
මම සිවිලිමෙන් එලියට ආවෙ බත් ඇට දෙක තුනක් ගිල දාන්න.දවල් කෑමෙන් පස්සෙ කුස්සියෙ සිමෙන්ති කණ්ඩිය උඩ විසිරිලා තියෙන බත් කැට ස්වාමි දුව පිහදාල දාන්න කලින් සප්පායම් උන් නැත්නම් ආයෙ රෑ කෑම වෙනකම්,වඩා අයහපත් දවසක් නම් විදුලි බල්බයට ඇදිලා ආව අතරමං උන කෘමියෙක් කට ලඟින්ම වහන තුරු බඩගින්නෙ....
ඒත් පහලට ගාටද්දිම මට දැනුණෙ ඉතාම ප්‍රණීත,තොල කට තෙත් වෙන සුවඳක්.මට ඉබේම තලුමැරුනා.ඔයාල නම් කියයි මට 'කොමන් සෙන්ස්' නෑ කියල.මොනව කරන්නද යාලුවා...බඩගින්නට වෙන සෙන්සස් යටයි.අනික ඒක ඇතුලෙ එක කැරපොත්තෙක් හිටියෙ නෑ.ඉතිං කිසිම බය සැකයකින් තොරව මම රිංගුව ඒ අඳුරු ගුහාව ඇතුලට...
පාට පාට කැට කැට කෑම ජාතියක් තිබ්බා ඒක මැදම.ඉක්මනින් බඩගාගෙන ගියත් ලාවට වගේ ලාටු ගතියක් දැනුණා.ඒත් ගණන් ගත්තෙ නෑ ඒක.ඔන්න ඉතිං හරි බරි ගැහිලා ඉඳගෙන ගිලදාන්න යද්දි තමා තේරුණේ වැඩේ වණ වෙලා කියලා.මෙන්න බොලේ මට මගෙ යටි හක්ක උස්සන්න බෑ කෑම එක හපන්න!
hmm...ඒක මැලියම් තට්ටුවක එරිලා.මම හක්ක ගොඩගන්න වීරිය ගන්න දෑත් බිම ඔබන්න යද්දි තමා දැක්කේ දැනටමත් ඒවාත් මැලියම් ගොඩේ ගිලී ඇති බව.ඒ විතරක් නෙමේ මගෙ වලිගෙ,කඳ,බඩ ඔක්කොම හොඳටෝම ඇලිලා.
මෙහෙම උන කෙනෙක්ට තේරෙයි මම වින්ද වධය.මට ඇහෙනව එලියෙ සද්ද බද්ද,යාලු මිත්‍රාදීන්ගෙ කථා බහ,ඒ මදිවට බඩගිනියි,but....මිලි මීටරයක් හෙල්ලෙන්න බෑ.
මට පිස්සු නොහැදුනා විතරයි.මම වීරිය අරං දැඟලුවා.මැලියම් මල්ටි බොන්ඩ් වගේ.ඒකෙන් උනේ මගෙ බටේ පිට හම ගැලවුණ එක විතරයි.ඊට පස්සෙ අර මැලියම් ගොඩේ ආයෙමත් ඇලුනෙ ලේ පාට ඇතුලු හම.තවත් දැඟලුවොත් ශරීරාංග එළියට ඒවි කියල මම බය උනා
සමහරවිට මම මළා වගේ එහෙමම ඉන්න ඇති පැයක්,දෙකක්,එක්කො පැය පහක් හයක්...අනේ මන්දා.මම දැනං හිටියා මගේ ඉරණම.
තව ටිකකින් මෙතනට ඒවි කූඹියෙක්.ඌ මෙකෙ ඇලෙනව.ඊට පිටිපස්සෙන් තව එකෙක්,තව තවත්..එකා එකා ඇලිලා මැරිල හදනව මැරුණු කූඹින්ගෙන් පාලමක්.කාපට් දාල වගේ...ඔය කාපට් එකෙන් එන පළවෙනි ජීවී කූඹියා කන්න පටන් ගන්නව මග තුවාල උන යටි බඩ.ඊට පස්සෙ රොත්තක්ම මාව වසා ගනීවි.සමහරවිට උන් මගේ අන්තරාංග කද්දිත් මම පණ පිටින් ඉඳීවි...ඊට පස්සෙ කැබලි කරනු ලැබූ මගේ සිරුර උන් උගේ ගුලට ගෙන යාවි.ඇටසැකිල්ල මැලියම් ගොඩේ ඉතුරු වේවි...
ඒත් උං ආවෙ නෑ.මම ඔහේ හිටියා.මරණය එන තුරු.එක පාරටම මට දැනුණා සෙලවීමක්
"මේ මඟුල් එකක් තිබිල විසිකලා,හූනො දෙන්නෙක් මැරිල හිටියා!ආ..හරිනෙ ඉතිං!!!.මේ බලන්න...තව එකෙක්.අනේ...ඌ ට තාම පණ තියනවත් එක්ක!!!!Grrr."
මට ඒත් එක්කම සිහි නැති උනා.එක්කො සිහි විකල් වෙන්න ඇති.සිහිය එද්දි මම හිටියෙ පිරිසිදු කඩදාසියක් උඩ.මැලියම් නැති උනත් බඩේ හමත් ඔක්කොම ඒත් එක්ක අයින් වෙලා.හැබැයි ඇඟිලි කරු අස්සෙ මැලියම් යන්නෙ නැති නිසා අලුත් කඩදාසියෙත් මම 'ඇලිලා'.හැබැයි ඔලුවයි,කඳයි,බඩයි උස්සගන්න පුලුවන් එක ලොකු දෙයක්..
සහනයක් දැනුණා කඩදාසිය වටේට කූඹි එලවන චෝක් කෑල්ලෙන් ඇඳපු රවුම දැක්කම.හැබැයි මගේ ගැලවුම්කාරිය උගුර හරියටම ඔබල තිබ්බ බත් ඇට බාගෙ එලියට දාගන්න මට සෑහෙන ගේමක් දෙන්න උනා.එයා ඇණ ගහල වගේ ඉන්න මට කන්න කට ලඟින්ම බත් කැටයකුත් තියල.ඉතිං දැං මම ඒක උඩින් ඔලුව තියන් වට පිට බල බල ඉන්නවා.තුවාල දරුණු නිසා සමහරවිට හෙට වෙද්දි පර ලොව යන්නත් ඉඩ තියෙනවා.එන පාර හොඳ තැනක ඉපදේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න....
p.s.-මෙතනට කෙලින්ම TV1 පේනව.එකක ක්‍රිකට් මැච් එකක්,අනිකෙ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක්,අනිකෙ super star repeat විකාශය.මේව බලන් ඉන්නවට වඩා දැම්ම මැරිල යන එක හොඳයි කියලත් වෙලාවකට හිතෙනව....(ඒ poppyගෙයි මගෙයි සමූහ සිතිවිල්ලක්...)සුභ රාත්‍රියක් හැමෝටම.....
මටත් මැච් එකනම් පේනවා.
ReplyDeleteපොඩි සැකයක් ආව
එතකොට මේක ලිවුවේ පොපී නෙවෙයිද?
නියමයිනේ.. දැන් පොපී ලියන ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් වෙලා වගේ..
ReplyDelete:)
@ Tharaka & Ansh-මේකනෙ....ඕක ලිව්වෙ මම නෙමේ, හූනා නේ.......
ReplyDeleteඅපොයි මටත් ඕනේ ඔය බෝඩ් එකක් ගන්න. මොකද්ද ඕක? කොහෙන්ද ගත්තේ?
ReplyDeletePoppy the hoooneee.. Lol
ReplyDelete@ ම-මොකටද හූනො අල්ලන්නද?ඕකට අහු උන කැරපොත්තෙක් නම් නෑ.cargills එකේ තියනව.
ReplyDelete@dazzled-daz the ibbi.huuu huuu
@everyone-හූනා පෙර දින රාත්‍රියෙම මියැදී ඇත.... :(
සත්තුන්ව මරන්න උගුල් අටවන එකනම් මහ ජරා වැඩක්.කෑම වහල තිබ්බනම් karapoththangen කිසිම aulak නෑනේ.
ReplyDeleteඔව් ඉතිං පවු වැඩේ තමා.මේකනෙ,කෑම වල වැහුවෙ නැතත් සමහරුන්ට කැරපොත්තන්ව පේන්න බෑනෙ.අපේ ගෙදර කැරපොතු ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙලා.සමූල ඝාතනය කිරීම අපහසු නිසා පොඩ්ඩක් හරි පාලනය කරන්න වෙන්ටැති ඕක අටවන්න ඇත්තෙ
ReplyDeleteyeah yeah
ReplyDeleteThats true