කාලය අවකාශය සහ විශ්වය


එක්තරා ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් (සමහරු නම් කියන්නේ බට්‍රන්ඩ් රසල් කියල) දවසක් තාරකා විද්‍යාව ගැන පොදු දේශනයක් පැවැත්වුවා.ඔහු විස්තර කලා කොහොමද හිරු වටා පෘතුවිය ඇතුළු මේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් කරකැවෙන්නෙත්,ඒ වගේම අනික් අතින් ඒ හිරු,අපගේ ක්ෂීරපථය යයි නම් ලද දැවැන්ත තාරකා පොකුරේ මධ්‍යය වටා කරකැවෙන්නෙත් කෙසේද යන්න.මෙම දේශනය අවසානයේ කාමරයේ පසුපසම හුන් එක් කුඩා වයසක කාන්තාවක් නැගිට මෙසේ කිව්වා.

"ඔහේ කිව්වා ඔක්කොම දේවල් මනස්ගාත.ලෝකය කියන්නේ යෝධ ඉදිබුවෙක් පිටෙන් දරාගෙන ඉන්න පැතලි තැටියක්."
විද්‍යාඥය බොහොම මහේශ්‍යාක්‍ය හිනාවක් දැම්ම උත්තරේ දෙන්න කලින්.
"එතකොට ඒ ඉදිබුව හිටන් ඉන්නේ මොකක් උඩ ද?"
"ඔහේ හරිම බුද්ධිමත් කොල්ලෝ,හරිම බුද්ධිමත්....."වයස කාන්තාව උත්තර දුන්න."එත් පහලට යනකන් ඔක්කොම ඉදිබුවොම තමයි....."

බොහෝ දෙනෙක් මේ දැවැන්ත ඉදිබුවන් කුළුණකින් සැදී විශ්වයේ පින්තූරය දකින්නේ විකාරයක් විදිහට.එත් අපි ඇයි හිතන්නේ අපි ඊට වඩා හොඳින් දන්නවා කියල?අපි මොනවද විශ්වය ගැන දන්නේ?අපි කොහොමද ඒක ගැන දැනගන්නේ?කොහෙන්ද විශ්වය ආවේ?කොහෙටද ඒක යන්නේ?විශ්වයට ආරම්භයක් තිබුනද?එහෙම නම් ඊට කලින් මොනවද උනේ?කාලය කියන්නේ මොන වගේ දෙයක්ද?එය කවදාවත් අවසානයකට පැමිණේවිද???

-translated from Stephen Hawking's "A brief history of time" chapter 1 our picture of the universe.

මම අඩු ගානේ chapter1 ක් වත් දාන්න හැදුවේ.එත් ඉඳගෙන type කරන්න තරම් පණක් නෑ තාම.පුළුවන් උන කාලෙක ලිපිය ලිපිය දාන්නම්.එතකන් කියන්නේ, පුළුවන් අය කොහෙන් හරි හොයන් කියවන්න.අපි ජීවිතේට කල්පනා කරන්නේ නැති දේවල් මේකෙන් විග්‍රහ කරලා තියනවා.භාෂාව වැඩියම ගැඹුරු නැහැ.මමත් තාම බාගයයි කියෙව්වේ.කියවල ඉවර වෙලා හොඳ ලිපි බෙදා හදා ගන්නම් :D
එහෙනම්.ආයේ හමුවෙනතුරු ටටා......

15 comments:

C0de BlUe said...

පුපි බේරෙන් වොෂ් වෙලා ..... :O

Hishan de Silva said...

බලමු ඔයාට වත් theory of everything තේරේවිද කියල? මට තාම first chapter එකෙන් එහාට කියවන්න වෙලාව ලැබුනෙ නැහැ.

poppy said...

@hig-pupy?lol.thawa tika kaalekin kattiya mata puppy kiyannath ganeewi.hehe
@hishan-balamuko :-D

charitha said...

මේ අවසානෙ අහනව වගේම ප්රශ්න ටිකක් දිනක් බුදුහාමුදුරැවන්ගෙනුත් මාලුංඛ්‍ය පුත්ත කියල හාමුදුරැකෙනෙක් ඇහුව. හැබැයි ඒ අදට අවුරැදු 2600 කට කලින්.
ඒ වගේම ස්ටීවන් හෝකින් ලටවත් අබ්දුස් සලාම් ලටවත් හොයාගන්න බැරිඋන Theory of everything නම් උන්වහන්සෙ හොයාගත්ත...

poppy said...

:-D ethakota ne ara ee thalaya waduna minihawa example ekata gaththe?ee thalaya widde kawuda,kohenda awe,thalaya haduwe kawuda...etc. Hoya hoya in nathuwa prathikara karannai one kiyala.ane edawath oka pahadili karala kiwwa nam... :-(

හිස් අහස said...

මම ඔය පැත්ත ගැන වැඩිය දන්නේ නෑ ..මේක බලලවත් ජුංඩක් ඉගන ගන්න ඕන , ඒත් මට නිකං පිස්සු පීකුදු වගේ ! මගේ කුඩා මොලේට මේව බර වැඩියි ! අයියෝ !

ජයවේවා !!

poppy said...

Hehe.i'll try my best to translate it.jayama wewa!

වැඩබැරිදාස said...

අපිට අපි ලඟ තියෙන හිත තියෙන්නෙ කොහෙද කියල හොයාගන්නවත් බැරිව විශ්වයක් ගැන හොයන එක නිශ්ඵල වැඩක් .

කමක් නෑ ඉතුරු ටිකත් දාන්නකො වෙලාව තියෙන විදිහට

Dami Roxx said...

Lord Buddah kiyala thiyanawa oka gana hoyanna giyoth molea kara wela thama nawathinnea kiyala .... mama hithannea Popy ta una wikaraya hadila ... hikzz .

poppy said...

Tikak withara una wikaren thama liwwe.eth mamath oka gana sahenna hithanawa

Gayan Tharaka said...

හප්පේ පොපී නඟා කියෝන දේවල්..

හැබයි ප්‍රශ්නයක්..
අපි ඇවිදිද්දී අපි ඉස්සරහට යනවද පොලව පස්සට යනවද?

poppy said...

2ma wenawa.but apith guruthwakarshana balayata nathu wela ne inne.so awulak na.plane ekak athule uda pannama apiwa wisi gihin pitipasse kone happenneth na ne

Ru. said...

what happened to dear old Atlas ??

poppy said...

Kalin comment 'wisi wela' kiyala edit wenna one.
@daz-it's in greek stories neh.ibbo wena kaageda theory ekak

said...

ඔන්න ඔය නිකන් ඉන්න වෙලාවට එක පරිච්ඡේදය ගානේ සිංහලෙන් කොටලා දාන්න :-D

Post a Comment