වැසි දිනයක්......


අඳුරු ගෙබිමින් නැගෙන තෙත් සුවඳ කිතිකවාලයි නාසය....

කාලයත් සමග මලානික වුවද එකල ගැලවූ පාට තවමත් ප්‍රණීතය......

විසල් සයනයේ පෙඳ වන් මුදු,උණුසුම් ඇතිරිලි මත වැතිර කවුළුවෙන් ඉවත බලා හිඳිමි......

පොද වැස්ස කෙමෙන් මහා වර්ෂාවක් බවට පෙරලෙන අපූරුව.....

බර වූ වැහි බින්දුවෙන් ගැලවෙන දඟකාර හිරිකඩ පොද පාවී විත් සිපගනී මා වත.....

පොරෝනාවෙන් වැසුණු ගතේ හිරිගඬු නැග ප්‍රහර්ෂයෙන් ඇලලී යයි....

මේඝයෙන් ලොවම ගිගුම් දෙද්දී මා අසලින්ම සුපුරුදු සුවඳක් දැනෙයි.....

වැස්සේ මුනුමුණුව ගෙනෙයි මඳ සිනහා මා මුවගට..........

රහසින් කණට කොඳුරන තෙපුල් රත් පැහැ කරයි මා දෙකොපුල......

බඳ වටා වෙලෙද්දී ඔබේ උණුසුම් දෑත

සුසුමක් හෙලා වසාගනිමි මා දෑස.......
*
*
*
*
*
*
*
P.S.මොහොතකින් දෑස් විවර කල විගස පසක් විය,සියල්ල උණ විකාරයෙන් දුටු සිහිනයක් බව......................

5 comments:

Anonymous said...

හොද වෙලාවට පොපී දැකලා තියෙන්නේ උණෙන් රොමැන්ටික් හිනයක් නේ..හිත හදාගත්ත හැකි...

හිස් අහස said...

ඉතින් හොඳ පොපී දොස්තර මහත්තයකුට පෙන්නලා බේත් ටිකක් ගත්තනම් හරිනේ ..

අපේ ගමට අලුතින් ඩිස්පෙන්සරියක් දාගෙන දොස්තර මහත්තයෙක් ආවා එයාගෙන් බෙහෙත් ටිකක් ගමු ..

මාරයාගේ හෝරාව said...

පොපී දැක්කකල්...

එක අතකින් බැළුවහම හීනෙකින් හරි දෙයක් විඳින එක නරකම නැහැ..හැබැහින් වින්දත් ඒක තත්පර ගානකට විතරයිනම්..සිහිනෙන් වින්දාය කියලා මොන වැරැද්දක්ද..?

poppy said...

@nimsha-hamadaama una ganenawa nam ne?;-)
@sandaru-apo oya district eke wath doctor kenekgen mama beth gan na..hehe.
@maaraya-eka ne.... :-)

හිස් අහස said...

පොපීගේ අයියා තමයි අපේ ගමේ දොස්තර මහත්තයා !!

Post a Comment