දැන් නම් පුදුම සනීපයි...... (උණ නැත්නම්)


මෙන්න මම ආයේ ආව.හපෝයි දැන් නම් පිස්සු හැදිලා ඉන්නේ හොඳටම.විභාගේ ඉවරයි කියල පොඩ්ඩක් පැත්තකට වෙලා සාමයෙන් සතුටින් කාලේ ගත කරන්න හැදුව විතරයි මට උණ හැදිලා!!දැන් කෙලින් ඉන්න පන නැතුව ඔහේ පැත්තකට වෙලා බලාගත්ත අත බලන් ඉන්න තමා වෙලා තියෙන්නේ.ඉතින් එහෙම ම නොකර මම මේ බැරි බැරි ගාතේ computer එක ඉස්සරහින් ඉඳගෙන මගේ බ්ලොග් එකත් edit කරලා topjobs.lk එකට ගිහින් මට apply කරන්න පුළුවන් රස්සා 2, 3 කට CV දැම්ම.

මෙහෙට නම් මදි නොකියන්න වහිනවා.ඉතින් කියන්නත් දෙයක්ද,මට හෙම්බිරිස්සාව.අද dazzled ගේ ගෙදර ගිහින් film1 k බලන්න හැදුව මදැයි.!හපොයි මෙහෙමත් ජීවිතයක්.මොකට උපන්නද මන්ද.lol.

ah....... මම කිව්වා නේද මම FS ෆේල් කියල?තාම ප්‍රතිපල නම් ආවේ නෑ.එත් ඉතින් ඕක ප්‍රතිපල ආවම කියන්න දෙයක්ද!මම දැම්ම දන්නවා නේ.අනිත් 2 ෆේල් ද කියල තාම ෂුවර් නෑ.hehe
ඒක ඉතින් ජනවාරි වලම කියන්නම්.මම ජනවාරි ඉඳන් තව වැඩකට අත ගහන්න ඉන්නේ.marketing management diploma එකක්.IPM කරන පටන් ගන්නවා තව ටික කාලෙකින්.hmmmm

අපේ අයිය පහුගිය සෙනසුරාදට කලින් සෙනසුරාද ඉඳන් ආ ගිය අතක් නෑ.එදා තමා අවසන් වතාවට ගෙදරට කෝල් කලේ.hehe. ඒ දෙන්න එහෙන් පිටත් උනේ එදා.මැලේසියාවේ ඉඳන් තමා අන්තිමට කතා කලේ.ඊට පස්සේ චීනේ නේපාලයේ සහ ඉන්දියාවේ රවුම් ගහනවා කිව්වා.ගෙදර එයිද නැද්ද කියලත් ෂුවර් නෑ කිව්වා මොකද හිමාලය පැත්තේ ඇවිදින්න යනවා කිව්වා නේ.දෙන්න ඔහොමම ඒ පැත්තේ ආරණ්‍යක මහණ වෙයිද දන්නේත් නෑ.ඒ දෙන්න ඒ type ඩබලක්!lol

ඉතින් ඉතින් දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා විවේක ගන්න ඕනේ.මමත් one zero zero 1 ට කතාවක් ලියන්න පටන් ගත්ත.වැඩේ ඉවර වෙලා "ම " අයියට භාර දෙන්න ඕනේ.එයා මට අදහස දාල දැන් මාස ගානක්.hehe. so so...... මම යන්න යනවා ඉතින්.ආයේ හෙට හමුවෙමුකො...... ටටා

8 comments:

samadhi said...

හප්පේ මෙන්න මෙය ඇවිත්!

poppy said...

:-D ow mama awa.kohomada mage blog eke aluth anduma ehema?

Hasitha Gunasinghe said...

හොඳයි හොඳයි හෙට හමුවෙමු.................

Ru. said...

ahhh .. moko una???? eeeye themilada??? hafoi ... mata badu ganna yanawa kiyala ne awidde ... auntyla maya palu yanna baninawa athi ... ! get well soon .. hugz

හිස් අහස said...

ගෙට් වෙල් සූන් පොපී ...බ්ලොග් එකේ අලුත් වෙනසත් නියමයි..ඔය ලෙඩ හදාගන්න ඇත්තේ වැස්සට තෙමිලා තමයි මයෙ හිතේ ..අපිනම් මාස ගානකින් වැස්ස ඇහැටවත් දැකලා නෑ ..අයියා දේශ ගවේෂකයෙක්ද ? නියමයිනේ ඒකත් මාර ලක් එක ..

ජයවේවා !!

poppy said...

@hasi :-D c ya...
@daz-mama qwe na themuna kiyala!pixu da?lol.hehe.thanks dala.soon kohoma wethath sathiyakatama wade hari wage
@ampare aiya-na deshagaweshakayoma neme...ohe awidinawa.mata nam jealous...thanks.me skin eka mokakdo site eheka mullaka thibila ahu una :-)

Gayan Tharaka said...

සනීපනෑන්ඩෝ ව ඉක්මණට එලෝලා කෙලින් වෙන්න. :)

poppy said...

elewwata eyaa yanne na ne!!

Post a Comment