suiciding ......



මෙන්න මේ කතාව මට කිව්වේ මම හොඳින් දන්නා නංගි කෙනෙක්....කතාව සීරියස් උනාට අපි ඔක්කොම එදා ඒ කතාවට හුස්ම ගන්න බැරි වෙනකන් හිනා ගියා.... මේ නංගි පොඩ්ඩක් ගෙදර මිනිස්සු එක්ක පොඩි පොඩි වලි දාගන්න කෙනෙක්.ඉතින් මෙයා කිව්වේ එයා තුන් පාරක් සියදිවි නසාගන්න ගිය හැටියි, ඒ තුන් පාරම වැඩේ වැරදුන එක ගැනයි....

පලවෙනි පාර මෙය අම්මත් එක්ක තරහ වෙලා ගෙදරින් පිටත් උනා ලු. ගෙදරට අඳින ඇඳුමක් පිටින්, අතේ බස් එකට විතරක් සල්ලි තියාගෙන (වැඩිපුර සල්ලි අරන් යන එක අපරාදෙනේ කොහොමත් මැරෙන එකේ..) පිටත් වෙලා තියෙන්නේ කැළණි ගඟට පනිනවමයි කියල හිතාගෙන... (කැළණි පන්සල හරියෙන් ගඟට පනින්න මුලින් හිතුනත් එතන ගොඩක් වෙලාවට හමුදාවෙන් ඉන්නන නිසා-පැන්නොත් හමුදාවෙන් බේරාගන්නවා නේ... එතකොට වැඩක් නෑ නේ....) ඉතින් මෙයා කඩුවෙල පැත්තෙන් ගිහින් ගඟට පනින්න කියල තමා හිතල තියෙන්නේ (ඒ පැත්තේ කිඹුලොත් ඉන්නවා නේ - පැන්නොත් one shot )

ඉතින් මෙයා දෙල්ගොඩට ගිහින් කඩුවෙල පැත්තට බස් එකක් ගන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්නවලු ඉන්නවලු බස් එකක් නැති ලු... අන්තිමට එපා වෙලා හෝල්ට් එකේ නවත්තපු බස් එකක කොන්දොස්තරගෙන් අහද්දී එදා කඩුවෙල බස් ස්ට්‍රයික් එකක් ලු.... ත්‍රී වීල් එකක යන්නත් අතේ වැඩිපුර සල්ලි ගෙනිහින් නෑ නේ... ඉතින් බොහොම දුකින්, වෙන දවසක මැරෙනවා කියල හිතන් ආයේ ගෙදර ආව මෙයා කාමරේට ගිහින් එහෙමම නිදාගෙන.... එද්දී ගෙදර මල ගෙයක් වගේ වෙලා තිබ්බත් කවුරුත්ම මොකුත් කියල නෑ.....

දෙවෙනි පාර එත් අම්ම එක්ක තරහ වෙලා මෙයා ලිඳේ පනිනවා කියල හිතල.... (කැළණි ගඟට පනින වැඩේ කලින් පාරින් එපා වෙන්න ඇති නේ... )ඉතින් මෙයා ගේ පිටිපස්සේ ලිඳ ලඟට ගිහින්, පනින්න හදද්දිම තමා මතක් වෙලා තියෙන්නේ ඇඳන් ඉන්නේ කොට ගවුම් කැල්ලක් නේ කියල.... මළාම body එක ලිඳෙන් උඩට ගනිද්දී හැමෝටම කකුල් පේන්න තියෙද්දී chaater නේ....ඉතින් මෙයා ආයේ ගෙට ගිහින් කලිසමක් ඇඳන් ඇවිත්, ඒ පාර පනින්න හදද්දිම කොහෙන්දෝ මන්දා කඩා පාත් උන එයාගේ මල්ලි හතර වටේටම ඇහෙන්න කෑ ගහල "අම්මේ මෙන්න අක්ක ලිඳට පනින්න යනවෝ !! " කියල. වස ලැජ්ජාව.... ගමටම ඇහෙන්න කෑ ගැහුවා කියල ඒ නංගි හිනා උනා... ඉතින් ඒ පාරත් suicidal effort එක වතුරේ ගියා...

තුන් වෙනි පාර සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ boyfriend එක්ක තරහ වෙලා..... blade තලයක් අරන් මැණික් කටුව ලඟින් ගැඹුරට කපාගෙන කපාගෙන ගිහින්, ඒ වෙලාවේ හැමෝම එකතු වෙලා මෙයාව ඉස්පිරිතාලේ අරන් ගිහින් බේරාගෙන. තාම කැළල අතේ තියනවා.... දැන් නම් මෙයා කියන්නේ කොල්ලෙක් නිසා ආයේ ඒ වගේ මෝඩ වැඩක් නම් කරන නෑ කියල.... ඉතුරු වෙන්නේ කැළැල් සහ හැමතිස්සෙම හිරිවැටෙන ඇඟිලි ටිකක් විතරයි.....

මේ කතා කියපු විදිහට අපිට එදා පන යන්න හිනා ගියත් දැන් හිතෙනවා ඒ නංගි සැහෙන්න පීඩනයෙන්, පාලුවෙන්, දුකින් ජීවිතර ගත කරපු කෙනෙක් කියල.... කරපු හැම දෙයක්ම මෝඩ වැඩ උනත්, ඒ හැම දෙකින්ම පාඩමක් ඉගෙනගෙන , දැන් ඒ කලින් උන දේවල් ගැන හිනාවෙලා කියන්න තරම් එයා ජීවිතේ හැල හැප්පීම් වලට මුහුණ දීල තියනවා... එත් එයාගේ ජීවිතේ තාම අස්ථිරයි.... සමහරවිට එයා ආයේ සියදිවි නසාගන්න ගියොත්-කලින් පාරවල් වල වගේ ඒ කටයුත්තට අහම්බෙන් බාධා නොවෙන්න පුළුවන්.....

මම මේ දේ ගැන කතා කරන පලවෙනි දවස අද නෙමේ.. මගේ පවුල ඉතාම සාමකාමී, හැම දෙනාම සමීපයෙන් ආශ්‍රය කරන පවුලක් උනත්, මම ඒ නංගිට වඩා වැඩි සැරයක් සියදිවි නසාගන්න plan කරලා තියනවා...... :) ඒ හැම පාරම- පෙළක් අවස්ථා වල ප්‍රශ්නයක් නිසාම නෙමේ, මේ ජීවිතේ තේරුමක් නෑ කියල හිතිලා...., හැබැයි ඒ හැම පාරම මට තේරුනා එක ලේසි දෙයක් නෙමේ කියල..... මම මේ ගැන අපේ අයිය එක්කයි, මගේ හොඳම යාළුවා එක්කයි කතා කරලා තියනවා... හැමෝම එකඟ වෙනවා ජීවිතේ යම් කිසි කාලෙක හැමෝටම සියදිවි නසාගන්න එක පාරක්වත් හිතෙනවා, එක පාරක් වත් පුංචි try එකක් හරි දෙනවා කියල..... අපි අපේ ජීවිතේ අපේ යාළුවන් එක්ක බෙදාගන්නවා නම්, එයාලගේ කතා වලට සවන් දෙනවා නම් මේ පීඩනය අඩු කරගන්න එක උදව් වේවි....


මම දැන් නෑ ඇයි අද මට මේක ලියන්න හිතුනේ කියල.... මම ඊයේ පුස්තකාලයෙන් පොතක් ගත්ත, De - stress කියල... එකේ සැහෙන්න හොඳ පිළියම් තියනවා පීඩනය අඩු කරගන්න එක ගැන....එකේ තියන, මානසික ආතතිය -පීඩනය අඩු කරන ක්‍රම දෙක තුනකින් මම මේ ලිපිය ඉවර කරන්නම්....

1- ව්‍යායාම කරන්න-දුවන්න.... දාඩිය දාල ඇඟේ රුධිර ගමනය වැඩි වෙලා ඇඟම රත් වෙනකන්... එකෙන් මුලින් සිරුරත්, ඊට පස්සේ මනසත් සැහැල්ලු වෙනවා...

2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා.... නින්ද අඩු වෙනවා...

3- කොට්ටෙට, තමන්ගේ මෙට්ටේට, නාන උණු වතුර බේසමට ලැවන්ඩර් තෙල් බින්දු දෙක තුනක් දාන්න....නිදි පෙති වල වගේම බලයක් ඒවායේ තියනවා....

4- වතුරේ පාවෙන්න පුරුදු වෙන්න- පැයක් වතුරේ නිදහසේ පාවෙන එක පැය 4 ක නින්දට සමානයි....

5- ඇස් දෙක වහන් හිතන්න තමන් ඉන්නේ වෙරළක කියල.... රැල්ල ගහන සද්දේ, ඉරේ උණුසුම... මනසින් මවාගන්න.... වෙරලක් නැත්නම් ඔබ කැමතිම තැනක් ගැන හිතන්න..... වැස්ස වෙලාවක් ගැන උනත් කමක් නෑ....

6- හැමතිස්සෙම සතුටින් ඉන්න, ක්‍රියාකාරී යාලුවෙක් හොයාගන්න.... (ගොඩක් කියවන) සතියකට සැරයක් එයාට call කරලා එයා කියන දේවල් අහගෙන ඉන්න...

7-සින්දු අහන්න- කන පැලෙන සින්දු නෙමේ.... සෞම්‍ය සින්දු....

8-facebook එකෙන් logout වෙලා පොතක් කියවන්න....

9-ගෙදර මාළු ටැංකියක් හදන්න...

10-අන්තිම දේ පොතේ තිබ්බ එකක් නෙමේ... මම කලිනුත් කියල තියන-මම ජීවිතේ එපා උනාම කරන දේ..... තමන්ගේ කාමරේ අස් කරන්න එකේ දොර වහගෙන....ඔක්කොම කුණු ටික අස් කරලා, විසි කරලා බාත් රූම් එකට ගිහින් හොඳට නාගන්න උණුවතුරෙන්... ඊට පස්සේ ඉඟුරු දාපු තේකක් හදන බොන්න..... ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි... :)

ඉතින් ඉතින්.... මම හිතනවා ඔයාල ඔක්කොම දැන් නත්තලට සූදානම් වෙනවා කියල.... නත්තල සතුටින් ගත කරන්න.....අපි මේ පාර නත්තලට නුවරඑළියේයි හපුතලෙයි යනවා :) මට ආයෙත් කාලෙකින් ලියන්න වෙන එකක් නෑ.... ඔයාල හැමෝටම සුබ නත්තලක්.... ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න..... :):):)

23 comments:

පූසා said...

ඔක්කොම හරි හැබැයි මටනම් වතුරේ පාවෙන එකනම් කරන්න යනවා කියන්නේ සියදිවි නසාගන්නවා වගේ වැඩක් තමයි. මම සෑහෙන්න ට්‍රයි කළා මට තවම වතුරේ පාවෙන්න බෑ.... :D

මටනම් තාම මැරෙන්න හිතිලා නෑ... හැබැයි ළඟදිම හිතෙන්නෙත් බැරි නෑ :D

poppy said...

මට පීනන්න බෑ....එත් වතුරේ පාවෙන්න නම් පුළුවන්...එත් පාවෙන්න baby pool එකේ...අනිකේ පාවෙලා, පාවෙලා පාවෙලා ගිහින් බැරි වෙලාවත් deep end එකට ගියොත් වැඩ හමාරයි නේ....

සෝරෝ said...

මටත් මැරෙන්න හිතුන අවස්ථා නම් බොහොමයක් තියෙනවා.. එත් ට්‍රයි කරල නම් නෑ..

සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

poppy said...

try karannath epa.....waradilaawath harigiyoth malaa ne.....

btw Esema wewaa........ :)

MaJee said...

නියමයි!
මටත් ජොලියට මැරෙන්න හිතිල තියෙනවා :-D
ඒත් අර ගඟවල් වලට පනින වැඩේ මටත් කරන්න හිතෙන්නැත්තෙ ඒවයෙ ගහගෙන ගිහිල්ල අන්තිමේ ගොඩගන්නකොට ඇඳුමුත් ගහගෙන ගිහිල්ල තියෙන්න පුළුවන්නෙ. ඒ වගේ වැඩ චාටර් තමයි. අනිත් එක පවුලෙ අයටත් එක්ක ලැජ්ජාව. මීඩියා කාරයන්ටත් නියම නිව්ස් වෙයි.
අනික ඩයරි වල එහෙම විකාර කවියි හැම දේම ලියල තියෙනවනම් එහෙම මැරුණට පස්සෙ වෙන අය ඒව බැලුවොත් එහෙම ඒත් ලැජ්ජයි. ඒ හින්ද මැරෙන්න කළින් කරන්න ගොඩක් දේ කරන්න තියෙනවා.
1. ඩයරි වල ලියපුවා විනාස කරල ඉන්නෝනි
2. ගඟට, ළිඳට පනිනවනම් ඉනට පටියකුත් බැඳල කළිසමක් ඇඳන් යන්නෝනි
තව මොනවද? මතක් වුණොත් කියන්න :-D

සුබ නත්තලක්!
සුබ අලුත් අවුරුද්දක්!

කිඩෝ said...

පූෂා බොට මැරෙන්න ඔච්චර වද වෙන්න ඕනෙ නෑ හයි වේ එකේ වාහනේකට පොඩි අඩයක් තියපන් වැඩිම උනොත් නැට්ට විතරක් ඉතුරුවෙයි ;)

poppy said...

@මගේ ජීවිතය-ඇත්ත ඇත්ත......hehe.හැබැයි ඔය ඔක්කොම කරලා ඉවර වෙද්දී මැරෙන එකත් එපා වෙනවා......

@ කිඩෝ- පව් පූසා....

Sabith said...

හිත සංසුන් කරගන්න ඕන නම් ෆේස් බුක් එකෙන් ලොග් අවුට් වෙන්න කියන තැනට ලොග් අවුට් වෙලා අහසේ තරු දිහා බලන් ඉන්න කියලා එකතු කරන්න...විශ්වාසකරන්න....සියයට 200%ක් වැඩ කරනවා..

poppy said...

sahathika aththa.................

GihanD4R said...

hoda post ekak. hithanna deyak tyenwa.. 1st time oyage blog ekata awe.. mama mea post eka wena forum site ekata copy paste karata kamak nadda oyage blog link ekath ekka?? :)

Anonymous said...

පොපී එහෙම අත පය කපන් නැහැ නෙ? මම මේ පෝස්ට් එක එළකිරි එකේ දකින කොටම මට ඔයාව මතක් උනා!

poppy said...

Hafoi.mekath elakiri eke post unada?ane aaye nam wali epo.awulak na uputaa gaththata :-)

GihanD4R said...

hehe ow mama EK eke damma.. baya wenna epa ehema wali yanna denne na mage thread wala.. menna link eka - http://www.elakiri.com/forum/showthread.php?t=1287328

Ru. said...

hmm .. I wanted to die countless times .. but never had the courage to proceed with it .. once I tried to stab myself ( about 10 years ago) , found a nice sharp knife and started to poke my belly ... but allas! I was more afraid of pain than death ..

about the de-stress tips.. lavander oil works like magic ! its healing powers are amazing ! try soaking your tired feet in hot water with some lavander oil .. amazing ! works fir headaches too !!

Unknown said...

නම වෙනි කරුණ ඇරෙන්න අනික් ඒව නම් මාත් කරනවා

Anonymous said...

මේ ලිපිය සහ ප්‍රතිචාර කියවද්දී දැනෙන්නේ.. ලාංකික ගැහැණු ළමයා කොච්චර ශීලාචාරද කියනවා නම් මැරෙන්ඩ ගියත් මළ සිරුරේ පවා ලැජ්ජ බය ගැන තමයි හිතන්නේ :-)

MaX-D said...

කාලෙකට පස්සෙ දැක්ක ගොඩක් හොඳ පොස්ට් එකක්..... මටත් පුංචි අදහසක් එකතු කරන්න හිතුනා... මීට අවුරුද්දකට විතර කලින් මගේ පාසල් මිතුරෙක් කෝච්චියකට බෙල්ල තියලා සියදිවි නසා ගත්තා.... හේතුව වුනේ ආදර පලහිලව්වක්.. ගොඩක් සමීප මිතුරෙක් නොවුනු ඔහු, බොහොම හුදෙකලා චරිතයක්.. 10 වෙනි වසරේදි ඔහුට ගැහැනු ළමයෙක් හමු වුනා, ඒ දෙන්න සමීප වුනා,ආදරය කරන්න පටන් ගත්තා.... ඊට පස්සේ ඇයගෙන් තොර ජීවිතයක් ඔහුට තිබුනේ නැහැ... නමුත් ඇය පසුකාලීනව වෙනස් වුනා... සමීප ඇසුරක් වෙනත් කිසිම මිතුරෙක් සමඟ නොතිබුන ඔහු හිතුවේ ඔහුට සියල්ල නැති වුනා කියලයි.. ඔහු මේ සියළු විස්තර ලියුමක ලියලා අවමංගල්‍යයට අවශ්‍ය මුදලුත් එකතු කර තියලා සියදිවි හානි කර ගන්නකම් කවුරුවත් දැනන් හිටියේ නැහැ.......
නොයෙකුත් අවස්ථා වලදි තමුන් සිය දිවි නසා ගන්නවා කියලා කියපු අය මටත් මුන ගැහිලා තියනවා.. හැබැයි ඒ අයගේ ප්‍රශ්න වලට අපිට විසඳුමක් දෙන්න බැරි වුනත්, පුංචි හරි ධනාත්මක දෙයක් පෙන්නන්න පුලුවන් නම්, තමුන් තනි වෙලා නැහැ කියන දේ පොඩ්ඩක් ඒත්තු ගන්වන්න පුලුවන් නම්,ඕනම කෙනෙක්ගේ අදහස් වෙනස් කරන්න පුලුවන්.. තව එකක්, ඔය suicide කරගන්නවා කියල කියවන බොහෝ දෙනෙක්, එහෙම කරගන්නේ නැහැ... නමුත් ඒක නොකියා ඉන්න,නිහඬ, ඒත් හිත ඇතුලෙන් කෑ ගහමින් අඬන අය කොයි වෙලාවේ ක්ෂනික තීරණයක් ගනීවිද අපි කවුරුවත් දන්නේ නැහැ... අපි අපේ පවුලට කොච්චර සමීප වුනත් ඒ අයටත් කියන්න බැරි සමහර දේවල් අපේ ජීවිත වල තියනවා... අන්න ඒ වගේ වෙලාවට ඇත්තටම ළඟ ඉන්නේ අපේම මිතුරෙක්, මිතුරියක් පමණයි... ඒ නිසා මම පොඩි දෙයක් එකතු කරන්න කැමතියි... යහපත් සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීමත් අතිශයින්ම වැදගත්.... ජීවිතය බෙදාගන්න හොඳ යාලුවොත් එක්ක.. එතකොට කවදාවත් ප්‍රශ්නයක් ආවම අපි තනි වෙන්නේ නැහැ... දැන් පොපීට වැරදිලාවත් suicide කරගන්න හිතුනත් කවදාවත් ඒක කරගන්නේ නැති බව මම දන්නවා... මොකද ඔක්කොටම කලින් ඕක කටින් එලියට පනිනවා Dazzled එක්ක ඉන්න වෙලාවක... අන්තිමට උපන්ගෙයිම ඉවරයි ප්ලෑන් එක.... :P කොහොම වුනත් මම මේ කල්පනා කලේ,මෙතන ඉන්න ගොඩක් අයට හිතුනත්, ඇයි මට තවම සියදිවි නසා ගන්න හිතිල නැත්තේ කියලා... එහෙමත් හොඳයි... :)

Unknown said...

මටත් මැරෙන්න හිතුන අවස්ථා නම් බොහොමයක් තියෙනවා.. එත් ට්‍රයි කරල නම් නෑ..

Bunny said...

මම නම් ගඟේ පනිනවා.. වතුර බීලා මැරෙනවා.. :D

said...

මටත් ගොඩක් කල් ඉඳලා මැරෙන්න හිතිලා තියෙන්නේ ඒත් සියදිවි නසා ගන්න නම් මට පුළුවන් වෙයි කියලා මන් හිතන්නේ නැහැ ඒක නිසා මොකක් හරි වෙලා මාව මැරෙනකම් මන් දැන් අවුරුදු ගානක් තිස්සේ බලාගෙන ඉන්නවා.

මන් හිතන්නේ අපේ වෙලාව එනකම් අපිට මැරෙන්න බැහැ , වෙලාව ආවම බේරෙන්නත් බැහැ

වැසි දැරිය - The Rain Girl said...

siyadivi nasa ganna hethu ivath nokara siyadivi nasa ganna ayata benala vedak nehe neda..

anyway,good post akki...
and if you have much time,please visit my blog!

Anonymous said...

අදයි මන් මෙ බ්ලොග් එක දැක්කේ." තමන්ගේ කාමරේ අස් කරන්න එකේ දොර වහගෙන....ඔක්කොම කුණු ටික අස් කරලා, විසි කරලා බාත් රූම් එකට ගිහින් හොඳට නාගන්න උණුවතුරෙන්..." මාත් මේ වැඩේ කරනවා....කේන්ති ගියහම.. :ඪී

Anonymous said...

අනිත් අයට බණ කිව්වට ඔයත් ඔහොම තමා. මෝඩි

Post a Comment