
මෙක්සිකෝවේ දකුණට වන්නට පිහිටි කුඩා දූපතකි "La Isla de la Munecas" ඉතාම රමණීය පරිසරයක පිහිටා ඇති මුත් මෙයට එන සංචාරකයින්ගේ වෙනසක් ඇත.ඒ ඔවුන් තම මග පෙන්වන්නන්ගෙන්,කිසිදු විටෙකත් තමන්ව මෙහෙදී අතරමන් වීමට නම් ඉඩ නොහරින ලෙස බැගෑපත්ව අයැදීමයි.....
කුමක්ද මේ La Isla de la Munecas? මේ මෙක්සිකෝවේ ඇති අත්භූතම,අසාමාන්‍යම සහ එක්තරා අන්දමකින් පිලිකුල්සහගතම වන දූපතයි.බොහෝ දෙනෙක් මෙය දන්නේ Doll Island නොහොත්, බෝනිකි දූපත කියායි.

මෙම දූපතේ හිමිකරු දොන් ජුලියන් සන්ටානා නම් පුද්ගලයෙක්.විවාහ වී සිටියත් ජීවිතයේ අවසන් පනස් වසර තනිකඩව ඉන්නට සිතු මොහු එයට තෝරා ගත්තේ මෙම දූපතයි.එහෙත් මෙයට ආ පසු ඔහු දැනගත්තා දූපත වටා වූ ඇළ මාර්ගයක ගිලී කුඩා දැරියක් මියගොස් ඇති බව,දිනක් මාළු බාන අතරතුරේ අහුගේ බිලී කොක්කේ ඇමිනුනේ පැරණි දියසෙවල බැඳුන බෝනික්කෙක්.ජුලියන් පසුව දැනගත්ත ඒ බෝනික්කා අර මියගිය දැරියගේ බව.දැරියගේ ආත්මය තමා පසුපස එන්නේ යි සිතු ඔහු එයින් ගැලවීමට එ බෝනික්ක දුපත වටා ඇති ගසක එල්ලුව.එහෙත් එතකින් ඔහුගේ සිතේ හොල්මන් කල ඒ සිතුවිලි නැවතුනේ නෑ

මින් පසු මාළු බාන සෑම විටකම අහම්බෙන් ඔහුගේ දැලේ පැටලුනු බෝනික්කන් ඔහු මෙසේ දූපත වටා ගස් වල එල්ලුවා.සමහ බෝනික්කන් උල් ලී වල අමුණා තිබබා.ඒයින් නැවතුනු ඔහු තම දූපතේ එළවලු,පලතුරුත්,මාළුත් විකුණා ලැබුණු මුදලින්ද බෝනික්කන් දහස් ගණනින් මිලදීගෙන දූපත සැරසුවා.මේ සියල්ලම කලේ අර මියගිය දැරියගේ ආත්මය සනසවන්නයි.සමහරුන් මොහුව හැඳින්වූයේ මානසික රෝගියෙක් ලෙසයි.නමුත් ඔහුත් සමග කතා බහ කර ඇති සියල්ලන්ම පවසන්නේ මොහු ඉතාම සාමාන්‍ය ගතිගුණ ඇති මිනිසෙක් බවයි.

කෙසේ වුවත් මේ බෝනික්කන් කාලයත් සමග දිරාපත් වුනා.මුහුණු අව්වට කරවී,පැල්ලම් ගැසී,මඩ වැකී ගොස් අමනුෂ්‍ය පෙනුමක් ගත්තා.සමහර බෝනික්කන්ගේ ඇත පා ගැලවී ගියා.මේ සිදුරු වල මකුළුවන්,කුහුඹින් ජනාවාස තැනුවා.බෝනික්කන්ගේ ඇඳුම් වල සෙවල බැඳී ඉරී ගියා,ඒ ප්ලාස්ටික් සම වැස්සෙන් සේදී සුදුමැලිව දිස්වෙන්න ගත්තේ මිනී ලෙසයි.සමහර බෝනික්කන්ගේ ඇස් ගැලවී ගොස් තිබූ අතර තවත් බෝනික්කන් අවුල්වූ හිසකෙසින් සහ අයාගත් නෙතින් ලෝකය දෙස බලා උන්නා.දූපත වසාගත් මෙම කැඩී බින්දී ගිය අස්වාභාවික බෝනික්කන් සමූහය දිස්වූයේ,වධ දී එල්ලා මරණ ලද කුඩා දරුවන් දහස් ගණනක් ලෙසයි.මෙයට ඇතුල් වන්නන්ගේ සිතේ ඇතිවන පළමු හැංගීම නම් ඇස් දහස් ගණනක් තමා වෙත බලා සිතින බවත්,ඒ ඇස් තමන්ට කන්නලව් කරන බවත් ය

ක්‍රමයෙන් සංචාරකයින්ට මෙය තෝතැන්නක් වුනේ මෙහි මේ අත්භූත ස්වභාවය නිසයි.සමහරුන් පවසා සිටියා මේ බෝනික්කන් සමග සැබෑ ආත්මත් බැඳී ඇති බව.රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම මාතෘකාවක් වූ මෙහි එක වැඩසටහනක් අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් තිබෙනවා.එය නම් රූගත කිරීමක් අතරතුර කිසිදු බාහිර බලයක් යෙදීමෙන් තොරව එක බෝනික්කෙක් චලනය වීමත්,අනතුරුව එහි දෑස විවර වීමත් ය. (yeah,I know....rubbish.but it's soooo creeeeeepy. ඉතින් එකත් ඔන්න ඔහේ දැම්ම) මේ සම්බන්දව video එකක් අවශ්‍ය නම් මෙය බැලිය හැක
Destination truth,Island of Dolls
(hehe.it's funny)
මෙම දුපතේ හිමිකරු,එනම් බෝනික්කන් එකතු කල ඒ ජුලියන් නම් වූ පුද්ගලයා 2001 වර්ෂයේ මියගියා. මෙහි අදහාගත නොහැකි සිදුවීම වන්නේ ඔහුද මියගියේ අර කුඩා දැරිය ගිලී මියගිය ඇළ මාර්ගයේම වීමයි.
ඔහු සියදිවි නසාගත්තාද?
නැත්නම් එය හදිසි අනතුරක් ද?
එසේත් නැත්නම් යම් අදිසි බලවේගයක් ඔහුව දිය යටට ඇද ගියාද?
එය තවත් අබිරහසකි...............