සුභ උදෑසනක්!!!



මේ තියෙන්නේ අපේ වත්තේ පිපුන දම් පාට රෝස මලක්.අනිත් මලුත් අම්ම හිටවපු ඒවා.රතු මල මගේ...දහ අට වංගුවෙනුයි,රජ මාවතෙනුයි ගිය ගමන ගැන කියන්නත් තියනවා.oh!!ඇයි සොර බොර වැව!!!
....කොහෙන්ද පටන් ගන්නේ....ah...දැන් වංගු දහ අටක් නැහැ.තියෙන්නේ දහ හතයි.දහ අට අලුතින් පාර හදද්දී නැතිවෙලා ද කොහෙද.ඒක ආයෙමත් හදනවලු.ගමන නම් කියල වැඩක් නෑ.මම පිටිපස්සේ seat එකේනේ ගියේ.එකේ වීදුරුව හරිම පළල්.ඒක තියනවද කියලවත් මට මතක් වෙන් නෑ වෙලාවකට.ඉතින් වටපිට එබී එබී බලන්න ගිහින් දෙතුන් පාරක් නහය හප්ප ගත්ත.



අපි යද්දී ගියේ දහ අට වංගු පාරෙන්.ඒක හදනවා,දූවිලි පිරිලා.එත් ඒ පාර කෙටි ලු.අපි නතර උනේ හසලක.මේ කාලේ ගොවිතැන් නොකරන නිසා ඇළ වහල.ඉතින් අපි හිතන් හිටපු විදිහට නාන්න ලැබුනේ නෑ.අපි හිටියේ අපේ අයියගේ ගේ හදපු බාසුන්නැහැගේ ගෙදර.ඒ පැත්තේ අය නම් එයාට කියන්නේ මුදලාලි කියල.හරිම උත්සහවන්න කෙනෙක්.කොළඹ එද්දී මොකුත් බාස් වැඩක් දැන් නැහැ ලු.මෙහෙදී ඉගෙන ගෙන,දැන් එයා යටතේ ගොඩ දෙනෙක් වැඩ කරනවා.එන මාසේ ලක්ෂ 50 ක ඉඩමක් ගන්නලු ඉන්නේ.ඒ මුළු ගෙදරම tiled.හරිම ලස්සනට හදපු ගෙයක්.එයා කියනවා එහෙ මිනිස්සු හරිම කම්මැලි ලු.කුඹුරු වපුරන්න දවස් 10 ක් යයි ලු වැඩිම උනොත්.ඊට පස්සේ මාස ගානක් ඔහේ බලන් ඉන්නවා ලු.එතනින් එහා දෙයක් කරන නැති ලු...ඔහොම ඉන්නකොට හරියයිද අහනවා.ඇත්ත..




අම්පාරට යද්දී හම්බෙන අරන්තලාව හරිම ලස්සන පැත්තක්.හැබැයි දුක්බර කතාවක් ඒකත් එක්ක බැඳිලා තියනවා.අරන්තලාව භික්ෂු ඝාතනය...අපි එතන බලන්නත් ගියා.ස්මාරකයක් තියනවා.හරිම පාලු තැනක්.ඒ පැත්ත මේ රටේ පැත්තක් නෙමේ වගේ.ඈතට යනකන් තණ බිම් පේනවා.ඒවා සීමා වෙන්නේ කඳු වැටියකින්.මට අර කිරි දැන්වීම් වල පෙන්නන typical නවසීලන්තය මතක් උනා.හැබැයි quality සැහෙන්න බස්සල ගන්න වෙන්නේ,මොකද මෙහෙ තණ බිම් ටිකක් විතර කර වෙලා.අනික එකේ තණ කන හරක් කෙට්ටු උන්.ඒ ඇරෙන්න තණ බිම් වල තැන තැන ගල් තලා උඩ හදපු හමුදා බංකර් තියනවා. :)

අනික් කියන්න ඕනේ අත්දැකීම තම රජ මාවතින් ආව ගමන.ඒක හරියට need for speed ගේම් එකක සීන් එකක් වගේ.වංගු වංගු,කාර්පට් පාර,උස කඳු කපල ඒ මැදින් ගැඹුරට විහිදෙන පාර ආයේ ටිකකින් ගන කැලෑවක් මැදට වැටෙනවා.ඒ අතර හැමතිස්සෙම ජලාශ එනවා දර්ශනපථයට.....රන්දෙනිගල ජලාශය ළඟ අපි ගොඩ වෙලාවක් නතර වෙලා හිටිය.හරිම ලස්සනයි.ඒ පාර හරිම නිසංසලයි.smooth.මට ආයේ එකෙන් යනකන් ඉවසිල්ලක් නෑ.....අයිය මුලින්ම ඒ පාරේ ගිය දවසේ හිතුනලු......අම්මටසිරි,මම car එක හැප්පිලා මළාවත් ද?....මේ නම් ලංකාවේ සීන් එකක් වෙන්න බැහැ..... .කියල.hehe.සමහරවිට මම වැඩියෙන් කියෝනව කියල හිතෙන්න පුළුවන් ඒ පැත්තේ කෙනෙක්ට.එත් ඇත්තටම එක නම් ගොඩ කාලෙකින් මම විඳපු සුන්දරම අත්දැකීමක්!! photo ගන්න බැරි උන එක ගන දුකයි :( මොනවා කරන්නද.මට කැමරාවක් නැහැ නේ.




mmm සොර බොර වැව මට වැඩියෙන් ලස්සනට පෙනුනේ එතැනදී හදිසියේ හමුවී හදිසියේ වෙන්වී ගිය නාදුනන කැමරා ශිල්පියා නිසාද දන්නෙත් නෑ......lol. :D හැබැයි ඒකත් මාරයි.රාජාලියෝ,එක එක කොක්කු වර්ග,කුරුල්ලෝ පිරිලා.කුරුල්ලෝ මාළු අල්ලනවා සාමාන්‍ය දර්ශනයක්.එත් එක්කම බලන්න වටින්නේ එකෙන් වතුර පිට වෙන්න තනි කළු ගල කපල හදපු ඇළ මාර්ගය.එතනින් වතුර විදිනවා වගේ පෙන්නේ.so fast.මිනිහෙක් වැටුනොත් නම් මලා.ඉතින් ඕවා ටික ඇරෙන්න වෙන දෙයක් නෑ.අම්පාර නම් වේලෙනවා.කට්ට අව්ව,හුලන් පොදක් නෑ.පුදුම වධයක් වින්දේ එහෙ හිටපු පැය කිහිපයට.බලන් යද්දී අපේ අයියට පදියතලාව නෙමේ,උහන MOH ලැබෙයි වගේ.....තාමත් sure na.මේ දවස් වල එයා කළුතර යනවා පුහුණුවකට.

ඉතින් එච්චරයි.දැන් ඉතින් මට home work තොගයක් තියනවා කරන්න ගොඩ ගැහිලා.දුවන්න ඕනේ.bye bye ඔයාලට.take care.....

8 comments:

malee_msg said...

අගක් මුලක් නොතේරුනාට ලියලා තියන විදියට ආස හිතු‍නා.. මං ඔය පැති වල ගිහින් නැහැනේ ඉතිං... දුක තමයි..!

poppy said...

මලා!මට අමතක උනා නේ මුල කතාව.මේ post එක මම මීට කලින් දැම්ම english post 1 ත් එක්ක බැඳුන කතාවක්.මේකේ මෙලෝ දෙයක් තේරෙන් නෑ තමා මුලින් ඒක නොකියවා මේක කියෙව්වොත්.මෙහෙමයි .අපි දවස් 2 ක trip 1 ක් වගේ එකක් ගියා අම්පාරේ .මේ ඒ කතාව.මම හදිස්සියෙන් ලිව්වේ.වැඩ ගොඩයි නේ...

Anonymous said...

එක නම් ඇත්ත මුලින් නම් මොකවත් තෙරුන් නැ... කමක් නැ ඉතින්,, ලස්සනට ලියලා නම් තියනවා.. :)

poppy said...

:D thank u thank u....hehe.ehema thama.mama kiyana ewaye aga mula galapa ganna tika wela yanawa .....

හිස් අහස said...

මම මේක කාටවත්ම නොකියන්න හිතාගෙනයි උන්නේ. මගේ ගමට තමා poppy ඇවිල්ලා තියෙන්නේ මට මාර සතුටුයි අම්පාර ලස්සනයි නේද ?

අරන්තලාව ගැන නම් කතාකරන්න එපා ! මම අකමැතිම පැත්ත

ජයවේවා අම්පාර !!!!!!!!!!!!

poppy said...

Ohe me dawas wala hawasata wahinawada?samaharawita eka nisa wenna athi,harima rasnei.a nisa poddak withara tharaha giya.eth a paththa lassanai.api ampara wawa langath goda welawak hitiya.current wata daala nisa athulata giye na.current nam dan nathi lu.eth bayai wage :-)

හිස් අහස said...

පොපීල ඇවිල්ල ගිය නිසාද මන්දා ඔන්න අද වැස්ස පටන්ගත්තා . මේ දවස්වල අම්පාරට සීතලයි . ඔයා සීතල කාලේ තමයි ඇවිල්ල තියෙන්නේ . අම්පාර වැව නම් මාර ලස්සනයි .ජපන් සාම චෛචිය එහෙම දැක්කේ නැද්ද ? ඒකත් වැව ගාව තමයි තියෙන්නේ .

වැටක් ගහල තියෙන්නේ අලි එනවා හෝ ගාල ඒකයි . හැබැයි ඒ වැටේ කරන්ට් එක දවල්ටත් නෑ රෑටත් නෑ . අලි එනවා වැටෙන් පැනලා .

ආයේ අම්පාරේ එනවනම් කියන්න අපි තොරනක් ගහල පිලිගන්නම් :-)

ජයවේවා !!

poppy said...

Wassata kalin thadata paayanawa ne,apita a welawa ahu wenna aththe...pansalak nam click na,wawa langa loku dewalayak wage ekak nam thibba.:-) ane thoran epa.hehe.aaye ohe aawoth ape aiya thamaa.mama aasa arugambay ,paasikuda,nilaweli yanna.december yanna one

Post a Comment