
සමහරු කරන වැඩ ,අනිත් අය දකින්නේ වැරදියට.ඒ කිව්වේ,වටහාගන්නේ වැරදියට.මට ඕක මතක් උනේ ඊයේ උදේ වැඩට යද්දී.අපේ ගෙවල් පැත්ත හරියට සිංහරාජ වනාන්තරේ කෑල්ලක් වගේ.ඉතින් ඔය ගස් මැදින් උදේට යද්දී රෑ මකුළුවෝ බැඳපු දැල් මූනේ පැටලෙනවා.ඉතින් ඒ කාලේ උදේට අපේ ගෙදරින් එලියල බහින හැමෝම කෝටු කෑල්ලක් වගේ එකක් මූනට ඉස්සරහින් කඩුව වගේ තියන් යනවා එකෙන් බේරෙන්න.ඉතින් මක්කෙයි වෙන්නේ? මකුළු දැල් පේනවායැ අනිත් මිනිස්සුන්ට....එයාල හිතනවා ඇති අපිට පිස්සු නැත්නම්,සමහරවිට අර "කෙමක්" කියන එකක් වෙන්න ඇති උදේ පාන්දර මුන් කරන්නේ කියල.
ඔය වගේම තමයි අර දැන් ෆෝන් එක්ක එන bluetooth hansfree set පාවිච්චියත්.මගේ යාළුවා daz ටත් ඔය එකක් තියනවා.ඕක කනේ ගහගත්තම මෙලෝ යකෙක්ට පෙන් නෑ කොණ්ඩෙට වැහිලා.ඉතින් හැමෝම හිතන්නේ මෙයා පාරේ තනියම කතා කර කර යනවා කියල.මාත් එක්ක ඉන්න වෙලේක නම් සපෝර්ට් එකට ලඟට වෙලා හරි ඉන්නවා,එතකොට හිතන්නේ මාත් එක්ක කතා කරනවා කියල නේ....
මට ඔය වගේ වැඩ සෑහෙන්න වෙලා තියනවා.ඔය වගේ එකක් නිසා මට විතරක් නෙමේ අපේ අම්මටත් පිස්සු කියල වටපිට මිනිස්සු හිතන්න ගත්ත නේ....මෙහෙමයි කතාව.
මම මීට කලිනුත් කියල තියෙන්න වගේ,අපේ පහල ගෙදර ඉන්නේ ඉන්ජිනේරු මහත්මයෙක්.ඔය අයියගේ ගේ හැදුවේ ලඟදි.ඉතින් ඔය ගෙදර තාප්පේ බඳින දවස ආව නේ....ඔයාල දන්නේ නැති උනාට,මම පෙළක් වෙලාවට ගෙදර ඉන්නවා කොණ්ඩෙට මල් ගහගෙන,අලි ඉන්දියානු type කරාපු දාගෙන,පොඩි eye make up එකක් එහෙම දාගෙන,වෙලාවකට එහෙම තමා.මට හිතුන ඒවා කරනවා.ඉතින් ඔය වගේ ජොලියක් ගිය දවසක මම ඔලුවේ අලි මලක් ගහන්,කරාබු සෙට් එකකුත් දාගෙන කැරකි කැරකි,නට නට ගේ ඉස්සරහට ගියා ඇඳුමක් වැලට දාන්න (ඔව් අපේ ගෙදර රෙදි වනන වැල ඉස්සරහ තියෙන්නේ-හොඳට අව්ව එන්නේ ඒ පැත්තට)ඉතින් එතකොටයි දැක්කේ අර තාප්පේ බඳින්න අපේ වත්තෙත් මිනිස්සු සෙට් එකක් කියල.එලියට ගිය වේගෙන්ම ආයේ ඇතුලට ඇවිත් මල විකාර ටික අයින් කරලා ආයේ ගිහින් ඇඳුම වනල යන්තන් හිනා වෙලා ආව,එද්දී අර යක්කු ඔක්කොම හිනා වෙනවා.චාටර්.....
හොඳ වැඩේ උනේ ඊට පස්සේ.ඉස්සරහම පැත්තකින් අපේ ලිඳක් තියනවා-සිමෙන්ති බැමි එහෙමත් දැම්ම-එත් දැන් එක පාවිච්චි කරන නෑ.අපි වෙන ලිඳක් කැපුවා.ඔය පරණ ලිඳේ දාන්නේ කුණු.ඉතින් අපේ අම්ම කලින් දවසේ ඉතුරු කුණු ටික ලිඳට දාන්න කියල dust bin එක මට දුන්න.මොනවා කරන්නද ඉතින්.මම ඕකත් අරන් ගිහින් ආයේ අර මිනිස්සු එක්ක යාන්තමට හිනහ වෙලා කුණු ටික ලිඳට හලලා ආව.ඒ එද්දී නම් කට්ටියගේ ඇස ඔලුවේ,කටවල් බාගෙට ඇරිලා.මට sure උනා ඒ සෙට් එකෙන් නම් කවුරුත් මැරෙන්න ගියත් අපේ ගෙදරින් නම් වතුර උගුරක් බොන්නේ නැති වග.මම ගෙදර ඇවිත් අම්මට සීන් එක කිව්වම අම්මට පන යන්න හිනා....lol.එත් කොහොම හරි,උදේ උයල ඉවර වෙලා එකතු උන කුණු ටික dust bin එකට දාල මම අම්මට දුන්න "ඔයා ගෙනිහින් දාන්න, දාද්දි තේරෙයි නේ ඕක පාවිච්චි කරන ලිඳක් නෙමේ කියල..."
මම අම්මට පෙරැත්ත කරලා කරලා අම්ම ඉතින් dust bin එකත් අරන් ගියා.මම ජනේලෙන් බලන් උන්න.......අම්ම ආයේ ලිඳ ලඟට යද්දී අර කට්ටිය වැඩත් නතර කරලා බලන් ඉන්නවා.අම්ම කුණු ටික හලලා,අඩියේ ඉතුරු උන පොල් කුඩු ටිකත් ගැට්ටේ ගසල ලිඳට දාල හිනා වෙලා ආව....
අර කට්ටියට හෙල්ලෙන්න මතක් උනෙත් ටික වෙලාවකින්.ඒ පාර ගේ ඇතුලේ ඉඳන් පෙරලි පෙරලි හිනා වෙන්න chance එක ආවේ මට.
ඔයින් පස්සේ මගේ පිස්සුව ආවේ අම්මගෙන් කියල හැමෝම හිතන්න ඇති...
තව ඔය වගේ වැඩක් උනා දකින ඒවා වරදවා වටහාගෙන.අපේ ආච්චිට අපි රෝදපුටුවක් ගෙනාව නේ.....ඒ කාලේ ඕක ඉතින් මට වඳුරට අහු උන දැලිපිහිය වගේ.මම ඔකේ ඉඳගෙන කොයි වෙලෙත් ගේ වටේ කැරකෙනවා....ඔන්න දවසක් අපේ අම්මල ගෙදර නැති වෙලේක මම හවස් වෙන්න ලං වෙලා ඕකේ ඉඳන් සාලේ වටේ කැරකි කැරකි හිටිය...ජනෙල් වහන්නත් කම්මැලියි ....අව්වේ දැම්ම රෙදි ගන්නත් කම්මැලියි....ඔන්න එතකොට අපේ ගෙවල් පැත්තට current බිල් බලන්න එන කෙනෙක් ආව.එයා අලුත් කෙනෙක්-කොල්ලෙක්.අපේ බිල කියවල,මම දන්නෙත් නෑ,සාලේ පැත්තෙන් ආව එක දෙන්න.මට කලබලේට රෝද පුටුවෙන් නැගිට ගන්නත් බැරි උනා,(එක වඩාත් හොඳයි.නැත්නම් එයා එතනම කලන්තේ දායි.)
මම ඒ පැත්තට රෝද පුටුව හරවගත්ත ගමන්-"නෑ නෑ මිස් ඔහොම ඉන්න.... "කියල ගෙදර පුටුව උඩින් ලයිට් බිල තියල,හුළගේ නොයන්න ළඟ තිබ්බ පොතකුත් තියල මගේ කකුල් 2 දිහා බලල,අනුකම්පාසහගත හිනාවක් දාල යන්න ගියා.අපරාදේ මට එයාටම කියල ජනෙල් ටික වහල රෙදි ටික අරගන්නත් තිබ්බ.lol. මට ලැජ්ජාවේ බෑ.එයා යනකන් ඉඳල මම හෙමින් නැගිට්ට.ඊට පස්සේ බිල් දාන්න එන හැම පාරම මම කාමරේ ඇතුලේ!එලියට නම් බැස්සේ නෑ.....
ඉතින් ඔය වගේ එකක් නෙමේ.....වරදවා වටහාගැනීම් නම් සිය ගණනක් ඇති.මරු හැබැයි ඒ වෙලාවට.මතක් වෙද්දී ලැජ්ජයි දැන් නම්.lol.
සිංහලෙන් දැන් ලියන්න පුළුවන් ආයේ. PC එක හදල ගෙනාව නේ....thanks chaminda අයියට........ :)