Páginas

Friday, December 3, 2010

මගේ 100 වෙනි post එක! (අපේ අයියා හතර ගාතෙන් ආ දවස)



මගේ සිය වෙනි post එක නිසාත්,කාලයක් තිස්සේ කියන්න උන්න කාරණයක් නිසාත් මම හිතුව හැමෝටම වැදගත්වන,බීමෙන් ගැලවෙන්න පුළුවන් කියන එක ඔයාලට පෙන්නන්න,පොඩි උදාහරණයකුත් එක්ක.ඊට කලින්,මගේ බ්ලොග් එක කියවන ඔබ සැම දෙනාටම ඉස්තූති කරලා ඉන්ඩ ඕනේ ඔක්කොටම කලින්......thanks හොඳේ.........මෙච්චර කල් මාව ඉවසගෙන මේක කියවනවටත්,comments දානවටත්....:)

අපේ අයිය මුලින්ම වැඩට ගියේ කොළඹ බැංකුවක.එකේ ප්‍රධාන කාර්යාලයේ තමා හිටියේ.ඕකෙ තට්ටුවක තියනවා ලු ටිකක් ඉහල නිළ තල වල ඉන්න අයට set වෙන්න,පොඩි pub එකක් වගේ තැනක්.අපේ අයිය නම් ඉහලම නිළයක නෙමේ,ඒත් ඒ වෙද්දී අයියව ගොඩ දෙනෙක් දන්නා නිසා හවසට මේකේ සෙට් වෙද්දී කවුරු හරි අනිවා අයියාවත් ඇදගෙන යනවා ලු.ඕකට නැත්නම් කොළඹ තියන සිය ගණනක් වෙන සෙට් වෙන ස්ථාන එකකින් එහෙක මේ පාප මිත්‍රයොයි අයියයි හවසට හවසට සෙට් වෙන්න අරන්.අපිට ඕක වැඩිය තේරුනේ නෑ.ඔය කාලේ අයිය තනිකඩය.ගෙදර එන්නෙත් 10 පහු වෙලා.ඇවිත් නාල කරලා කෙලින්ම PC එක ඉස්සරහින් ඉඳගන්නවා,මම නම් ආයේ දකින්නෙත් ඊළඟ දවසේ,මොකද මමත් ඒ කාලේ ඉස්කෝලේ නේ.

ඔන්න ඔහොම ඉඳල දවසක් අපිට ඕක එලි උනේ මෙහෙමයි.අපි එකෝමත් එක දවසක අයිය එන කම් බලන් ඉන්නවා රෑ 12 ත් පහු වෙලා.ඒත් අයිය නෑ.ඉතින් ඕක ගැන හරියට බය උන අම්මල හතර වටේට කතා කළා.ඒත් කිසිම ආරංචියක් නෑ.මේ දවස් වල අයිය ගෙදර එන්නේ staff වාහනෙකින්.ඔන්න පාන්දර ජාමේ අපේ ගෙදරට ගොඩ වැදුන අමුත්තෙක්......තාත්තත් එක්ක මොනවද මුණු මුණු ගාල මේ දෙන්නත් එක්ක ආපහු අඳුරේම පාර පැත්තට ගියා.ඔන්න ටිකකින් ආපහු දෙන්නම එනවා,අයියා දෙන්නගේ කර උඩ.බලන් යද්දී ඒ ඇවිත් තියෙන්නේ වාහනේ driver උන්නැහේ.ඉතින් මේ අලි කොල්ලව බැරි බැරි ගාතේ උස්සන් ආපු මේ දෙන්න මෙයාව කාමරේ ඇඳ උඩින් දැම්මා.තාත්ත පුපුරා පුපුරා ගේ ඇතුලට ගියා,අම්ම මූණ බේරී කරන් පැත්තකට වෙලා ඉඳගෙන ඔහේ බලාගත්
මම කෝකටත් කියල ගියා කාමරේට බලන්න.අයිය මලා වගේ ඇඳට අත්හැරිය ඉරියව්වෙන්ම ඉන්නවා...
"අයියේ...? අයියේ?" කිසිදු ප්‍රතිචාරයක් නොමැත.මම ටිකක් ඔලුව අතගෑවත් හෙල්ලුනේ වත් නෑ.තට්ටුවක් දැම්මා ඒත් මොකුත් නෑ.ඉතින් ඔහොමම බුදියන්න දෙන්නත් බැරි නිසා මම සපත්තු දෙකයි මේස2 යි ගලවල බෙල්ට් එකත් ඇදල ගලවල ගිහින් නිදාගත්තා.

ඊළඟ දවසේ ඉස්කෝලේ යන්න කලින් ගිහින් බලද්දිත් අයිය එහෙමමයි.හුස්ම ගන්නවා,මඳ චලනයක් තිබ්බ ඒ වෙද්දී.ඒ කිව්වේ එහෙට මෙහෙට ටිකක් දඟලනවා.ඉතින් මම ඉස්කෝලේ ගියා.

ගිහින් හවස එද්දී මෙයා ඉන්නවා ඉඳගෙන,අනන්තය වෙත රතු උන නෙත් යොමාගෙන,නිකන් "මලා නම් හොඳයි "වගේ expression එකකුත් දාගෙන......

"ඊයේ මම ගෙදර ආවේ කොහොමද නංග?"
"ම්ම් ම් .... වාහනේ driver යි තාත්තයි එක්ක"
"එතකොට මගේ සපත්තු ගැලෙව්වේ කවුද?"
"මම"
"අහ්,මම බැලුව ඒත් මම ගැලෙව්වා කියල නම් මතකයක් නෑ.....කවුද කියල...."
"මොකද උනේ?"
"වොඩ්කා"
"???"

බලන් යද්දී මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ.එදා කට්ටිය ප්‍රයෝජනයට අරන් තියෙන්නේ වොඩ්කා එකක්.මීට කලින් වොඩ්කා නොබිව්ව අයියා පුරුදු විදිහටම පුරුදු ප්‍රමාණයම අරන්.කිසි effect එකක් නැති නිසා තව අරන් (වොඩ්කා වල effect එක එන්න ටිකක් වෙලා යනවලු නේ?)ඉතින් effect එද්දී අයියා මග ලු.බොහොම අමාරුවෙන් පාර හොයන ගෙදර ආව driver නිසා අයියා යන්තම් බේරුනා.නැත්නම් අපිට කොළඹ කානු අස්සේ තමා අයියව හොයන්න වෙන්නේ

ඉතින් අයිය ඊට පස්සේ "පමණ දැන" වොඩ්කා බොන්න අරන්.මම හිතුව එදා ලැජ්ජාවට ආයේ නොබී ඉඳීවි කියල.ඒත් මෙයා තව කිහිප දවසක්ම වෙන අයගේ කර පිටින් ගෙදර ආව.අන්තිමේදී අක්කගේ බල කිරීමටදෝ එයාගේ ඒ පුරුද්ද ටිකක් අඩු උනා.ඒත් පාර්ටි වලදී එහෙම දිගටම බිව්වා.

කොහොම හරි මෙයාල බැඳලා රට ගියා නේ.එහෙදි ඔය පුරුද්ද ආයෙත් පටන් අරන්......මෙහෙ වගේ නෙමේ නේ,එහෙ ඉතින් හැමදාම වගේ මොකක් හරි ඉලව් පාර්ටියක් තියනවා නේ....ඒත් දැන්...දැන් අයිය කිසිම මත් පානයක් ගන්නේ නෑ...අඩු ගානේ රස බලන්නේ වත් නෑ...ගිය පාර ආවම අයිය ගෙනාව වයින් එකක් අපේ පවුලේ අය රස බැලුව.මමත් වීදුරුවකට දාගෙන ටිකක් රස බලල අයියගෙන් ඇහුව ඕනේ ද?කියල.අපෝ එපා කිව්වා.මටත් පුදුමයි.ඒත් කොහොමද මෙයා එහෙම උනේ?

මෙහෙමයි වෙලා තියෙන්නේ.දවසක් එහෙ අයියගේ යාලුවෙක්ගෙ පුතෙක්ගේ උපන්දින පාර්ටියක තිබිල.හැමෝම ඇඳන් එන්න ඕනේ dresses.නාවිකයෝ විදිහට,මුහුදු කොල්ල කාරයෝ,vampires,කාර්ටූන් චරිත...ඉතින් අයියගේ කොන්ඩේ දිග නිසා අයිය කොන්ඩ 2 ක් ගොතල,අර නාවික ඇඳුමක් ඇඳගෙන,මුහුදු කොල්ලකාරයෙක්ගේ තොප්පියකුත් දාගෙන ගියා ලු ඕකට.ටිකකින් පුරුෂ පාර්ශ්වය වෙනම පැත්තක පාර්ටියට සෙට් වෙලා.අයියට මතක ඊට පස්සේ පැයක්,දෙකක් පමණ ලු.ඇහැරිලා තියෙන්නේ පසු දින.ඔන්න ඕකෙන් ටික කාලෙකට පස්සේ අර ගෙදර (ළමයාගේ තාත්ත) අයියට වීඩියෝ එකක් පෙන්නලා.ඕකෙ අයිය කට්ටියත් එක්ක හොඳට හිනා වේවි,කතා කර කර ඉන්නවා තියනවා ලු.ඊට පස්සේ එක පාරටම නැගිටින අයිය,ඒ යාළුවව උස්සල කරට ගන්නවා ලු.(අපේ අයිය සෑහෙන උස මහතයි ඒ කාලේ,දැන් නම් බැහැල)අයියගේ ඉතින් එයාව කරේ තියාගෙන කැරකෙන අයිය ආයේ බිමින් තියල ගිහින් ඉඳගන්නවාලු.

ඊළඟ සීන් එක පටන් ගන්නේ හතර පස් දෙනෙක් එකතුවෙලා නිදාගෙන ඉන්න අයියව අමාරුවෙන්,එකයි ....දෙකයි....තුනයි...කියල උස්සල ගන්න එකකින්.අර මිනිස්සුන්ගේ කර පිටින් කාමරේට යන අයියව කට්ටිය අමාරුවෙන් ඇඳක් උඩට දානවා ලු.දැම්ම ගමන් එක පාරට නැගිටලා වටපිට බලල බොහොම හොඳින් හිටගන්න අයිය එහෙමම කාමරේ bath room එකට ගිහින් වමනේ දාල ඇවිත් ආයේ නිදා ගන්නවලු අර කට්ටිය පලු යනකන් බනිද්දි.ඇයි අනේ අමාරුවෙන් ඔහොම උස්සන් ආව මිනිහ කිසි ගානක් නැතුව නැගිටලා යද්දී තරහ යන් නැද්ද!!

ඉතින් ඕක දැකල හිනා යනවා වෙනුවට අයියට බය හිතිලා."හිතන්න නැඟී ඒ වෙලේ කවුරුහරි මාව provoke කළා කියල,නැත්නම් මට කිසි හේතුවක් නැතුව තරහ ගියා.නැත්නම් කවුරුහරි අක්කට අනවශ්‍ය විහිළුවක් කල කියල.මම මිනිහෙක්ව මරයි,එත් මම අන්තිමට දන්නේ නෑ මොනවද උනේ කියල"

ඕක මද්‍ය පානය කිරීමේ පල විපාකයක්.එක වෙලාවක් එනවා සිරුරේ අන්තර්ගත මද්‍යසාර ප්‍රමාණය අහිතකර ප්‍රතිශතයක් ගන්නවා.එක මොළයටත් බලපානවා.මිනිස්සු තමන් කරන කියන දේ දන්නේ නෑ.අවුරුදු ගානක් තිස්සේ පුරුදු කරන් ආව සිරිත්,ශිෂ්ට පුරුදු වලින් වැහිලා ඉන්න නියම මනුෂ්‍යයා එලියට එනවා.අපේ අයිය ස්වභාවයෙන්ම විනෝදකාමී කෙනෙක්.එක නිසා ඒ වෙලේ එයාගේ ඒ ගතිගුණයි දකින්න ලැබුනේ.හැබැයි එයාට තරහ ගියාම ඔක්කොම යක්කු ගෙදරට බැහැල වගේ....(මම වගේමයි!) ඔයින් ගියා ඇති.

ඉතින් මම මේ කියන්නේ මේක කියවන ඔක්කොම "බොන" කට්ටියට.ඔය පුරුද්ද දැම්ම නතර කරන්න බලන්න.නැත්නම් දවසක ඔයාලගේ පවුලේ හිතවතුන්ට,දරුවන්ට,බිරිඳට,යාලුවන්ටත් ඔයාව එපා වේවි.මොකද ඒ කාලේ හිටපු පුද්ගලයා නෙමේ ටික දවසක් යද්දී ඉන්නේ.මත්පැන් මිනිස්සුන්ව වෙනස් කරනවා.
හිත ඇත්නම් කල නොහැක්කක් නොමැත...

24 comments:

  1. මම නම් අමද්‍යප සංගමේ සාමාජිකයෙක් නිසා ඔය වගේ අත්දැකීම් නම් මට නැති උනත්....මගේ ආදරණීය යාලුවෝ නිසා ඕනි තරම් බීමට පෙර සේවා සහ බීමට පසු සේවා සපයල නම් තියෙනවා.....
    [බීමට පෙර සේවා කිවුවේ...බීම ගේන එක...බයිට් හදන එක, පසු සේවා දන්නවනේ...අපෝ මතක් කරන්න එපා....!! ]
    ඉතින් මට නම් ඔයාලගේ අයියගේ ඇක්ෂන් හිතා ගන්න පුළුවන්....මොකෝ මං අදුරන්නේ නැති කෙනෙක් නෙවෙයිනේ.....
    එත්කොච්චර එපා කිවුවත් බොන කෙනා තමන්ටම තේරෙනකල් බොනවා....එකයි ඇත්ත....
    100 වෙනි බ්ලොග් පොස්ට් එකට සුබපැතුම්....ජය වේවා..!!

    ReplyDelete
  2. Thanks mahesh.oya podi aiya very wela innawa dakala na ne?lol.he's even funny,you won't believe it.oya dannawada,ape loku aiya a kaale Royal eke amadyapa sangamaye sabhapathi da koheda.lol

    ReplyDelete
  3. සිය වෙනි පොස්ට් එකට මගෙ සුබ පැතුම්.
    අපො බොන එක නවත්තන එක මහ අමාරු වැඩක් නෙවි.

    ReplyDelete
  4. Thanks nish,I totally agree with you...

    ReplyDelete
  5. mama nobona hinda bona eka nawathwana eka gana kiyanna danne na. but NOTHING IS IMPOSSIBLE.


    wish u for ur 100 POST keep it up

    PCW

    ReplyDelete
  6. congratz hun .. you can do anything if you set your mind into doing it ... drinking is just a simple thing if you really want to quit .. :)

    ReplyDelete
  7. හිහි, ලස්සනට ලියලා තියෙනවා, සුභ පැතුම් මගෙන් බ්ලොග් එකට..!!

    බොන එක නවත්තන එක නම් ඒ හැටි වැඩක් නෙමෙයි, හැබැයි අමාරුම දේ තමයි නවත්තන්න හේතුවක් හොයාගන්න එක.
    ඔයාගෙ අයියට නං ලස්සනට හේතුව හම්බවෙලා තියෙනවා. මමත් බලන් ඉන්නෙ හේතුවක් හම්බ වෙනකන්..

    ReplyDelete
  8. වොඩ්කා ! අඩේ මාත් ට්‍රයි කරලා බලන්න ඕන විස්කි නම් ඇදලා තියනවා ඒත් වොඩ්කා පාවිච්චි කරලා නෑ .. "මුල්ල පටස්" ගහපු කොල්ලට වොඩ්කාත් කජ්ජක්ද ? ...

    100 පෝස්ට් එකට පුපීට මගෙනුත් සුබ පැතුම් ....දැන්නම් දෙයියංගේ පිහිටෙන් ටිකක් ලියනවා ..කලින් ලීවේ මාසෙකට දෙකක් විතරනේ ..මම නිකං ඇවිල්ලා ගියා දැං නම් බලන්න ඒව ගොඩක් තියනවා ...

    ආ පුපී වයින් බීලා තියේද ? මම නම් ඒවත් තවම බීල නෑ ! මමත් දවසක 4ගාතෙන් ඇවිල්ලා බලන්න ඕන ප්‍රේක්‍ෂක ප්‍රථිචාරය කොයි වගේද කියලා ..

    ජයවේවා !!

    ReplyDelete
  9. හෙහෙ මට මැවිල පේනව අයියව උස්සන් එනවා.

    ආයෙම සුභ පැතුම් නංගෝ තව පෝස්ට් බරලෝඩ් එකක් දාන්න පුලුවන් වෙන්න ඕන. කීබෝඩ් එක ගෙවුනත් ලියන එක අතඅරින්න එපා.

    ReplyDelete
  10. අහ් මොකද මං දැකල නැත්තේ...එයා නම් නියමයි....
    එත් එකම එක දවසක් විතරයි...එදා නම් ජීවිතේට ඇති වෙන්න කතා ටිකක් අහ ගත්තා....මාර මාතෘකා ඇදල ගත්තේ....
    ඔයාට කියන්න අමාරුයි ඒවා......අපි නම් නියමෙට එන්ජෝයි කලා......
    ඔයාලගේ ලොකු අයිය ටිකක් සීරියස් කේස් එකක් නේ....
    එත් පොඩි අයියනේ අපේ මිත්‍රය....ඉතින්එයා ගැන අපි නොදන්නවා වෙන්නේ කොහොමද ?
    එයාගෙන් අපි ලොකු අයියගේ....ඉස්කෝලේ වගේම යුනි එකේ රස කතාත් අහ ගත්තා මතකයි....

    ReplyDelete
  11. සියවෙනි ලිපියට සුබපැතුම්....

    ReplyDelete
  12. hikzz ... matath ohoma wela thiyanawa ... watenna tharam sidda wela nathi unath lagadi thibba party eakedi ... mata bucati saha black label kalawan una (kawruhari apathayek magea glass eaken bucati beela :S).. kiwwa wagea matath thapalen wadunea ... :/ ... shape eakea gedara gihin nida gaththa sudu putha wagea .. :D ... 100 weni post eakata suba pathum .. jaya wewa !!!! :D :D ...

    ReplyDelete
  13. වැඩබැරිදාසSaturday, December 04, 2010

    සිය වෙනි පොස්ට් එකට මගෙනුත් සුබ පැතුම් ඔන්න!!!!.

    වොඩ්කා හොඳ නෑ වයින් හොඳයි රස බලන්න පවුලෙ සාමජිකයනුත් එක්ක එකට, අයිය වොඩ්ක ටිකක් රස බලල ගෙදර ආවාම හොඳ නෑ. අනේ මන්ද?

    බිවවම මත් වෙනවා නම් ඔක්කොම මත් ද්‍රව්‍ය. මුලින් රස බලල රස වැටුන මිනිස්සු තමයි බේබද්දො වෙලා ඉන්නෙ .

    ReplyDelete
  14. හරි මමත් ඔව නවත්වලා අවුරුද්දක් ව්තර වෙනවා..අනේ අවුලක් නම් නෑ .....බුදුෆිට්

    ReplyDelete
  15. Thanks annony,
    thanks daz,yep nothing is impossible if you really try.
    thanks damn :-D hey his ahasa,mama me bonna epa kiyaddi meya thawa try karanna yanawa.*kick* oyage mulla patas post eka kiyewwa mamath.lol.
    Thanks gayan aiya
    mahesh ape aiya apith ekka nam wadi unath a katha kiyan na.poosa wage
    thanks dinesh and thanks dam,lol be careful next time!
    Thanks wada bari daasa & sudath :-) honda lamai...

    ReplyDelete
  16. 100 වෙනි පෝස්ට් එකට සුභ පැතුම්.. කාලෙකින් ආවෙ මේ පැත්තේ. සේරම පෝස්ට් එක හුස්මට කියෙව්වා..
    :)

    ReplyDelete
  17. :-D thanks ansh akke...oya me tike godak kawi ne liyanne.mama kawikaariyek neme nisa kiyanna deyak theren na

    ReplyDelete
  18. අපොයි වොඩ්කා ගැන නම් මතක් කරනන් එපා. මේ ලඟදි මන් finlandia vodka බොන්න හම්බ වෙලා බිව්වා කලින් බීලම නැහැ. හරිම රසයි ඉතින් ලිමිට් එකක් දන්නේ නැහැ අන්තිමට ඉතින් උන දේවල් කතා කරලා වැඩක් නැහැ


    බීපුව මතක නැති වෙන එක මට හොඳටම තියේ, මේ ලඟදි යාළුවෙක් ලොකු විස්තරයක් කියලා රෑ පහුවදා මන් ආයි මුළ ඉඳලා සේරම අහගත්තා ඉතින් මට මොකුත් මතක නැති නිසා.

    සමහර විට අනගතේ බොන්න වෙන එකක් නැහැ තනිකඩව ඉන්නවා වගේ බොන්න බැහැ නේ පස්සේ. ඒ නිසා මේ දවස් වල ඇරියස් එකත් අල්ලන්න හදනෙන :-D

    ReplyDelete
  19. *confused*mama hithan hitiye oya danatamath bandala kiyala ne!

    ReplyDelete
  20. හෑ??? කවුද එහෙම එකක් කිව්වේ??? :-D

    අමතක උනා 100ට 1000ක් ලියන්න ලැබේවා!!!!

    ReplyDelete
  21. Ai appa ehen gewal hadanna yanawa,nisi baladhariniya ganath kiyanawa.mama hithuwa bandala kiyala.hehe.thank you thank you...mata awurudu 30k withara weddi 1000liyanna puluwan wewi..

    ReplyDelete
  22. ගොඩක් පරණ පෝස්ට් එකක් වුනත් මේකට Reply එකක් දාන්න හිතුනා... මොකද කියනවා නම් මේ විදියේම වැඩක් මටත් වෙලා තියෙන නිසා...

    මේ කියන දවස්වල මම මගේ 6.... 07... වෙනි ලව් ස්ටොරි එකේ , තියලා . තියලා හිටියේ .... ගෙදරිනුත් ඒ ගැන දැනගෙන හිටියා...ගෙදරින් ඒ දවස් වල මා ගැන ටිකක් සෙවිල්ලෙන් තමයි හිටියේ, කොල්ලා අවුලෙන් කියලා...

    දවසක් හවස් වැඩ ඇරිලා එන‍කොට මගේ යාළුවෝ දෙන්නෙක් කථා කරලා කිව්වා පොඩි අඩියක් ගහමු කියලා... මම බෑම කිව්වා ( ගෙදර යන්න.... හී හී )ඉතින් දෙන්නගෙ බල කිරීමටම මමත් ගියා. වැඩේ ඉතින් හීමිට පටන් අරගෙන ටික ටික දුර ගියා... පටන් ගත්ත වර්ගෙන් නෙමේ ඉවර වූනේ ( කට්ටිය දන්නවනේ වර්ග 03 04ක් කලවම් වුනාම ඉතින් සොරි.කොම් තමා)

    ටිකක් රෑ වුන හින්දා මම එක යාළුවෙකුට කිව්වා මාව ගෙදර දාලා එන්න කියලා... ටිකක් විතර කෙලින් ඉන්නත් අමාරු වෙලයි හිටියේ. ඉතින් පොර මාව බයික් එකේ දාගෙන අපේ ගෙවල් පාරට හරවලා ටික දුරක් ඇවිත් කිව්වා මචන් බැහැපන් ගෙදරට ආවා කියලා..රයිට් මචන් බුදු ෆිට් එක පස්සේ සෙට් වෙමු කියලා බදාගෙන ඉඹලා, මමත් ගියා ගේට්ටුව ගාවට ... අපේ ගෙදර වෙනද නැති විදියේ ගේට්ටුවක් හින්දා පොඩ්ඩක් ආපහු සැරයක් වට පිට බැලුවා... මළ තොප්පියයි යාළුවා මාව බස්සලා තියෙන්නේ වෙන ගෙදරක් ඉස්සරහනේ... දැන් ඉතින් මොකද කරන්නේ?? මම පාරට ඇවිත් උතුර දකුණ බැළුවා... ලාවට වගේ අපේ ගෙවල් පැත්ත කියලා මට හිතුන දිහාවට හැරිලා පා‍රේ පළල මැන මැන දණ ගාගෙන ගියා... ගෙදරට ලං වෙන කොට මට තේරුනා අද නම් සොරිම තමා කියලා. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉස්සරහට වෙලා කාලය දීපය දේශය විපරම් කරනවා... වෙන කරන්න දෙයක් නෑ... ඕන මගුලක් ප්‍රීති වෙසක් කියලා පපුව ඉස්සරහට දාගෙන ගියා ඇතුලට.. මල් පෝච්චි දෙකක විතර හැප්පිලා දොරේ උළුවස්සේ ඔළුවත් වද්දගෙන ගේ ඇතුලට යන පුත්තරයා ‍දිහා අපේ අම්මයි තාත්තයි බැළුවේ නිකන් @#$%$$#@# වගේ ...

    මම කෙලින්ම ගියේ කාමරේට දොර ලොක් කරගෙනම වැතිරුනා ඇඳේ ( එහෙම තමයි හිතුවේ හැබැයි පස්සේ බලද්දි තමා දන්නේ සිසිල් පොලොවේ කියලා, උදේ හිටියේ ඇඳ යට )

    මට දැන් ඉතින් ඇහෙනවා දෙන්නා පුපුරන සද්දේ.. අනේ ඉතින් මගේ පරණ පෙම්වතියටත් එක්ක තමා දෙන්නා දෙහි කැපුවේ.. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ, ඊට පස්සෙන්දා උදේ නැගිටිනකොට වෙනදා වගේම තේ එක කාමරේටම ආවා.... මුකුත් නොකිව්වත් ගොඩක් දේවල් අම්මගේ මූනෙන් පෙනුනා..

    එදාට පස්සෙත් ඉඳලාම හිටලා සමහර වෙලාවට සෙට් වුනත්.. සීමාවක් මායිමක් ඇතුව තමා ..
    දැන් නම් ඉතින් NO CHANCE කොල්ලෙක් නෙමේ තාත්තෙක් හින්දා..

    කථාව ගොඩක් දික් වුනා... මේ වගේ දේවල් හැමෝටම වගේ වෙනවත් ඇති... හැබැයි ගොඩක් අය ඒ දේවල් වලින් යමක් තේරුම් ගන්නවද කියන ඒකයි ප්‍රශ්නේ ... තේරුම් ගත්තොත් "එකෙන්ම" කොල්ලෝ ගොඩ

    somethingfromeverything.blogspot.com එකට ආවෙම අද ගොඩක් දේවල් කියෙව්වා රස වින්දා... මම ‍බ්ලොග් ලියන්නේ නැති වුනත් අද නම් ටිකක් ආසා හිතුනා...

    එහෙනම් ඉව...රා...යි

    tharakatissera@gmail.com

    ReplyDelete
  23. lol.එහෙමද.....මෙහෙත් එහෙම තමා.බීල එද්දී මරන්න වගේ බැලුවට ඔක්කොම වැඩ කරලා දෙනවා..... :) දැන් බොන්නේ නැති එක නම් ලොකු දෙයක්........ඇයි ඉතින් blog 1 ක් ලියන්නේ නැත්තේ? මමත් මේකේ ගොඩාක් posts දාන්නේ නම් නෑ.mood 1 ක් ආවම post කරනවා.......

    ReplyDelete
  24. ගොඩාක් පරණයි එත් මේක දැක්කම කියලම යන්න හිතුන .
    ඉස්සරම මට උන දේවල් වගයක් නිසා මම හැමදාම ටිකක්
    බිව්වා , ඒ බිව්වේ නිදා ගන්න ඕනේ නිසා , පස්සේ පස්සේ
    වෙනද ගන්න ගානට වඩා වැඩියෙන් ඕන උනා .අන්තිමට වෙරි
    විතරයි නින්ද එන්නේ නැහැ , පස්සේ මම බීම අත ඇරලා දැම්ම
    මේ මොන විකාරයක්ද කියල ..

    කොහොම හරි මට ශශූ ( අද එය නෑ මා ලග ) හම්බුනට පස්සේ
    දවසක් මගේ උපන් දිනෙකට මගේ යාලුවෙක් එක්ක රෑ 8 විතර බිබී
    හිටියා , බොන්න ගත්තා විතරයි එයාගෙන් කෝල් එකක් ආව,
    ඇහුවම බොරු කියන්න බැරි නිසා මම කිව්වා යාලුවෙක් එක්ක
    බොනවා ටිකක් කියල .ඒක ඇහුවම එයා කිව්වේ " අනේ බබා ප්ලීස්
    බොන්න ඔයා ගොඩක්ම ආසම නම් බැන්දහම මා ළඟ ඉඳන් බොන්න ,
    වෙරි උනොත් ලගට අරන් නින්ද යනකම් ඔලුවත් අත ගාන්නම් , ඒ ඇර ඔහොම
    කරන්න එපා මට බයයි ඔයා ගැන "කියල
    ගොඩක් දුකින් කිව්වා .මට පොලොව පලන් යන්න හිතුනා .ඉතින්
    බොන්න බැහ මට .
    ගොඩක් දුක හිතුනා එයා කියපු දේට මට .මගේ ආසාව වෙනුවෙන් ඒ හැම දේම
    ඉවසන්න පුළුවන් ගෑනියෙක් ?

    අද එයා නැහැ මා ලග , එත් උගන්නපු පාඩම තාම ලග තියේ ...

    ReplyDelete