සොඳුරු ගේෂා ලියන්- දෙවන කොටස


ගේෂා වරියන් පුහුණුවේ ප්‍රාථමිකම අවධිය හැඳින්වෙන්නේ "මිනරායි" එනම් බලා හිඳ ඉගෙනගැනීමේ අවධිය ලෙසයි.මෙහිදී සිසුවියන් මයිකෝ ලෙස හැඳින්වෙනවා.මොවුන්ට වෙනවෙනවම මග පෙන්වන්නෙක්-උපදේශකයෙක් එනම් Mentor කෙනෙකු සිටිනවා.මෙම වැඩිමහල් ගේෂා වරියන් සිසුවියන් හට කලාව,ප්‍රිය සම්භාෂනයන්හි යෙදෙන අයුරු,ක්‍රීඩා,නැටුම්,ගැයුම්,වැයුම් උගන්වනවාක් මෙන්ම මෙන්ම අනාගත ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමටද උපකාර කරනවා.මොවුන් අතර ඉතාම දැඩි සහෝදර බැඳීමක් පවතිනවා.

මයිකෝ එනම් Dancing Girls යනු මෙසේ පුහුණුව ලැබූ,නමුත් පූර්ණ ගේෂා ලියක් ලෙස හැඳින්වීමට තරම් සුදුසුකම් නොලත් තරුණියන්ය.මොවුන් ජපානයේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබා ගන්නා දසුනකි.වැඩුණු ගේෂා ලියන් මෙන් නොව මොවුන්ගේ ඇඳුම් ඉතාම වර්ණවත්ය.ඔවුන් කිමෝනාව අඳින්නේ එහි පිටුපස රතු පැහැ වාටිය මදක් බුරුල්ව-ගෙල පිටුපසින් අඟල් කිහිපයක් නිරාවරණය වන අන්දමටයි.සිරුරේ මෙම කොටස ඉතාමත් හැගීම් උද්දීපනය කරනා කොටසක් ලෙස ඔවුන් සලකනවා.මුහුණෙත් ගෙලේත් පුරාවට සුදු පැහැ වර්ණ ආලේප කරනා මේ ලියන් සමෙන් අඟලක පමණ පෙදෙසක් වර්ණ ආලේප නොකර ඉතිරි කරනවා.ඇස් වටා කළු පැහැය මෙන්ම රතු වර්ණයද භාවිතා කර සරසන මේ ලියන්ට සුවිශේෂී කොන්ඩා මෝස්‌තර පහක් පමණ තිබෙනවා. සතියකට වරක් කොන්ඩා මෝස්‌තර ශිල්පියෙක් හමුවට ගොස් පැය ගණනක් පුරා එක කොන්ඩා මෝස්තරයක් දමා ගන්නා මොවුන් එය අවුල් නොවෙනු පිණිස නිදාගන්නේ මැද සිදුරක් සහිත කොට්ටයකයි.මේ හැරුනුකොට ගේෂා ලියනගේ තවත් විශේෂත්වයක් නම් ඔවුන් පළඳින සපත්තුයි.සාමාන්‍යයෙන් අඟල් 10 ක් පමණ උස ඔකොබෝ නම් මේවා පැළඳ ඔවුන් ඇවිදින්නේ ඉතා සීරුවටයි.....

අවුරුදු 20-22 වෙත්ම මෙම සිසුවියන් පූර්ණ ගේෂා ලියන් ලෙස සාමාජයට කල එලි බසිනවා.මෙය "එරිකේ" නම් චාරිත්‍රානුකූල උත්සවයකින් සිදුකරන්නකි.මෙහිදී මයිකෝ එසේත් නැත්නම් හන්ග්යෝකු වරියක් ලෙස පුහුණුව ඇරඹු සිසුවිය ගේෂා ලියක් ලෙස හැඳින්වීම ඇරඹෙන අතර ඔවුන්ට තම සේවය සඳහා සම්පූර්ණ මුදල අයකිරීමේ අවසර ලැබෙනවා....

සමහරුන් සිතන්නේ ගේෂා ලියන් යනු යටහත් පහත්- ගනුදෙනුකරුවන්ගේ සේවය සඳහාම කැපවූ Submissive කාන්තාවන් පිරිසක් ලෙසයි.නමුත් එය එසේ නොවේ. ගේෂා ලියන් එකල පටන් සමාජයේ ඇති මහත් බලයක් දැරූවන්ය.ඉහල පෞරුෂයකින් හෙබි මොවුන් නිදහස් අදහසින්,ඉහල ආර්ථික තත්වයෙන් සහ ඉහල සමාජ පිළිගැනීමකින් යුතුව ජීවත්වන්නන්ය.


වර්තමානයේ ගේෂා ලියන්

විසිවෙනි සියවසට පෙර ගේෂා ලියන් පුහුණුව ඇරඹුණේ අවුරුදු 4 දී පමණය.නමුත් දැන් ගේෂා වරියක් ලෙස තම රැකියාව ඇරඹීමට යුවතියන් සාමාන්‍යයෙන් යොමුවෙන්නේ උසස් අධ්‍යාපනය ලැබීමෙන්ද අනතුරුවයි.මොවුන් හනමචි එනම් මල් නගර වල,පුහුණු ගේෂා ලියන් යටතේ සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වැයීම,ගායනය,නර්තනය ඇතුළු ගේෂා ලියනගේ සාමාන්‍ය පුහුණුවේ සියලු අංග පුහුණු වනවා.1920 ට පෙර ජපානයේ ගේෂා ලියන් 80 000 ටත් වඩා සිටි නමුත් දැන් හනමචි නගර-ක්යෝතෝ වලට සීමා වී ඇති ගේෂා ලියන් සිටින්නේ 1000-2000 ක් අතර සංඛ්‍යාවක්.මෙම නගර වීදි පුරා අලංකාර වර්ණයන්ගෙන් නිමි කිමෝනා ඇඳි මයිකෝ තරුණියන් දැකගත හැකි නමුත් ඒ සියල්ලන්ම පාහේ මුදල් ගෙවා මයිකෝ තරුණියන් ලෙස හැඩ වැඩ වූ විදේශීය-දේශීය සංචාරකයින්ය.

ගේෂා වරියකගේ අයකිරීම මනින්නේ දැල්වූ හඳුන්කූරක ආධාරයෙනි.ගනුදෙනුකරුවා සමග සිටි වෙලාවේදී මේ සුවඳ කූරේ ගෙවී ගිය ප්‍රමාණය සසඳා බලා අය කිරීම සිදුකෙරෙනවා.මෙය හඳුන්වන්නේ "සෙන්කොදායි" "incense stick fee" ලෙසයි.ගේෂා වරියන් හමුව සඳහා වේලාවන් වෙන් කිරීම ගේෂා සංගම් කාර්යාල හරහා සිදු කල යුතු අතර ඔවුන් ගේෂා වරියන්ගේ පුහුණුව සහ සේවා සැපයීම නිසි පරිදි තබා ගැනීමට දැඩිව කාලය පරිපාලනය සිදුකරනවා.

ප්‍රථම විදේශීය ගේෂා ලිය ලෙස සලකනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ උපන් "සයුකි" නම් කාන්තාවයි.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ MBA,PhD උපාධිධාරිනියක් වන ඇය කෙයෝ සරසවියෙන් මානසික විද්‍යාව පිලිබඳ උපාධියක් ලබාගත් තැනැත්තියක්.තම ව්‍යාපෘති ග්‍රන්ථයට දත්ත එක්රැස් කිරීම සඳහා 2007 වසරේ පුහුණුව ලබා ගේෂා ලියක් වුන ඇය පවසන්නේ ගේෂා වරියක් ලෙස නොකඩවා සේවය කිරීම දැන් ඇගේ කැමැත්ත බවයි.මේ හැරුනුකොට ඇය කෙයෝ සරසවියේ ජපන් සංස්කෘතිය පිලිබඳ දේශකයෙක් ලෙස සේවය කරනවා.ඇගේ වෙබ් අඩවියට මෙයින් පිවිසිය හැකයි.
www.sayuki.net

ගේෂා ලියන් සහ බැඳීම්

වර්තමානයේ බොහෝ ගේෂා ලියන් හට පෙම්වතුන් සිටිනවා.ඔවුන්ගේ ආදර,ලිංගික ජීවිත රැකියාවත් සමග කිසිදු ගැටීමක් ඇති නොවන සේ ඔවුන් ගෙනයනවා.මෙලෙස වෙනත් පිරිමින් සමග සබඳතා ඇති කරගැනීමට ඔවුන්ට කිසිදු තහනමක් නැහැ.ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ඔවුන්ට රිසි පරිදියි.....සමහර ගේෂා ලියන් තම ගනුදෙනුකරුවන් සමගම ආදර සබඳතා ඇති කරගන්නා අතර ඔවුන්ට ඒ පිරිමින් සමග විවාහයටද කිසිදු තහංචියක් නැහැ.නමුත් ගේෂා ජීවිතයේ වැදගත්ම කරුණ නම්,කිසි දිනෙක විවාහ වූ ගේෂා ලියක් සිටිය නොහැක යන්නයි.කවදා හෝ ගේෂා ලියක් විවාහ වීමට තීරණය කරයිද,ඇයට තම රැකියාවට සමුදීමට සිදුවනවා.......

9 comments:

Ravi said...

පැහැදිලිව සරලව ලියල තියෙනවා, පොපී, ස්තූතියි,

පුරාණ ඉන්දියාවෙ සිටියාය කියන නගර ශෝභිනියන්ද මම හිතන විදිහට මේ ගේෂාවන්ට බොහෝදුරට සමානයි,

poppy said...

yep.okama ape ammath kiwwa....srikanth saha raja lakshmi kiyawala thiyanawada?eke rajalakshmi ge character rka geisha kenekge wage

සෝරෝ said...

සරළව කියලා තියෙන නිසා හොඳට තේරුනා..

ස්තූතියි අපව දැණුවත් කළාට..!!

MaJee said...

ලස්සනට ලියල තියනවා
මට මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා මතක්වුණා
ඒවයෙත් මේ අය ගැන තිබුණ මතකයි :)

poppy said...

Meka wikipedia walin aragen liwwe... :-)

මාරයාගේ හෝරාව said...

පළමු ලිපිය වගේම බොහෝම ලස්සනට ලියලා තියෙනවා..හරම නිරවුල්...
ස්තූතියි පොපී...

poppy said...

:) original ලිපිය ඉතින් wiki නේ.......ඒකයි.......thanks

Anonymous said...

lassana lipiyak !

Anonymous said...

Malagiya aththo eke geasha sthrin gena thibuna adahasa hondata wenas una meka kiyawala. Man hithan hitapu widiha waradi kiyala dan thamai mata therenne... Thanx

Post a Comment