සොඳුරු ගේෂා ලියන්....



ගෙයිෂා,ගේෂා,එසේත් නැත්නම් ගෙයිකෝ(සරල ඉංග්‍රීසි පරිවර්තනය-artist) ලෙසද හඳුන්වනු ලබන මෙම සුන්දර ලියන් සකුරා මල්,සකේ,කිමෝනා,ෆුජි කන්ද මෙන්ම ජපානයේ සංස්කෘතියේ වටිනා පැතිකඩකි....සමහරුන් මෙය එක්තරා අන්දමක ගණිකා වෘතියක් ලෙස සිතුවද සත්‍ය එයට සපුරා වෙනස් ය....

ආරම්භය
ක්‍රි.ව.600 අග භාගයේ පමණ ජපානයේ ඇතිවූ අරගල නිසා උන් හිටි තැන් අහිමි වූ පවුල් වල තරුණ දැරියෝ "සබුරුකෝ" එනම් "serving girls" ලෙස සේවය කරන්නට පටන් ගත්හ.මෙයින් සමහරුන් ගණිකාවන් ලෙස සේවය සැපයු අතර උගත් දැරියන් උසස් සම්භාෂණ වල විනෝදය සපයන්නන් (entertainers) ලෙස සේවය සැපයුහ.එනම් නැටුමෙන්,සංගීතයෙන් සහ ප්‍රිය සම්භාෂණයෙන් අමුත්තන් සතුටු කිරීමයි...
ක්‍රි.ව.794 දී රාජකීයයන් ක්යෝතෝ නගරයට පැමිණීමත් සමග ගේෂා සංස්කෘතිය ඇරඹුණි.
එකල ජපානයේ සාම්ප්‍රදය වුයේ පවුලේ මව යනු එහි කළමනාකාරිනිය යන්නයි.ලිංගිකත්වය පිළිබඳව නිදහස් අදහස් දැරූ එම සමාජයේ මිනිසුන් ප්‍රේමය/ලිංගික තෘප්තිය සඳහාම තැනූ "pleasure quarters" එනම් විනෝදාගාර වෙත ගියහ.16 වන සියවසේ මේවයේ සේවය කල කාන්තාවන් හැඳින් වුනේ "ඔයිරන්" ලෙසයි.ඇය නාට්‍යාංගනාවක් සහ ගණිකාවකගේ සම්මිශ්‍රණයකි.ජපානයේ ප්‍රසිද්ධ නාට්‍ය සම්ප්‍රදායක් වන "කබුකි" නාට්‍යය සම්ප්‍රදාය ඇරඹුණේ මොවුන්ගෙනි.

18 වන සියවස
මේ වනවිට විනෝදාගාර ලිංගික සේවය සපයන ලැගුම්හල් නොව,පාරිභෝගිකයන් හට මානසික තෘප්තිය සපයන්නා වූ ආගාර බවට පෙරලීම ඇරඹි තිබුණි.මෙහිදී තරුණියන් අමුත්තන්ව නැටුමෙන්,ගැයුමෙන්,වාදනයෙන් සතුටු කළහ.මේ විනෝදාගාර වල විසු සමහරුන් ඉතා දක්ෂ කවිකාරියන් මෙන්ම දක්ෂ ලේඛකයන් වූහ.මෙම "ඔයිරන්" තරුණියන් අමුත්තන් හමුවට එනතුරු ඔවුන් කතාබසින්,වාදනයෙන් සතුටු කලේ තරුණයන්ය.ගේෂා වරු ලෙස මුලින්ම හැඳින්වුයේ මොවුන්ය.....1680දි ඔයිරන් තරුණියන් ඔදොරිකෝ ලෙසින් කලඑළි බැස්සෝය.ඒ ඉහල තල වල සමුරායි වරුන්ගේ නිවාස වල විනෝදය සැපයීමෙනි.

ගේෂා ලෙසින් මුලින්ම තාමාවම හඳුන්වාගත්තේ 1750 විසු ඉතාමත් දක්ෂ ගායිකාවක් සහ "ශමිසෙන්" වාදය භාණ්ඩය ප්‍රගුණ කල ගණිකාවක් වූ "ෆුකාගව" "fukagawa" ය.මෙයත් සමග 1760-1770 අතර ගේෂා යන හැඳින්වීම ඉතා සීග්‍රයෙන් ජපානයේ පැතිරුණි.මේ වෙද්දී

ඔයිරන් යන්න නෂ්ට වීම ඇරඹුණු අතර ගේෂා ලියන් තම සේවා දායකයන් සතුටු කිරීම සඳහා සාමීචිය,ගායනය,නැටුම සහ වාදනය භාවිත කළහ.1830 පමණ වෙද්දී ජපානය පුරාම පාහේ ගේෂා වරුන් පැතිරී තිබු අතර මෙම ගේෂා වරුන් අතරද තරාතිරම් රැසක් පැවතුනි.

දෙවන ලෝක යුද්ධයත් සමගම ගේෂා ලියන් හට අත්වුයේ අපල දසාවකි.ගේෂා ලියන් හට තිබු සමාජ තත්වය අහිමි වුයේ සාමාන්‍ය ගණිකාවන් ඇමෙරිකානු සෙබළුන් හට තමන්ව "geisha girls" ලෙස හඳුන්වා දෙන්නට පටන්ගත් බැවිනි.ඒ අතර 1944 දී සියලුම තේ පැන් ශාලා,විනෝදාගාර සහ ගේෂා නිවාස නීතියෙන් වසා දැමුණු අතර සියලුම පිරිමින් සහ ගැහැනුන් යුධ කර්මාන්තශාලා වල සේවයට යෙදවිණි.නමුත් අවුරුද්දකට පසු ඒවා නැවත ඇරීමට අවසර ලබුනමුත් ඒවායේ සේවයට පැමිණියේ අතලොස්සකි.මේ ගේෂා ලියන් තමන්ගේ නැතිවුණු සමාජ තත්වය රැකගැනීම සඳහා ඉතාමත් සාම්ප්‍රදායිකව,ගෞරවාන්විතව සේවය සැපයුහ.

ගේෂා ලියන් අතරත් තරාතිරම්
ක්යෝතෝ වල ගේෂා දිස්ත්‍රික්ක 5 කි.මේවා "හනමචි" එනම් මල් නගර ලෙසද හැඳින්වුනි.ඉහලම තත්වය තිබුනේ ග්යෝන් කොබු,පොන්තොචෝ සහ කමිශිචිකෙන් වලය.මේ ප්‍රදේශ වල විසු ගේෂා ලියන් මිලෙන් ඉතාම අධිකය.මොවුන් ඇසුරු කලේ ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයින් ය.ඉතුරු ප්‍රදේශ 2 වන ගියොන් හිගෂි සහ මියගාව-චෝ ද උසස් තත්වයෙන් සැලකු මුත් ඉහත ප්‍රදේශ හා සැසඳීමේදී දෙවන තැන හිමිවිණි.මේ අතරම තවත් ගේෂා ලියන් වර්ගයකි.මොවුන්ව හඳුන්වනු ලබන්නේ "hot spring geisha" ලෙසයි.සාමාන්‍ය ගණිකාවන්ට වඩා වැඩි වෙනසක් නැති සලකන මේ ගේෂා ලියන් සහ හනමචි ගේෂා ලියන් සැසඳීම කල නොහැක්කකි..........

ගේෂා ලියන්ගේ පුහුණුව
එකල නම් ගේෂා ලියන් සඳහා පුහුණුව ඇරඹුණේ ඉතාම ලාබාල වයසේදීය.අවුරුදු 9 දී පමණ ගේෂා නිවාස වලට භාර දුන් මෙම දැරියන් හැඳින්වුණේ "හන්ග්යෝකු" ලෙසයි.පැරණි ගේෂා ලියන් තම දු වරුන් මෙසේ යොමු කල නමුත් 1950 එය නීතියෙන් තහනම් වුයේ ළමා මෙහෙකාර සේවයක් ලෙස එය සලකනු ලද නිසාවෙනි.මෙයිකෝ යනු තරුණ ගේෂා වරියන් හඳුන්වන නමයි.මොවුන් පුහුණුව ඉතා මිල අධික කර්තව්‍යක් වන අතර ඔවුන් සම්පූර්ණ පුහුණුව ලබා රැකියා ඇරඹුවද තම ණය "ඔකියා" එනම් ගේෂා නිවාසයේ හිමිකාරියට ගෙවා අවසන්වනතුරු එයින් පිටව යනු නොහැකිය.ඒ ඔවුන්ට කිමෝනා,ඇඳුම්,ඉඳුම් හිටුම් ආදී සියල්ල ඔවුන්ට සපයන්නේ "ඔකියා" විසින් වීමයි.

****************************************************

දෙවන කොටස පසුව බලාපොරොත්තුවන්න. wikipedia ඇසුරෙන් සිදුකරනු ලැබූ අනුවාදයකි.
ව්‍යාකරණ අමු අමුවේ මරා දමා ඇත :D sorry හොඳේ.........

පලතුරු සුවඳ ෂැම්පු.......


මට හිතාගන්න බැරි ඇයි මේ කරුම ඔක්කොම මටම වෙන්නේ කියල.....

ඔන්න අද වැඩ ඇරිලා මම නවලෝකේ බස් හෝල්ට් එක ළඟ ඉන්නකොට එක මිනිහෙක් මගේ දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන ගියා.....එක නෙමේ කතාව,තව ටිකකින් එතැනින්ම ගිය තව එක්කෙනෙක් ආයේ හොඳට බලාගෙන ගියා,ඒ මදිවට ගිහින් ආයේ හැරිලත් බැලුව,ඕකත් නෙමේ කතාව.....ඊළඟට ගිය කෙනා අඩි පහක් විතර දුරකදී ඉඳන් බලාගෙනම ඇවිත් පහුවෙලා යද්දී හිසේ සිට දෙපතුල දක්වා විපරම්කාරී බැල්මක් දැම්ම.....

ඔන්න ඒ වෙද්දී නම් මට තේරුනා මොකක් හරි අවුලක් තියෙන බව.......සමහරක් විට ඔය විදිහටම මිනිස්සු මගේ දිහා බලනවා මගේ Emo make up එක දාගෙන යද්දී,ඒ වෙලාවට නම් ඕව ගණන් ගන්නේ නෑ ....එත් මම බැලුව අද මේ මොකක්ද සීන් එක කියල.මම ඉතින් ඔය වෙලාවට කරන්නේ මගේ ෆෝන් එක අරන් එකේ තිරයේ වැටෙන මගේ ප්‍රතිබිම්බය දිහා බලල case 1 මොකක්ද බලන එකයි....ඉතින් ඒ පාර ෆෝන් එක අරන් මූණ දිහා බැලුව මට බකස් ගාල හිනාවක් ගියා.....මොකද මගේ හිස වටේ රශ්මි මාලාවක් වගේ කැරකි කැරකි හිටිය කොඳුරුවෝ රංචුව දැක්කම!!!!! lol.lol.lol

ඕක ඉතින් අපේ අයිය නිසා මට උන හදියක්....එයා නේ මේ පාර ලංකාවට එද්දී මට ඇපල් සුවඳ ෂැම්පු ගෙනාවේ.....කොළඹ මීමැස්සෝ,සමනලයෝ එහෙම නැති නිසා හොඳයි...නැත්නම් මට මී මැසි ප්‍රහාරයන්ට ලක් වෙලා,සමනලයන් පිරිවරාගෙන බස් එකට නගින්න තිබ්බ.....මිනිස්සු දන් නැහැ නේ මම නාලයි වැඩට එන්නේ කියල,කොඳුරුවෝ එන්නේ ගඳටයි කියල හිතුවොත්!!!!මම ඉතින් බස් එකක් එනකන් ෂේප් එකේ හෙමින් එහාටයි මෙහාටයි සක්මන් කර කර හිටිය......

ඉතින් ඉතින්....තව කියන්න දෙයක් නම් නෑ......වැස්ස වෙලේ බස් එකේ එද්දී කරුමක්කාරයෙක් මගේ එහා පැත්තේ ඉඳන් ගියා.ඒ යකා මගේ අතට සම්පූර්ණ බර දීල ඒ මදිවට වැලමිට මගේ ඇලපතේ ඇනෙන විදිහට තියන් ගියේ.....එයාට මම මේ වස් කවිය ලියල FB status update එකක් දැම්ම,ඔයාලටත් ඕනේ වෙලාවක භාවිතා කරන්න තහනමක් නෑ......හැබැයි ප්‍රකාශන අයිතිය මා සතුයි....

මහා වැසි වැටී මුළු ඇඳුමම තෙමීයන්......
කන ළඟ අකුණු පුපුරා හිත ගැස්සීයන්.....
තබන තබන පය මඩ වලකට වැටියන්....
මට කරුමයක් උන තොට උණ හැදීයන්.....

lol.it's a joke k?????

අපේ සිරීපාද ගමන


ඔන්න....දැනට අවුරුදු කිහිපයකට කලින් පොපියයි,පොපීගේ best friendaa dazzled යි ඒ දෙන්නගේ පවුල් දෙකේ යයි ගියා ලු සිරීපාද වන්දනාවේ....කතාවක් තියනවා නේ,සිරීපාදේ වන්දනාවේ එක පාරක්වත් නොගිය මිනිහත් මෝඩය,එක පාරකට වඩා යන මිනිහත් මෝඩය කියල......එත් මම නම් කියන්නේ,සිරීපාදේ නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නෑ...

අපි ගියේ අර කිතුල්ගල ගඟ තියන පැත්තෙන්.....ඒ රත්නපුරේ පාර ද?අනේ මන්ද,හැබැයි වටපිටාව නම් පුදුම ලස්සනයි....අපි නකල්ස් කඳුවැටිය දැක්ක.....තව නම් නොදන්නා කඳු වැටි,ඒ මැදින් ඇදහැලෙන පුංචි දිය පාරවල් ගොඩාක් දැක්ක...පාර අයිනෙන්ම ගලාගෙන යනවා සැරේට ගඟ....ශ්‍රී පාද කන්ද ලං වෙන්න ලං වෙන්න හරිම සිසිලසක් දැනෙන්නේ....හරිම නිස්කලංකයි....තේ වතුත් හම්බෙනවා.....කියල වැඩක් නෑ ගමන නම්.....

එත් ශ්‍රී පාද කන්ද දැක්ක ගමන් නම් හීන් දාඩිය දානවා.....dazzu යි මමයි දෙන්නම කට වරද්දගත්ත....හම්මෝ....ඕක නම් නගින්න තියා හිතන්නවත් බෑ කියල!!!නඩේ වැඩිමහල්ලන්ගෙන් හොඳට අහගෙන අපි කට පියාගෙන ඉතුරු ටික ගියා.....
අපි ගිහින් වාහනය නතර කරන්,සැහෙන ගේමක් දීල නාන රෙදිත් ඇඳගෙන කෙලින්ම ගියේ සීත ගඟුලට....ඕක කියන තරම්ම සීතලද කියල බලාගන්න ඕනෙකමක් තිබ්බ......ඇත්තටම එක ගඟට බැහැලාම තමා බලන්න වෙන්නේ...වතුර ඒ තරම්ම සීතලයි...ඒ වගේම හරිම refreshing....ගමනේ මහන්සිය නිමිල යනවා......එත් ඔතන මල පනින වැඩ වෙනවා....පෙළක් නඩ වල එන එපා කරපු මිනිස්සු තමන්ගේ නඩේ ෆොටෝ ගන්න මුවාවෙන් නාන ගැහැණු ළමයින්ගේ පින්තුර ගන්නවා.ඕව කැත වැඩ.....

ඉතින් අපි නාල....කාල එහෙම ගමන පටන් ගත්ත....පහල ඉඳන් උඩ බලද්දී කෙඳිරි ගෑවෙනවා.....එත් ඉතින් නගිනවමයි කියල ආව නිසා ලැජ්ජාව වහගෙන නගින්න එපැයි!!!ඉතින් අපි නැග්ග.......නැග්ග.... නැග්ග........පන යන්න තරම් මහන්සි ආවම අම්මලාගෙන් ඇහුව දැන් උඩ මළුවට ලඟයි ද?කියල.....දැනට නැග්ග තරම් තුන් ගුණයක් විතර තියනවා කියල බොහොම ප්‍රීතිදායක පිළිතුරක් ලැබුන.....

අපි හවස නගින්න පටන් ගත්ත නිසා ටික වෙලාවක් යද්දී නල්ලතන්නියේ-ඒ කිව්වේ නගින්න පටන් ගන්න හරියේ දාන ලයිට් උඩට පෙන්න ගන්නවා...හරිම ලස්සනයි...ඒ වගේම තව ඉහලට නගින්න තියන පාර දිගට තියන ලයිට් පෝලිමත් පේනවා.හැබැයි උඩ මළුවට යනකන් පෙන්නේ නෑ...මොකද පාර තනි කෙලින් උඩට නෙමේ නේ තියෙන්නේ....දෙතුන් පොළකදී සමතලා ප්‍රදේශ හමුවෙනවා.....අර ඉඳිකටු පාන වගේ විශේෂ තැන් තියෙන්නේ ඒ වගේ තැන් වල....ඒ වගේ තැන් වල ටිකක් විවේක ගන්න පුළුවන් උනත්-අවවාදයයි-කෙලින්ම නගින තරමට ඇඟට ගුණයි...ඉදගත්තම නැගිටින්න හිතෙන නෑ......

ඉතින් ඔහොම නගිද්දී අර ඉස්සර කාලේ වගේම කවි කියන නඩ හමුවෙනවා......හැබැයි දැන් ඒ නඩ වල කවි ටිකක් වෙනස් වෙලා.....
අපේ තාත්තට තට්ටේ,ඉතින් තාත්තට -"තට්ටේ තියන මේ මාමට-සුමන සමන් දෙවි පිහිටයි..."
අපේ අයිය කොන්ඩේ වවල,ඉතින් අයියට-"කොන්ඩේ බැඳපු මේ අයියට,සුමන සමන් දෙවි පිහිටයි...."
හැබැයි ඉතින් මහන්සිය යන්න ඔය විහිලු හොඳයි.....

මම ගියේ කළු පාට රවුම් තොප්පියක් දාගෙන....මගේ අතේ silver මුදු තිබ්බ 8ක් විතර.....ඉතින් පෙළක් වෙලාවට අපිත් එක්කම නගින නඩ වලට ඕව note වෙනවා.....සින්දුවක් එහෙම කියන්න බැරිද කියල ආරාධනා ආව....ශුද්ධ භූමියක ඉන්නේ කියල ටිකකට අමතක කරලා දවා හළු වෙන බැල්මකින් ඒ වෙලාවට සංග්‍රහ කළා අපි....

ඉතින්.....මහගිරි දඹයට කලින් හමුවෙන අවසාන කඩ පේලිය එද්දී අපි බාගෙට මැරිලා.....ඒ හරියේ කෝපි කෝප්පයක් කොළඹ හිල්ටන් හෝටලයටත් වඩා ගණන්.....රොටියක් කන සල්ලි වලින් පීසා එකක් ගතහැකි......එත් ඉතින් සීතලයි බඩගින්නයි නිසා අපි රොටී කාල කෝපි බිව්වා....dazzled අඬා වැටුනේ මේ කඩ පොලිමේදී.....එයාගේ ඉවසීමේ සීමාව පැන්න.....මාත් අඬනවා,එත් අඬන්න තරම් පණක් තිබ්බේ නෑ....සීතලයි...ඇඟ රිදෙනවා..... කකුල් ජෙලි වගේ.......ඔයාල යනවා නම් අනිවාර්යයෙන් ජර්සි එකක්,අත් මේස,හොඳ තොප්පියක් සහ කකුලට පහසු සපත්තු දැන් යන්න අමතක කරන්න එපා...අනික නගිද්දී උදව් වෙන්න උස පොල්ලක්-රිටක් තියනවා නම් සැහෙන්න ලේසි......

මහගිරි දඹය හරියට එද්දී කකුල් විතරක් නෙමේ නගින්න අතුත් උදව් වෙනවා....අපි ඒ හරියෙන් යද්දී බහින අය කෝචෝක් කරනවා.....
"දනගාගෙන.......අපි නගින්නේ......"
"බඩගාගෙන......අපි නගින්නේ..."
"පෙරලි පෙරලි......අපි වඳින්නේ...."
"අපේ බුදුන්.........අපි වඳින්නේ......"

ඉතින් අපි ඕවත් ඉවසා දරාගෙන නැග්ගයි කියමුකෝ.........කාගෙන්වත් අහන්න එපා "අර පෙන්නේ උඩ මලුව ද?"කියල නම්....එයාල බොහොම උද්යෝගශීලීව කියනවා "ඔව් ඔව්...,තව ටිකයි....." කියල....එත් එතනට යද්දී පෙන්නේ ඒ තවත් පඩි පෙළක ආරම්භය බව.....දැන් අහන්න එපා නඩේ ගිය අනිත් පුරුදු කාරයෝ කෝ කියල.....ඒ සෙට් එක අපිට බාගයක් දුර යද්දී මග ඇරුන ....lol.

ඉතින්......කොහොම හරි අපි පැය කිහිපයකින් උඩ මළුවට ලඟා උනා.......මම එච්චරටම ආගම් භක්තිකයෙක් නෙමේ,මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන කෙනෙක්......උඩ මළුවේ සිරි පතුලට හිස තබා වඳින්න ඉන්න පෝලිම දිගු උනාම එතන ඉන්න ආවතේව කරන පුද්ගලයෝ මිනිස්සු නැවුන ගමන් ඔලුව අල්ලලා ඒ ගලේ ගහනවා වගේ දෙයක් කරනවා......එක නිසා මතක තියාගන්න....තමන්ගේ වෙලාව අරන්,තමන් වඳින විදිහට භක්තියෙන් වඳින්න,"මගේ ඔලුව අල්ලලා ගලේ ගැහුවොත් උස්සල කන්දෙන් පහලට දානවා" වගේ බැල්මක් එතන ඉන්න පුද්ගලයට හෙලලා.......තමන්ගේ කැමැත්තක්......

ඉතින් ශ්‍රී පතුල වන්දනා කරලා ඝන්ටාරේත් ගහල එලියට ආව කියමු....මලුවෙ එලිය බිම අතුරු සිදුරු නැතුව පිරිලා තියනවා නිදාගෙන ඉන්න මිනිස්සුන්ගෙන්....ඔය සීතලේ නින්දෙන්ම මැරෙන නැතුව පුදුමයි.....මමයි,ish,dazzled,අපේ පොඩි අයිය සහ තව නඩේ ගිය ගනු ළමයෙක් මළුවෙන් එළියේ තිබ්බ ගැට්ටක ඉඳගත්ත.....එක පඩිපෙලක් වගේ....අපි ඉඳගෙන ටිකකින් වෙන නඩයක්,ගම්පහින් ආව පිරිමි ළමයි ටිකක් ඇවිත් අපිට පහල පඩියෙන් ඉඳගත්ත...ඉඳගෙන අපේ කකුල් වලට හේත්තු උනා.....එදා තමා එහෙම දෙයකට විරුද්ධව වචනයක්වත් නොකියපු පළමු,එකම සහ අවසාන වතාව.ඇඟිලි සීතලෙන් ගල් වෙනවට වඩා එක හොඳයි කියල හිතුන.....එයාල අපේ අයිය එක්ක කතා කරලා අපිට අග්ගලාත් දුන්න.......නඩේ හැමෝම උඩ මළුවේදී එකතු උනාට පස්සේ අපි ආයෙමත් බහින්න පටන් ගත්ත.....මම බැස්සේ ish ව වත්තම් කරගෙන.....අපේ කකුල් පන නැ....පඩි බහිද්දී අපිට ඕනේ පැත්තට නෙමේ වෙන දිශාවන්ට අපිව විසි වෙලා යනවා....dazz ව ඔහොම විසි වෙලා වෙන නඩයක් මැද්දටම ගිහින්.....අපිවත් නගින අයගේ ඇගේ හැප්පෙනවා....කොහොම හරි කරුවලේ බැස්සට,ආයේ නල්ලතන්නියට එද්දී එලිය වැටිලා.....

මම නම් Van එකට නැග්ග ගමන් සීට් එකේ ගුලි වෙලා නිදාගත්තා.....වයසක අය ආවේ තවත් පැයකින් විතර....හැබැයි කාටවත් නින්ද ගියේ නැ.....හීනෙන් පේනවා පහලට යන දිග.....පඩිපෙලකින් වැටෙනවා,ඊට පස්සේ ඇහැරෙනවා.........ඒක හැමෝටම පෙනුන හීනයක්....ඒ ඇයි දන්නේ නෑ.....

ගෙදර ආව මතකයි හීනෙන් වගේ.....ඇවිත් දවස,3 යනකන් ගෙදරින් එලියට නම් බැස්සේ නෑ.......

එත් මම ගිය හොඳම ගමන් වලින් එකක් තමයි ඕක....මම ආයේ දවසක යනවා.......හැබැයි එදාට කලින් පාරට වඩා සූදානම් වෙලා තමයි යන්නේ........ඔන්න කිව්වා....ගියේ නැති අය වරද්දගන්න එපා.........

ප්‍රථම ඒක පාර්ශ්වික ප්‍රේමය-ඒ කිව්වට ප්‍රේමේ ම නෙමේ පොඩි crush එකක්



සැහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ....ඉතින් ඉඳල ඉඳල මම මේ කියන්න යන්නේ සැහෙන කාලයක් තිස්සේ කියන්න උන්න කතාවක්.මගේ මේ දවස් වල mood එක ඒ තරම් සුභ නෑ.ඉතින් ඔයාලගේ වගේම මගේ mood එකත් ටිකක් සැහැල්ලු වෙන්න මම මේක දාන්නම්කො......

ඔයාල දන්නේ නැති උනාට පොඩි කාලේ මම මොන්ටිසෝරි ගියා.ඒ කාලේ ඇත්තම කියනවා නම් මට මතක නැහැ.අපේ පුංචි අම්ම තමයි මේ කතාව මට කිව්වේ.මාව මොන්ටිසෝරි ඉවර වෙලා එයා ගෙදර එක්කන් එනවා ලු.ඉතින් ඒත් එක්කම පෙළක් දවසට අපේ ගෙවල් ළඟම,මොන්ටිසෝරියේ මාත් එක්ක හිටපු පොඩි කොලු පැටියෙක් එනවා ලු.අපි මේ කොල්ලට "ශාන්" කියල නම දාමුකෝ.ඉතින් පුංචි කාලෙත් මම දැන් වගේම බෝල ගෙඩියක් ලු.ශානුත් එහෙම ම ලු.ඉතින් බකල ගගහ එන අපි දෙන්න,අපේ ගෙදර ලඟදි ී වෙන් වෙලා යද්දී මම හෝ ගාල අඬනවලු.එයත් අඬනවලු සමහරදවසට.......ඉතින් ඕක පුංචි අම්මට නම් මාර ආතල් දර්ශනයක් වෙලා.

ඔය කාලෙම තමා මගේ මාම බැන්දේ.ඒ මගුල් ගේ දවසේ ඔය ඉන්න නෑදැයෝ එතන හිටපු එකම පොඩි එකා වෙන මාව අල්ලගෙන බයිට් කරන්න පටන් අරන්....මොකද ඕනේ පොඩි එකෙක් ආසයි නේ තෑගි වලට.couple එකට තෑගි ලැබෙනකොට මමත් හයියෙන් කියල "මමත් කවදාහරි බඳිනවා!!"කියල.
ඉතින් අනිත් නැන්දලා ටික මාව වට කරන් අහල "ඒත් දුව ඔච්චර ලොකු තෑගි කොහොමද උස්සන්නේ?"කියල.
මම කිව්වා ලු"මම මොකටද?ශාන් ඉන්නේ!" කියල.lol.

මට ඔය කතාව පුංචි කිව්වේ මට අවුරුදු 16 දී.එතකොටයි මට තේරුනේ මේක එසේ මෙසේ crush1k නොවන බව.

ශාන්ව මොන්ටිසෝරියෙන් පස්සේ මට හම්බුනේ ශිෂ්‍යත්ව පන්තියේදී ද කොහෙද.....පන්තියේදී කිව්වට එකට මම මාස2,3 ක් වත් ගියාද මන්ද.ඒ කාලෙත් ශාන් හරිම cute චබියෙක්.මම අති පණ්ඩිත cute චබියෙක්.මට යන්තම් මතකයි අපි ඔට්ටු දුවනවා.අපි කිව්වේ අපේ සෙට් එකක් හිටිය.....ඒ සෙට් එක.මට ඕක පෙන්නන්න බෑ.මොකද අනිවා මට තමා catcher වෙන්න වෙන්නේ.මොකද අනිත් යට මාව අල්ලන්න හරි ලේසි-මම දුවන්න හොරා නේ......

ඉතින් ඔය ශිෂ්‍යත්වෙන් පස්සේ මම කොළඹ විශාකවට ඇතුලත් උනා.ශාන් ගියේ කොළඹ ආනන්දයට..මම මෙයත් එක්ක හොඳටම තරහ උන දවස ආවේ ඔය කාලේ.

වෙලාවකට මෙයා ඉස්කෝලේ ඇරිලා අපේ ගෙවල් පැත්තෙන් යනවා-මෙහෙන් short cut එකක් තියනවා.ඉතින් ඔය කියන දවසේ (මට තවමත් හොඳට මතකයි)ශානුයි එයාගේ වැඩිමල් cousin අයිය කෙනෙකුයි ඔය පාරේ යනවා මම දැක්ක.කාලෙකින් නේ යාළුවව දැක්කේ.මම එහා ගෙදර හිටියේ ඒ වෙලේ.මම දොරකඩට බැහැල "ශාන් ටටා!!!!!!" කියල කෑගහල අත වැනුවා.මම දැක්ක අර වැඩිමල් අයිය හයියෙන් හිනා වෙනවත්,ශාන් රවාගෙන පැත්ත නොබලා ඉක්මනින් යනවත්.rejected හැගීමකින් හිත බර උනත් ඒත් එක්කම ආවේ තරහක්.මම එකෙන් පස්සේ ආයෙත් අවුරුදු ගානක් යනකන් ශාන්ව දැක්කේ නැහැ.

ඊට පස්සේ එයාව ආයේ දැක්කේ මට අවුරුදු 14 දී.ඒ කියන්නේ නවය වසරේදී.මමයි මගේ යාළුවා ish ගියා කඩේට,මම සාමාන්‍යයෙන් ශාන්ගේ ගෙවල් පැත්තෙන් යැවෙන් නැහැ,ඒත් කඩේට යන්න කෙටි පාරක් එතනින් වැටිලා තියනවා.එතනින් යද්දී මම දැක්ක ඒ ගේ ඉස්සරහ උස මහත සුදු well built කොල්ලෙක් ගේ ඉස්සරහ උදලු ගානවා.අපි දෙන්නත් "කවුද බොලේ ඇලිස් " කියල ලඟට කිට්ටු කරද්දී,කිට්ටු කරලා අදාළ පුද්ගලයා අඳුනාගතහැකි සීමාවට ආවම අපි දෙන්නගෙම කටවල් වලට අගුල් වැටුන.කවුද දන්නේ අවුරුදු කිහිපයකින් මෙච්චර වෙනසක් වෙන්න පුළුවන් කියල.....
අහ්....ඉතින් ඊට පස්සේ අපිව නිතරම මුණගැහෙන්න පටන් ගත්ත.මොකද අපි එකම විද්‍යාව පන්තියට join උනා නේ.....

ඔව් ඔව්.... අපේ සහෝදර blog ලියන්නෙක් වෙන මහේෂ් හසාන්ත ද සිල්වා ත් ඒ පන්තියටම ආව.hehe.ඒ කාලේ වගේම තව අවුරුදු 3 ක් යනකම් ඒ හැමෝටම මාව පෙනෙන්න ඇත්තේ මල විකාරයක් වගේ...මොකද මම හැම දෙයක්ම කලේ අවධානය ගන්න.හැබැයි ඒ එක දෙයක් වත් වැඩක් උනේ නම් නෑ.....lol.

අපි අවුරුදු 3 ක් එකට පන්ති ගියා.විද්‍යාව සහ English .ඉංග්‍රීසි පන්තියේදී තමා ඔය crush එක සැහෙන්න වැඩි උනේ....විද්‍යාව පන්තියේදී මට ඕනේ උනේ වැඩ පෙන්නන්න,මම ඒ කාලේ ලකුණු 95-99 අතර ගන්නවා ඉස්කෝලෙදි.ඉතින් හැමෝටම ඕනේ තමන්ගේ crush 1 ඉස්සරහ පොර වෙන්න නේ.....ඒත් වැඩක් උනේ නෑ.....ඔහොම ඉන්දෙද්දී එයාගේ උපන්දිනය ලං උනා.සල්ලි එකතු කරගත්ත මම ලස්සන pencil case 1ක් ගත්ත.එක පිරෙන්න පෑන්,පන්සල්,gold/silver pens,gel pens,මකන,අඩි රූල්,cutter,ටිපෙක්ස් ඔක්කොම අරගෙන ලස්සනට හැදුව.මොකද එයා පෑන් දාගෙන ආවේ පරණ කවකටු පෙට්ටියක.මම ඉතින් ඕක ලස්සනට පැක් කරලා-from a friend- කියල ලියල ගෙනාව හොරෙන් එයාගේ bag 1 න් දාන්න.ඒත් අන්තිම මොහොතේදී මගේ ආත්ම ශක්තිය බින්දුවටම බැස්ස-no gut.ඉතින් මම පෑන් ටික තියාගෙන purse එක වෙන කාටදෝ මන්ද දුන්න....

මම කැමති නෑ අපිව මගදී හම්බෙනවට.මොකද මගේ අතින් මොකක් හරි ගොන් කතාවක් කියවෙනවා....මම යන පන්ති වලටම නේ මෙයත් යන්නේ,ඒත් මට පෙළක් වෙලාවට ඉබේ ඇහෙනවා "අද පන්ති නැද්ද?"කියල.නැත්නම් සැහෙන්න චාටර් විදිහේ හිනාවක් යනවා.ඉතින් වෙලාවකට ඒ කාලේ මෙය ඉස්සරහින් එනවා දකිනකොට මට හිතෙනවා පාස් වෙලා යනකන් හැංගිලා ඉන්නත්!

ඉතින් ඔය කාලේ මම ගිය ඉංග්‍රීසි පන්තියේ ඉංග්‍රීසි සාහිත්‍යත් කළා අපි.ඕකෙ 9,10,11 පන්ති 3 ම එකට දාල ඉගැන්නුවේ.අපි ඉහල පන්ති වලට යද්දී අපිට වඩා බාල ළමයි ආව පන්තියට.මේ අතර හිටිය ලස්සන නංගියෙක්.සුදුයි,කොන්ඩේ curly,හරිම ලස්සන හිනාවක් තියන චුටි නංගියෙක්,අපිට වැඩ අවුරුද්දක් හරි 2 ක් හරි බාලයි...එයා ලස්සන නිසා අපි එයාට නම දැම්ම මාර්ගරිට්(Margeret) කියල.(ඒ කාලේ තමා TV එකේ The Lost World ගියේ.එකේ ප්‍රධාන චරිතයක්......)

මම සැහෙන්න මිනිස්සුන්ව නිරීක්ෂණය කරන කෙනෙක්,ඉතින් මට ටික දවසක් යද්දී තේරුනා ශාන්ගේ හිත ඔය නංගිට ගිහින් කියල.ඉතින් ඒ නංගිත් එක්ක අහලකින්වත් මට යන්න බැරි නිසා මම අදහස අතැරලා දැම්ම.........මම ප්‍රාර්ථනා කළා ඒ 2 න සෙට් වෙන්න,හොඳ couple එකක් වේවි කියල......

සාමාන්‍ය පෙලින් පස්සේ අපිව ආයේ හමු උනේ නෑ.....මම CIMA class යන්න ගත්ත නේ උදේට A/L වලින් පස්සේ...හැබැයි ඒ කාලේ මගේ ජීවිතේට වෙන කෙනෙක් ඇවිත් හිටිය....එයාගේ නම අසේල.මට පෙළක් දවස් වලට බස් එකේදී ශාන් ව හම්බුනා,සුහද හිනාවකට ඒ හමුවීම සීමා උනා.....මගේ ජීවිතේ awkward ම දවසක් ආවේ ඔය කාලේ.හවස මම පන්ති ඇරිලා අසේල එක්ක එද්දී අපි නැගපු,පිටකොටුව stand එකේ නතර කරලා තිබ්බ බස් එකේ පිටිපස්සේ සීට් එකේ ශානුත් හිටිය.මම හරිම අපහසුතාවයකට පත් උනා....අසේලට මම ශාන් ගැන කියල තිබ්බ-සැහෙන කාලයක් තිබ්බ crush 1 k කියල.අසේල කිව්වා බහින්න ඕනේ නෑ,මේකෙම යමු කියල....මම පෙරැත්ත කරලා බැස්ස......hmmmm I actually don't know why...but I felt something heavy inside me.......I felt guilty...... ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.

ඉතින් එදාට පස්සේ මට ආයේ ශාන්ව හම්බුනේ මේ ලඟදි.....මම වැඩට යන්න පටන් ගත්තට පස්සේ,හරියටම කියනවනම් නවලෝකේ ඉස්සරහ බස් හෝල්ට් එකේදී.ඉස්සර වගේම කොල්ල handy.......ඒත් වෙනද වගේ නැතුව මට ඉතාම සාමන්‍යය විදිහට ශාන් එක්ක කතා කරන්න පුළුවන් උනා.මට තේරුනා අපිට අන්තිමට යාලුවෝ වෙන්න දැන් පුළුවන් බව.....මොකද දැන් ඒ crush එක ඉවරෙටම ඉවර නිසා.......

ශාන් දැන් මගේ face book buddy කෙනෙක්.හැබැයි එයා poppy කියන නමින් මිසක්-මේ මමයි කියල දන්නේ නැහැ.දැනගත්තත් මට ප්‍රශ්නයක් නැහැ........ඒත් මට වෙලාවකට හිතෙනවා මගේ ඒ කාලේ 64 මායම් වැඩ කරලා බැරි වෙලාවත් මේ මනුස්සයව සෙට් උනා නම් මොනවයින් මොනවා වෙයිද කියල.සමහරවිට නෑදෑකමුත් නැතිවෙන්න තිබ්බ......මොකද මට මනුස්සයෙක් එක්ක ඉන්නත්,මනුස්සයෙක්ට මාත් එක්ක ඉන්නත් සැහෙන්න අමාරු නිසා..... hehe.

so this is my 1st crush.....aha.....yes...list goes forever!!!!! lol.

Hello there!

I'm really sorry about almost abandoning this blog...bt I can't help it,as my PC is giving me troubles again...and besides,I feel it's unfair to post in English,I always get lots of complains when I do that.hehe.

So guys..it's valentine's day isn't it?lol.I just read the post I put last year...nothing has changed much...I'm in a freakingly annoying,loud and slow Srilankan bus.Instead going to a class,I'm going to my job today..and yes I'm all black & white today...no presents,no roses,hearts or surprises!aha..surprises...I always get those.so I better not push that much...

Unlike last year,I'm in a foul mood today.cos I argued with mother and father...when I was just about to kiss them and run to catch my bus,they suddenly asked whether I signed those university-pay sheets.grr.why couldn't they remind that yesterday!and when I told that they told me I should've known it...well.anyway I signed it bt was so mad with them when I left the house,late.

Hmm..what else...I got my 1st salary last week.basic salary is15000.bt as I started working on5th,they've deducted2days wages.and 8% from the rest is EPF.I've left with 11000.gave mom 10000 as diploma fee(atleast I could pay 1/3 of my Uni fee now.I wanted to do it)and from the left 1000,I bought2 lovely sun hats for mom & dad,and 3DVDs.'Vampires sucks'for chuti aiya.lol.'Remember Me' for me,and 'Free Willy' for chuti maama.Loku aiya,akka,my friends and nangila must wait until next month.hammo.I'm so glad it's going to over after this28th.I really dislike this place...

See?I'm in the most perfect mood on this Valentine's day.ah.Don't forget it's Monday!I hate Mondays!

Think I've dipressed u guys enought.I'm near Fort now.must get off.c u guys.enjoy the day!