Doll island.....creeeeeeeeepyyyyyy!!!!!!!


මෙක්සිකෝවේ දකුණට වන්නට පිහිටි කුඩා දූපතකි "La Isla de la Munecas" ඉතාම රමණීය පරිසරයක පිහිටා ඇති මුත් මෙයට එන සංචාරකයින්ගේ වෙනසක් ඇත.ඒ ඔවුන් තම මග පෙන්වන්නන්ගෙන්,කිසිදු විටෙකත් තමන්ව මෙහෙදී අතරමන් වීමට නම් ඉඩ නොහරින ලෙස බැගෑපත්ව අයැදීමයි.....
කුමක්ද මේ La Isla de la Munecas? මේ මෙක්සිකෝවේ ඇති අත්භූතම,අසාමාන්‍යම සහ එක්තරා අන්දමකින් පිලිකුල්සහගතම වන දූපතයි.බොහෝ දෙනෙක් මෙය දන්නේ Doll Island නොහොත්, බෝනිකි දූපත කියායි.


මෙම දූපතේ හිමිකරු දොන් ජුලියන් සන්ටානා නම් පුද්ගලයෙක්.විවාහ වී සිටියත් ජීවිතයේ අවසන් පනස් වසර තනිකඩව ඉන්නට සිතු මොහු එයට තෝරා ගත්තේ මෙම දූපතයි.එහෙත් මෙයට ආ පසු ඔහු දැනගත්තා දූපත වටා වූ ඇළ මාර්ගයක ගිලී කුඩා දැරියක් මියගොස් ඇති බව,දිනක් මාළු බාන අතරතුරේ අහුගේ බිලී කොක්කේ ඇමිනුනේ පැරණි දියසෙවල බැඳුන බෝනික්කෙක්.ජුලියන් පසුව දැනගත්ත ඒ බෝනික්කා අර මියගිය දැරියගේ බව.දැරියගේ ආත්මය තමා පසුපස එන්නේ යි සිතු ඔහු එයින් ගැලවීමට එ බෝනික්ක දුපත වටා ඇති ගසක එල්ලුව.එහෙත් එතකින් ඔහුගේ සිතේ හොල්මන් කල ඒ සිතුවිලි නැවතුනේ නෑ

මින් පසු මාළු බාන සෑම විටකම අහම්බෙන් ඔහුගේ දැලේ පැටලුනු බෝනික්කන් ඔහු මෙසේ දූපත වටා ගස් වල එල්ලුවා.සමහ බෝනික්කන් උල් ලී වල අමුණා තිබබා.ඒයින් නැවතුනු ඔහු තම දූපතේ එළවලු,පලතුරුත්,මාළුත් විකුණා ලැබුණු මුදලින්ද බෝනික්කන් දහස් ගණනින් මිලදීගෙන දූපත සැරසුවා.මේ සියල්ලම කලේ අර මියගිය දැරියගේ ආත්මය සනසවන්නයි.සමහරුන් මොහුව හැඳින්වූයේ මානසික රෝගියෙක් ලෙසයි.නමුත් ඔහුත් සමග කතා බහ කර ඇති සියල්ලන්ම පවසන්නේ මොහු ඉතාම සාමාන්‍ය ගතිගුණ ඇති මිනිසෙක් බවයි.


කෙසේ වුවත් මේ බෝනික්කන් කාලයත් සමග දිරාපත් වුනා.මුහුණු අව්වට කරවී,පැල්ලම් ගැසී,මඩ වැකී ගොස් අමනුෂ්‍ය පෙනුමක් ගත්තා.සමහර බෝනික්කන්ගේ ඇත පා ගැලවී ගියා.මේ සිදුරු වල මකුළුවන්,කුහුඹින් ජනාවාස තැනුවා.බෝනික්කන්ගේ ඇඳුම් වල සෙවල බැඳී ඉරී ගියා,ඒ ප්ලාස්ටික් සම වැස්සෙන් සේදී සුදුමැලිව දිස්වෙන්න ගත්තේ මිනී ලෙසයි.සමහර බෝනික්කන්ගේ ඇස් ගැලවී ගොස් තිබූ අතර තවත් බෝනික්කන් අවුල්වූ හිසකෙසින් සහ අයාගත් නෙතින් ලෝකය දෙස බලා උන්නා.දූපත වසාගත් මෙම කැඩී බින්දී ගිය අස්වාභාවික බෝනික්කන් සමූහය දිස්වූයේ,වධ දී එල්ලා මරණ ලද කුඩා දරුවන් දහස් ගණනක් ලෙසයි.මෙයට ඇතුල් වන්නන්ගේ සිතේ ඇතිවන පළමු හැංගීම නම් ඇස් දහස් ගණනක් තමා වෙත බලා සිතින බවත්,ඒ ඇස් තමන්ට කන්නලව් කරන බවත් ය

ක්‍රමයෙන් සංචාරකයින්ට මෙය තෝතැන්නක් වුනේ මෙහි මේ අත්භූත ස්වභාවය නිසයි.සමහරුන් පවසා සිටියා මේ බෝනික්කන් සමග සැබෑ ආත්මත් බැඳී ඇති බව.රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම මාතෘකාවක් වූ මෙහි එක වැඩසටහනක් අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් තිබෙනවා.එය නම් රූගත කිරීමක් අතරතුර කිසිදු බාහිර බලයක් යෙදීමෙන් තොරව එක බෝනික්කෙක් චලනය වීමත්,අනතුරුව එහි දෑස විවර වීමත් ය. (yeah,I know....rubbish.but it's soooo creeeeeepy. ඉතින් එකත් ඔන්න ඔහේ දැම්ම) මේ සම්බන්දව video එකක් අවශ්‍ය නම් මෙය බැලිය හැක

Destination truth,Island of Dolls

(hehe.it's funny)

මෙම දුපතේ හිමිකරු,එනම් බෝනික්කන් එකතු කල ඒ ජුලියන් නම් වූ පුද්ගලයා 2001 වර්ෂයේ මියගියා. මෙහි අදහාගත නොහැකි සිදුවීම වන්නේ ඔහුද මියගියේ අර කුඩා දැරිය ගිලී මියගිය ඇළ මාර්ගයේම වීමයි.

ඔහු සියදිවි නසාගත්තාද?
නැත්නම් එය හදිසි අනතුරක් ද?
එසේත් නැත්නම් යම් අදිසි බලවේගයක් ඔහුව දිය යටට ඇද ගියාද?
එය තවත් අබිරහසකි...............

16 comments:

Anonymous said...

නිවැරදි පිලිතුර 2255 ට SMS කරන්න

poppy said...

Lol.epa mata kiwwama athi

Dami Roxx said...

woow ... meka nikan syco movie eakak wagea ... magea ghost detector eaka aran giyanam balaganna thibuna holman innawada kiyala ... :D

poppy said...

:O You have a ghost detector?lol.

Princess Thushy said...

හොල්මන්..! හොල්මන්...!!!

Gayan Tharaka said...

මේ ඊයේ දැකපු ස්වීට් ඩ්රීම් එකද පොපී??

මටත් ආසයි ඒක බලන්න යන්න. ඔයත් එනවද?

poppy said...

@tharaka-api holman balanna yanna one na.api kohe hari giyoth minissu ewi apiwa balanna.api holman2 eta wada hondai ne
@princess-booo!baya unada?

Ru. said...

Creepy !! *shiver*

හිස් අහස said...

මේක මම මගේ නගාට පෙන්නුවා නියමයි ! ඔන්න බිය වෙච්ච පාර ඇඳේ තියං හිටපු බෝනික්කෝ ටෙඩී බෙයාර්ලා ඔක්කෝම කැබිනට් එකට දාල වහනවා ..නියමයි පොපී !

ජයවේවා !!

poppy said...

@daz-I have more!i'm gonna make this a dark... creepy...spooky blog.lol
@his ahasa-ane paw wada karanna epa.lol.heenen baya wei !

හරී said...

good post!!

poppy said...

Hehe.thanks

වැඩබැරිදාස said...

2001 වර්ෂයෙ හරියටම ඔය ජුලියන් මැරුණ දවසෙ රෑ නිදාගන්න යනකොට චූටි ගැහැණු ළමයෙක් අඬන සද්දෙ ජුලියන්ට ඇහිල තියෙනව ඔය කියන ඇළ පැත්තෙන් මිනිහ ගිහිල්ල තියෙනව කව්ද මේ මහ රෑ අඬ්න්නෙ බලන්න. බැලින්නම් පොඩි ගැහැනු දරුවෙක්, එයාගෙ බොනික්ක ඇළට වැටිල ඒකයි අඬ්න්නෙ . ජුලියන් ඔය බෝනික්කව අරන් දෙන්න ඇළට බැහැල තියෙනව. බෝනික්ක අතේ දුරින් තිබ්බට මොකද ළඟට යන්න යන්න ඇළේ ගැඹුර හරියට බෝනික්ක ගිහින් තියෙනව. දන්නෙම නැතිව ඔහොම ඇළේ මැද හරියට ගිය ජුලියන් ගිලිල තමයි මැරිල තියෙන්නෙ.

ඊටපස්සෙ ජුලියන්ගෙ මිනිය හම්බවෙලා තියෙනව දවස් දෙකකට පස්සෙ.ඔකෙ පරීක්ෂණ පැවැත්තුව පොලිස් පරීක්ෂකයනට හම්බවෙලා තියෙනව ඇළ ඉවුරෙ තිබුන වැඩුණු පුද්ගලයෙකුගෙයි කුඩා ළමයෙකුගෙයි පා සටහන්.හැබැයි ඇළ පැත්තට ගිය පා සටහන් විතරයි තිබිල තියෙන්නෙ .පස්සෙ හොයගෙන තියෙනව අර වැඩිහිට් පා සළකුණු ජුලිය්නගෙ කියල.
තාම අර කුඩා ගැහැණු ළමය කවුද කියන එක අභිරහසක්!

ඒ එක්කම දිය සෙවල බැඳිච්ච පරණ බොනික්කෙක් ඇළ ඉවුරට ගොඩගහල තිබිල තියෙනව ජුලියන් මැරිල දවස් හතකට පස්සෙ. බොනික්කගෙ පිට හරියට වෙන්න ලියල තිබ්බෙ POPPY කියල තමයි කට කතා පැතිරිලා තියෙන්නෙ. ඔය දූපත බලන්න ආව කිහිප දෙනෙකුට ඔය පොපී කියන බොනිකි භූතාත්මය කරදර කරල තියෙනව විශේෂයෙන් පොඩ්ඩ්ක් බොන්න එහෙම සෙට් වෙන අයට. ලොකෙ ඉන්න හොඳම යක්දෙස්සන් එහෙම ගෙනත් ශාන්තිකර්ම කලත් ඔය බෝනිකි භූතාත්මය එලව ගන්න බැරි වෙලා තියෙනව . කොහොම හරි ල0කාවෙ කැළණිය පැත්තෙන් ගිය කට්ටඩියෙක් ඔය පොපී කියන භූතය අල්ලල සෝඩා බොතලයකට දාගෙන ගෙනාවයි කියනව එදායින් පස්සෙ තාම ඔය භූතය La Isla de la Munecas වලින් තාමනම් මතුවෙල නෑ.

poppy said...

*kick* lol.ow mama thama lokuma boothaya.habai dan nam dummala gahala wath maawa elo ganna ba.hehe

said...

හොලම්න් කතාවක් වගේ?
මේකේ ෆිල්ම් එකක් නැද්ද?

poppy said...

Thaama na.youtube eke oka gana vids nam thiyanawa...

Post a Comment