Páginas

Monday, February 21, 2011

පලතුරු සුවඳ ෂැම්පු.......


මට හිතාගන්න බැරි ඇයි මේ කරුම ඔක්කොම මටම වෙන්නේ කියල.....

ඔන්න අද වැඩ ඇරිලා මම නවලෝකේ බස් හෝල්ට් එක ළඟ ඉන්නකොට එක මිනිහෙක් මගේ දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන ගියා.....එක නෙමේ කතාව,තව ටිකකින් එතැනින්ම ගිය තව එක්කෙනෙක් ආයේ හොඳට බලාගෙන ගියා,ඒ මදිවට ගිහින් ආයේ හැරිලත් බැලුව,ඕකත් නෙමේ කතාව.....ඊළඟට ගිය කෙනා අඩි පහක් විතර දුරකදී ඉඳන් බලාගෙනම ඇවිත් පහුවෙලා යද්දී හිසේ සිට දෙපතුල දක්වා විපරම්කාරී බැල්මක් දැම්ම.....

ඔන්න ඒ වෙද්දී නම් මට තේරුනා මොකක් හරි අවුලක් තියෙන බව.......සමහරක් විට ඔය විදිහටම මිනිස්සු මගේ දිහා බලනවා මගේ Emo make up එක දාගෙන යද්දී,ඒ වෙලාවට නම් ඕව ගණන් ගන්නේ නෑ ....එත් මම බැලුව අද මේ මොකක්ද සීන් එක කියල.මම ඉතින් ඔය වෙලාවට කරන්නේ මගේ ෆෝන් එක අරන් එකේ තිරයේ වැටෙන මගේ ප්‍රතිබිම්බය දිහා බලල case 1 මොකක්ද බලන එකයි....ඉතින් ඒ පාර ෆෝන් එක අරන් මූණ දිහා බැලුව මට බකස් ගාල හිනාවක් ගියා.....මොකද මගේ හිස වටේ රශ්මි මාලාවක් වගේ කැරකි කැරකි හිටිය කොඳුරුවෝ රංචුව දැක්කම!!!!! lol.lol.lol

ඕක ඉතින් අපේ අයිය නිසා මට උන හදියක්....එයා නේ මේ පාර ලංකාවට එද්දී මට ඇපල් සුවඳ ෂැම්පු ගෙනාවේ.....කොළඹ මීමැස්සෝ,සමනලයෝ එහෙම නැති නිසා හොඳයි...නැත්නම් මට මී මැසි ප්‍රහාරයන්ට ලක් වෙලා,සමනලයන් පිරිවරාගෙන බස් එකට නගින්න තිබ්බ.....මිනිස්සු දන් නැහැ නේ මම නාලයි වැඩට එන්නේ කියල,කොඳුරුවෝ එන්නේ ගඳටයි කියල හිතුවොත්!!!!මම ඉතින් බස් එකක් එනකන් ෂේප් එකේ හෙමින් එහාටයි මෙහාටයි සක්මන් කර කර හිටිය......

ඉතින් ඉතින්....තව කියන්න දෙයක් නම් නෑ......වැස්ස වෙලේ බස් එකේ එද්දී කරුමක්කාරයෙක් මගේ එහා පැත්තේ ඉඳන් ගියා.ඒ යකා මගේ අතට සම්පූර්ණ බර දීල ඒ මදිවට වැලමිට මගේ ඇලපතේ ඇනෙන විදිහට තියන් ගියේ.....එයාට මම මේ වස් කවිය ලියල FB status update එකක් දැම්ම,ඔයාලටත් ඕනේ වෙලාවක භාවිතා කරන්න තහනමක් නෑ......හැබැයි ප්‍රකාශන අයිතිය මා සතුයි....

මහා වැසි වැටී මුළු ඇඳුමම තෙමීයන්......
කන ළඟ අකුණු පුපුරා හිත ගැස්සීයන්.....
තබන තබන පය මඩ වලකට වැටියන්....
මට කරුමයක් උන තොට උණ හැදීයන්.....

lol.it's a joke k?????

25 comments:

  1. "පොපී සහ සහෝදරයෝ..!! ජනතාවට වස් කවි සපයන්නෝ..!!"

    ReplyDelete
  2. හෙහ්..හිත ජංජාලේක පැටලිලා ඉන්න වෙලාවේ දැක්ක පොස්ට් එක...බකස් ගාලා හිනා ගියේ වස් කවිය දැකලා.. ඔය ශැම්පු එක නම් නාන්නේ නැතුව ගිය හන්දා සුවදට කොදුරුවෝ වැහුනා කියමු පොපියෝ...
    අඩේ කොම උනත් මම ලයික් emo ලාට...

    ReplyDelete
  3. @ ගයන්ත- ඒ බිස්නස් එක ළඟදීම පටන් ගන්න තමයි ඉන්නේ......
    @නිම්ෂා-හිතට කරදර දාගන්නේ අපිම නේ......ඔන්න ඔහේ හිනා යන්න විහිළුවක් 2 ක් කියවල සැහැල්ලුවෙන් ඉන්න.......

    ReplyDelete
  4. වැඩබැරිදාසMonday, February 21, 2011

    හලෝ ඉතින් ඔය අනන් මනන් මූණෙ උලන එක නිසරු දෙයක් නෙමේද? කමක් නෑ ඉතින් නිකන් හම්බවෙච්චි එකනෙ
    නවලෝකේ බස් හෝල්ට් එක කිව්වෙ 138 ද? 101 ද?

    ReplyDelete
  5. 1st thing,shampoo kiyanne moone ulana deyak neme ne dear...eka oluwe ulana deyak......mama mooneth ulanawa thama makeup ehema,that's because I'm an artist...I like painting things,including myself...lol.beside I feel so confident-knowing I look pleasant and fab... :-D

    ReplyDelete
  6. "Emo make up" කියන්නේ මොනවද :-)

    කොඳුරුවො කැරකෙනකොට මිනිස්සු හිතන්න ඇති හත් අවුරුද්දකින් නාලා නැති කෙනෙක් කියලා. :-D

    ReplyDelete
  7. අනේ මන්දා දැන් වැඩ බැරිදාස උදේ හවස නවලෝකේ හෝල්ට් එක ගාව ඉඳීද දන්නේ නැහැ කෝඳුරුවො වටේ කැරකෙන කෙල්ල කවුද කියලා බලන්න :-D

    ReplyDelete
  8. @පූසා- k කිව්වේ මොකටද?
    @ ම- Emo make up කිව්වේ මෙන්න මේ වගේ ඒවාට- Emo Makeup
    අනේ මන්ද වැඩ බැරිදාස ආවත් දැන් නම් වැඩක් නෑ .... මම ඇපල් සුවඳ ෂැම්පු එක ගැන එක නතර කළා.අද කෝඳුරුවෝ නෑ... ;)

    ReplyDelete
  9. වැඩබැරිදාසTuesday, February 22, 2011

    ආයෙ පිස්සුවක් ඇතෑ මෙයාව හම්බවෙන්න ගිහින් වස් කවි අහගන්න. ඊට පස්සෙ වස් වැදුනොත් මොන දෙයියන්ට කියන්නද?

    ReplyDelete
  10. ඒකතමයි මේ බ්ලොග් එකට එනකොට මගේ මොනිටර් එකේ කෝඳුරුවෝ රංචුවක් ඇවිල්ලා වැහුවේ .

    ඇත්තටම ඔයා නානවද ?

    අනේ පවු වස් කවියේ ප්‍රභලථාවයට අර මනුස්සයට සූකර උන හැදිලවත් බේරුනොතින් හොඳයි

    ReplyDelete
  11. hik hik eka sarayak nawata jeewitha kaaleka ganda yanne nane .. eka wenda athi koduruwoo .. lol mathakada dawasak chooti aiyyage after shave eke, perfume eke, soap eke , andum hodanna ganna detergent eke suwanda kapaagena mata hadu gandak awa kiyala mam kiwwe .. ewage wenna athi ,, lol lol lol

    ReplyDelete
  12. aiyo dazz..... owa prasiddiye kiyanna hoda katha nemei neda anika ithin chuti aiya kage hari anagatha life partner wennath puluwanne hi hi......... monawa wunath poppya ape yaluwane gadai thamai kamak na api ewa private meet wela katha karala wisadagamuko.

    ReplyDelete
  13. @wadabaridaasa-baya wenna epa.mama ehema hamotama was kawi kiyan na....
    @his ahasa-:P naala yanne,naawa suwandata thamaa konduruwo awe....lol.
    @daz-innawa mama kiyannam aiyata
    @anonymous-I knw who u r......

    ReplyDelete
  14. hmm ..i too have a feelin' of who this new anonymous could be ... lol. btw fopz, nu probs .. you can tell him .. hik hik hik .. all in all it might help his future love life toooo .. rofl.

    dazz

    ReplyDelete
  15. ඒ කියන්නෙ වටේ ඉන්න කෝඳුරුවොන්ගෙන් පොපිව අඳුර ගන්න පුලුවන් :-P

    ReplyDelete
  16. @daz-ok onna ehenam mama qwa... :-D
    @ranga-apo dan baha.I changed my shampoo.lol

    ReplyDelete
  17. හික්ස් කෝඳුරුවෝ ඇපල් ෂැම්පූ වලට ආව වෙන්න බැ....D

    ReplyDelete
  18. Ehema kiyanna epa ithin...

    ReplyDelete
  19. මගේත් තරහකාරයෙක් ඉන්නවා.එයාට කියන්න වස් කවි පන්තියක් ලියලා දෙන්න බැරිද?

    ReplyDelete
  20. fatttaaaaaaaaaaaaaaa was kaivya akkiyooooo . double lol ........... mey was kaviya aththa 1k da?

    ReplyDelete
  21. @randika-apo oyage tharahakaarayek unata mage tharahakaarayek neme ne..... :-P
    @nipuna-ow aththa thama.nathnam!

    ReplyDelete
  22. හොඳ ඇපල් වලට කෝඳුරුවො වහන්නෙ නෑ නෙ. ඒ කියන්නෙ ඇඩ් වල ගහෙන් කඩාගත්ත ගමන් ඇපල් වලින් හදනව වගේ පෙන්නුවට ෂැම්පු හදන්නෙ කුණු ඇපල් වලින්. ඒකනෙ කෝඳුරුවො වහන්නෙ.

    එමෝ මේකප් එක ගැන දන්නෙ අදනෙ. අනේ මමනම් වෙලාවට ඔය නවලෝක හෝල්ට් එක පැත්තෙ එන්නෙ නැත්තෙ. නැත්නම් මෙයාව එමෝ මේකප් එක පිටින් දැකල මට නූල් බඳින්න වෙයි.

    ReplyDelete
  23. පට්ටම වස් කවිය පොපියෝ...:o

    ReplyDelete