Doll island.....creeeeeeeeepyyyyyy!!!!!!!


මෙක්සිකෝවේ දකුණට වන්නට පිහිටි කුඩා දූපතකි "La Isla de la Munecas" ඉතාම රමණීය පරිසරයක පිහිටා ඇති මුත් මෙයට එන සංචාරකයින්ගේ වෙනසක් ඇත.ඒ ඔවුන් තම මග පෙන්වන්නන්ගෙන්,කිසිදු විටෙකත් තමන්ව මෙහෙදී අතරමන් වීමට නම් ඉඩ නොහරින ලෙස බැගෑපත්ව අයැදීමයි.....
කුමක්ද මේ La Isla de la Munecas? මේ මෙක්සිකෝවේ ඇති අත්භූතම,අසාමාන්‍යම සහ එක්තරා අන්දමකින් පිලිකුල්සහගතම වන දූපතයි.බොහෝ දෙනෙක් මෙය දන්නේ Doll Island නොහොත්, බෝනිකි දූපත කියායි.


මෙම දූපතේ හිමිකරු දොන් ජුලියන් සන්ටානා නම් පුද්ගලයෙක්.විවාහ වී සිටියත් ජීවිතයේ අවසන් පනස් වසර තනිකඩව ඉන්නට සිතු මොහු එයට තෝරා ගත්තේ මෙම දූපතයි.එහෙත් මෙයට ආ පසු ඔහු දැනගත්තා දූපත වටා වූ ඇළ මාර්ගයක ගිලී කුඩා දැරියක් මියගොස් ඇති බව,දිනක් මාළු බාන අතරතුරේ අහුගේ බිලී කොක්කේ ඇමිනුනේ පැරණි දියසෙවල බැඳුන බෝනික්කෙක්.ජුලියන් පසුව දැනගත්ත ඒ බෝනික්කා අර මියගිය දැරියගේ බව.දැරියගේ ආත්මය තමා පසුපස එන්නේ යි සිතු ඔහු එයින් ගැලවීමට එ බෝනික්ක දුපත වටා ඇති ගසක එල්ලුව.එහෙත් එතකින් ඔහුගේ සිතේ හොල්මන් කල ඒ සිතුවිලි නැවතුනේ නෑ

මින් පසු මාළු බාන සෑම විටකම අහම්බෙන් ඔහුගේ දැලේ පැටලුනු බෝනික්කන් ඔහු මෙසේ දූපත වටා ගස් වල එල්ලුවා.සමහ බෝනික්කන් උල් ලී වල අමුණා තිබබා.ඒයින් නැවතුනු ඔහු තම දූපතේ එළවලු,පලතුරුත්,මාළුත් විකුණා ලැබුණු මුදලින්ද බෝනික්කන් දහස් ගණනින් මිලදීගෙන දූපත සැරසුවා.මේ සියල්ලම කලේ අර මියගිය දැරියගේ ආත්මය සනසවන්නයි.සමහරුන් මොහුව හැඳින්වූයේ මානසික රෝගියෙක් ලෙසයි.නමුත් ඔහුත් සමග කතා බහ කර ඇති සියල්ලන්ම පවසන්නේ මොහු ඉතාම සාමාන්‍ය ගතිගුණ ඇති මිනිසෙක් බවයි.


කෙසේ වුවත් මේ බෝනික්කන් කාලයත් සමග දිරාපත් වුනා.මුහුණු අව්වට කරවී,පැල්ලම් ගැසී,මඩ වැකී ගොස් අමනුෂ්‍ය පෙනුමක් ගත්තා.සමහර බෝනික්කන්ගේ ඇත පා ගැලවී ගියා.මේ සිදුරු වල මකුළුවන්,කුහුඹින් ජනාවාස තැනුවා.බෝනික්කන්ගේ ඇඳුම් වල සෙවල බැඳී ඉරී ගියා,ඒ ප්ලාස්ටික් සම වැස්සෙන් සේදී සුදුමැලිව දිස්වෙන්න ගත්තේ මිනී ලෙසයි.සමහර බෝනික්කන්ගේ ඇස් ගැලවී ගොස් තිබූ අතර තවත් බෝනික්කන් අවුල්වූ හිසකෙසින් සහ අයාගත් නෙතින් ලෝකය දෙස බලා උන්නා.දූපත වසාගත් මෙම කැඩී බින්දී ගිය අස්වාභාවික බෝනික්කන් සමූහය දිස්වූයේ,වධ දී එල්ලා මරණ ලද කුඩා දරුවන් දහස් ගණනක් ලෙසයි.මෙයට ඇතුල් වන්නන්ගේ සිතේ ඇතිවන පළමු හැංගීම නම් ඇස් දහස් ගණනක් තමා වෙත බලා සිතින බවත්,ඒ ඇස් තමන්ට කන්නලව් කරන බවත් ය

ක්‍රමයෙන් සංචාරකයින්ට මෙය තෝතැන්නක් වුනේ මෙහි මේ අත්භූත ස්වභාවය නිසයි.සමහරුන් පවසා සිටියා මේ බෝනික්කන් සමග සැබෑ ආත්මත් බැඳී ඇති බව.රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම මාතෘකාවක් වූ මෙහි එක වැඩසටහනක් අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් තිබෙනවා.එය නම් රූගත කිරීමක් අතරතුර කිසිදු බාහිර බලයක් යෙදීමෙන් තොරව එක බෝනික්කෙක් චලනය වීමත්,අනතුරුව එහි දෑස විවර වීමත් ය. (yeah,I know....rubbish.but it's soooo creeeeeepy. ඉතින් එකත් ඔන්න ඔහේ දැම්ම) මේ සම්බන්දව video එකක් අවශ්‍ය නම් මෙය බැලිය හැක

Destination truth,Island of Dolls

(hehe.it's funny)

මෙම දුපතේ හිමිකරු,එනම් බෝනික්කන් එකතු කල ඒ ජුලියන් නම් වූ පුද්ගලයා 2001 වර්ෂයේ මියගියා. මෙහි අදහාගත නොහැකි සිදුවීම වන්නේ ඔහුද මියගියේ අර කුඩා දැරිය ගිලී මියගිය ඇළ මාර්ගයේම වීමයි.

ඔහු සියදිවි නසාගත්තාද?
නැත්නම් එය හදිසි අනතුරක් ද?
එසේත් නැත්නම් යම් අදිසි බලවේගයක් ඔහුව දිය යටට ඇද ගියාද?
එය තවත් අබිරහසකි...............

කාලය අවකාශය සහ විශ්වය


එක්තරා ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් (සමහරු නම් කියන්නේ බට්‍රන්ඩ් රසල් කියල) දවසක් තාරකා විද්‍යාව ගැන පොදු දේශනයක් පැවැත්වුවා.ඔහු විස්තර කලා කොහොමද හිරු වටා පෘතුවිය ඇතුළු මේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් කරකැවෙන්නෙත්,ඒ වගේම අනික් අතින් ඒ හිරු,අපගේ ක්ෂීරපථය යයි නම් ලද දැවැන්ත තාරකා පොකුරේ මධ්‍යය වටා කරකැවෙන්නෙත් කෙසේද යන්න.මෙම දේශනය අවසානයේ කාමරයේ පසුපසම හුන් එක් කුඩා වයසක කාන්තාවක් නැගිට මෙසේ කිව්වා.

"ඔහේ කිව්වා ඔක්කොම දේවල් මනස්ගාත.ලෝකය කියන්නේ යෝධ ඉදිබුවෙක් පිටෙන් දරාගෙන ඉන්න පැතලි තැටියක්."
විද්‍යාඥය බොහොම මහේශ්‍යාක්‍ය හිනාවක් දැම්ම උත්තරේ දෙන්න කලින්.
"එතකොට ඒ ඉදිබුව හිටන් ඉන්නේ මොකක් උඩ ද?"
"ඔහේ හරිම බුද්ධිමත් කොල්ලෝ,හරිම බුද්ධිමත්....."වයස කාන්තාව උත්තර දුන්න."එත් පහලට යනකන් ඔක්කොම ඉදිබුවොම තමයි....."

බොහෝ දෙනෙක් මේ දැවැන්ත ඉදිබුවන් කුළුණකින් සැදී විශ්වයේ පින්තූරය දකින්නේ විකාරයක් විදිහට.එත් අපි ඇයි හිතන්නේ අපි ඊට වඩා හොඳින් දන්නවා කියල?අපි මොනවද විශ්වය ගැන දන්නේ?අපි කොහොමද ඒක ගැන දැනගන්නේ?කොහෙන්ද විශ්වය ආවේ?කොහෙටද ඒක යන්නේ?විශ්වයට ආරම්භයක් තිබුනද?එහෙම නම් ඊට කලින් මොනවද උනේ?කාලය කියන්නේ මොන වගේ දෙයක්ද?එය කවදාවත් අවසානයකට පැමිණේවිද???

-translated from Stephen Hawking's "A brief history of time" chapter 1 our picture of the universe.

මම අඩු ගානේ chapter1 ක් වත් දාන්න හැදුවේ.එත් ඉඳගෙන type කරන්න තරම් පණක් නෑ තාම.පුළුවන් උන කාලෙක ලිපිය ලිපිය දාන්නම්.එතකන් කියන්නේ, පුළුවන් අය කොහෙන් හරි හොයන් කියවන්න.අපි ජීවිතේට කල්පනා කරන්නේ නැති දේවල් මේකෙන් විග්‍රහ කරලා තියනවා.භාෂාව වැඩියම ගැඹුරු නැහැ.මමත් තාම බාගයයි කියෙව්වේ.කියවල ඉවර වෙලා හොඳ ලිපි බෙදා හදා ගන්නම් :D
එහෙනම්.ආයේ හමුවෙනතුරු ටටා......

හාමුදුරුවනේ .... තව කතුරුමුරුංග සම්බෝල ඕනෙද?


ඔයාල අහල තියනවා නේ අර "හාමුදුරුවනේ...බිත්තරයක් දාන්නද?" කතාව නම්.මේක එකේ ටිකක් mild version එකක්.මටම වෙච්ච වැඩක්.හාමුදුරුවන්ගේ සම්බන්දයක් ඇත්තෙමත් නෑ,නැත්තෙමත් නෑ....

අපේ ආච්චිලගේ ගෙදර හැම සැප්තැම්බර් මාසෙකම සාංඝික දානයක් තියනවා.ආච්චි නැති වෙන්නත් කලින් ඉඳන් තමා මේක තියෙන්නේ,අපේ අම්මල කියන විදිහට,වයස කට්ටිය මළාම දාන දීල වැඩක් නෑ,ජීවත් වෙලා ඉන්නකොට හිත සතුටු වෙන්නයි දෙන්න ඕනේ

ඉතින් ඔන්න දානේ දවසේ මෙහෙ හදපු කෑම ටික මහ ගෙදරට පටවල ඇරලා අපි ලෑස්ති වෙන්න ගත්ත...මම පුරුදු පරිදි කලිසමකුයි සුදු බ්ලවුස් එකකුයි දා ගත්ත.ඕක දැකපු අම්ම බෙරිහන් දෙන්න පටන් ගත්තේ නැතැයි !

"දානයක් දවසක කලිසම් අඳිනවද ළමයෝ! ඇඳගන්නවා සායක්!".
ඉතින් මට සායවල් නෑ නේ :(
තිබ්බ එකම එක හමගිය ඩෙනිම් සායක් නම්.එක දනිස්ස වැහෙන ගානට තමා තිබ්බේ.මොනවා කරන්නද,ඕක ඇඳන් ගෙදරින් පිටත් උනා.මම දානෙට කලින් වැඩපල වලට උදව් උනාට දානේ දීසි වලට බෙදල කරලා අන්තිම මොහොතේ කරන වැඩ වලින් ටිකක් ඈත් වෙලා ඉන්නවා.මොකද කට්ටිය වැඩි උනාමත් ඔතන අවුල් ජාලයක් නේ.ඉතින් හාමුදුරුවොත් වැඩිය.මට පෙන්න බෑ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ව.(පැත්තේම ප්‍රසිද්ද චරිතයක්.දැන් නම් රටෙත් නෑ )ඉතින් මම මුල්ලකට වෙලා හිටිය.එත් ඔන්න කරුමෙට දානේ බෙදන වෙලාවට අම්ම මාව දැක්ක.

"අහ් මෙහෙ එන්න.මේ කතුරුමුරුංග සම්බෝලේ බෙදන්න"මම ඉතින් නහයෙන් අඬ අඬ දීසියත් අරන් ගිය.අම්ම එක හදන්නේ කතුරුමුරුංග කර කර ගානකන් තෙලෙන් බැදලා,ළූණු,උම්බලකඩ,දෙහි ටිකක් එහෙම කලවම් කරලා.මාර රසයි.ඉතින් පෝලිමට බෙදන් ගිහින් ලොකු හාමුදුරුවෝ ලඟටත් ආව.

"හාමුදුරුවනේ,කතුරුමුරුංග සම්බෝල?"
"අහ්,බෙදන්න බෙදන්න"මම හැන්දක් බෙදුව.අතින් වැහුවේ නැති නිසා තව හැන්දක් බෙදුව.එත් අතින් වැහුවේ නැති නිසා මම ටිකක් unsure නිසා මූණ බලල ඇහුව "තව දාන්නද?" කියල.මට පිස්සු නේ.

"තව දාන්න තව දාන්න"තුන් වෙනි පාරත් බෙදුව,එත් වැහුවේ නෑ.ඉතින් මම හතර වෙනි පාරටත් බෙදුව.බත් එකෙන් බාගයක් විතර සම්බෝල දැන්.පස්වෙනි පාරටත් බෙදන්න යනකොට "අහ් ඇති ඇති "කියල නතර කල.මම අනිත් හාමුදුරුවෝ ලඟට යද්දී මෙයා කියනවා
"මීට පස්සේ ලොකු හැන්දක් ගෙන්න ඕව බෙදන්න....කන් හැඳි නෙමේ" ලු.!!! අනේ දෙයියනේ මේස හැඳි නැතුව මම පොල්කටු හැඳි ගේන්නද සම්බෝල බෙදන්න

ඕක ඔතනින් ඉවර උන කියල හිතමුකෝ.පිරිකර බෙදද්දී මම කුස්සියට ගියා හැංගෙන්න.එත් අම්ම අයියලාගෙන් අහල "කෝ කෝ නංග?" කියල මාව හොයාගෙන ඇදගෙන ඇවිත් මට පිරිකරයක් දුන්න ගිහින් පූජා කරන්න කියල.මම හාමුදුරුවන්ගේ මූණු බලල ඉන්න අහිංසකම පාට පුංචි හාමුදුරු නමකට පිරිකරේ පූජා කරලා දණ ගහල වැන්දා.අන්න එතැනදී තමයි සාය පරහකට හිටියේ.හාමුදුරුවන්ට අසුන් පනවල තිබ්බේ පේලි 2 කට.ඒ කිව්වේ මූනට මූණ බලන් ඉන්න වගේ.මම වැඳලා නැගිටලා යද්දීම මම ඇස් කොනින් දැක්ක මම වඳිද්දී මට පිටිපස්සේ හිටපු හාමුදුරු දෙනම වටාපතින් මූණු වහන් හිකි හිකි ගගා මගේ දිහා බලාගෙන රහස් කියනවා.හපොයි!!.මෙයාල මම නිසා අර්හත්ඵලය ලැබුවවත් ද? හාමුදුරුවෝ පිටත් වෙලා යන කන් මම නොඉවසිල්ලෙන් හිටියේ

එලියට බැස්ස විතරයි මම කාටත් කලින් රිංගුවා ඇතුලේ කාමරේකට.ඔකේ එක පැත්තක ඇඳ,අනික් පැත්තේ කන්නාඩිය.ඉතින් මම කන්නාඩියට පිටුපස හරෝල දණ ගැහුවා.ඊට පස්සේ දෑත් එක කරලා වඳින ගමන් පිටිපස්සේ කන්නාඩියෙන් චෙක් කළා මම safe ද කියල.කිසි අවුලක් නෑ.ඔය යස අගේට සාය තියනවා.teenage hormones නිසා වෙන්න ඇති "හිකි හිකිය" කියල සැනසුම් සුසුමක් හෙලපු මම එලියට යන්න නැගිට්ට.ඊට පස්සේ දොර දිහාවට හැරුනා.

එතකොට තමා හිතුනේ මගේ දෙපතුල ලඟින් සතර මහා අපායට වැටෙන්න හරි කමක් නෑ විවරයක් හැදුන නම් කියල!!!!

අපේ ගෙදරට පහල ගෙදර නැන්ද දොර ලඟට වෙලා තක්බීර් වෙලා අන්දමන්ද expression එකක් දාන් මගේ දිහා බලන් ඉන්නවා!එයාගේ පැත්තෙන් බැලුවම ඒ බැල්ම සාධාරණයි.මේ කෙල්ල මොකද මේ පොලවේ දිගාවෙලා දොහොත් මුදුන් දීල ඇඳට වඳින්නේ කියල එයා බලන්න ඇති.ඇත්තට මොන මගුලකට මම වැන්දාද මන්ද,නිකම් දණ ගැහුවා නම් ඉවර නේ.අඩු ගානේ ඇඳ යට මොනවා හරි හොයනවා කියලවත් හිතයි නේ.lol.දැන් ඉතින් මොනවා කරන්නද,මම හොඳට හිනාවෙලා එයා ලඟින් රිංගල එලියට ගියා.

ඉතින් ඔන්න එදා ඉඳන් එයා හිතන් ඉන්නේ මට පිස්සු කියල.who cares!!lol.හැබැයි එදායින් පස්සේ නම් අම්ම තියා ශක්‍රයා කිව්වත් දානේ ගෙවල් වලට සායවල් නම් අඳින් නෑ මම!!

දැන් නම් පුදුම සනීපයි...... (උණ නැත්නම්)


මෙන්න මම ආයේ ආව.හපෝයි දැන් නම් පිස්සු හැදිලා ඉන්නේ හොඳටම.විභාගේ ඉවරයි කියල පොඩ්ඩක් පැත්තකට වෙලා සාමයෙන් සතුටින් කාලේ ගත කරන්න හැදුව විතරයි මට උණ හැදිලා!!දැන් කෙලින් ඉන්න පන නැතුව ඔහේ පැත්තකට වෙලා බලාගත්ත අත බලන් ඉන්න තමා වෙලා තියෙන්නේ.ඉතින් එහෙම ම නොකර මම මේ බැරි බැරි ගාතේ computer එක ඉස්සරහින් ඉඳගෙන මගේ බ්ලොග් එකත් edit කරලා topjobs.lk එකට ගිහින් මට apply කරන්න පුළුවන් රස්සා 2, 3 කට CV දැම්ම.

මෙහෙට නම් මදි නොකියන්න වහිනවා.ඉතින් කියන්නත් දෙයක්ද,මට හෙම්බිරිස්සාව.අද dazzled ගේ ගෙදර ගිහින් film1 k බලන්න හැදුව මදැයි.!හපොයි මෙහෙමත් ජීවිතයක්.මොකට උපන්නද මන්ද.lol.

ah....... මම කිව්වා නේද මම FS ෆේල් කියල?තාම ප්‍රතිපල නම් ආවේ නෑ.එත් ඉතින් ඕක ප්‍රතිපල ආවම කියන්න දෙයක්ද!මම දැම්ම දන්නවා නේ.අනිත් 2 ෆේල් ද කියල තාම ෂුවර් නෑ.hehe
ඒක ඉතින් ජනවාරි වලම කියන්නම්.මම ජනවාරි ඉඳන් තව වැඩකට අත ගහන්න ඉන්නේ.marketing management diploma එකක්.IPM කරන පටන් ගන්නවා තව ටික කාලෙකින්.hmmmm

අපේ අයිය පහුගිය සෙනසුරාදට කලින් සෙනසුරාද ඉඳන් ආ ගිය අතක් නෑ.එදා තමා අවසන් වතාවට ගෙදරට කෝල් කලේ.hehe. ඒ දෙන්න එහෙන් පිටත් උනේ එදා.මැලේසියාවේ ඉඳන් තමා අන්තිමට කතා කලේ.ඊට පස්සේ චීනේ නේපාලයේ සහ ඉන්දියාවේ රවුම් ගහනවා කිව්වා.ගෙදර එයිද නැද්ද කියලත් ෂුවර් නෑ කිව්වා මොකද හිමාලය පැත්තේ ඇවිදින්න යනවා කිව්වා නේ.දෙන්න ඔහොමම ඒ පැත්තේ ආරණ්‍යක මහණ වෙයිද දන්නේත් නෑ.ඒ දෙන්න ඒ type ඩබලක්!lol

ඉතින් ඉතින් දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා විවේක ගන්න ඕනේ.මමත් one zero zero 1 ට කතාවක් ලියන්න පටන් ගත්ත.වැඩේ ඉවර වෙලා "ම " අයියට භාර දෙන්න ඕනේ.එයා මට අදහස දාල දැන් මාස ගානක්.hehe. so so...... මම යන්න යනවා ඉතින්.ආයේ හෙට හමුවෙමුකො...... ටටා

Hi guys!

Well,this gonna be the last post I put before the exam...it's not actually a post,but more a notification.... :-D I'm wishing all my buddies who's doing CIMA or any exam this month...specially my bff "dazzled" and "no one know" (hope u get through this time :-D ) ...best of luck!study hard this week!

p.s. Did someone said they're also doing exams at SLECC? :-P I got a vague memory,it's lucky that no one actually knows me.lol.

p.p.s. I have a fb fake profile...search for poppy peris and you'll find me.(post edited-it's temporary deactivated until 26th....) :-D oh btw i dnt chat,i usually log via mobile... :-( my pc sux.really snaily slow...

p.p.p.s. Did I say that I got a new hair cut?i love it!but i look like a boy now!a hot and rough looking boy.lol.daz's worried that her guy will forbid our friendship if I keep this style(not a healthy relationship.lol)

*yawn**yawn*/// got to study.goodnight buddies...and c u on 26th <3

අනේ පුංචි මම


මට මම පොඩි කාලේ හරිම අසාධාරණ සැලකීමක් කරලා තියනවා.(මම කියන්නේ මාව ආදරෙන් රැක බලාගෙන හැදුවත්... අයියලටයි මටයි විදි 2කට සලකන විදිහ හරි නෑ නේ... hehe.) අපේ ලොකු අයිය පොඩි කාලේ කෑම කන්න හරි හොරා ලු.ඉතින් මුලින්ම අයියට පුටු වට කරලා කූඩුවක් හදන්න ඕනේ ලු.ඊට පස්සේ බත් පිඟාන අරන් සීයයි අම්මයි ඒ කූඩුව වටේ කැරකෙනවා ලු.අනේ අර වයසක සීය තටු ගහ ගහ(ඒ කිව්වේ අත් 2 වන වනා) කූඩුව වටේ ඉගිල්ලිලා ඇවිත් අම්ම ළඟ තියන පිගානෙන් කටක් කවනවා ලු.(ඒ කාලේ අපේ තාත්ත රට) ඉතින් පෙළක් වෙලාවට අයිය කියනවලු "ලොකු කුරුල්ලා ඈ.....තට ගිහින් කෑම එකක් ගෙන්න...." කියල.ඉතින් සීයට නොපෙනෙන දුරකට දුවල ආයේ තටු ගගහ එන්න වෙනවා ලු.

ඉතින් ඔහොම නා නා ප්‍රකාර විගඩම් දාල ලු එයාට කැව්වේ.අපේ පොඩි අයියටත් ඔහොමයි.එත් මාව ඉපදෙද්දී 2 ක් ට කවල හෙම්බත් වෙලා හිටපු අම්මල මේක කරන්න බැහැ කියල හිතුව ලු.මම දැනුම් තේරුම් තියන වයසට ආවම මට බලෙන් කවන්න යන නැතුව කන වෙලාවට මට බත් නොදී අම්මල මෙසේ ඉඳන් කනවා ලු.ඉතින් අනේ චූටි මම අම්මල කන දිහා බලන් ඉඳල හෙමීන් බත් ටිකක් ඉල්ලනවා ලු.එතකොට බෙදල දෙන දේ කන ව ලු.අනේ මට අද ඕක ඇහුවම අනේ මම පව් කියල හිතුන....

මට පොඩි කාලේ මතක කිව්වම තියෙන්නේ ඉස්පිරිතාල සහ බේත් ගැන තමා.මට wheezing නේ.ජීවිත කාලයෙන් බාගයක් සුලේමන් එකේ ගත කලේ.මට කවන ඒවා මතක නැතුවට හොඳට මතකයි හැඳි 2 ක් කටට දාල,තද කරන ඉන්න කට බලෙන් ඇරලා තිත්ත බේත් ගිල්ලවන එක නම්!!!දවසක් මම බේත් නොබී ඉන්නකොට මල පැන්න අම්ම එයාලගේ කාමරේ දොර වහන්,මම දොර ලඟට වෙලා අඬල අඬල අන්තිමේදී එතනම නින්ද ගිහින්,ඉස්සර අපේ ගෙදර උන්න නදී අක්ක ඔය කතාව කිව්වේ.උදේ නම් අම්මටත් දොර ළඟ වැටිලා නිදියන් ඉන්න මාව දැකල දුක හිතිලා......

අම්මල අපිව හදන්න කොච්චර වධයක් විඳින්න ඇද්ද?මට දුකයි ඒ ගැන.....මට ඉක්මනට රස්සාවක් කරලා ඒ නයෙන් ටිකක් වත් ගෙවන්න ඕනේ,මට ඕනේ එයාලව කැමති හැම තැනම එක්ක යන්න.ඕනේ හැම දෙයක්ම අරන් දෙන්න....hmmm....මම පොඩිම කාලේ දවසක් හුස්ම ගන්න බැරුව මාව නිල් වෙලා.තාත්ත මගේ කකුල 2 න් අල්ලලා උස්සල පිටට ගැහුවම තමා ආයේ හුස්ම අරන් තියෙන්නේ.හපෝයි පොඩි කාලේ මමත් හොඳ වධ දීල තියනවා......

මම මේ සටහන දැම්මේ එක පාරට හිතට ආව සිතුවිල්ලක් නිසා.පොඩි කාලේ කතා නම් ගොඩයි,නිවිසැනසිල්ලේ කියන්නම්කො....

ඔන්න ඒ අස්සේ අපේ අයිය ලබන මාසේ එන බව නිල වශයෙන් ප්‍රකාශට පත් කලා.මට විතරක් රහසින් කිව්ව ඔය 'රහස' මම හංගන් හිටියේ බොහොම අමාරුවෙන්,එයාල නේපාලයට ගිහින්, හිමාල අඩවියේ සංචාරයකුත් කරලා ලු එන්නේ.මාසයක්ම වෙන රට වල.අනේ මන්ද........දෙවි පිහිටින් අනතුරක් නැතුව ගෙදර එන්න ලැබේවා ... එහෙනම්......සුබ රාත්‍රියක්

Feeling dizzy...

Yeah...feeling so dizzy...loads to study....
and it's so noisy in my home,so put my earphones on...
to concentrate on the subject I was studying...
it didn't help,
nothing goes to my mind...I'm surely gonna fail this time!
*crying*
what should I do?