Páginas

Thursday, February 17, 2011

අපේ සිරීපාද ගමන


ඔන්න....දැනට අවුරුදු කිහිපයකට කලින් පොපියයි,පොපීගේ best friendaa dazzled යි ඒ දෙන්නගේ පවුල් දෙකේ යයි ගියා ලු සිරීපාද වන්දනාවේ....කතාවක් තියනවා නේ,සිරීපාදේ වන්දනාවේ එක පාරක්වත් නොගිය මිනිහත් මෝඩය,එක පාරකට වඩා යන මිනිහත් මෝඩය කියල......එත් මම නම් කියන්නේ,සිරීපාදේ නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නෑ...

අපි ගියේ අර කිතුල්ගල ගඟ තියන පැත්තෙන්.....ඒ රත්නපුරේ පාර ද?අනේ මන්ද,හැබැයි වටපිටාව නම් පුදුම ලස්සනයි....අපි නකල්ස් කඳුවැටිය දැක්ක.....තව නම් නොදන්නා කඳු වැටි,ඒ මැදින් ඇදහැලෙන පුංචි දිය පාරවල් ගොඩාක් දැක්ක...පාර අයිනෙන්ම ගලාගෙන යනවා සැරේට ගඟ....ශ්‍රී පාද කන්ද ලං වෙන්න ලං වෙන්න හරිම සිසිලසක් දැනෙන්නේ....හරිම නිස්කලංකයි....තේ වතුත් හම්බෙනවා.....කියල වැඩක් නෑ ගමන නම්.....

එත් ශ්‍රී පාද කන්ද දැක්ක ගමන් නම් හීන් දාඩිය දානවා.....dazzu යි මමයි දෙන්නම කට වරද්දගත්ත....හම්මෝ....ඕක නම් නගින්න තියා හිතන්නවත් බෑ කියල!!!නඩේ වැඩිමහල්ලන්ගෙන් හොඳට අහගෙන අපි කට පියාගෙන ඉතුරු ටික ගියා.....
අපි ගිහින් වාහනය නතර කරන්,සැහෙන ගේමක් දීල නාන රෙදිත් ඇඳගෙන කෙලින්ම ගියේ සීත ගඟුලට....ඕක කියන තරම්ම සීතලද කියල බලාගන්න ඕනෙකමක් තිබ්බ......ඇත්තටම එක ගඟට බැහැලාම තමා බලන්න වෙන්නේ...වතුර ඒ තරම්ම සීතලයි...ඒ වගේම හරිම refreshing....ගමනේ මහන්සිය නිමිල යනවා......එත් ඔතන මල පනින වැඩ වෙනවා....පෙළක් නඩ වල එන එපා කරපු මිනිස්සු තමන්ගේ නඩේ ෆොටෝ ගන්න මුවාවෙන් නාන ගැහැණු ළමයින්ගේ පින්තුර ගන්නවා.ඕව කැත වැඩ.....

ඉතින් අපි නාල....කාල එහෙම ගමන පටන් ගත්ත....පහල ඉඳන් උඩ බලද්දී කෙඳිරි ගෑවෙනවා.....එත් ඉතින් නගිනවමයි කියල ආව නිසා ලැජ්ජාව වහගෙන නගින්න එපැයි!!!ඉතින් අපි නැග්ග.......නැග්ග.... නැග්ග........පන යන්න තරම් මහන්සි ආවම අම්මලාගෙන් ඇහුව දැන් උඩ මළුවට ලඟයි ද?කියල.....දැනට නැග්ග තරම් තුන් ගුණයක් විතර තියනවා කියල බොහොම ප්‍රීතිදායක පිළිතුරක් ලැබුන.....

අපි හවස නගින්න පටන් ගත්ත නිසා ටික වෙලාවක් යද්දී නල්ලතන්නියේ-ඒ කිව්වේ නගින්න පටන් ගන්න හරියේ දාන ලයිට් උඩට පෙන්න ගන්නවා...හරිම ලස්සනයි...ඒ වගේම තව ඉහලට නගින්න තියන පාර දිගට තියන ලයිට් පෝලිමත් පේනවා.හැබැයි උඩ මළුවට යනකන් පෙන්නේ නෑ...මොකද පාර තනි කෙලින් උඩට නෙමේ නේ තියෙන්නේ....දෙතුන් පොළකදී සමතලා ප්‍රදේශ හමුවෙනවා.....අර ඉඳිකටු පාන වගේ විශේෂ තැන් තියෙන්නේ ඒ වගේ තැන් වල....ඒ වගේ තැන් වල ටිකක් විවේක ගන්න පුළුවන් උනත්-අවවාදයයි-කෙලින්ම නගින තරමට ඇඟට ගුණයි...ඉදගත්තම නැගිටින්න හිතෙන නෑ......

ඉතින් ඔහොම නගිද්දී අර ඉස්සර කාලේ වගේම කවි කියන නඩ හමුවෙනවා......හැබැයි දැන් ඒ නඩ වල කවි ටිකක් වෙනස් වෙලා.....
අපේ තාත්තට තට්ටේ,ඉතින් තාත්තට -"තට්ටේ තියන මේ මාමට-සුමන සමන් දෙවි පිහිටයි..."
අපේ අයිය කොන්ඩේ වවල,ඉතින් අයියට-"කොන්ඩේ බැඳපු මේ අයියට,සුමන සමන් දෙවි පිහිටයි...."
හැබැයි ඉතින් මහන්සිය යන්න ඔය විහිලු හොඳයි.....

මම ගියේ කළු පාට රවුම් තොප්පියක් දාගෙන....මගේ අතේ silver මුදු තිබ්බ 8ක් විතර.....ඉතින් පෙළක් වෙලාවට අපිත් එක්කම නගින නඩ වලට ඕව note වෙනවා.....සින්දුවක් එහෙම කියන්න බැරිද කියල ආරාධනා ආව....ශුද්ධ භූමියක ඉන්නේ කියල ටිකකට අමතක කරලා දවා හළු වෙන බැල්මකින් ඒ වෙලාවට සංග්‍රහ කළා අපි....

ඉතින්.....මහගිරි දඹයට කලින් හමුවෙන අවසාන කඩ පේලිය එද්දී අපි බාගෙට මැරිලා.....ඒ හරියේ කෝපි කෝප්පයක් කොළඹ හිල්ටන් හෝටලයටත් වඩා ගණන්.....රොටියක් කන සල්ලි වලින් පීසා එකක් ගතහැකි......එත් ඉතින් සීතලයි බඩගින්නයි නිසා අපි රොටී කාල කෝපි බිව්වා....dazzled අඬා වැටුනේ මේ කඩ පොලිමේදී.....එයාගේ ඉවසීමේ සීමාව පැන්න.....මාත් අඬනවා,එත් අඬන්න තරම් පණක් තිබ්බේ නෑ....සීතලයි...ඇඟ රිදෙනවා..... කකුල් ජෙලි වගේ.......ඔයාල යනවා නම් අනිවාර්යයෙන් ජර්සි එකක්,අත් මේස,හොඳ තොප්පියක් සහ කකුලට පහසු සපත්තු දැන් යන්න අමතක කරන්න එපා...අනික නගිද්දී උදව් වෙන්න උස පොල්ලක්-රිටක් තියනවා නම් සැහෙන්න ලේසි......

මහගිරි දඹය හරියට එද්දී කකුල් විතරක් නෙමේ නගින්න අතුත් උදව් වෙනවා....අපි ඒ හරියෙන් යද්දී බහින අය කෝචෝක් කරනවා.....
"දනගාගෙන.......අපි නගින්නේ......"
"බඩගාගෙන......අපි නගින්නේ..."
"පෙරලි පෙරලි......අපි වඳින්නේ...."
"අපේ බුදුන්.........අපි වඳින්නේ......"

ඉතින් අපි ඕවත් ඉවසා දරාගෙන නැග්ගයි කියමුකෝ.........කාගෙන්වත් අහන්න එපා "අර පෙන්නේ උඩ මලුව ද?"කියල නම්....එයාල බොහොම උද්යෝගශීලීව කියනවා "ඔව් ඔව්...,තව ටිකයි....." කියල....එත් එතනට යද්දී පෙන්නේ ඒ තවත් පඩි පෙළක ආරම්භය බව.....දැන් අහන්න එපා නඩේ ගිය අනිත් පුරුදු කාරයෝ කෝ කියල.....ඒ සෙට් එක අපිට බාගයක් දුර යද්දී මග ඇරුන ....lol.

ඉතින්......කොහොම හරි අපි පැය කිහිපයකින් උඩ මළුවට ලඟා උනා.......මම එච්චරටම ආගම් භක්තිකයෙක් නෙමේ,මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන කෙනෙක්......උඩ මළුවේ සිරි පතුලට හිස තබා වඳින්න ඉන්න පෝලිම දිගු උනාම එතන ඉන්න ආවතේව කරන පුද්ගලයෝ මිනිස්සු නැවුන ගමන් ඔලුව අල්ලලා ඒ ගලේ ගහනවා වගේ දෙයක් කරනවා......එක නිසා මතක තියාගන්න....තමන්ගේ වෙලාව අරන්,තමන් වඳින විදිහට භක්තියෙන් වඳින්න,"මගේ ඔලුව අල්ලලා ගලේ ගැහුවොත් උස්සල කන්දෙන් පහලට දානවා" වගේ බැල්මක් එතන ඉන්න පුද්ගලයට හෙලලා.......තමන්ගේ කැමැත්තක්......

ඉතින් ශ්‍රී පතුල වන්දනා කරලා ඝන්ටාරේත් ගහල එලියට ආව කියමු....මලුවෙ එලිය බිම අතුරු සිදුරු නැතුව පිරිලා තියනවා නිදාගෙන ඉන්න මිනිස්සුන්ගෙන්....ඔය සීතලේ නින්දෙන්ම මැරෙන නැතුව පුදුමයි.....මමයි,ish,dazzled,අපේ පොඩි අයිය සහ තව නඩේ ගිය ගනු ළමයෙක් මළුවෙන් එළියේ තිබ්බ ගැට්ටක ඉඳගත්ත.....එක පඩිපෙලක් වගේ....අපි ඉඳගෙන ටිකකින් වෙන නඩයක්,ගම්පහින් ආව පිරිමි ළමයි ටිකක් ඇවිත් අපිට පහල පඩියෙන් ඉඳගත්ත...ඉඳගෙන අපේ කකුල් වලට හේත්තු උනා.....එදා තමා එහෙම දෙයකට විරුද්ධව වචනයක්වත් නොකියපු පළමු,එකම සහ අවසාන වතාව.ඇඟිලි සීතලෙන් ගල් වෙනවට වඩා එක හොඳයි කියල හිතුන.....එයාල අපේ අයිය එක්ක කතා කරලා අපිට අග්ගලාත් දුන්න.......නඩේ හැමෝම උඩ මළුවේදී එකතු උනාට පස්සේ අපි ආයෙමත් බහින්න පටන් ගත්ත.....මම බැස්සේ ish ව වත්තම් කරගෙන.....අපේ කකුල් පන නැ....පඩි බහිද්දී අපිට ඕනේ පැත්තට නෙමේ වෙන දිශාවන්ට අපිව විසි වෙලා යනවා....dazz ව ඔහොම විසි වෙලා වෙන නඩයක් මැද්දටම ගිහින්.....අපිවත් නගින අයගේ ඇගේ හැප්පෙනවා....කොහොම හරි කරුවලේ බැස්සට,ආයේ නල්ලතන්නියට එද්දී එලිය වැටිලා.....

මම නම් Van එකට නැග්ග ගමන් සීට් එකේ ගුලි වෙලා නිදාගත්තා.....වයසක අය ආවේ තවත් පැයකින් විතර....හැබැයි කාටවත් නින්ද ගියේ නැ.....හීනෙන් පේනවා පහලට යන දිග.....පඩිපෙලකින් වැටෙනවා,ඊට පස්සේ ඇහැරෙනවා.........ඒක හැමෝටම පෙනුන හීනයක්....ඒ ඇයි දන්නේ නෑ.....

ගෙදර ආව මතකයි හීනෙන් වගේ.....ඇවිත් දවස,3 යනකන් ගෙදරින් එලියට නම් බැස්සේ නෑ.......

එත් මම ගිය හොඳම ගමන් වලින් එකක් තමයි ඕක....මම ආයේ දවසක යනවා.......හැබැයි එදාට කලින් පාරට වඩා සූදානම් වෙලා තමයි යන්නේ........ඔන්න කිව්වා....ගියේ නැති අය වරද්දගන්න එපා.........

24 comments:

  1. >"ඒ රත්නපුරේ පාර ද?අනේ මන්ද"
    නල්ලතන්නියෙන් නැග්ග නම් ඒ හැටන් පාර..

    >“මලුවෙ එලිය බිම අතුරු සිදුරු නැතුව පිරිලා තියනවා නිදාගෙන ඉන්න මිනිස්සුන්ගෙන්“
    සෙනග අඩු කාලෙට කරුණා කරන්න. දෙසැම්බර් - ජනවාරි මුල or අප්‍රේල් කාල වලට සෙනග අඩුයි.. (අප්‍රේල් නම් වහින කාලෙ හැබැයි)

    >"එත් මම නම් කියන්නේ,සිරීපාදේ නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නෑ..."
    කී පාරක් ගිහින් තියෙනවද.. :D

    ReplyDelete
  2. මමත් නම් තාම ගිහින් නැ..හැබයි ලංකාවට ආපු ගමන් යන්නේ සිරිපාදේ කියලා අපේ තාත්තාට දැන්මම කියලා තියෙන්නේ ..එයාලා නම් තුන් පාරක් විතර ගිහින් තියෙන උදවිය..මමත් නම් අහලා තියෙනවා ඔය එක සැරයක්වත් නොගිය එකත් මොඩයා...දෙපාරක් යන එකත් මොඩ එකත් කියන කතාව....

    ReplyDelete
  3. හිහ්....සීත ගඟුලෙ වතුර refresh.......දන්නෝ දනිති.lol

    ReplyDelete
  4. @nipuna-thanks malli.
    @gayantha-is that so?ehemanam Hatton paara wenna athi...thanks for the advices.ena paara yaddi mathaka thiyaagannamko
    @nimsha-aniwa yanna honde...dnt miss that chance..
    @dinesh-ow ithin,udaha naana ayage okkoma kunu pahalata enawa nam thama.ithin api sahena udata gihin nawe...lol.

    ReplyDelete
  5. Ah anika mama1paarai gihin thiyenne,habai a gamanin theruna kee paarak giyath epaa wen nathi gamanak bawa...

    ReplyDelete
  6. meh haloo dazz anda watune nagiddi newe bahiddi .. lol

    ReplyDelete
  7. මම නම් ලංකාවේ වැඩියෙන්ම යන්න ආසම කරන තැන තමයි සිරිපාදේ.යාලුවොත් එක්ක සෙට් වෙලා යනකොට මහන්සි දැනෙන්නේ නෑ.මං 13 පාරක් ගිහින් තියෙනවා.ඇත්ත තමයි කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ.

    ReplyDelete
  8. Huh?wenna ba.oya anduwe nagiddi.btw why anonymous?

    ReplyDelete
  9. මම තවම මෝඩ උනේ නම් නැහැ, ශ්‍රී පාදේ එකම පාරයි ගිහින් තියෙන්නෙ, ඒත් මෝඩ වුනොත් හොඳයි කියලත් වෙලාවකට හිතෙනවා,

    ReplyDelete
  10. Yep.mamath moda wennai kalpanaa karan inne ravi.:-D yamu yamu!

    ReplyDelete
  11. වැඩබැරිදාසSaturday, February 19, 2011

    1)කරුණාකර ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව අර්ථ දක්වන්න?
    2)ඔබ ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්නේ කෙසේද?

    ReplyDelete
  12. වැඩබැරිදාසSunday, February 20, 2011

    ප.ලි
    අපි ඊ ළඟ පාර සිරීපාදෙ වඳින්න යන්න ඉන්නෙ කැළණි ගඟ දිගේ බෝට්ටුවෙන් හැබැයි කිතුල්ගලින් පස්සෙ යන්න වෙන්නෙ ගොඩබිමින්.

    ReplyDelete
  13. මෙහෙමයි,මම ඒක අර්ථදක්වන විදිහයි,බුද්ධ ධර්මයේ ඒක අර්ථ දක්වල තියන විදිහයි 2 ක් වෙන්න පුළුවනි.....මම කියන්නේ,මම පෝය දාට කැළණි පන්සල් යන type කෙනෙක් නෙමේ,ඔන්න බුදුන් මල්,මෙන්න බුදුන් තෙල්,මේන් හඳුන්කූරු,මම ගියා.....කියල යන්නේ නැහැ මම.මම බෝධි පූජා වල බෝධිය වර්ණනා කරන්න කියන ගාථ කියනවනම්,ඒ මාත් එක්ක වඳින කට්ටියගේ හිත අප්සට් නොයන්නයි.....මම සාංඝික දාන වලට වඩා මහලු නිවාසෙකට,නැත්නම් ළමා නිවාසෙකට,නැත්නම් පාරේ ඉන්න හිඟන කෙනෙක්ට කෑම වේලක් දෙන්නයි කැමති......ඒ වගේම පන්සල් ගැන කියනවනම්,මම කැමති නිස්කලංක වෙලේක පන්සලට ගිහින් පැත්තක වැඩි වෙලා බුදු ගුණ,නැත්නම් ජීවිතේ නිසරු බව ගැන කල්පනා කරන්න,බෝධියට පැන් කළයක් වක්කරනවානම් ඒක කෘතගුනයක් විදිහට කරනවා,නැතුව අපල දුරු වෙන්නවත්,වැඩියෙන් ලැබෙන්නවත් නෙමේ...... දාන,සීල,භාවනා කියන 3 ගත්තොත් මම මුල් 1 ට වඩා සීලය සහ භාවනාවට හිත යොමු කරන්නේ.....ශ්‍රද්ධාවට වඩා අලෝභ,අද්වේශ,අමෝහ ගැන focus කරන්නේ......මම උපතින් බෞද්ධයෙක්,ඒ වගේම ඒ ආගම ගැන වැටහීමක්,ගෞරවයක්,භක්තියක් තියනවා........මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙනවා කිව්වේ මේ කරුණු පදනම් කරගෙන......got it????මට complete definition එක දෙන්න බණ පොතක් හොයාගන්න නැහැ මෙහෙ,ඔක්කොම අලි පෙට්ටියක් ඇතුලේ තියෙන්නේ....ඕක දැන් අදින්න බැහැ හලෝ.......අනික සාමාන්‍ය පෙලට කරද්දී පාඩම් කලාට පස්සේ මම ආගම ගැන තියන පොතක් කියෙව්වෙත් නැහැ! :D
    btw ඇත්තටම එහෙම යනවද?මරු නේ!!!!!!! කවුරු කවුරු ද??????

    ReplyDelete
  14. අපොයි සිරීපාදේ නේ
    ඔය එකපාරක් නොගිය එකත් මෝඩයා එක පාරට වඩා ගිය එකත්මෝඩයා කියන කතාව නම් සහතික ඇත්ත. ඒත් මාත් දැන් 6,7 පාරක් විතර ගිහින් තියේ හැමපාරම හිතාගෙන යන්නේ ආයි නම් යන්නේ නැහැ කියලා. හැටන් පාරෙන් තමා ඔයා ගිහින් තියෙන්නේ ඒක තමා ලේසිම. මන් එරත්න (කුරුවිට පාරෙන් ගිහින් තියේ) ඒක ලස්සනයි හැටන් වලට වඩා ඒත් දුර වැඩී. රත්නපුර පාරලු අමාරුම ඒකෙන් නම් යන්න අවස්තාවක් ලැබිලා නැහැ. සිරීපාදේ ආයි ආයි යන්න දෙයක් නම් මට නැහැ. පෙබරවාරි වගේ තමා වැස්ස එහෙම අඩුයි යන්න හොඳ කියන්නේ. යන්වනම් සතියේ දවසක තමා යන්න ඕනේ නැත්නම් සෙනග. පෝය , දවස් තුනේ නිවාඩු තියෙන සති අන්ත වල එහෙම නම් යන්න හොඬ්ම නැහැ.

    සිරී පාදේ තරම් බය විකුනලා සල්ලි කඩගන්න තැනක් මන් දැකලම නැහැ. හැමතැනම ආශිර්වාද කරනවා කියලා පණ්ඩුරු ඉල්ලන්නවා, අපේ කට්ටිය කවුරුත් පඬුරු දැම්මේ නැතුවම එතන හිටපු සිවුර දාගෙන හිටපු මිනිහා කියපි පණ්ඩුරු දාන්න අතේ සල්ලි නැත්නම් ඌ දෙන්නම් කියලා. සිරී පාදේ ගමන් ගැන මිත්‍යා කතා වපුරලා නේ තියෙන්නේ ඒක නිසා මිනිස්සු බයයි ඒක මුවාවෙන් මේ සිවුරු ඇඳන් ඉන්න හොරු සල්ලි හොයන්වා.

    සිරී පාදේ යන්න ඔයිට වඩා ලඟ පාරක් තියේ , මස්කෙලිය ප්ලාන්ටේශන් එකෙන් කරන ෆිෂින් හට් වල නැවතිලා ගියා නම් පැය 3,4 කින් ගිහින් එන්න පුළුවන් හරිම ලඟයි

    ReplyDelete
  15. අපිත් සත 5 ක් දුන් නෑ...අපේ අම්ම බැන බැන ගියා මුන් හාමුදුරුවරු නෙමේ සිවුරු පොරවන් ඉන්න "චීවරධාරියෝ" සල්ලි දෙන්න එපා.කියල...ඇහෙන්නම කිව්වා....සමහර චීවරධාරියෝ පඩිපෙළවල් ළඟ ඉඳගෙන පාත්‍රය අල්ලන් ඉන්නවා සල්ලි දාන්න ඕනේ එකට....හිඟා කනවා වගේ වැඩක් නේ.......
    ඊළඟ පාර යද්දී ඕවත් මතක තියාගන්නම්කො... :) එරත්න පාරෙන් යන්නත් ආසයි.....බලමුකෝ........

    ReplyDelete
  16. මමත් ජීවිතේ පළවෙනි වතාවට මේ පෙබරවාරි 5 වෙනිදා ගියා සිරිපාදේ..
    ඇත්තටම ඒ ගමන නියමයි, ඒත් දවස් 3ක් 4ක් යනකම් කිසිම වැඩකට එළියට බැහැගන්නවත් මට නම් බැරි වුණා.
    :)

    ReplyDelete
  17. meh halo .. dazz ge iwaseeme seemawa panne nagala bahiddi , nagiddi newe .. lol. padi pela bahina kota wisi wenawa .. mam hithuwa kanden pallehetama wisiwei kiyala yana widiyata .. grr .. anika heethala !!! I wore a pair of rubber slippers for god's sake !!!!:(

    ReplyDelete
  18. ahhh ... btw oya lamai sathiyak withara andata wela innakota mam iskoleth giya .. lol lol lol paara pura wisiweweee super star season 1 final eke tickets gannath giya sona ekka !!!! lol lol lol mathak wenakota waha kanna hithenawa !!

    ReplyDelete
  19. @Ansh-sahathika aththa.mamath dawas3 yanakan eliyata basse na...
    @daz-a kaale modakam mathak weddi waha kanna hithenawa?lol.dan karana ewa ganath thawa awurudu2,3kin ohoma thamai hithanne....lol.

    ReplyDelete
  20. hikzzz ... waha fast madi marenda ape recent past adventures mathak weddi ,,,

    dazz

    ReplyDelete
  21. " මම නම් Van එකට නැග්ග ගමන් සීට් එකේ ගුලි වෙලා නිදාගත්තා.....වයසක අය ආවේ තවත් පැයකින් විතර....හැබැයි කාටවත් නින්ද ගියේ නැ.....හීනෙන් පේනවා පහලට යන දිග.....පඩිපෙලකින් වැටෙනවා,ඊට පස්සේ ඇහැරෙනවා.........ඒක හැමෝටම පෙනුන හීනයක්....ඒ ඇයි දන්නේ නෑ..... "

    matath me dema una.

    ReplyDelete
  22. මේ කමන්ට් කරලා ඉන්න අය ජීවත් වෙලා ඉන්නවද 2025

    ReplyDelete