ගිය සතිය


හරිම eventful සතියක්.ඊයේ ගැන කියනවනම් මම රෑ නිදාගන්න යද්දී මගේ ඇඳ උඩ මීයෙක් හිටිය.මීයෙක් කිව්වම ඔලුවට යන්නේ අළු පාට, බඩ මහත,දිග රැවුල් ගස් 3,4 ක් තියන උල් දත් 2 කුයි pointed හොම්බකුයි තියන මීයෙක් නේ. හැබැයි මෙය නම් හරිම sweet මී පැටියෙක්.ක්‍රීම් පාටයි.නැට්ට රෝස පාටයි.හරියටම ලේන පැටියෙක් වගේ.එයාව අල්ලගන්න දුවල ගියත් එයා මට වඩා වේගෙන් ගිහින් ඇඳ යට හැංගුනා.කොච්චර හෙව්වත් ඊට පස්සේ දැක්කේ නම් නෑ.

තව මම ගිය පාර post1 දැම්ම දවසෙම රෑ ,හරියට දෛවයේ සරදමක් වගේ,අපේම මාමගේ වැඩිමල් දුව (again,only 16 years old) පැනල ගියා ,එයා වත් හරියට දන්නේ නැති කොල්ලෙක් එක්ක.මට මුල් දවස් 2,3 නම් තිබ්බේ ලොකු තරහක්.දැන් නම් දුකක් එක්ක නංගිගේ අනාගතය ගැන බයක් දැනෙන්නේ.ඊයේ couple1 අපේ ගෙදරට ආව.බන්දලා දෙන්න විදිහක් නැති නිසා පොලිසියට ගිහින්,කල වයස හරි ගියාම බන්දලා දෙනවා කියල පොරොන්දු කරවන් දෙන්නව ගමට යැව්වා කොල්ලගේ තාත්තලත් එක්ක.පව්.

ආහ්....ඇයි තව මම ලසඥ්ඥා (lasagna) හැදුව නේ!හැදුව නෙමේ හදන්න උත්සහ කළා.මම food city කිහිපයකම හොයල බැලුවත් මට ලසඥ්ඥා noodles1 හොයා ගන්න බැරි උනා.ඉතින් පැස්ටා packet 1, ස්පෙගටි packet1 කුයි,චීස් ,සෝස් ,කුකුල් මස්,සොසේජස්,බෙල් පේපර්ස්,තක්කාලි,ළූණු එහෙම අරන් රෙසපි එකේ විදිහට හදල බේක් කලා.හරිම ලස්සනට ,සුවඳට ආව [දැම්මේ නැත්තේ 'ඔරිගානෝ' විතරයි.food city එකේ වැඩ කරන එක්කෙනෙක්ගෙන් ඔරිගානෝ තියනවද ඇහුවම ආයේ මගෙන් ඇහුව 'මොකක්ද?ඔරිගාන?ම්ම්ම් අර spices තියන රාක්කෙ බැලුවද ?' කියල.මම ඔව් කිව්වම එයා වෙන senior සේවකයෙක් ලඟට ගිහින් අහනවා 'ඔරිගාමි' තියනවද කියල !මම වැඩේ අතැරලා දැම්ම.කොහොමත් original italian recipe එකකට අනුව පීසා හදන්න ගිහින් (රෝස්මරී සහ ඔරිගානෝ herbs වැඩි වෙලා )එකෙන් බාරොන් වෙද මහත්තයාගේ පත්තුවේ සුවඳ හමන්න ගත්තට පස්සේ මම ටිකක් බයයි ඔය නොදන්නා කුළු බඩු එක්ක හැප්පෙන්න යන්න.] ඉතින් එහෙම ලස්සනට ආවට අවන් එකෙන් බාල කුට්ටියක් කපල ඉස්සුවා විතරයි මුළු දීසියම තනිකර නිකම්ම නිකන් නූඩ්ල්ස් ගොඩක් උනා.මට දුකේ බෑ.ලසඥ්ඥා noodles1 නැතුව හරියට හදන්න බෑ නූඩ්ල්ස් ඇලෙන්නේ නෑ එකට.එතකොට කුට්ටිය වගේ කපන්නත් බෑ හැබැයි ඉතිං රසයි.

පැයක් යද්දී දීසි දෙකේ ඉතුරු උනේ ගැවුන සෝස් විතරයි. :D

තව මොනවද.... ම්ම්ම් .... වැඩි යමක් උනේ නෑ ඒ ඇරෙන්න. dazzled ගේ පවුලේ අය ලබන සිකුරාදා විනෝද චාරිකාවක් යන්න දාගෙන.සීගිරියේ.මටත් ආරාධනා කලා.අම්මට නම් යන්න බෑ.නගින්න බැහැ නේ දැන්.මටත් යන්න දෙන එකක් නෑ වගේ.එයාල හිතන්නේ මම ගලෙන් වැටෙන්න තරම් බබෙක් කියල තාමත්.එක්කෝ මම පනී කියල හිතනවද දන්නේ නෑ.I'm not that depressed! කොහොම හරි උත්සාහ කරලා බලන්න ඕනේ දිගටම.කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ අප්පා.හ්ම්ම්ම්
ok එහෙනම්.මම යන්න ඕනේ.දැන් පන්තියට ළමයි 3 දෙනාත් එනවා.ටටා ඔක්කොටම :)

15 comments:

Jay said...

ලසඥ්ඥා කෑමේ දොළදුකක් මටත් තියෙනවා මේ දවස් වල. කොහෙද කන්න කඩේකට යන්න වෙලාවක් තියෙන්න එපායැ. දවසම ඉවරයි කොළඹ ගිහින් ආවම. ඒ මදිවට වැඩ කෙළවරක් නැහැ සැප්තැම්බර් එක්සෑම් වලට.
මේක දැක්කම පෙරේත කම තව ටිකක් වැඩි උනා.
:D

Manik said...

lasagna හදනකොට spaghetti use කරනවා නම් ඒක dish එකට දානකොට වයිට් සෝස් දාන්න ඕනේ නැත්නම් කැඩිලා යනවා. එතකොට බේක් කරනකොට ඔක්කොම එකට හයිවෙලා හිටිනවා.ඊළඟ පාර හදනකොට try කරලා බලන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි....

said...

ඔය කියන්නේ හික් මීයෙක් ගැනද මන්දා?? බලාගෙන උන් කෑවම සුදු වෙනවලු. හැබැයි උන් නම් ලඟින් ගියත් පලාතම සුවඳ වෙනවා.

අපොයි ඔය කෑම ජාති නම් මට අලන්නේ නැහැ බත් වගේ :-D

charithsriyan said...

ලසඥ්ඥා එක පාරක් ආසාවට Pizza Hut එකෙන් ගෙන්නගෙන කෑවා. ලසඥ්ඥා කාප පළවෙනි දවසත්, අන්තිම දවසත් එදායි. මට නම් ලසඥ්ඥා එපා වුණා.

poppy said...

@ Ansh - MC එකේ තියනවා නේද lasagna?මම කාල නම් නෑ ඒකෙන්.සැප්තැම්බර් මොකක්ද exam 1?
@ Manik-thank you thank you!!!!අත්හදා බලන්න ඕනේ.අම්ම මම කෑමත් එක්ක experiments කරනවට නම් වැඩි කැමැත්තක් නෑ .hehe. එයාලගේනේ බිල යන්නේ!
@ ම -අනේ මන්ද.ඌ මී පැටියෙක්.කෑවත් කමක් නෑ සුදු වෙනවා නම් lol. බත් හොඳා,ඒත් වෙනසකටත් එක්ක අලුත් කෑමත් try කරන එක හොඳා නේද?
@ Charith - වෙන තැනකිනුත් කාල බලන්න.ලසඥ්ඥා මරු......

poppy said...

& මගේ blog එකේ පලවෙනි පාරට කුනුහරුපයක් comment කිරීමේ ගෞරවය 'Hero' ට හිමි වෙනවා :P මම ඒක නම් delete කළා.lol.sick , pathetic ,psyco.....!!!

No One Knows said...

lol
saw that comment

poppy said...

@nooneknows-hehe.crazy.*rolling eyes* I don't know why.......was there anything bad in my post?or some guys just enjoy irritating me? :P

No One Knows said...

i think he is referring to your mouse..
you should approve the comment before its publish.
great lesson for you..
nothing bad in your post...

poppy said...

Hapo.when I say 'mouse' I mean mouse!crazy.hehe.that's a gud idea.that's wut i'm doing now.no more filthy comments...:-)

Jay said...

MC තියෙනවා හැබැයි ඔරිජිනල් එක කන්න Deli France යන්න ඕනේ. පට්ට රසයි.
pizza hut thing's not that good.
:)

සැප්තැම්බර් වල MBA එකේ ෆයිනල් එක්සෑම් නේ.
සබ්ජෙක්ට් 11ක්
:(
ඊයේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එක තිබ්බා.

Ru. said...

හෙහෙ පොපි lasagna හදනවා කිව්වට පස්සේ මටත් Italiano හදන්න හිතිලා ගිය බඩු ගන්න .. ආර්පිකෝ එකට .. වයිට් වයින් තියෙනවද කියල ඇහුවම වයිට් රයිස් තියෙනවා කියනවා .. කුකින් වයින් තියෙනවද ඇහුවම අර ජෑම් තියෙන රාක්කෙ බලන්න කියනවා .. පාර්මිසන් චීස් තියෙනවද ඇහුවම ෆාර්මසිය අර පැත්තේ කියල පෙන්නනවා .. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා ..

poppy said...

@ Ansh-ම්ම්ම් ගිහින් බලන්න ඕනේ.:) අම්මෝ MBA?subjects11k? පිස්සු හැදිලා ආයේ හැදෙනවා.මම නම් MBA1 ක් කරන්න ඉන්නේ තව අවුරුදු 8කින් විතර තමා.:) good luck අක්කට :) ඔයා නම් මරු.මම අම්මටත් ඔය ගැන කිව්වා.දැන් සති 2 ක් විතර ඇති....

@dazzled- ලංකාවේ ෆුඩ් සිටි වලින් නම් පිටරට කෑම හදන්න බඩු අහන්න යන්න එපා.ඔලුව හොල්මන් වෙනවා එයාල කියන ඒවා අහල.ඔය තියන දෙයක් දාල හදල ගන්න .hehe.by the way.....I'm surely gonna murder you for that post.........grrr.

වැඩ බැරි දාස said...

අහන්නත් සන්තෝෂයි .....දැන් කාලෙ හැදෙන ගැහැණු ළමයින්ට කෑම උයන්නවත් තේරෙන්නෙ නැහැල්ලුනෙ පබිලිස් මාමා නැතිව.

poppy said...

Hehe.awurudu14k weddi thamaa uyanna igena ganna eka patan gaththe.ammagen.dan nam ithin goda :-)

Post a Comment