Páginas

Sunday, September 25, 2011

ජීවිතය.............කෙටියි .......................


දිග නිවාඩුවකින් පස්සේ මම මගේ බ්ලොග් එක පටන් ගන්න හිටියේ විනෝදජනක කතාවකින්...එත් අද මට දැනුම් දෙන්න වෙලා තියෙන්නේ ගොඩක් දුක්බර දෙයක්...."ඇසිපියක මහිම" ( Blog Link ) බ්ලොග් එක ලියන මහේෂ් හසාන්ත ද සිල්වා සොයුරා අද හදිසියේම අපෙන් සමුගෙන ගියා....අද උදේ මාකොළ පාරේ සිදුවුණ රිය අනතුරකින් බරපතල තුවාල ලබපු මහේෂ් එසැනින් මේ ලෝකයෙන් අපෙන් සමුඅරගෙන ගියේ කවුරුත්ම නොහිතපු විදිහට......

මම මහේෂ්ව දන්නේ පොඩි කාලේ ඉඳන්....මම දැනගෙන හිටපු අයගෙන් හොඳම ගතිගුණ තියෙන කෙනෙක්........මට තාම මේ සිදුවීම හිතාගන්න බෑ................මහේෂ් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කළා, 2007 උසස් පෙළ කරපු කෙනෙක්.......පන්සලේ-දහම් පාසලෙත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා උනේ මහේෂ්...කරපු හැම දෙයකින්ම පලවෙනි තම ගත්ත මහේෂ් තමන් කරපු මොකක් හරි කරුමයකට වන්දි ගෙවන්න වගේ, ඕස්ට්‍රේලියාවේ තමන්ගේ අධ්‍යාපනය අතර මග නවත්තල දාල ලංකාවට ආවේ ඇත්තටම මොකක් හරි ලොකු පවක් කරලා ඇති...............

එයාගේ බ්ලොග් එක කියවන අය මගේ බ්ලොග් 1 ත් follow කරන නිසා මම මේ පොස්ට් එක දැම්මේ, මහේෂ්ගේ මල ගෙදර එනවා නම් ඔයාලට එන්න පුළුවන් 234 දෙල්ගොඩ-පිටකොටුව බස් පාරේ, ඒ කියන්නේ කිරිබත්ගොඩ ඉඳන් මාකොළ හරහා දෙල්ගොඩට එන පාරේ මාකොළ මාවරමණ්ඩිය පහු කරන් ඇවිත්, හෙට්ටියගමට එනකන් ඇවිත්. හෙට්ටියගම හන්දියේ ඉඳන් පයින් යන දුර................අවසන් කටයුතු බදාදා.....28/09/11

මේක විතරක් නෙමේ, තව දුක්බර මරණයක් සිදු උනා සිකුරාදා...ඒ තමා අපේ CIMA පන්තියේ එකට ඉගෙන ගත්ත, අපේ Mr.Cute සර්ගේ හොඳම යාළුවා ප්‍රසාත්....එයා වැඩ කලේ සිරස ටීවී-මහරාජා group එකේ...ඒ මරණින් කම්පාවෙලා උන්න මට මහේෂ්ගේ මරණය දරාගන්න බැහැ...........වෙලාවකට මේ ජීවිතය මොකක්ද කියල හිතෙනවා...............

ප්‍රසාත්, අපි හරියට දැන හඳුනාගෙන ටික කාලයයි, හැමදාම සැහැල්ලුවෙන් ඉන්න ඔයා වගේ හොඳ පුද්ගලයෙක් අපිට නැති උනා...........
මහේෂ්, අපි පුංචි කාලේ ඉඳන් යහළුවෝ උනාට, අපි ඇත්තටම දෙන්නව හරියටම අඳුනගත්තෙ ලඟදි........ඒකට මුල් උනේ මේ බ්ලොග් එක.....මට මතකයි මගේ "ප්‍රථම එක පාර්ශ්වික ප්‍රේමය" පොස්ට් එක දැකල ඒ සිද්ධිය ගැන සැහෙන්න දිග චැට් එකක් ගියා.... :) ඔයා හැමදාම, ඔයාගේ හැම සුභපැතුම් පණිවිඩයකම (අවුරුද්දට, නත්තලට, උපන්දිනයට, වෙසක් දවසට- ඔයා විතරයි නොවරදවා එහෙම කෙටි පණිවිඩයක් හරි එව්වේ ) අගින් දානවා වගේ හැමදාමත් ~mahesh4ever~ we're going to miss you..................

ඔයාල දෙන්න යන්න ගියේ අපේ ජීවිත වලට පුරවන්න බැරි අඩුවක් තියල........... මගේ ප්‍රාර්ථනාව මේ වෙද්දී ඔයාල හොඳ තැනක ඉපදිලා ඉන්න කියල..............
Dear Mahesh, Dear Prasath...........
Rest in Peace....
Our love is always with you...........

22 comments:

  1. උදේම නෙත ගැටුන දුක්බර ආරංචියක්. උපතින්ම අරන් එන ස්ථිර එකම දේ මරණයයි කියල හිතුවත් අකාලයේ මිය යෑම හරිම දුක්බරයි.

    ReplyDelete
  2. අකල් මරණයක්.ජිවිතේ හැටි ඔහොම තමයි මරණෙ කොයි වෙලේද කාටද කියන්න පුලුවන්.

    ඔහුට නිවන් සුව අත්වේවා!!

    ReplyDelete
  3. නැවත මෙවන් අකල් මරණ උරුම නොවේවා .........

    ReplyDelete
  4. siz ,we got to know about prasath aiya ...we were having EO when raja brought e news..... :(...

    ReplyDelete
  5. ජීවිතයේ හැටි මෙහෙමයි . . . කොයි මොහොතෙ යනන් වෙයිද කියලා කාටද කියන්න පුලුවන් . . දෙදෙනාටම මතු අත්බවයකදී නිවන් සුව ලඟාකරගත හැකි වේවා . .. !

    ReplyDelete
  6. කවදාවත් නොදැකපු කෙනෙක් වුණත් මටත් සියුම් දුකක් දැනුනා

    මහේෂ් ඔබට නිවන් සුව අත්වේවා!!

    ReplyDelete
  7. නොහඳුනන සොයුරනි, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  8. May both of them rest in peace!

    ReplyDelete
  9. තණ අග පිණි බිදකි ජීවය අනියතය.

    ReplyDelete
  10. මහේෂ් ඔබට නිවන් සුව

    ReplyDelete
  11. මහේෂ් ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  12. පොපීගේ මිතුරන් දෙදනොටම නිවන් සුව පතමි

    ReplyDelete
  13. I never knew you. Just heard about you. May both of you rest in peace!!!!!!

    ReplyDelete
  14. ඇසි පිය මානෙන් නික්මුණු මහේෂ් අයියා

    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

    ReplyDelete
  15. @hasitha-gedarata body eka gena wele mama ethana hitiya...apita hithaaganna ba me una de...@hasitha-gedarata body eka gena wele mama ethana hitiya...apita hithaaganna ba me una de...

    ReplyDelete
  16. May both of them rest in peace....

    ReplyDelete
  17. නොදු‍ටුවා උනත් මහේශ් සොයුර ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  18. I did not know Prasath very well , but I do remember his vibrant personality ... and mahesh ... I still can't grasp that he is actually gone ..we miss you both and we love you as long as we breathe

    ReplyDelete
  19. මහේෂ් අයියේ.. ඔබට නිවන් සුව..

    ReplyDelete