අපේ තක්කඩි වැඩ



කවුරුත් කැමති නෑ නේ දුක්බර කතා කියවන්න.ඉතින් මම මේ පාර අපි කරපු තක්කඩි වැඩක් ගැන කියන්න යන්නේ.අපි කිව්වේ මේ මම, ප්‍රධානත්වය ගෙන, dazzled වත් හවුල් කරන් කරපු වැඩක්. අපේ අම්මලගේත් පූර්ණ සහයෝගය ලැබුන :)[මම ගොඩ කාලෙකට කලින් පොරොන්දු උනා මේක කියන්න...මතකද? ]

මම මීට කලින් ගිය institute එකේ තත්වය ඔයාලට කියල තියනවා නේ.... lecturersල කියල වැඩක් නෑ .නියමෙට උගන්වනවා.ඒ වගේම තමා canteen එකේ තේක..., දෙහි බීම එක..., උණු උණු rolls...,ඔක්කොම හොඳයි ,හැබැයි වැසිකිලි වල තත්වය තමා ඉවසන්න බැරි උනේ.අපි සති නෙමේ මාස ගානක් ඕක පැමිණිලි කළා.මුලින්ම Mr.Cute ට chit යැව්වා. ඊට පස්සේ එයාගෙන් ප්‍රතිචාරයක් නැති උනාම Mr.Sweet ට chit යැව්වා.එකෙනුත් වැඩක් උනේ නැතුවම අපි අපිට මාස දෙක තුනකට සැරයක් බෙදන feed back forms වල අපේ කන්නලව්ව ලියල යැව්වා.කිසිම පලක් උනේ නෑ.

මේ වෙද්දී මගේ ඉවසීමේ සීමාව පැනල තිබ්බේ. මේකේ තිබ්බේ toilets 2i, එකෙනුත් 1ක් ඕනේ වෙලාවක lock කරලා,(හදනවා ලු....)අනිකේ එක දවසක light එක වැඩ කරන නෑ.එක්කෝ showers ඔක්කොම leak වෙනවා.එලියට එද්දී ඇඳුම් ඔක්කොම තෙමිලා.එක්කෝ flush කරන්න බෑ.පෙළක් දවස් වලට මාර සුගන්ධයක් එන්නේ.අනික දොර වහන්න බෑ,කවුරු හරි තව කෙනෙක් අල්ලන් ඉන්න ඕනේ.

මේක මෙහෙම වෙන්න ඉඩ අරින්න බෑ නේ.අපි මෙච්චර ගානක් ගෙවල ඇවිත් මෙහෙම කරුම ගෙවන්නේ මොකටද කියල හිතල මම හිතා ගත්ත හොඳ වැඩක් කරන්න.මම එදා ගෙදර ඇවිත් ලිව්වා A4 කොලයක් අරන් notice එකක්.

"WASH ROOMS ARE UNDER CONSTRUCTION.....PLEASE USE THE STAFF WASH ROOM INSTEAD"

හරිම රාජකාරීමය විදිහට,print කළා වගේම ඇද කුද නැතුව block capitals වලින් ලස්සනට ලියල පාට කරපු
ඒක මම නැවෙන් නැති වෙන්න CR පොතක් ඇතුලේ දා ගත්ත. අම්මලටත් කිව්වා කරන්න යන දේ.එයාලට හිනා!!.

ඉතින් ඊට පස්සේ දවසේ කාටත් කලින් institute එකට ගිය මම dazzled ටත් වැඩේ කියල , කවුරුත් එනවදෝ නැද්දෝ කියල හෙමින් සීරුවේ බලල ඕක wash rooms වලට යන තැනම
ඇලෙව්වා.

ඊට පස්සේ හෙමින් සීරුවේ මාරු උනා.ඉතින් අරගොල්ලන්ගේ staff wash rooms වලට යන්න පෝලිමක් හැදෙද්දී මට අර දෙන්නගේ මූණ බලාගන්න තිබ්බ නම් කියල හිතෙනවා.හරියටම මොකද උනේ කියල දන්නේ නෑ....class ඇරෙද්දි අර දැන්වීම නම් අතුරුදහන්වී තිබුනා.මම ඉත සිතින් ප්‍රාර්ථනා කොලේ ඕක කවුරු හරි staff room 1 ට report කොරන්ට කියල. :D

ඒ වගේම ඊළඟ සතිය වෙද්දී wash rooms ආපසු යථා තත්වයට පැමිණියා.ඒ කිව්වේ අලුත් showers... අලුත් දොරවල්...flush වෙන toilets...cool..... :D

ඇයි දෙයියනේ ඔය වගේ දෙයක් කරන්න,අනිනකන් බලන් ඉන්නේ? මහා ලොකු දෙයක් නෙමේ නේ.....මොනවා උනත් ඊට පස්සේ නම් ඕකේ අපි වගේ තක්කඩි වැඩ කරන්න නැතුව ඇති කවුරුත්!hehe.

9 comments:

Gayan Tharaka said...

හික් හික්.
බලාගෙන ගියාම පොපී මාර තක්කඩි වැඩනේ කරන්නේ.
උවමනා උනොත් ඇඩ්වයිස් එකක් හෙම දෙනව නේද?

poppy said...

Dennam.no prob....thakkadi wadak nam poppyta kiyanna;-) lol

said...

සල්ලි නැති උනාම ලන්ඩන් වල ඇල්බට් අන්කල් වගේ ටොයිලට් එක අවුල් නම් පොපී :-D

නරක නැහැ වැඩේ

poppy said...

*blushing*hehe.maru upamaawa.... Eka ne... Dan okata yana lamai hari nam pin denna one apita! Lol.

Ru. said...

hifive machaaa.... I was practically dying to share this experience.. !!! our old friend anonymous , if he is still following us, could go and tell them that it was us who did it,,,lol lol lol (if they hadn't suspected already, that is..:P)

poppy said...

hehe.I don't think he's reading this anymore.....fed up with our unprofessional behaviour!!! I think they already know it's "us"... ;)

Dami Roxx said...

ha ha ha ... this was the first time that i read your blog .. its kinda interesting ... way to go Poppy ... all the best ... & i really love this post .. i guess i have to do the same thing to our class as well .. :P

poppy said...

Hehe.don't get caught doing it!btw what's ur class?

Dami Roxx said...

heya .. its AIMS college its with Gateway group .. ha ha ha ... they can never catch us .. :P

Post a Comment