මියැදෙන්නෙකුගේ සිතුවිලි


අපේ ගෙදර අද මිනිස්සු හතරක් ඉන්නව.එක්කෙනෙක් අනිවාර්යයෙන් තව අවුරුද්දක් විතර ඇතුලත මියැදෙනව.ස්වභාවික විදිහට වයසට ගිහින් මළත් එයින් දෙන්නෙක් තව අවුරුදු හතලිහක් විතර යද්දි මැරෙනව.ඉතුරු එක්කෙනාටත් ඊට වඩා කල් ඉන්න ඕනෙකමක් නෑ මොකද එයින් පස්සෙ අරමුණක් නැතිවෙන නිසා.ඉතිං අපි මක්කෙයි කොරන්නෙ දැං?දෙන්නෙක් ගොරව ගොරව බුදි,එක්කෙනෙක් අග මුල නොදන්න මෙගා නාට්‍යයක කෑල්ලක් බලනව,අනික් එකා කල්පනා කරනව...ඔයාලත් ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් නෙමේනෙ ඉතිං කරන්නෙ.(පිස්සු dial1ක post1ක් කියෝනව!)

හ්ම්...චූටි අයිය දවසක් මගෙන් ඇහුව මම මේ ලෝකෙට මොනවද කරල තියෙන්නෙ කියල.ඇත්ත තමා.මොකුත් නෑ.එයා නම් ගොඩ දෙනෙක්ගෙ ජීවිත බේරගෙන ඇති.මාත් ඉතිං මැරෙන්න කලිං මොනව හරි කරන්න එපැයි.

මට ආච්චි ගැන හරි දුකයි.අම්මා තමන්ගෙ මියයන අම්මා දිහා බලන් ඉන්නෙ කොහොමද කියලා හිතෙනවා.ආච්චිව ජීවතුන් අතර රඳවාගන්න දරන වාරයක් පාසා ජීවිතය මාස ගාණකින් දික් උනත් ඒ මාස ගණනම ආයෙමත් ඇය වධ විඳිනව.හරියට කලින් post එකේ හූනා වගේ.තනියෙන් සෙලවෙන්න බැරුව,කෑමක් බීමක් බඩට යන්න කලින් වමනය යනවා,එක් අන්තයකින් සිරුරට සේලයින් සපයන බටය,අනික් අන්තයෙන් කැතීටරයෙ බටය.මේක ජීවත් වීමක්ද?හ්ම්......

ok then.දැං ඉතිං මම ආයෙත් යන්න ඕනෙ.වැඩි කාලයක් මෙතන රැඳෙන්න බෑ.ඔයාලගෙත් mood1 අවුල් කරන්න නැතුව ඇති නේ මම?ගනන් ගන්න එපා.සියලු සංස්කාරයෝ නැසෙන සුලුය.නොපමාව පින් දහම් කරන්න!!!

8 comments:

Jay said...

ඔය මං කිව්වේ, දැන් පොපීගේ ලියන ස්ටයිල් එක හොඳටම වෙනස් වෙලා. කෝක නමුත් මාව නිකන් කොහේද අතරමං කරාපු ලිපියක් මේක.
:)

poppy said...

විභාගෙ ලං වෙද්දි අමු මූසල සිතිවිලි පහල වෙනව.hehe.ගණන් ගන්න එපා.ජූනි වෙද්දි හරි යයි. අපි ඔක්කොම ඉතිං අතරමං උන අය තමා.hmmm

said...

පොපී නැමති යක්සනිය එහෙමත් නැත්නම් හූනි
සීරියස් වෙලා
අනංගයා දුන්න අරන් එලවන්කොටත් ඔහොම වෙනවලු

Gayan Tharaka said...

හප්පච්චියේ මේ ආච්චි පැහිච්ච තරම. දැන් බණ දේශනා කරන්නත් පටන් අරන්‍ නෙව.

මොකද අලුත් දෙයක් ඉගෙන ගත්තෙ නැද්ද?
ජීවිතය කියන්නේ හැමදා‍ම හැම මොහොතකම අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් දෙයක්. විදවන්නැතිව විදින්න පුරුදු වෙන්න.

poppy said...

@ ම-ඔව් ඔව් අනංගයා පස්සෙන් එලවනව.lol.මම දුවනව!ඇත්තම කියන්න අනේ අර අන්ධ ජෝඩුවෙන් පස්සෙ එක කොල්ලෙක් number1 වත් ඉල්ලුවෙ නෑ නෙ!

poppy said...

@ ගයාන්-නෑ අලුත් ඒව ඉගෙනගන් නෑ,මේ ටිකේ revision නෙ.පරණ වට්ටෝරුවම තමා...hmmm....exam1න් පස්සෙ ජීවිතය විඳිනව.ගෝල් ෆේස් ගිහින්....burgers king ගිහින්,film1 කුත් බලල කැරකිලා එන්න යනව දවසක්ම දාන්!!!

C0de BlUe said...

අක්කා ජිවිතයේ ගැඹුරටම හිතනවා වගේ , වැඩිය කියවන්න හම්බුණේ නෑ , හදිස්සියට තමා මේකත් දැම්මේ , දවසක් දාලා මුළු බ්ලොග් එකම කියවන්න ඕනේ . මමත් දැන් ඔයාව ඕං follow කරනවා !! :D

poppy said...

apo na.ganam ganna epa.me dawas tike witharai ohoma...hehe.thanks malli :)

Post a Comment