Páginas

Monday, February 28, 2011

සොඳුරු ගේෂා ලියන්....



ගෙයිෂා,ගේෂා,එසේත් නැත්නම් ගෙයිකෝ(සරල ඉංග්‍රීසි පරිවර්තනය-artist) ලෙසද හඳුන්වනු ලබන මෙම සුන්දර ලියන් සකුරා මල්,සකේ,කිමෝනා,ෆුජි කන්ද මෙන්ම ජපානයේ සංස්කෘතියේ වටිනා පැතිකඩකි....සමහරුන් මෙය එක්තරා අන්දමක ගණිකා වෘතියක් ලෙස සිතුවද සත්‍ය එයට සපුරා වෙනස් ය....

ආරම්භය
ක්‍රි.ව.600 අග භාගයේ පමණ ජපානයේ ඇතිවූ අරගල නිසා උන් හිටි තැන් අහිමි වූ පවුල් වල තරුණ දැරියෝ "සබුරුකෝ" එනම් "serving girls" ලෙස සේවය කරන්නට පටන් ගත්හ.මෙයින් සමහරුන් ගණිකාවන් ලෙස සේවය සැපයු අතර උගත් දැරියන් උසස් සම්භාෂණ වල විනෝදය සපයන්නන් (entertainers) ලෙස සේවය සැපයුහ.එනම් නැටුමෙන්,සංගීතයෙන් සහ ප්‍රිය සම්භාෂණයෙන් අමුත්තන් සතුටු කිරීමයි...
ක්‍රි.ව.794 දී රාජකීයයන් ක්යෝතෝ නගරයට පැමිණීමත් සමග ගේෂා සංස්කෘතිය ඇරඹුණි.
එකල ජපානයේ සාම්ප්‍රදය වුයේ පවුලේ මව යනු එහි කළමනාකාරිනිය යන්නයි.ලිංගිකත්වය පිළිබඳව නිදහස් අදහස් දැරූ එම සමාජයේ මිනිසුන් ප්‍රේමය/ලිංගික තෘප්තිය සඳහාම තැනූ "pleasure quarters" එනම් විනෝදාගාර වෙත ගියහ.16 වන සියවසේ මේවයේ සේවය කල කාන්තාවන් හැඳින් වුනේ "ඔයිරන්" ලෙසයි.ඇය නාට්‍යාංගනාවක් සහ ගණිකාවකගේ සම්මිශ්‍රණයකි.ජපානයේ ප්‍රසිද්ධ නාට්‍ය සම්ප්‍රදායක් වන "කබුකි" නාට්‍යය සම්ප්‍රදාය ඇරඹුණේ මොවුන්ගෙනි.

18 වන සියවස
මේ වනවිට විනෝදාගාර ලිංගික සේවය සපයන ලැගුම්හල් නොව,පාරිභෝගිකයන් හට මානසික තෘප්තිය සපයන්නා වූ ආගාර බවට පෙරලීම ඇරඹි තිබුණි.මෙහිදී තරුණියන් අමුත්තන්ව නැටුමෙන්,ගැයුමෙන්,වාදනයෙන් සතුටු කළහ.මේ විනෝදාගාර වල විසු සමහරුන් ඉතා දක්ෂ කවිකාරියන් මෙන්ම දක්ෂ ලේඛකයන් වූහ.මෙම "ඔයිරන්" තරුණියන් අමුත්තන් හමුවට එනතුරු ඔවුන් කතාබසින්,වාදනයෙන් සතුටු කලේ තරුණයන්ය.ගේෂා වරු ලෙස මුලින්ම හැඳින්වුයේ මොවුන්ය.....1680දි ඔයිරන් තරුණියන් ඔදොරිකෝ ලෙසින් කලඑළි බැස්සෝය.ඒ ඉහල තල වල සමුරායි වරුන්ගේ නිවාස වල විනෝදය සැපයීමෙනි.

ගේෂා ලෙසින් මුලින්ම තාමාවම හඳුන්වාගත්තේ 1750 විසු ඉතාමත් දක්ෂ ගායිකාවක් සහ "ශමිසෙන්" වාදය භාණ්ඩය ප්‍රගුණ කල ගණිකාවක් වූ "ෆුකාගව" "fukagawa" ය.මෙයත් සමග 1760-1770 අතර ගේෂා යන හැඳින්වීම ඉතා සීග්‍රයෙන් ජපානයේ පැතිරුණි.මේ වෙද්දී

ඔයිරන් යන්න නෂ්ට වීම ඇරඹුණු අතර ගේෂා ලියන් තම සේවා දායකයන් සතුටු කිරීම සඳහා සාමීචිය,ගායනය,නැටුම සහ වාදනය භාවිත කළහ.1830 පමණ වෙද්දී ජපානය පුරාම පාහේ ගේෂා වරුන් පැතිරී තිබු අතර මෙම ගේෂා වරුන් අතරද තරාතිරම් රැසක් පැවතුනි.

දෙවන ලෝක යුද්ධයත් සමගම ගේෂා ලියන් හට අත්වුයේ අපල දසාවකි.ගේෂා ලියන් හට තිබු සමාජ තත්වය අහිමි වුයේ සාමාන්‍ය ගණිකාවන් ඇමෙරිකානු සෙබළුන් හට තමන්ව "geisha girls" ලෙස හඳුන්වා දෙන්නට පටන්ගත් බැවිනි.ඒ අතර 1944 දී සියලුම තේ පැන් ශාලා,විනෝදාගාර සහ ගේෂා නිවාස නීතියෙන් වසා දැමුණු අතර සියලුම පිරිමින් සහ ගැහැනුන් යුධ කර්මාන්තශාලා වල සේවයට යෙදවිණි.නමුත් අවුරුද්දකට පසු ඒවා නැවත ඇරීමට අවසර ලබුනමුත් ඒවායේ සේවයට පැමිණියේ අතලොස්සකි.මේ ගේෂා ලියන් තමන්ගේ නැතිවුණු සමාජ තත්වය රැකගැනීම සඳහා ඉතාමත් සාම්ප්‍රදායිකව,ගෞරවාන්විතව සේවය සැපයුහ.

ගේෂා ලියන් අතරත් තරාතිරම්
ක්යෝතෝ වල ගේෂා දිස්ත්‍රික්ක 5 කි.මේවා "හනමචි" එනම් මල් නගර ලෙසද හැඳින්වුනි.ඉහලම තත්වය තිබුනේ ග්යෝන් කොබු,පොන්තොචෝ සහ කමිශිචිකෙන් වලය.මේ ප්‍රදේශ වල විසු ගේෂා ලියන් මිලෙන් ඉතාම අධිකය.මොවුන් ඇසුරු කලේ ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයින් ය.ඉතුරු ප්‍රදේශ 2 වන ගියොන් හිගෂි සහ මියගාව-චෝ ද උසස් තත්වයෙන් සැලකු මුත් ඉහත ප්‍රදේශ හා සැසඳීමේදී දෙවන තැන හිමිවිණි.මේ අතරම තවත් ගේෂා ලියන් වර්ගයකි.මොවුන්ව හඳුන්වනු ලබන්නේ "hot spring geisha" ලෙසයි.සාමාන්‍ය ගණිකාවන්ට වඩා වැඩි වෙනසක් නැති සලකන මේ ගේෂා ලියන් සහ හනමචි ගේෂා ලියන් සැසඳීම කල නොහැක්කකි..........

ගේෂා ලියන්ගේ පුහුණුව
එකල නම් ගේෂා ලියන් සඳහා පුහුණුව ඇරඹුණේ ඉතාම ලාබාල වයසේදීය.අවුරුදු 9 දී පමණ ගේෂා නිවාස වලට භාර දුන් මෙම දැරියන් හැඳින්වුණේ "හන්ග්යෝකු" ලෙසයි.පැරණි ගේෂා ලියන් තම දු වරුන් මෙසේ යොමු කල නමුත් 1950 එය නීතියෙන් තහනම් වුයේ ළමා මෙහෙකාර සේවයක් ලෙස එය සලකනු ලද නිසාවෙනි.මෙයිකෝ යනු තරුණ ගේෂා වරියන් හඳුන්වන නමයි.මොවුන් පුහුණුව ඉතා මිල අධික කර්තව්‍යක් වන අතර ඔවුන් සම්පූර්ණ පුහුණුව ලබා රැකියා ඇරඹුවද තම ණය "ඔකියා" එනම් ගේෂා නිවාසයේ හිමිකාරියට ගෙවා අවසන්වනතුරු එයින් පිටව යනු නොහැකිය.ඒ ඔවුන්ට කිමෝනා,ඇඳුම්,ඉඳුම් හිටුම් ආදී සියල්ල ඔවුන්ට සපයන්නේ "ඔකියා" විසින් වීමයි.

****************************************************

දෙවන කොටස පසුව බලාපොරොත්තුවන්න. wikipedia ඇසුරෙන් සිදුකරනු ලැබූ අනුවාදයකි.
ව්‍යාකරණ අමු අමුවේ මරා දමා ඇත :D sorry හොඳේ.........

20 comments:

  1. නොදැන උන් දෙයක් දැනගත්තා... බොහොම ස්තූතියි...!!
    දෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි..

    ජය වේවා...!!

    ReplyDelete
  2. ඉතාමත් හොඳ ලිපියක්...
    මේ ළගකදී මට "Memoirs of a Geisha" ෆිල්ම් එක බලන්න හම්බ උනා..ඇත්තටම අපූරු කතාවක්..ඒ කතාවයි ඔබ ඉදිරිපත් කරන කරුණුයි එකම මාවතක යන්නේ..
    ඉතිරි විස්තරත් කියන්න..බලන්න ආසයි.

    ReplyDelete
  3. මගෙ ගාව Memoirs of a Geisha පොත තියෙනව. කියවන්න පටන් ගන්න ඕනෙ.

    ReplyDelete
  4. @zoro & maaraya-welawak labuna gaman liyannam :-D

    ReplyDelete
  5. @pitastharaya-langa thiyagenath nokiyawa inne ai?

    ReplyDelete
  6. හොඳ ලිපියක්

    ReplyDelete
  7. Thanks.holman post daana eke kalaathurakin hari tikak decent ekak daanna epai!

    ReplyDelete
  8. fatta...දන්නේ නැති දෙයක් දැන ගත්ත ......... තැන්x........!

    ReplyDelete
  9. හොඳ ලිපියක්... මාත් පඬියා වගේ හිටියට දන්නේ නැති කොයි තරම් දේවල් තියෙනවද...

    ReplyDelete
  10. වැඩබැරිදාසWednesday, March 02, 2011

    ජපන් සමාජය තුළ මෙහෙම කුළ තියෙනව කියල අහල තිබ්බෙ නෑ කලින්.ජපනගෙ නිදහස් අදහස් නිසාද ඔවුන්ගෙ චින්තනය පුළුල් පරාස වලට විහිදිලා ගියේ? මෙහි පැවසෙන ආකාරයට වර්ථමානයේ ලංකාවේ ව්‍යප්ත වෙමින් පවතින කැරොකෙ සමාජ ශාලා තුළත් බිහිවෙමින් පවතින්නේ ගේෂා සංස්කෘතිය නොවේද?

    ReplyDelete
  11. @prasanna- :D
    @wadabaridaasa-karaoke wala kelinma prostitution wage ma ne?geisha kenek wenna traininma awurudu gaanak yanawa ne....It can't be compared.....

    ReplyDelete
  12. මරු. දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
  13. Nice writing.
    If you like, you can contribute to Sinhala Wikipedia and Wikinews I think
    http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80
    http://incubator.wikimedia.org/wiki/Wn/si/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80

    ReplyDelete
  14. But my Grammar is Horrible brother.....Both English & Sinhala.....hehe.I don't think I can do it.......

    ReplyDelete