රෝහණ මාම දඩයමේ ගිය දවසේ camp එකෙන් හැතැප්මක් යන්න කලින් ඔය මුව රංචුව හම්බ වෙලා.ඉතින් මාම ඉලක්කේ අරන් අර සුදු මුවාට වෙඩි තියල.ඉලක්කෙට වැදුනම හරි සතුටින් ගියාලු,අනිත් මිනිස්සු කියන කතා බොරු කියල පෙන්නන්න අද පුළුවනි කියල,මරුන මුවාව අරන් එන්න.ඒත් එතනට ගිහින් බැලුවම මොනවත්ම නැති ලු.ඉතින් ඔය සිද්දියෙන් හොඳටම බය උන රෝහණ මාම ඉක්මනින් ආයේ camp එකේ කාමරට ඇවිද දොර වහගත්ත ලු.එතකොට ටිකක් හවස් වෙලා ලු.මෙන්න ටිකකින් කාමරේ දොරට කවුරු හරි තට්ටු කරන සද්දයක් එනවා ලු "ටොක්..........ටොක්.........."

(ඔය වෙද්දී ඉතින් අපි කට ඇරන් අහන් ඉන්නවා බයේ වෙවුල වෙවුල.මට නම් හිතුනෙම අර මුව අවතාරේ ඇවිත් දොරට අනිනවා කියල.හැබැයි තාත්ත හිනාව තද කරන් කතාව කියන්නේ.)

"ටොක්.....ටොක්....."
ඉතින් රෝහණ මාම ඔලුවේ ඉඳන් රෙද්දක් පොරෝගෙන උන විකාරෙන් වගේ ගිහින් දොර ඇරලා බැලුව ලු.camp එකට කෙලින්ම ඈත කන්දක් තියනවා ලු.බැලින්නම් අර තුවක්කුවේ මූනිස්සම-මුවාට වෙඩි තිබ්බ එක.අර කන්දේ වැදෙනවා ලු,ආයේ ඇවිත් දොරේ වදිනවා ලු.ආයේ ගිහින් කන්දේ වදිනවා ලු.ආයේ ඇවිත් දොරේ වදිනවා ලු.lol.

බය හිතෙන කතාවක් අහන්න පෙරුම් පුර පුර හිටපු අපිට ඔය වෙලාවට හොඳ කේන්තියක් එන්නේ!!!

අනික තමා "අනේ ... පව් ..." කතාව,මේක නම් ඕනේ කෙල්ලෙක්ට කියල බලන්න.same reaction

රෝහණ මාමගේ senior officer කෙනෙක් එයාගේ නිල නිවාසේ ඉස්සරහ ලස්සනට උදුපියලිය වවල තිබ්බ ලු.ඒත් දියතලාවේ ඉන්න හාවුන්ගෙන් ඕක බේර ගන්නම බැහැ ලු.මුන් රෑට ඇවිත් කාල දානවා ලු.

ඉතින් මෙයා කල්පනා කරලා හොඳ උපායක් දාල.කොහෙන්දෝ මන්ද පැතලි කළු ගල් ටිකක් උස්සන් ඇවිත් මිදුල පුරාම අතුරලා.ඊට පස්සේ ඕක උඩින් දුම් කුඩු ඉහල.ඊට පස්සේ දවසේ උදේ ඇවිත් බලද්දී හාවෝ අට දෙනෙක් මැරිලා ඉන්නවලු.උන් උදුපියලිය කන්න ඇවිත්,ඒත් හුස්ම ගනිද්දී අර දුම් කුඩු නහයට ගිහින් ,කිඹුහුම් ගිහිල්ල කළු ගල් වල ඔලුව හැප්පිලා මැරිලා!!

"අනේ පව්......."
ඕක අහන හැමෝගෙම පළමු ප්‍රතිචාරය ඕක ("කිඹුහුම්" කතාව ඔලුවේ register වෙන්න ටිකක් වෙලා යනවා.lol.)

ඉතින් ඔය කතා ඔක්කොටම කොහෙන් හරි සම්බන්ද උන රෝහණ මාම ඊයේ රෑ නැති උනා.මල ගෙදර අපි යන්නේ හෙට.හරිම දුකයි.මිනිහෙක් ගැන මම මතක තියාගන්න කැමති සොඳුරු අවස්ථා විතරයි.ඉතින් ඒ මතක හැමදාටම තියේවි. ඔබට පින් ලැබේවා,ඉක්මනින් සසර කෙටි කරගන්නත්,මතු භවය සුභ වෙන්නත් කියා පතනවා .

Miss you all!

Today's Mr.cute's birthday.I know I know...I forgot to put a post here on my brother's birthday but I haven't forgotten this.hehe.no actually I had no idea it was today.time fly!daz had a reminder on her phone.hmm...we're now middle of a very boring lecture,wondering what's happening in our old institute.

We miss old friends...
Miss our beloved lecturers...
Miss that quite environment...
Miss your chocolate cake on your birthday...
Miss the fun when students bath you with painted water,and snow sprays...
Miss cafe guys delicious lime drink and nescafe...

Oh,but don't miss it's stinking,always under construction washrooms!hehe