
මගේ කලින් post එකට බොහොම භයානක comments ටිකක් ඇවිත් තිබ්බ.ඒ එකක්වත් publish කරන්න බැරි නිසා මම හිතුව ටිකක් දරුණු බැවින් අඩු post එකක් දාන්න.මම ආයේ ගිය සතියේ අම්පාරේ ගියා නේ...අයියගේ dispensary එක open කලේ ගිය බ්‍රහස්පතින්දා.අම්ම තමයි ඉස්ඉස්සෙල්ලම බේත් ගත්තේ.ඉතින් ලෙඩ්ඩු නම් වැහි වහිනවා sure.මොකද අපේ අම්ම කියන්නේ පොඩි ඉස්පිරිතාලයක් නේ......
ඉතින් එන්න කලින් දවසේ කම්මැලි නිසා අපි,ඒ කියන්නේ මමයි,දිල්කි නංගි,පූර්ණි නංගයි චතුරි නංගයි (නංගී කිව්වට ඒ ඔක්කොම නෑදෑකමට මට දුවල)අයියට කිව්වා කොහේ හරි යමු ඇවිදින්න කියල.ඒ වෙලේ ටිකක් රස්නෙයි.ඉතින් අයිය කිව්වා,එක තැනක් තියනවා,එතනට ගියාම තේරෙයි...මෙතනට වඩා සම්පූර්ණයෙන් වෙනස් පරිසර පද්ධතියක් එතන තියෙන්නේ ඔයාලට හිතා ගන්න බැරි වෙයි...... කියල.ඉතින් අපි ගියා....
මේ කියන තැන තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ.අම්පාරේ ඉඳන් නුවර පාරේ එද්දී උහන-ගොනාගොල්ල-බක්කි ඇල්ල පහුකලාම එනවා රජගලතැන්න කියල පොඩි ටවුන් එකක්. එතන පහු කරලා මීටර් කිහිපයක් යද්දී වම් පැත්තට තියනවා පාරක්-රජගලට -(ඒක පුරාවිද්‍යා රක්ෂිතයක්,)යන පාර.නුවර ඉඳල එනවා නම් දකුණු පැත්තට හැරෙන්න තියෙන්නේ.මෙතනින් ගිය වාහනේ පොඩි පාරක් දිගේ ගිහින් ලස්සන ගල් තලාවක් ළඟ තණකොළ වැවුණු බිමක් ළඟ නතර උනා.ඊට පස්සේ තියෙන්නේ පයින් යන්න.....
අනිත් තැන වගේ නෙමේ මෙතන තියන විශේෂත්වයක් තමා මේක නොඉඳුල් බිමක්.......මිනිස්සු,tourists ල නැහැ.කිසිම ශබ්දයක් නැහැ....හරිම පිරිසිදුයි.රජගල පාමුලට එද්දිම ඒ වෙනස අපිට හොඳට තේරුනා.....පරිසරය හරිම සිසිල්...අඳුරුයි....නිස්කලංකයි....
අපි රජගල නගින තැනට ආවේ පොඩි දිය පාරක් මැදින් ඇවිදගෙන.කාලෙකින් පතුලේ තියන රවුම් ගල් කැට පේන දිය පාරක් දැක්ක.....ඒ වතුර පාර හරිම සීතලයි....පොඩි දන්ඩි පැටව් පිරිලා....ඒක ගල් කුළු,ගල් කානු මැදින් ඈතට ගලාගෙන යනවා.....
මුලින්ම කියන්න ඕනේ රජගල හරිම ගාම්භීරයි...ඒ වගේම හරිම අස්වාභාවිකයි......හරිම භයානක පාටයි.creepy.yes...lovely but creepy. එහෙම කිව්වේ,මේ පොඩි දිය පාර පහු කරලා ආව ගමන් තියන තවත් ඉතාම අලංකාර ස්ථානයක් දැක්ක ගමන් මගේ හිතට ආව දේ නිසා....ඒ තැන නිකම් දිය ඇල්ලක වතුර හිදුනාම දකින්න ලැබෙන දේ වගේ......හැබැයි එතන දිය ඇල්ලක් නම් කවදාවත් තිබිල නෑ...වැස්ස කාලෙට නම් උඩින් වතුර එනවා ඇති.....විශාල ගල් කුළු දෙකක් මැදින් තවත් ඇති විශාල,ඒක ඒක හැඩයේ ගල් ඉහල කන්දේ ඉඳන් පහලට රෝල් වෙලා ඇවිත් ගානට ඒක උඩ ඒක හිටලා.එතන පහල ඉඳන් උඩ බලනකොට හිතෙන්නේ-පෙන්නේ avalanche එකක්, avalanche කිව්වට හිම නෙමේ ගල් avalanche සීන් එකක් අතරමැද ඒක පාරට ඒ frame ඒක නතර කළා කියල හිතන්න.අන්න ඒ වගේ......මම පහල ඉඳන් සැහෙන්න ගොඩක් photos ගත්ත.ඒක දැක්කම බයත් හිතෙනවා, ඒ වගේම මේ පරිසරය ගැන හරිම පුදුමයක් හිතෙනවා.....මම photos ගත්තට ඒවා ඔක්කොම චුටි අයියගේ කැමරා එකේ.ඒවා ගන්න ගිහින් මාළු රංචුවක් මගේ කකුල වටකරන් කොටන්න ගත්ත....මම එයාලවත් photo ගත්ත,යථා කාලේදී දාන්නම්.....
අපි ගියේ හවස් වෙලා නේ...ඉතින් පොඩි දුරයි නැග්ගේ.....හැබැයි නැග්ග ටික ඇති ඉතුරු ටික ගැන පිස්සු හැදෙන්න........පන බයේ නැග්ගේ හැබැයි.....පොඩි වැස්සක් වැස්ස නිසා ගල් එහෙම ලිස්සනවා....ටිකක් පායන කාලෙක එන්න ඕනේ...අමාරු දෙයක් වෙන එකක් නෑ....අම්පාර නේ.......
මම රජගල ගැන අන්තර්ජාලයේ search එකක් ආවම මෙන්න මේ site එක අහු උනා......
Lakdasun.org
ඔයාල යනවා නම් මේකෙනුත් විස්තර දැනගන්න පුළුවන්.....මේක හරිම ලස්සන,පිරිසිදු භූමියක් නිසා කියන්න ඕනේ කවද හරි යනවා නම් අපිරිසිදු නොකර ආයේ එලියට එන්න වග බලාගන්න.....
ඔයාලට මේක බලන්නම නෙමේ,බුද්ධංගල,පියන්ගල,අරන්තලාව,මහඔය උණු වතුර ළිං තව ඔය වගේ සැහෙන ලස්සන තැන අම්පාර තියනවා ලු..මේවා බලන්නත් එක්කම එන්න පුළුවනි ..අපේ අයිය අවුරුදු 4 ක් එහෙ ඉන්න එකේ එකම හොඳ ඔය තැන බලාගන්න chance එකක් ලැබෙන එක විතරයි වගේ..........