වැසි දිනයක්......


අඳුරු ගෙබිමින් නැගෙන තෙත් සුවඳ කිතිකවාලයි නාසය....

කාලයත් සමග මලානික වුවද එකල ගැලවූ පාට තවමත් ප්‍රණීතය......

විසල් සයනයේ පෙඳ වන් මුදු,උණුසුම් ඇතිරිලි මත වැතිර කවුළුවෙන් ඉවත බලා හිඳිමි......

පොද වැස්ස කෙමෙන් මහා වර්ෂාවක් බවට පෙරලෙන අපූරුව.....

බර වූ වැහි බින්දුවෙන් ගැලවෙන දඟකාර හිරිකඩ පොද පාවී විත් සිපගනී මා වත.....

පොරෝනාවෙන් වැසුණු ගතේ හිරිගඬු නැග ප්‍රහර්ෂයෙන් ඇලලී යයි....

මේඝයෙන් ලොවම ගිගුම් දෙද්දී මා අසලින්ම සුපුරුදු සුවඳක් දැනෙයි.....

වැස්සේ මුනුමුණුව ගෙනෙයි මඳ සිනහා මා මුවගට..........

රහසින් කණට කොඳුරන තෙපුල් රත් පැහැ කරයි මා දෙකොපුල......

බඳ වටා වෙලෙද්දී ඔබේ උණුසුම් දෑත

සුසුමක් හෙලා වසාගනිමි මා දෑස.......
*
*
*
*
*
*
*
P.S.මොහොතකින් දෑස් විවර කල විගස පසක් විය,සියල්ල උණ විකාරයෙන් දුටු සිහිනයක් බව......................