කොහොමද ඉතිං?


හ්ම්....කාලෙකින්....මේ දවස්වල ජීවිතේ මම කැමතිම විදිහට ගෙවෙනවා...උදේ නවයට විතර අම්ම ඇවිත් කෑගහනව,බාගෙට හීන දැක දැක ඉන්න මට ෂුවර් නෑ ඒ මටද නැත්නම් එළියෙ කුස්සියෙ අනවසරයෙන් නිදාගන්න බල්ලටද කෑගහන්නෙ කියලා..දන්නවද,මම හීනෙන් දැක්කා මෙසී ඇවිත් මගෙන් අහනව රඹුටන් ටිකක් කඩාගන්නද?කියලා.මට හීනෙන් පිස්සු හැදුනෙ නැති ටික විතරයි!!බ්‍රසීල් out උනාම හිත හදාගත්තා ආර්ජන්ටිනා ඉන්නවනෙ කියලා.hmmm මම නං ආයෙ FIFA බලන්නෙ නෑ.එන පාර වත් ඉතාලිය,පෘතුගාලය,බ්‍රසීල් සහ ආර්ජන්ටිනා semi finalsවත් ඒවා..

ඉතිං කොහොමහරි 10ට විතර හීන ටික බලලා ඉවර වෙද්දි තාත්තා ඇවිත් අන්තිම නිවේදනය නිකුත් කරනවා කෑම හැදුව,ඉතිං දැන් වත් නැගිටින්න කියලා.මම හැබැයි පහුගිය දවස් දෙක තුනේ නම් වේලාසන නැගිට්ටා.මොකද මම නවය වසරෙ පොඩි උන් තුන් දෙනෙක්ට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නන්න ගත්තනෙ!සෙනසුරාදා නවයේ සිට එකොළහ තෙක්.දැනට නම් නොමිලේ.පහුවෙලා බලනවා,වැඩේ නැගල ගියොත් ඉතිං...අනේ මන්දා.මේ පැත්තෙ ඉන්නෙ මැටි මෝල්ලු ටිකක්.අන්තිමේදි මට සාහිත්‍යත් එපා වේවි.

ඉතිං නැගිට්ටට පස්සෙ මට කරන්න දේවල් ගොඩා...යි!මම ටික වෙලාවක් උදඩ් වෙනවා දවල්ට උයන්න,ඊට පස්සෙ පොත් කියවනව,පොත පරිවර්තනය කරන වැඩේ කරනව,මහනව,චිත්‍ර අඳිනවා,ආයෙ හත වෙද්දි TV1ලඟ.FIFA විතරයි.අපෝ මට නාට්‍ය පේන්න බෑ.

අම්මයි මමයි තීරණය කලා මල් වවන්න ගන්න.ඉතිං අපි විහාරමහාදේවි park එකේ ප්‍රදර්ශනයෙන් රෝස මලුයි තව ලස්සන මල් පැල ටිකකුයි ගෙනාවා.අවුරුදු විස්සක් විතර ගෙදර ඉස්සරහ තිබ්බ ඉක්සෝරා පඳුරු වැට අම්ම උගුල්ලලා දැම්මා.මට නම් හරි දුකයි.ගේ හරියට හෙලුවෙන් වගේ.ඒ මදිවට ඇඳුමක් ටිකකට වේලෙන්න දාන්න තැනක් නෑ.අම්ම හදන්නෙ එතන සයිප්‍රස් හිටවන්න.

තව....ආච්චි නැති නිසා කියන්න බැරිතරම් ගේ පාලුයි.මේ මාසෙ ප්‍රතිථල එනවා ඒ අස්සෙ.(බයේ බෑ)ඊයෙ තිමාලි නංගි ගෙට වෙලා.මළ ගේ ඉවර වෙලා recession period එකක ඉන්න අපිට මේක දරාගන්න අමාරු ප්‍රහාරයක්..hehe.මොනව කරන්නද,මාමගෙ දුව නිසා...හිතාගන්න බෑ මොනවද දෙන්නෙ කියලා.කරාබු දෙකක්?hmmm no idea...

අනික තමා ජීවිතේ කැමති විදිහට ගෙවුනත් ඒක ටික ටික මට එපා වෙනවා.ඒක කිව්වෙ ජීවිතේ.අම්ම දවසෙම චෝදනා කර කර ඉන්නව.හැම දේ ගැනම..චූටි අයියා ගෙදර ආව දවස් දෙකේ ඒක වැඩි වෙනවා.එයා අම්මගෙ විතරක් නෙමේ මගෙත් ලේ කෝප කරවනවා.දැං මේ එයාගෙ laptop එකෙන් හොරෙන් post1 දාන්නෙ.එයා පන්සලටද කොහෙද ගියා.ආයෙ කවදා ලියන්නද මන්දා..

පහුගිය ටිකේ හවස ජිම් ගියානෙ මම!ඊට පස්සෙ දාඩිය දාලා වැඩිකමට කසලා කසලා හැමතැනම rash ඇවිත්.ඒ වැඩෙත් ටික කාලෙකට ඇණහිටියා.ඒ කාලෙ ආච්චි හොරෙන් පිට කසනකොට මමං සැර දැම්මෙ,කසලා තුවාල වෙන නිසා.ඒත් දැං තමා තේරෙන්නෙ.හරි අමාරුයි, ටික වෙලාවක් යද්දි පංචේන්ද්‍රියන්ගෙන්ම එන සංවේදන වෙනුවට චර්මයෙන් එන දැනීම් විතරයි මොළේට යන්නෙ...

තව....මාසෙකට විතර පස්සෙ ඊයෙ dazzledව meet උනා.අපේ ගෙදර ආවනෙ එයා!අඟහරුවාදා විතර එහෙ යන්න ඕනෙ.ඉතිං...වැඩ තියනව.මම යන්න ඕනෙ.pc1ට modem1ක් ගත් විගස නැවතහමුවෙන්නම්.bye bye friends....

3 comments:

C0de BlUe said...

මේක ඩයරියක්ද ??? ඔහොම අප්ඩේට් දාන්නේ ???? :P

Jay said...

මම ඒත් කල්පනා කලා මොකෝ අලුතින් පෝස්ට් එකක් නැත්තෙ කියලා..
ඉක්මනටම ආපහු බ්ලොග්කරණයට එන්න ඔය PC එකේ ලෙඬේ හදාගෙන.

poppy said...

@ higanna-ow ane,me mage diariya nennam!can't u c this blog's name?poppyge dinapotha :D
y?what's the wrong with that?


Ansh-ow appaaa... epa wenawa.danuth mage kabal jangama durakathanayen log wela inne.oyalage blogs wala mama comments nodammath meke comments daana akkata & anik buddiesla okkotama bohoma thanks.modem1k gaththama miss una ewath ekka allannam k?hehe.

Post a Comment