මේ දවස් වල විස්තර......


ඊයේ අපි කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බලන්න ගියා නෙ.මම නම් ඇත්තටම 'බලන්න' ගියේ. අන්තෙටම හිඳිලා ඉන්නේ මම මේ දවස් වල.එන සතියේ දවසක ආයෙමත් අම්මල එක්ක යනවා.එදාට නම් පොතක් දෙකක් ගන්න පුළුවන් වේවි.නිලූ හෙට යනවා ලු.මට එයා එක්ක යන්න වෙන්නේ නෑ.දවස් 3 ක් යන්න බැහැ නෙ. පොත් දැක්කම ආසයි. Expographics එකේ stall එකට ගියාම එලියට එන්න හිතෙන් නෑ.මම ඉතින් ගියේ මගේ සදාතනික මිත්‍රයා Dazzled එක්ක තමා.එයා නම් පොතක් දෙකක් ගත්ත.මම සහයෝගය දුන්න comments වලින්. :D

මගේ ජීවිතය සම්පූර්ණ කම්මැලිකමෙන් ගත වෙනවා මේ ටිකේ.studies,exams,assignments,home work, සහ අම්මගේ බැනුම් .hehe. මේ ටිකේ සැහෙන්න මූඩ් අවුල් වෙලා ඉන්නේ.ලෝකේ දීප්තිමත් වැඩි.තේරෙනවද?too bright.දවල් වරුවෙම මට පිස්සු වගේ.එලිය වැඩි.....වහිනවා නම්......ආයේ රෑ වෙනකන් මට ඉවසිල්ලක් නෑ.වෙලාවකට මට හිතෙනවා මානසික වෛද්‍යවරයෙක් ලඟට යන්න.ඇයි දන් නෑ මට දවල් වරුව පේන්න බැරි.මම තාත්තට කිව්වා ඉක්මනටම මගේ කාමරේට ගාන්න කළු පාටයි,තද කොළයි තීන්ත ගෙන්න කියල.එතකොට එක ඇතුලට වෙලා වත් හිටියහැකි.

අපි ගිය සතියේ නුවර ගියා.අන්න එහෙ නම් මට හරියන පරිසරයක් තියනවා....cool.....dark.....misty.......lovely! නිලූ ගේ නෑදෑ කෙනෙක් ගේ දැන හැඳුනුම්කම මත අපිට හවස දළදා පූජාවට කලින්,විශේෂ අවසරයකින් දළදා වහන්සේ වැඳ පුදා ගන්න අවස්ථාවක් ලැබුන.හැබැයි ඒ වගේ වෙලාවට මට හරි වැරදිකාරී හැඟීමක් දැනෙනවා.අනිත් මිනිස්සු පෝලිමේ ගිහින් ඈත ඉඳන් වැඳලා යද්දී එහෙම ඇතුලටම අපි විතරක් යන එක හරි නෑ වගේ.එත් ඉතින් අනිත් අයත් හැඳුනුම්කම් වලින් ප්‍රයෝජන ගන්නවා නම් අපි විතරක් අවස්ථාව තියෙද්දිත් එහෙම නොකරන්නේ මොකද කියලත් හිතෙනවා.නිලූටයි එයාගේ ඥාති මාමාටයි පින්. :D

අපි ඒ ගෙදරින් දවල් කෑම අරන් වටපිට බලන්න ගිය.හරිම ලස්සනයි.ඒ ගෙදර තියෙන්නේ කන්දක් මද හරියට වෙන්න.වටේම තව කඳු ගැට.ඒ කඳු වලත් ගෙවල්.ලස්සන ගෙවතු,ඈත කඳු පෙළවල් තියනවා මීදුමින් වැහුන.කියල වැඩක් නෑ.අපි පේරාදෙණිය පාර්ක් එකටත් ගියා.එක නම් වැස්සෙන් තෙත බරි වෙලා.

hmmm.......ආයේ කොච්චර කාලෙකින් post 1 ක් දාන්න ඉඩ ලැබෙයි ද මන්ද.මාව එරිල ඉන්නේ strategic level එකේ.hehe. ඒ අස්සේ law entrance ළඟ ළඟ එනවා.හපෝයි.......මට බැරියෝ......
good night.take care buddies........ඔයාලගේ blogs වල comments දාන්නේ නැති එකට සමාවෙන්න.bye bye......

9 comments:

said...

අපොයි මාත් ඊයේ(2010-09-18) ගියා සමහරවිට ඇඟේ හැප්පිලා යන්නත් ඇති. පොත් ගැන සිහියෙන් ගිය නිසා වටේ පිටේ ඉන්න අය ගැන බැළුවෙම නැහැ :-D

poppy said...

Hehe.mamath poth wala sihiyen gihin goda denekge ange nam happuna thamaa.eth ithin dakkath anduna ganna baha ne!mama mona wageda kiyala wath oyala kawuruth dan naha ne...mama aaye poya dawase yanawa :-D great...

Jay said...

මමත් ඊයේ ගියා.. පොත් නම් තියේ එමට. සල්ලි තමයි නැත්තේ..
:D

poppy said...

Eka ne....mata job ekak karanakan iwasillak na...aaah.....

No One Knows said...

where do you go for P,F,BS?SAB,MIWSDO,ACHVRSEI,VRTLAIU,BSIC,EMA,MRCEYUR?

poppy said...

oh come on.....no one knows that.lol.& I can't tell......secret :)

වැඩබැරිදාස said...

එක්ස්පොග්‍රැෆික් එකෙන් ගන්නවට වඩා අඩුවෙන් ඇමසෝන් කැලයෙන් පොත් ගෙන්නගන්න පුලුවන්නෙ.මාත් ගන්න ගියේ ගනන් වැඩි නිසා ගත්තෙ නෑ හොඳ බාර්ගේන් පොත් නම් තිබ්බ අඩුවට ලබන පාර ගන්නව බාර්ගේන් වුනහම..

poppy said...

Mehema ne...mata credit card ekak na.aiyalage ewain poth aran aaye pay karana wada karadarai ne...nathnam laabai thamaa

වැඩබැරිදාස said...

ණයපත් කුමටද? ගන්නකො සම්පත් වෙබ් කාඩ් එකක්.

Post a Comment