candle light -studying


හත් දා නියං එක දා වැහි වලාව වගේ මේ පාර හත් මාසයකින් විතර පහුවෙලා ආව වැස්ස වහිනව ආයෙ නැති වෙන්නම....අකුණු ගැහුව විදිහට මට හිතුන මම ඉවරයි කියලම.හෙණ ගහන වැඩනෙ ඉතිං මම normally කරන්නෙ.hehe

hmmm btw my uncle gave me those huge candles,so thought to use it for something useful....studying......EM lecturer,our darling sir told us last week,unless we score 40% he won't let us enter the revision!!Grrr.meyala okkotama eka lede bo wela wagee.exfluenca (exam-influenca)

මේ දැන් හරිම සංවේදී සිද්ධියක් උනා.අපේ ආච්චි මම අපේ ලොකු අයිය කියල වරදවා වටහාගත්ත නොවැ!අනේ පව්.මම ඉතිං ගෙදරට ඉන්නෙ කොට කලිසමයි ටී ෂර්ට් එකකුයි ඇඳන් නෙ.currentගිහින් ඉටිපන්දම් පත්තු කරන් ඉන්නකොට ඒ අඳුරෙ මාව දැකපු ආච්ච්

"අනේ මේ මයෙ ලොකු පුතා නේද?කෝ දුව?අනේ මගෙ හිතට හරි සැහැල්ලුයි....මම බයේ හිටියෙ ආයෙ දැක ගන්න බැරි වෙයි කියල..මගෙ රත්තරන් කොලුව.."
ආච්චි මගෙ දෑතම අල්ලන් ඉම්බා.මමත් ඉතිං මම අයිය නෙමේ කියන්න ගියෙ නෑ.එතනින් වාඩි වෙලා ඔලුව අත ගෑව.ආච්චි අහනව කොච්චර කල් නිවාඩුද කියල.මම කිව්ව( පුලුවන් තරන් කොලු කටහඬක් ආරූඪ කරන් )මාසයක් විතර කියල.හරි සැනසීමෙන් නිදාගත්ත ඊට පස්සෙ.තාමත් නිදි.හ්ම්....පව් අනේ.

ආහ් තව ඉතා ප්‍රීතී ප්‍රීතී ආරංචියක් තියනව!!මගෙ බර කිලෝ5ක් අඩු වෙලා...hurrah....yahooooo....!!!!!!!!අයියට ඕක කියල sms කලාම එයා කියනව,ah ok then,race has begun.lets see who's going to reduce weight first!කියල...එයත් dieting නේ.....හීහී..& i'm going to win that race;)

29/03/2010-Mගෙ උපන් දිනය...

දැං මට හිතේ කරදරයක් නැතිව සිංහලෙන්ම post කලහැකි.'ම' කියල දුන්නා mini opera වලින් සිංහල අකුරු පේන්න settings හදාගන්න හැටි.ඉතිං ආයෙ dazzled ගෙන් බැනුම් අහන්න ඕනෙත් නෑ.
අද මුල් ටික නම් එපා වුනා.උදේ Mr.cute ගෙ mock exam1 නෙ.හපෝ.ඒක ඉවර වෙද්දි බාගෙට මැරිල.අපි ඉතිං සාකච්ඡා කරල තමා ලිව්වෙ නම්....hehe.එහෙම ලියලත් ප්‍රශ්න පත්‍රයෙ බාගයක් විතර හිස්.

හැබැයි ඉතිං ඊට පස්සෙ ටික නම් හොඳා.:) අද M ge(අපේ යාලුවෙක්) උපන් දිනය නිසා එයාගෙන් පොඩි treat1ක් තිබ්බා.MC එකට ගිහින් ටිකක් කැරකි කැරකි ඉඳල,pepperz එකෙන් බත් කාලා,.(බිල Mට),(කාල ඉවර වෙද්දි roots එකේ අලි අයිස් ක්‍රීම් එක කන්න බඩේ ඉඩ මදි. ඉතිං කෑවෙ නෑ.... Mගෙ වෙලාවට...)ආයෙ කාපුව බහිනකන් වටේ ඇවිද ඇවිද ඉඳල,අයිස් ක්‍රීම් ඕනෙමයි කියලා පස්සෙ හිතුන නිසා එතන කාර්ගිල්ස් එකෙන් කොනෙටෝ කෝන් අරන් කෑව.(ආයෙමත් -බිල Mට)hehe.

මගෙ උපන් දිනේටත් මුන් මේ වගේම බිලක් දාවි නේද කියල මතක් වෙද්දි නම් බයත් හිතුනා.lol.වෙලාවට Birthday1 එන්නෙ අවුරුද්දට එක පාරයි...අනේ මමත් පෙබරවාරි 29 ඉපදුනානම්...එහෙනම් අවුරුදු හතරකට සැරයයි.වැඩේ හරි ලාබයි!

ගෙදර ආවෙ දැන් ටිකකට කලින්.පාඩම් කරන්න කලින් සටහනක් දාල ඉන්න ඕනෙ කියල හිතුනා.අපේ අම්ම තමා වැඩේ කෑවෙ මට කම්පියුටරේ දාලා අයිය online ද බලන්න කියල.ඉතිං ඒ වෙලාවට මට හිතෙනව මොනව හරි ලියන්න....

නයිටිංගේල් කිරිල්ලිය සහ රතු රෝස මල


එකමත් එක රටක විසූ තරුණ සිසුවෙක් ඔහුගේ නගරයේ සිටි රූමත් තරුණියකට ආලය කලේය.ඇය මුණගැසුනු දිනෙක ඔහු මෙසේ කීය.
''මම අද රෑ නැටුමකට සහභාගී වනවා.මම කැමතී ඔබත් මා සමඟ එනවා නම්''
නමුත් තරුණිය හිස වැනුවාය.
''මට අද නැටුමට එන්න බැහැ.මට එක රතු රෝස මලක් වත් නැහැ.මම ගිය සතියෙ නැටුමකට ගියා සුදු ගවොමෙ රතු රෝස මලක් රඳවාගෙන,හැම දෙනාම කිව්වා-ඔබ ඉතාම රූමත්- කියලා.මම හරිම සන්තෝෂයට පත් උනා.''

එය ඇසූ තරුණ සිසුවා මෙසේ කීය.
''මම ඔබට රතු රෝස මලක් ගෙන එනවා.ඒ වගේම ඔබව නැටුමටත් රැගෙන යනවා..''මෙය ඇසූ රූමතියද ප්‍රීති වූවා.

සිසුවා ඔහුගේ උද්‍යානයට ගියේය.එහි සෑම අස්සක් මුල්ලක් පාසාම සෙවු නමුදු එහි වූ රතු රෝස මලක් නම් නැති.වෙහෙසට පත්වූ ඔහු බංකුවක වාඩිවී හැඬුවේය.''ඇය අද මා හා නැටුමට එන්නේ නෑ.ඇයට දීමට මා සතුව රතු රෝස මලක් නැහැ.''ඔහු සුසුම් ලෑවේය.

මෙය අසා උන්,අසල ගසක වැසූ නයිටිංගේල් කිරිල්ලියකි.ඈ කලක පටන් මෙම උද්‍යානයට පැමිණෙන සිසුවාට ආලය කලාය.ඇය මෙසේ කීවාය

''ඔහුගේ සුන්දර ඇස් හැඬීමෙන් රතු වෙලා.මම ඔහුට රතු රෝස මලක් ගෙන එනවා.''

ඇය බොහෝ දුර පියාඹා,සුවිසල් උද්‍යානයකට ඇතුලු වූවාය.එහි එක් රෝස පදුරක් විණි.එනමුදු එහිද තිබුනේ නොපිපි පොහොට්ටු කිහිපයකි.රෝස පඳුර ගීත ඇසීමට ප්‍රිය බැව් ඈ දන්නීය.

''ඔබ කැමතිද ගීතයක් අසන්නට?''
''ඇත්තෙන්ම කැමතියි''පඳුර කීය.
''ඒ වෙනුවට ඔබ මට රෝස මලක් දිය යුතුයි.''
''පළමුව මා වෙනුවෙන් ගීයක් ගයන්න..අනතුරුව මම ඔබට මලක් දෙන්නම්.''

නයිටිංගේල් සුන්දර ගීයක් ගැයුවාය.අනතුරුව ඈ කීය
''දැන් මට ඔබෙන් රතු රෝස මලක් ඕනෑ.''
''ඒත් මගේ ලඟ රතු රෝස නැහැ නොවැ.තිබෙන්නේ සුදු රෝස පමණයි'' පඳුර පොහොට්ටුවක් විදහාලීය.එය හිම මෙන් සුදු පැහැතිය.

කිරිල්ලිය දුක් වූවාය.''මම සිසුවාට ආලය කරනවා.ඔහුව සතුටින් තැබීමටයි මට ඕනෑ.මම ඔහුට කෙසේ හෝ රතු රෝස මලක් දිය යුතුයි.''

පිපී තිබූ අලංකාර සුදු රෝස මල අසල තිබුණේ උල් රෝස කටුවකි.ඉහලට පියෑඹූ ඇය,එම කටුව තම ළයට ඉලක්ක කර නැවත පහලට පියාඹා ආවාය.ළය පසාරු කල කටුව ඈ තම හදවත තෙක් ඇතුල් කිරීමට ළය කටුවට තද කලාය.ඒ හා සිදුරින් ගලා ආවේ රතු රුධිරයයි.වේදනාව ඉවසාගත් ඇය රුධිරය රෝස මලට වැටෙන්න ඉඩ හැරියාය.
''දැන් රෝස මල රතුයි''

එය රැගත් කිරිල්ලිය වහ වහා තරුණයාගේ නිවස වෙත පියෑඹුවාය.දුර්වල මුත් කෙසේ හෝ ඔහුගේ කාමරයේ ජනේලය වෙත ලඟාවූ ඈ එහි පඩියෙන් රෝස මල තැබුවාය.අනතුරුව ජනේලයට හොටින් තට්ටු කලාය.සිසුවාගේ ඡායාව දකිනවාහාම ඈ පඩියෙන් ඇද වැටුණාය.ඇය මිය ගොස් තිබිණි.කිරිල්ලියගේ සිරුර පහල වීදියේ පතිත විණි.

සිසුවා ජනේලය හැරියේය.
''කවුද මේ ලස්සන රතු රෝස මල මෙතනින් තිබ්බෙ?''
විමතියට පත් වූ ඔහු ඉමහත් ප්‍රීතියෙන් ඇසීය.

අනතුරුව ඔහු වේගයෙන් තම රූමතියගේ නිවෙස වෙත දිව ගියේය.
''මම ඔබට රතු රෝස මලක් ගෙනාවා!!!''

රූමතිය ඕනෑවට එපාවට මෙන් එදෙසට යන්තම් බැල්මක් හෙලුවා පමණි.
''මට ඕක දැන් ඕනෑ නෑ.ඉතාමත් පොහොසත් තරුණයෙක් මට වටිනා ආභරණ ගොඩක් තෑගි කලා.ඒවා ඔය මලට වැඩියෙන් ලස්සනයි.මම අද නැටුමට යන්නේ ඔහු සමඟයි''
තරුණයා දුක්බරව නැවත නිවෙසට ගියේය.ජනේලය හැර දැමූ ඔහු කෝපයෙන් රෝස මල ඉවතට විසි කලේය.එය පාවී ගොස් මිය ගිය කිරිල්ලියගේ සිරුරමත පතිත වුණි.

එක්වරම පැමිණි අස් රියක රෝදය කිරිල්ලියගේ සිරුර හා රෝස මල තලා දැමීය.අසලින් ගිය මිනිසුන් එදෙස බැලුවේ පිළිකුලෙනි.

''අපේ පාරවල් නම් හරිම අපිරිසිදුයි.බලන්න අර මැරුණ කුරුල්ලාඒ මදිවට කිලුටු වෙච්චි මලුත්!''
ඔවුහු ඉවත බලා එය පසු කර ගියෝය.
--නිමි.

මේක පුංචි ළමා කතාවක්.පරිවර්තනය මගේ.පව් නේද කිරිල්ලිය??

hapoi matath wechcha deyak...!!


One can be a bit stupid.we all do stupid things nah...but I don't know how can one make such a silly,mad,stupid,gon,booru mistake......And...that 'One' is me...!!

poppy changed her surname neh.now it's poppy chatterjee.but that very same day I made a very..... fatal mistake.now,after reading this anyone's free to call me poppy + any surname that comes to your mind.

I was really sleepy & tired that day.Had to prepare an excel document,my bro's loan repayment details...so it was nearly midnight when I finished it.then saved it as -book3-,in my documents.then composed a new mail.attached that document...sent it to my bro,who's living in aus.

After one days,I saw a reply from my bro.I opened it.it said.

'heh heh
you sent the wrong attachment I guess - but the one attached looks impressive :D'

my godness!! I checked the sent items...what's so impressive....?????shit.SHIT!!!!then I found it.Grrr.do you know what was attached with that mail?lol. my blog backup!!!!

I felt my hands shaking,my body shivering,knees trembling...then I wanted to hide my head(filled with mati)some where....(like the ostrich above)lol.
you know why I've done such a mistake?that document was saved as 'book3',& the backup was 'blog 03....'or something similar.just after seeing the 'B' & '3' I've attached this.

So...my dear brother now knows about all my 'hora wada',katti paneem,horen film baleem,crushes.lol...& specially about my 'Ex'.I really really wish he won't be mad at me,just forgive me......hmmm...seems like my 'silly nonsense' type posts are over :(

dazzled says I've done a very brave thing.lol.but one thing she's posted in her blog is true.now I'm trying to avoid my brother in everyway I can!! I'm scared....worst thing is he didn't reply to my last e mail*crying*

oh brother!!!

Hum Tum


කවුද අද TV එකේ ගිය Hum Tum චිත්‍රපටිය බැලුවේ??ම්ම්....හරි ලස්සනයි.හිංදි චිත්‍රපටි අතාත්වික උනාට හරිම සුන්දරයි.තේරුම දැන ගත්තෙ අදයි හරියට.ගිය පාර බැලුවෙ උප සිරසි නැතුවනෙ...මට හිංදි වැටහෙන්නෙ නෑ:(

දැං වෙලාව පාන්දර1.36.post වල auto timeවැටෙන විදිහ තේරුම් ගන්න බෑ.optionsවලින් හරි වෙලාව දැම්මම post1 schduled ගොන්නට වැටෙනව!!

නිදාගන්න කලින් post1ක් දාන්න හිතුව.මම youtube එකෙන් merlin බැලුව එකේ ප්‍රතිඵල ඇවිත්! limit පැනලා රු.800කටත් වැඩියෙන්!! :D අම්ම මාව කෑව!

හම් තුම් ගැන කියනවනම්,ඒකෙ කතාව ඇත්ත,ජීවිතේ දිගමත් නෑ,ඕනැවට වඩා කෙටිත් නෑ.ඉතිං ඉන්න කාලෙ සතුටින් ඉන්න ඕනෙ.කෙනෙක්ව වරදවා වටහා ගන්නෙ,තරහ වෙලා ඉන්නෙ,ආදරේ කරන අයගෙන් වෙන් වෙලා ඉන්නෙ ඇයි?

එහෙම වුනොත් නම් තේරේවි ජීවිතේ හරිම කෙටි බව....

poppy the witch!

my buddy D calls me witch now!cos I told him that I like witch type big rings!!hehe.but I feel bad last night I was so annoying,think made him frustrated.lol.poppy was so bored yesterday no,so she logged on skype,to have a chat with daz or D.dazzled wasn't there.but D caught in.hehe.I should change my surname-poppy chatterjee!!

So...surnames...you know,Mr.cute's torturing us with a renewed spirit those days.his attitude has changed.Grrr.he doesn't let student enter the lecture hall unless they've done their home work.so it's resulted in 3students calling me,yesterday night.asking me to read out my answer!!copy pasting.lol.as Mr.cute's making us feel like slaves,we thought of changing his surname too,to something like rajapain.....(royal pain in ass)......hehe.

You know even my friend's call me a witch sometimes.I like necklaces with beads,rings with big stones,colourful dresses,or just simple black dresses... one day,when we were in the institute's lunch room,dazzled looked at me as I walked away from our table-hey you look like a witch today!!-well there's a similar word to witch,starting from B ne,so everybody looked at me,wanted to see the *itch .lol. I nearly killed dazzled!!

today's my cousin sister and best friend( I have about5best friends!! ) ish's birthday.i'm planning to buy her a hand bag...

so...hoping Mr.cute won't try to make omlettes from our brains today.I'm stopping... and I wish D won't go offline as soon as he sees i'm online again.lol.

take care everybody.c ya

btw today's 19th of march.I can't change post options.when I put the correct time and date,the post can't be published.it goes to the scheduled posts!!

loving yourself...



"I learned to love myself, because I sleep with myself every night and I wake up with myself every morning, and if I don't like myself, there's no reason to even live the life,"

this how Gabourey Sidibe (the star from the oscar winner movie-'Precious') answered to people who criticised her looks.well that's the quote of the week!!I really appreciate her nerves..but she can do with some weight loss.cos you have to live to love yourself!!

was reading yahoo news & this came accross me....thought you will find it interesting too.& ofcourse,will start loving youself...!!:)cos look doesn't matter...the person behind it does.....

කුතුහලය..curiousity


මට මේ ටිකේ ඔය වචනය හරියට ඇහෙනව.මට හිතෙන විදිහට ලංකාවෙ තමා වැඩියෙන්ම කුතුහලයෙන් පෙලෙන මිනිස්සු ඉන්නෙ.මේ සිකුරාදා මට උන වැඩෙන් තමා හොඳටම ඕක තේරුනේ.අර කැළණි පාලමට එහා හෝල්ට් එකේ බස් එක නවත්තන් ඉන්නකොට මමත් ඔහේ පාරෙ එහා පැත්ත බලන් හිටිය.

එතකොටම අර පහල එක ලඟ තියෙන ගෙයකින් ලඟින් ඉහලට නගින පාරකින් උඩට මතුවුන, කිලිටි යට ගවුමක් ඇඳන් උන්න පොඩි දැරියක්, පොඩි වට්ටියකුත් අතින් අරන් ඒ පැත්තෙ උන්නු සෙනඟ මැද්දෙන් රිංගමින්,එක අතකින් ඇස් දෙකත් පොඩි කර කර කොහෙද යනව.
මට හිතුනෙ ඒ ලමයා හිඟන ලමයෙක් වෙන්න ඇති කියලයි.ඔය වගේ ලමයින්ගෙ අම්මලා ලමයින්ට අල්ලන් ගහන හැටි මම දැකලා තියනව.ලමයා ඇස් දෙක පොඩි කර කර යන නිසාත් මම හොඳට බලාන උන්නා ඊළඟට මොකද වෙන්නෙ කියල.

ලමයා දැන් පාරෙ එහා පැත්තෙ මට සමාන්තරව වගේ ඒ වෙලාවෙ.අතරින් පතර බස් යන නිසා මමත් යන්තම් ඉස්සරහට පිටිපස්සට බර වෙවී තමා ඒ පැත්ත බැලුවෙ.

ටික වෙලාවක් යද්දි මට තේරුණා මගෙ වම් පැත්තෙන් වාඩි වෙලා ඉන්න මාමාත් මම බලන දිහාවම හරි උනන්දුවෙන් බලන බවත්,ඒත් තාම මම මොකක් දිහාද බලන්නෙ කියල තේරුම්ගන්න බැරුව ඉන්න බවත්.මම ඒත් ඒක වැඩිය ගනම් ගත්තෙ නෑ.

ඒ වෙද්දි අර අඬ අඬා වගේ ගිය දැරිය බස් එක තිබ්බ තැන පහු කරන් ගිහින්.ඉතිං මෙයා මේ කොහෙද යන්නෙ කියල බලාගන්න ඕනෙ උන මම ටිකක් පිටිපස හැරිල ජනේලෙන් එලිය-ඒ දැරිය ගිය දිහා ඈත බැලුව.දන්නවද එයා කොහෙද ගියෙ කියල??මල් කඩන්න!!නැගිට්ට ගමන්,නිදාගෙන උන්න ඇඳුම පිටින්,ඇස් පොඩි කර කර නිදිමතේ වැනි වැනි යද්දි කවුද හිතන්නෙ මේ පාන තියන්න මල් කඩන්නයි යන්නෙ කියල!!(අපේ අම්ම මටත් කියනව උදේ නැගිට්ට ගමන් එයා ඉස්සරහට එන්න එපා කියල.මෝහිනී වගේලු.අමු මූසලයි ලු.lol)
මරු වැඩේ උන ඊට පස්සෙ.මම මේ දැරිවි මල් කඩන දිහා බලන් ඉන්නව.මට වමේ ඉන්න මාමා සීට් එකෙන් බාගෙට ඉස්සිලා පිටිපස්ස හැරිල මම බලන් ඉන්න දිහෑ එබි එබි බලනව.

වැඩේ වැරදි පැත්තට යන බව තේරුණ මම ඉක්මනට හරි බරි ගැහිලා කෙලින් ඉඳගත්ත.ඒත් වෙලා ඉවරයි ඒ වෙද්දි ඔක්කොම.අපිට පිටිපස්සෙ සීට් එකේ දෙන්නයි,ඉස්සරහ සීට් එකේ දෙන්නයි ත් හැරි හැරි පිටිපස්ස බලනව.මෙන්න බොලේ ටිකකින් බස් එකේ දකුණු පැත්තෙ පෝලිමම හැරි හැරි පාරෙ එහා පැත්ත බල බල,මේ කුතුහලයට මුල් උනු දේ හොයනව.මට කරගන්න දෙයක් නෑ.මම විතරක් ඉස්සරහ බලන් ඉන්න එක හරි නැති නිසා මමත් බැලුව.ඒත් ඒ වෙද්දි කෙල්ල ගෙදර ගිහිල්ලද මන්ද එතන හිටියෙ නෑ.

'මොකක්ද අනේ?'
'හැප්පිලා ද?'
'මොකක් දිහාද අනේ හැමෝම බලන්නෙ?'
'කවුද?'
ඔය වගේ දෙබස් හතර වටෙන් ඇහෙනව.දැන් දකුණෙ අය බාගෙට ඉස්සිලාත්,වමේ අයගෙන් බාගයක් විතර හිටගෙනත් එලිය බලනව එබි එබී.
වෙලාවට එතකොටම බස් එක ආයෙ ගමන ආරම්භ කලා.මේ රසවත් සිද්ධිය මොකක්ද බලාගන්න බැරි උන අය දුකින් ආයෙ ඉඳගත්තා.මගේ වම් පැත්තෙ හිටිය මාමා 'මොකක්ද අනේ?' අහන්න වගේ මගේ දිහා බලල ඔලුව වැනුව.මමත් කට බෙරි කරල ඔලුව පාත් කරල 'අනේ මන්දා..'පාට් එකක් දැම්ම.

ඔන්න ඔහොම තමයි ලාංකිකයන්ගේ කුතුහලය.බොරු නම් ට්‍රයි කරල බලන්න ඔය වැඩේ.hehe.

********************

I hear this word'curiosity'often those days.I think Srilankans are 'the' most curious ppl in this world.I knew this from an incident I faced last friday.

I was in the bus when it stopped at the holt near Kelani bridge.I was really bored & looked outside from the window(rights side window,which's on the face of main road)
then I saw a scene which took all my attention...
I saw a lil girl,who appeared from one house under the bridge area,wearing dirty rag like petticoat,there was a small cup in her hand.she was pressing her eyes as if she was crying.I was curious...I've seen some 'beggar'parents hit their children very rudely.

she was walking parallel to the bus,then she passed the bus.I had to move forth&back a little cos there were lots of other vehicles passing between her & my window.to have a clear viewe,I turned back & looked at where she's going.
Do you know where did she go.well...to pick flowers!!lol.who knew it's a normal girl(not crying but rubbing her eyes sleepily)who's still wearing her night dress goes to pick flowers to worship at that time!

best thing happened after that,the old uncle who was sitting next to me is now looking at where I'm looking curiously with a doubled curiousity!he was almost standing up & looking back.realizing what's going to be happen is not that good,I sit down properly.but it's done.within five minutes whole right side row were sitting half upright & looking back,searching for the 'happening thing'.
'what's going on?'
'is it a crash?'
'what men?what's everybody looking at?'
that's some of what I heard.luckily bus started within next five minutes...
everyone settled down,some hopeless,unable to see what was that curious thing.
then that uncle looked at me with an expression of 'what was it?'
well...then I replied with another 'actually...I don't know..'kind of expression.lol.

typical Srilankans.You can also try this if you won't.lol.I'm not lying....

too hot!

hellooooooooo....it's poppy again....talking about rain & sun & heat & complaining about busses in srilanka!well I went to the CIMA division at Narahenpita today.from Bambalapitiya to borella by154,then 103 bus.darling M went with me.I felt sorry for her.I can go home within 1.30 hours but she has to spend almost 3 hours in the bus nah...

I felt like a boiled & mashed potato after 'escaping'& dragging myself off the bus!I feel so wretched&poor when I remember I have to bear this until I buy myself a car!handed the draft to the CIMA office.then search everywhere to have a cool highland chocolate milk bottle & found none..aaaaah but there were 'two final lucky' bottles in that famous pettah boutique!!mmm yum.

I was really shocked when I discovered that girl(crazy & funny)who's always sitting in the middle of D & E is a 2009 November Srilankan prize winner!!gosh!!couldn't beleive my eyes when I saw her photo at CIMA division!wow.she's great....felt ashamed of myself....if she could why can't we??

mmmm....what else....well there's nothing else.actually nothin worth to write.I found this weird photo of'Lady Gaga'when I was searchin for her new songs.

man she's mad!!I had to edit it a bit cos I can't put it without editing.she was half naked.I really liked her 'papparazi' song & that'Poker face' track.ane manda.her name suits her!gaga.paw ane.I don't know why ppl wear things like this.pissu double.studded with diamonds....but it's still a lobster!!lol.oki then.must go now......sleeeeepy.zzzzzzzzz.byeee........hugz.

පිරිහීම සහ තවත් ෆොටෝ

මේ සටහන වෙන් වෙන්නෙ 'මගේ මරණයට'සහ සියලුම මද්‍ය පානය කරන්නන් වෙතයි.ඇයි දැම්ම ඉඳන් ඕකට ඇබ්බැහි වෙන්නෙ?for an example බලන්න අපේ තාත්තා....
දැන් ගැලවෙන්න අමාරුයි.නතර කරන්න උවමනාව තිබ්බත් බෑ.වෙව්ලනව.දැන් තාත්තා ට්‍රයි කරන්නෙ අරක්කු වෙනුවට බියර් බොන්න.අපි එයාගේ උත්සාහය සාර්ථක කරගන්න තව දිරි දෙනවා.ඇයි ඉතිං ඔහේලා නතර කරගන්න පුලුවන් කාලෙ උත්සාහයක් ගන්නෙ නැත්තෙ?ඈ??

මේ තියෙන්නෙ ගිය පාර අයිය ආවම ගත්ත ෆොටෝ එකක්.මරු කොණ්ඩෙ නේ?I love it.




මේ අලුත් ග්ලූකොමීටර් එකක් ලැබුන දවසෙ ඒක ටෙස්ට් කර කර කරපු මැටි වැඩක්!



මෙන්න අපේ ගෙදරට යන පාරෙ මහ නියර සහ වෙල් යාය.ඕක ගත්තෙ උදේ පන්ති යන්න දුවන ගමන්.hmmm.මම හරි ආසයි පාන්දර වෙලට යන්න.ඉස්සර ගියා.දැන් යැවෙන් නෑ.



ෆොටෝ ඉවරයි.මට කම්මැලියි*yawn*ඒකයි මේ ටික දාන්න හිතුනෙ.දැන් දුවන්න ඕනි ගෙදර වැඩ කරන්න.නැත්නම් මාව පන්තියෙන් දොට්ට දමාවි.k then.good night everybody.....sweet dreams...

Dad's cake


මෙන්න මම හදපු රසම රස කේක් එක.It may look bit gross,but tastes alright.මම අතින් නෙ අයිසිං කලේ.actually I did the icing using fingers!!අපේ ගෙදර නොසල්1ක් නෑ.අනික ඕක බාපු ගමන් අතත් පුච්චන් හරහට දෙකට කැපුව සැන්ඩ්විච් කරන්න.ඊට පස්සෙ නිවෙන්න කලින් අයිසිං කරන්න ගිහින් අයිසිං දිය කරගත්තා.මට ඉතිං ඉවසිල්ලක් නෑනෙ.මගෙ තියෙන ලොකුම දුර්වලකම.hmmm.හැබැයි මා....ර රසයි.decorate කලේ pop-it වලින්.දැන් තාත්තට 61 ක්!

මේක දැක්කම නම් කන්න හිතෙන් නෑ තමා.lol.ඒත් අපි තුන්දෙනා විතරයි අද කේක් කපන්න ඉන්නෙ.මමයි තාත්තයි අම්මයි.:)ඉතිං කන්න පුලුවන් නම් එච්චරයි!& btw...don't count anything by it's appearance!!hehe

it's a birthday!!! 2010/03/11

today's my father's birthday.so I'm going to make a huge,lovely,tasty,rich,delicious chocolate cake!!!!

එයාලා දෙන්නම අද ගියා මඟුල් ගෙදරක.ඉතිං මමයි මාමාගේ දුවයි එකතු වෙලා තමා තමා ඉව්වෙ,ආච්චිව සේදුවෙ.දැන් දුවන්න ඕනෙ කඩේට,කේක් එකට බඩු ගේන්න.හදලා photo1ක් දාන්නම් රෑ වෙලා.So dad.....wish you a veryyyyyy happy birthday!!hug.

මගේ අයියා-වනආටු2 -My brother-Vanuatu2



මේ ඉන්නෙ මගේ අයිය බබා වනආටු වල ඉන්නකොට අක්ක බබී ගත්ත ෆොටෝ එකක්.ඔය ඉන්නෙ කොණ්ඩෙට braids දාල.අයියගෙ කොණ්ඩෙ ඉණ ලඟට වෙනකම්ම වගේ දිගයි.ඉතිං එහෙ දූපතේ අය ඕක ගොතනකන් වටේම සුද්දො සෙට් එකක් බලන් ඉඳලා.එයාට මෙහෙ ආවමත් කොණ්ඩෙ නිසා මාර සැලකිලි.media පොරක් කියල හිතන්නෙ.ටිකක් වසන්ත දුක්ගන්නාරාළ වගේනෙ.හැබැයි ඊට වඩා ලස්සනයි අපේ අයිය නම් :D
අනික් පින්තූරෙ නම් ගිණිකන්දෙ.රෑ නිසා පැහැදිලි මදි.

Merlin!!

watched merlin today.3episodes in one day!!i'm gonna be in trouble when the ADSL bill comes!well i'm only allowed to use 1GB per month neh.but it's worthy.it's my friend dazzled who told me about this funny,magical,romantic TV series.she's somehow managed to download it in to 3DVDs,& came to my place to have 'a great day' ,which actually turned out to be a disaster.it's my PC-my cheap,sick,old junk of metal which ruined our day.we couldn't watch it.there was something wrong with that DVD,file format or the player in my PC & unable to play it.hmmm.so after having the lunch,I went to her place,had a creamy iced coffee,then came back home.but today wasn't that bad,cos I found merlin from youtube,then with my cousin sis I watch first three episodes!!it's really cool.really funny.I like that cute guy who plays merlin's role.and ofcourse,that handsome prince Aurther!just search youtube & watch one episode.dazzled told me that it's also broadcasting in ETV or something.we don't have a TV in our house.so I don't know exactly:)enjoy !!gud nyt everybody.hugs.zzzzzzzzz

p.s.-pray for rain!!:) tc

ද සොයිසා රෝහලේදී.

නම මොකක්ද?-.......
වයස කීයද?-දාසයයි.

ඕක ඒ කාලෙ මට විඳින්න සිදුවුන අමිහිරිම අත්දැකීම් කිහිපයෙන් එකක්.මොකද ඔය දෙබසට පස්සෙ මා දිහාවට එල්ල වෙන සමහර විට දරුණුත්,සමහර විට අනුකම්පාසහගතත් බැලීම් නිසයි.ඉතිං ඉතිං පොපී වයස දාසයෙදි සොයිසා ගියෙ ඇයි?බබෙක්ද?:D දිගටම කියවන්නකො...
මට සිංහලෙන් ටයිප් කරන්න බැරිව තිබ්බ කාලෙ ඉංග්‍රීසියෙන්ම ලිව්ව ginoගෙයි මගෙයි 'rawula'කතාව කියවලා තියනවනම් ටිකක් තේරෙයි මේ කතාව මොකක්ද කියලා.

ඔය රැවුලෙ ගහ දෙක මතු උනේ මට දාසය ලබද්දි.lol.මේකෙන් හොඳටම කලබල වෙච්ච අම්මා තීරණය කලා මේක නම් මාව භයානක විපර්යාසයකට ලක්වීමේ ලකුණු තමා කියලා.
ඉතින් වහාම ක්‍රියාත්මකවී මාව අම්මා දන්න හඳුනන නාරි හා ප්‍රසව වෛද්‍ය ශ්‍රීකාන්තන් ලඟට එක්ක ගියා.එයා තමයි අම්මාගේ ගර්භාෂය ඉවත් කරන සැත්කම කලේ.
ඔන්න ඉතිං ....අපි දෙන්නා එයාගේ උපදෙස් පරිදි සොයිසා එකේ ක්ලිනික් යන්න සෙට් උනා.

අපේ අම්මගෙ වැරැද්ද තමා ඉස්පිරිතාලෙකට සම්බන්ධයක් තියෙන කවුරු හම්බුනත් කොයිවෙලේද තමන්ගෙ පුතා දොස්තර (ඒ කාලේ නම් වෛද්‍ය ශිෂ්‍ය.)කෙනෙක්ද කියල කියන්නේ...කියලා බලන් ඉන්න එක.

වෙලාවකට ඔය මන්තරේ හරිගියත් වෙලාවකට ඕක කැරකිලා අපිටම වදිනවා.කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට කරන චූටි ඔපරේෂන් එකෙන් පස්සෙ මුලු අතම හිරි වැටෙන්න ගත්තෙත්,එන්ඩස්කොපියක් ගන්න ගිය අම්මා හාට් ඇටෑක් එකක් හැදාගෙන ගෙදර ආවෙත් 'ඇඳුනුම්කමට,වැඩි හොඳට,ලාබෙට' නවලෝකයේ සිට රාගමට මාරු උන නිසයි.ඉතිං මේ පාරත් දොස්තර කිව්වා මීට පස්සෙ මගෙ ක්ලිනික් එකට එන්න.ටෙස්ට් ඔක්කොම කරගන්න පුලුවන් කියලා.

ඔන්න ඉතිං කවුන්ටර වලදි මගේ නම සහ වයස අහන හැටිත්,මගෙ පිලිතුරු නිසා ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හින්දා මට ඇතිවී තිබූ මානසික තත්වයත් වටහාගන්න පුලුවන් මටයි,අවුරුදු දාසයෙදි බබෙක් හදන් ඔතනට ගිය කෙල්ලෙක්ටයි විතරයි.අන්තිමේ අංක අරන් අපි ගිහින් ඉඳගත්තා,වටේම බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා.වෙනදට ආසා උනත් එදා නම් ඔය බෝල බඩවල් දැක්කම ආසාවක් දැනුනේ නෑ.

කෝම හරි ඔන්න ගියා අපට ලැබුන දොස්තර මහත්මයා ලඟට.
'අම්මා ඉඳගන්න..'දොස්තර කිව්වා.
ඉතිං අපේ අම්මත් හරිබරි ගැහිලා පුටුවෙන් වාඩි උනා.

'නෑ.නෑ..ඔය අම්මටයි වාඩිවෙන්න කිව්වෙ..'දොස්තර මහත්මයා මා දිහා බලලා කාරුණික හිනාවක් පෑවා.ඒ පාර නම් මට වැඩිය රතු උනේ අම්මා.

'නෑ ඩොක්ටර්..මේ... ඩොක්ටර් ශ්‍රීකාන්තන්ව අපි කලින් චැනල් කලේ.හෝමෝන් වෙනසක් කියලා...ඩොක්ටර් තමයි කිව්වෙ අද එන්න කියලත්.මගෙ පුතාත් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්'අම්මා තම ප්‍රියතම වැකියත් අස්සට රිංගවන් එක හුස්මට කිව්වා.

'කියන්න එපැයි.ම හිතුවෙ බබෙක් කියලා!'

ඉතිං ඊට පස්සෙ දොස්තර මගෙ මූණ අතගාලා,රැවුල් කොට පරීක්ෂා කරලා,අම්මටත් එන්න කියලා මම ආයාචනාත්මක බැලුම් හෙලද්දි ඕනෙ නෑ කියලා නර්ස්ලා දෙන්නෙක් එක්ක මාව තවදුර පරීක්ෂා කර බලලා,ආපහු රතු දූඹුරු වෙලා එලියට ආව මං දිහා බලං හිටපු අම්මට මම දැම්ම රාක්ෂ බැල්ම තාමත් එයාට මතක ඇති.

ඉතිං එදා එයා කිව්වා මේකට ස්කෑන් එහෙකුත් කරන්න ඕනි කියලා.මම ඇත්තටම හිතුවෙ කතාව එතනින් ඉවරයි කියලා.ඒත් තවපොඩ්ඩෙන් ඉස්කෝලෙනුත් දොට්ට දාන තත්වයට ඕක පත් වෙයි කියලා නම් මම හිතුවෙම නෑ!

Day2 ද සොයිසා රෝහල.ස්කෑන් කාමරය අසලදී.

මම හිටියෙ බොහොම බය වෙලා.ප්‍රසූතිකාගාරය ඒ ලඟමද කොහෙද තියෙන්නෙ.ඒවගේ කවුරුත් කෑගහන ශබ්ද ඒ වෙනකන් මම අහල තිබ්බෙ නෑ.මොනව උනත් ඒ ලඟ ස්කෑන් රූම් එක තියෙන එක හරි නරකයි.බඩදරු අම්මලා බයවෙනව නෙ!!අම්ම නෙමේ එදා ආවෙ තාත්තා.මගෙ එහා පැත්තෙ හිටියා අවුරුදූ දොලහක විතර පුංචි නංගියෙකුයි බබෙක් ලැබෙන්න හිටපු එයාගෙ අක්කයි.නඟා මාත් එක්ක හොඳට හිනා වුනා.මාත් හොඳට හිනා උනා දෙන්නා එක්කම.ඔන්න ඊලඟ මොහොතෙ නර්ස් කෙනෙක් ආවා.

'මාස තුනට අඩු අම්මලා වතුර බොන්න ඕනෙ.වැසිකිලියට යන්න උවමනා වෙනකන් බොන්න.අනිත් අය ඕනෙ නෑ..'
*ප්‍රශ්නයක්*
නර්ස් ලඟට ආවම මම මගෙ කාඩ් පත දික්කලා
'එතකොට මම?'
'ආහ් ඔයාත් බොන්න ඕනෙ.'
අර අක්කයි නංගියි ආයෙ මාත් එක්ක හිනාවෙලා නැගිටලා ගියා.අපි ඉන්නේ ලංකාවේ රජයේ රෝහලක බව අමතක උන නිසා මම ලීටරයක් විතර වතුර එක පාර බිව්ව නිසා මගේ වාරෙ ආවම මට ස්කෑන් රූම් එකට යන්න උන් 'කැට් වෝක් එක' දාන්.මම හිතුවෙ අර නිදාගත්තම ඇතුලට යන මැෂින් එක කියලා.ඒත් තිබ්බෙ මොනිටර් එකක් සහ මවුස් එකක් වගේ එකක්.එතන හිටපු නිලධාරිනිය මට හරි ගඳ ජෙල් එකක් දුන්නා බඩේ ගාගන්න.පොපීගෙ හැටි දන්නෙ නැති එයා මට ඇලවෙන්න කියලා මවුස් එක බඩෙන් තිබ්බා.
'ආහ්..හීහී...හී..අයියෝ.අයියෝ..හහ්හහ්.හූ....හූ....හයියෝ..හී..හී...හී..හී...'
'පොඩ්ඩක් දඟලන්නෙ නැතුව ඉන්නකො ලමයො.මම මේ වැඩේ කොහොමද මෙහෙම කරන්නෙ?'
අසරණ වූ ඇය කිව්වා.ඒත් ඒක උපන් කිචියක්නෙ!අන්තිමේ එයා මවුස් එක පැත්තකින් තිබ්බා.

'බැඳලද?'
'නෑ..'
'මම හිතුවා!මොකටද ස්කෑන් එක?'
'අර හෝමෝන වෙනසක්ද බලන්න'
'පොලිසිස්ටික් ඕවරීස් ද කියල බලන්නද?'
'දන්නෑ(මම දන්නෙ කොහොමද,මම දොස්තර යැ!)'
'එහෙම පාටක් නම් නෑ(whatever it is....දෙයියන්ට පිං සිද්ධ වෙච්චාවෙ)

ඉතිං කොහොමහරි ඒක ඉවර උනා කියමුකො.තව රු.හත්දහක විතර රුධිර පරීක්ෂණයකුත් කරලා එයාලා කිව්වා මෙය සුලු ගැටලුවක් බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා විවාහයෙන් පසු එන ලෙසත්,රැවුලට කැමැත්තක් කරගන්නා ලෙසත්.මම හිතුව දැං හරි සහමුලින්ම සමාප්තයි කියලා.ඒත් මේ ටික උනේ හරියට අර නම් පේලියත් දැම්මට පස්සෙ අන්තිමට යන චුට්ට වගේ..

සතියකට පමණ පසු.පාසලේදී.

මම ගියා යෙහෙලියක් එක්ක කැන්ටිමට.වෙලාවට එයා මගෙ 'ද සොයිසා adventure' ගැන දන්න කෙනෙක්.කෑම අරන් ආයෙ යද්දි සෙනඟ අතුරින් පීරගෙන ආව කවුදෝ මගෙ අතට තට්ටු කලා.බලද්දි චූටි නංගියෙක්
'අක්කෙ,අක්කා නේද එදා අර ඉස්පිරිතාලෙ හිටියෙ?'

සොයිසා එක සහමුලින්ම අමතක වෙලා තිබ්බ මම...
'මොන?නැහැ නෙ'
'ඇයි මම අපේ අක්ක එක්ක ඇවිත් හිටියේ.අර බබාල හම්බෙන එක'

මල කෙළියයි.ඒ පාර නම් නංගිවයි අක්කවයි නෙමේ එයාලගෙ අම්මල තාත්තලා ඇතුලු නෑදෑ පරපුරම මතක් උනා.
'ඔව් නංගා,මට එදා ටෙස්ට් එකක් තිබ්බනෙ..'
මම නංගිට බායි කියලා අනික්පැත්ත හැරුනම දැක්කෙ අපිට නූලෙන් මඟ ඇරුන ශ්‍රේණි භාර ගුරුතුමිය.ඇහුන නම් මම එදා නතර වෙන්නෙ ප්‍රින්සිපල් ලඟ තමා!

නිමි.

I'm melting

It's 10.25 a.m. again i'm sitting in a typical srilankan bus seat(to make things worse it's on the left side-on the face of sun) I took a bath half an hour back but now my hair's already dry!!gosh.I feel like i'm melting.few weeks ago I read a topic about wearing make up on rainy days.they've adviced not to wear eye liner unless you wanna have something like a black eye.I should've listened to that advice(thoug it's not raining now.)i'm having a sweat rain. I feel sweat run down on my head,to my forehead.down behind my ear, then down my neck.i'm melting!!! I wonder what will my lecturer think when he see me.today''finally! somebody has managed to teach that matti a lesson.I wanna send that person, whoever gave her that black eye flowers!!''lol.hmmm I bought a mahajana sampatha lottery ticket yesterday!if I win 10 million i'm going to switzerland for two moths!who wanna come with me?lol.

පොපීගේ හීන-poppy's dreams...


දැං ඉතිං කොහොමත් නිදාගන්න දොළහ පහුවෙන නිසාත්,කොහොමත් අද දවසටම පොතක් දිහා ඇහැ කොනකින් බැලුවෙ නැති නිසාත් මේ පැය බාගෙ, ඕන දෙයක් වෙද්දෙන් කියල post කරන්න හිතුවා.
මගෙ හීන නම් ගොඩාරියක් තියෙනව.ඔක්කොම කියන්න ගියොත් මට කරන්න වෙන්නෙ මේකම විතරයි.ඉතිං ලොකුම හීන දහය කියන්නම්..

1-පොපී ආසයි කෆීර් එකක නැගල වෙඩිල්ල වගේ යන්න.මගේ තාත්තා ගුවන් හමුදාවෙ සේවය කරපු කෙනෙක්,ඉතිං ටික වෙලාවක් ප්ලේන් එකක් හසුරවන්න අවස්ථාව ලැබිල තියනවා.(හැබැයි පයිලට් තාත්තට යානය දීල තියෙන්නෙ හරියට අපි දෙක වසරෙ පොඩි එකෙක්ව ඔඩොක්කුවෙ තියන් කාර් එකේ වීල් එක දෙනව වගේ ලු.(තාත්තාව නම් ඔඩොක්කුවෙ තියන් ඉඳල නෑ ))

ඉතිං මේ කතා අහපු පොපීගෙ ආසාව තව වැඩි උනා.'සැබෑ මිනිසෙකුගේ කතාවක්'පොත කියෙව්වට පස්සෙ ඒ ඕනෙකම තව වැඩි උනා.ඒත් ගුවන් හමුදාවට බැඳෙන්න පොපී මිටි වැඩියි :(
ඒත් එයා තාම මිග් එකක් හරි කෆීර් එකක් හරි නම නොදන්නා වෙනත් ප්‍රහාරක යානාවක් හරි යන හැම පාරම එලියට දුවල අහස දිහා බලනවා.ඒත් එයා යද්දි ඒවා ගොඩා..ක් ඈතට ගිහින්.සද්දෙ විතරයි ඉතුරු....

2-පොපීට ආසයි අර පස් හාරන කොටස ඉස්සරහින් වකුටු කරන් පාරෙ යන බැකෝ එකක ඒ කෑල්ල උඩ ඉඳන් යන්න:D අමු පිස්සු හීනයක්...

3-තව හීනයක් තමා ඇති තරම් සල්ලි අරන් කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට යන එක.'ඇති තරම්'කිව්වෙ රු.ලක්ෂයක් දෙකක් වෙන්නත් පුලුවන්.ගන්න සල්ලි මදි උන,ගන්න ආසා පොත් අත ගගා පෙරේත බැලුම් හෙලලා හෙලලා ගෙදර එන්න වෙන එක එපා වෙලා මට!

4-පොපීට ඕනෙ කලු පාට හරි රතු හරි ඇලියන්(Allion)කාර් එකක් ගන්න:)

5-තව ගිණි උදුනකුයි ,පැත්තකින් ප්‍රදීපාගාරයක් වගේ උස කුලුණක් මුදුනෙ කාමරයකුයි තියෙන ගෙයක් හදාගන්න ඕනෙ.ගිණි උදුන වැස්ස දවසට සී..තලේ ඉන්නකොට ගිණි තපින්න.කුලුණ මුදුනෙ කාමරය පොත් ලියන්න.

6-අම්මවයි තාත්තාවයි දඹදිව(හැකියාව තිබ්බොත් ලෝකෙ වටේම...)එක්ක යන එක තව හීනයක්

7-ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම,අවංක මනුස්සයෙක් සොයා ගැනීම තව'හීනයක්'......(විහිලුවට වගේ මෙතනම දාන්නම් අපේ ස්වීට් සර්ව 'කොහොම හරි'කසාද බැඳ ගැනීම කියලත්.lol.)

8-ලංකාවම දන්න සුප්‍රසිද්ධ කෙනෙක් වෙන එකත් එක හීනයක්.පොපී බලයට,ප්‍රසිද්ධියට සහ ධනයට මඳක් කෑදර තැනැත්තියක්.lol.(හැමෝම නෑ නෑ කිව්වට එහෙම නෙ!)

9-කවුරුත් නැති හවස් වරුවක හොරේ..න් (dazzled එක්ක) ගිහින් class එකේ ඔෆිස් එකට යන තැන ඇතුලෙ තියෙන අපේ කඩවසම් තරුණ දේශකයො දෙන්නා ගෙ තඩි පෝස්ටර් දෙකට, ලිප්ස්ටික් තට්ටුවක් තවරපු තොල් වලින් තොත්තු දෙකක් දෙන්නත්,ඊට පස්සෙ ඕක දැක්කම දෙන්නගෙ 'සැබෑ'මූණුත් බලාගන්න ආසයි!!!

ලොකු හීනයක්.lol.අනේ ඇත්තට ගුරුවරුන්ට මෙහෙම නිගා දීම පාප කර්මයක්,ඒත් අනේ පන්තියෙම කෙල්ලො ඒ දෙන්නට crush එකේ ඕක හංගන් ඉන්න ඕනෙ නෑනෙ.මොකද crush1කින් කාටවත් හානියක් නෑනෙ...හැබැයි අපි එයාලගෙ හොඳම සිසුන් කියලා සලකන ඒ දෙන්නා(පුරාජේරුවක් නෙමේ.හරියට ගණන් හදන්නෙත්,උත්තර දෙන්නෙත් අපි නෙ...)මේවා දැනගත්තොත්නම් අපි දිහා සෙවල ගොලුබෙල්ලො ගාණට බලයි.මට නම් පයින් ගහල institute එකෙන් එළියට දමාවි!!*faint*

10-නිලාවැලි වෙරළ ආසන්නයේ පොඩි හෝටලයක දවස් ගාණක් නැවතිලා හැමදාම මුහුදෙ නාන්න යන එක තව හීනයක්!මම එහෙ ගිහින් නෑ නෙ!

හීන ඉවරයි.ඕව දවල් හීන නෙමේ.හීන.එක්කො කවදාවත් ඉටුවෙන්නෙ නෑ.එක්කො කවද හරි ඉටු වෙනව....:)දැන් ඉතිං නිදාගන්න යනව.උදේ පාඩම් කරන්නත් එපැයි!dear blog...& dear friends...නැවත සිකුරාදා හමුවෙමු....

+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+

today I didn't even glanced at a book,& I know though I spend this half hour in an 'useful' way,it's gonna be tweleve past something.so I thought to post..
I have loadzzzz of dreams.but if I started talking about them it will take hours...
So I'll tell you the main 10 dreams....

1-poppy always wanted to fly a Kafir like a bullet...my father worked at Ceylon airforce.so he's had a chance to fly a plane for couple of minutes.(but he told me it was something like, when we sit seven years old in our lap & give him the car wheel-though father didn't sit on pilot's lap!)
but hearing those tales & ofcourse,after reading 'saba minisekuge kathawak'she was mad about the airforce.
But poppy is too short:(she can't apply for it.
but each time when she hears a karif,a mig or any kinda fighter air craft name unknown,she runs to the yard.looking at the sky hopefully...but it's always beyond her reach.she can only hear the sound...

2-poppy wants to sit in an arm of a backhoe that goes on a main road!a crazy dream!!




3-she wants to take lot of money to the International book fair at Colombo one day,enough money,it could be hundred or two hundred thousand.she hates it when she has to look at all books she was unable to by longingly.& then leave them behind...

4-poppy wanna buy a black or red allion car!!:)

5-And to build a house with a fire place(to get warm in cold...rainy days...)& a light house type part attached to it.with a small room in the top(for my writing purposes.lol)

6-she wanna take her parents to India one day(or if she could-all around the world!)

7-spending a happy family life,finding a faithful husband is another 'dream'(I'll also put a lil joke here-'somehow'marrying our sweeeeet Gino sir!-)

8-One day becoming someone well known in SL.yeah.poppy loves power,publicity & money(actually everbody do ne...)

9-Secretly...someday when no one else is around...going to the our institute's office(with dazzled)...there's some big posters of our two young handsome lecturers at the entrance.wear a thick layer of lipstick & kissing that posters!& also must see their 'real' faces when they see it!!

yeah...big dream...lol.it's a sin to talk about our teachers this way.But every girl in our class has a crush on them!so why keep it as a secret?a crush won't hurt anybody;)but they regard us as part of their best students now(honestly, not boasting.we do home work & answer questions correctly)!if they know this they'll start to look at us like we're kind of 'slimy slugs'!!& definitely they'll kick my butt & throw me outta it*faint*

10-Staying at a hotel near Nila Weli & spending days in the beach is another dream....

Dreams are over.But they are not daydreams....they will come true one day..or never will....so....must sleep now....byeeee.....

මෙහෙන්දි සහ දේශපාලනය-Mehendi & Politics



(can't read sinhala?then read the English translation of this original post at the bottom:).)
අලුතින් ගත්ත මරතොන්ඩි ටියුබ් එකෙන් මොනවද අඳින්නෙ කියල හිත හිත ඉන්නකොටයි,පරණ පොතක තිබ්බ,ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගෙ මෙන්න මේ රූපෙ දැක්කෙ(චේ ගුවේරාට අපහාසයක් කලා කියලා චෝදනා නැගෙයිද මන්දා,හැබැයි මම කිසිම අගෞරවයක් නම් කලේ නෑ.කොටින්ම කියනවා නම් වෙනදා වම් අතින් හෝදන සියලු දෑ දකුණතින් සේදුව බවත් වලන් හේදුවේත් අත් මේස් දාගෙන බවත්'අම්මා පල්ලා'කියලාම කියනවා.)
ඉතිං පොපී JVP ද?අපෝ නෑ.මට පක්ෂයක් නෑ.අපි පාවෙන ඡන්ද ගණයට අයිති.මේ පාර නම් ඡන්දෙ දාන්න හිතෙන්ත් නෑ.

දැං කියන්න යන්නෙ මගේ යෙහෙලියක් (dazzled)දවස් දෙක තුනකට කලින් මාත් එක්ක කියපු කතාවක්.එයා නම් විහිලුවක් කලත් කොළඹ නාකි ආච්චිලනම් ඇත්තටම හිතන්නෙ මෙහෙමයි කියල දන්නව.ආච්චිලා ලස්සන කොල්ලන්ට ආසයි නෙ.ඕන වෙලාවක-'අනේ...සීදේවි කොලු පැටිය'කියාගත්ත ගමන්.මට නම් පේන්න බෑ!!

කතාව ගියෙ මෙහෙමයි...
*අපි දෙදෙනා පාරේ ඇවිද යන්නෙමු,දෙපැත්තේ තාප්ප දුමින්ද සිල්වාගේ කඩවසම් රුවින් වැසී ඇත.ඈ ඔහුගේ විශාල අත් ගොබය දිහා මඳ වේලාවක් බලා හිඳී'

dazzled-'මචං මම කොළඹ හිටිය නම් දුමින්දට මනාපෙ දෙනවා!'

*හිනා*

මම-තව කාටද?
*ඇය වට පිට බලයි.දේශයේ පංචායුධය එහා පැත්තේ තාප්පයේ ඇලවී ඇත*

dazzled-දෙවෙනි එක විමල්ට

*තව හිනා*

මම-ඊට පස්සෙ??

* ඉදිරිපස පෝස්ටරයක් දිහා බලා දිගු සුසුමක් හෙලන්නීය*

dazzled-ඊට පස්සෙ යටින් ලියනව 'මම සුජීව සේනසිංහටත් කැමතියි'කියලා!

කතාව හරි.ඡන්දෙ අවලංගු කරගන්නත් බෑ නෙ.ආයෙ නම් පොලිටික්ස් ගැන ලියන්නෙ නෑ.හ්ම්...අද වැඩ වැඩි.අපේ ගෙදර අද ව්‍යාපෘති දෙකයි.
1ජනෙල් රෙදි සේදීමේ ව්‍යාපෘතිය.
2ආච්චිගේ මළ ව්‍යාපෘතිය

අපේ ආච්චි එක තැන නිසා සමහර ක්‍රියා හිටපු ගමන් අනිච්ඡානුගව වෙනව.නාන කාමරයට හෝදන්න ගෙනියන්න කලින් ඇඳ උඩම තියන් පිහදාල අරන් යන්නෙ.ටොයිලට් පේපර් ඉවර වෙලා නිසා අද පත්තර කොළ වලින් පිහදැම්මෙ.මේ දවස් වල හැම පිටුවකම හිනා වෙලා ඉන්න කට්ටියගෙ මූණු නම් එච්චර ලස්සනට තිබ්බෙ නෑ වැඩෙන් පස්සෙ.සමාවෙන්න ඕනෙ.මූණු නැති පත්තරයක් හොයාගන්න තිබ්බෙ නෑ:D

-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+

when i was thinking what to draw from the 'marathondi designing' tube I bought several days ago,this picture came across me accidently.A great man he was.So I hope no one will accuse me for ruining his image,cos I've done nothing insulting to it.everything I usually wash using my left hand was washed by my right hand after drawing this.hehe.& I clearly state(god promise & mother promise)I even washed the pots&pans wearing a pair of gloves!

so....is poppy JVP?no way.she hasn't got one party.she's a part of floating votes!hmmm she feels like not voting to this election too,politics...shitty business:)

now i'm going to say a story one of my friends(dazzled) told me.if she likes i'll tell her name later.though what she said was a joke,I know lot of grannies living in colombo thinks this way.they all love handsome boys!'ane...seedevi kolla....(what a cute boy)'ugh!! I hate when they talk like that!

the story went on like this....
*we were walking...it was a street in colombo.all walls near the road are covered with the handsome posters of 'Duminda Silva'(who looks like a body builder).my friend looks at his huge arm for several seconds*

dazzled-You know machan...if I was a Colombo citizen,I'm gonna definitely vote Duminda!
*giggles*

me-so...you have two more left

*she looks at the other side of the road.'deshaye panchayudhaya'(talisman,amulet of the nation)is stuck in it*

dazzled-2nd goes to Wimal
*more giggles*

me-then?

*she looks at a banner hung infront of us*deep sigh**

dazzled-then I'll write at the bottom...'I also like Sujeewa Senasinghe'!!

*lols*

yeah thats true.otherwise the vote gets invalid no.(cos he's from another party)hmmmm...today is a busy day.Had two projects to complete
1-curtains washing project
2-granny's toilet project.
my Granny is a disabled old lady who can't walk or do her things alone.her 'system'is bit gaga those days & she does things(what we usually do in a toilet)on her bed.unfortunately toilet paper roll is over.before we carry her to the bathroom we wipe her a using papers.but today I had to use news papers for that job.politicians's faces, who's smiling at us from every page those days didn't look that smart when the job was over.lol.
very sorry guys,couldn't find a news paper without you...

PO,PO,PO

deciding to self study PO was one of greatest mistakes i've done in this year.
now i'm stuck in investment appraisal.actually drowned in it..DP is easy but DPB,ARR,annuities,dealing with tax!! I only have an old DM study text & a student's text book,mind you,a lazy student's text book where no home work or example questions are properly done.

yes I must buy an official book on friday.uurgh.it's hard to look at mom directly when I ask,can I have Rs1850?I want to buy that official book.I know they're having a difficult time.

hmmm why I failed MAPE?(now it's called PO,cos syllabus changed)if I got another 3marks...hmmm.I deserve dis.I daydreamed & had fantacies in MAPE class & then messed up the paper!actually chose the wrong question in part C.

past is past.hmmm.must go now.back to the PO then.c ya all tmrw.tc

Exams!!!

poppy decided today that she's spending too much time on blogging & it's better to limit it.or else she's gonna waste 276pounds(M2 exam fees)on this May.

(poppy also deactivated her face book account 4months back just because of this reason,but then found an amusing hobby called blogging again)but poppy will log on monday,wednesdays,& fridays to update,& to reply comments done in sinhala,& to post in sinhala.& will post whenever she feels boring:)(yeah..when she's yawning in the bus on friday & sunday mornings,when she's at IL Sir's EM class,or when she's psd off studying FM,PM!)

but it'll be done using mobile.so don't be angry with me if I didn't reply to your comment.cos I can only see boxes instead sinhala words when I log in from my phone.please wait until I log in from my PC.:)keep in touch buddies

වනුආටු


මේ කියන්න යන්නෙ මගේ අත්දැකීමක් නෙමේ.මම තාම එච්චර වාසනාවන්ත උනේ නෑ.අපේ ලොකු අයියා ගිය සතියෙ ගිනි කන්දක් බලන්න ගියානෙ!ආසාවටම නෙමේ.එයාට ඕස්ට්‍රේලියාවෙ PR ගන්න ටික කාලෙකට වෙන රටකට යන්න වෙලා(මට මාස ගානකින් එයත් එක්ක කතා කරන්න බැරි උන නිසා scene1 හරියට වැටහුනේ නම් නෑ.මොකද මට පන්ති weekends.එයාට නිවාඩු ඒ දවස් දෙකේ)අඩුම වියදමින් යන්න පුලුවන් තැනට ගිහින් තියෙන්නෙ.ලඟදි ලංකාවට ඇවිත් ගිය නිසා රිම් එකෙන්ලු දුවන්නෙ.ගිහින් තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට ගිණිකොනින් තියෙන වනුආටු (vanuatu)කියන දූපත් සමූහයකට.

ඒකෙන් එක දූපතක ක්‍රියාකාරී ගිණිකන්දක් තියනවලු.දැනට 3 වෙනි ක්‍රියාකාරී අවස්ථාවෙ ලු.මේ දෙන්නා ඒකට මීටර් 300 ක් දුරින් කඳවුරක් බැඳන් ඉඳලා.දූපත් වාසීන් හදලා දුන්න තම්බපු අල ජාති තමා රෑට කාලා තියෙන්නෙ.දැන් මම හරිම නොඉවසිල්ලෙන් ඉන්නෙ ආයෙ එයාව skype වලින් set වෙනකන්.කතාව අහලම දැන ගන්න ඕනෙ.ෆොටෝ ටිකකුත් ඉල්ලගන්න ඕනෙ.ගිණිකන්ද දැක්කට පස්සෙ හිතෙන විදියට අක්ක ද ගිණිකන්ද ද වැඩියෙන් භයානක?කියලත් අහන්න ඕනා.hehe.

හ්ම්..අද උනේ මොනවද....*thinking*අම්මගෙ කාන්තා සමිතියෙ ඇත්තියෙක් ඇවිත්.එයාට කිරි තේකක් හදල දීල(ඇඳන් ඉන්න හඩු ඇඳුමට අම්මගෙන් බැනුම් අහ අහ),මමත් ඉඟුරු දාපු ප්ලේන්ටියක් හදන් PC1 ඉස්සරහට ආව.මේ දවස් වල හැමෝම තේ ගැන නෙ කතා වෙන්නෙ.මටත් තේ කතා ගොඩක් තියෙනව කියන්න නම්.ඔක්කොටම මුල(මට ආඩම්බර වෙන්න පුලුවන් කාරණා දෙක තුනෙන් එකක්)මට රසට කිරි තේ හදන්න පුලුවන් වීමයි.මීට අවුරුදු පහකට විතර කලින්හවස් වරුවක අපේ විද්‍යා පන්තියෙ සමීර ආව අපේ ගෙදර.ආවෙ නැති දවසක නෝට් එක ලියාගන්න.අපේ ගෙදර මම විතරයි හිටියෙ.එහා ගෙදර හිටියෙ මගෙ යාලුව(Ish)විතරයි.ඌ දන්නෙ නෑ තේ හදන්න.ඉතින් සමීර එහා ගෙදර ඉස්තෝප්පුවට වෙලා නෝට් එක ලියද්දි මම කහට වැඩියෙන් දාලා කිරි තේකක් හදන් ඇවිත් ලඟින් තිබ්බා.සමීර ගියාම මම කෝප්පෙ දැක්කෙ.බිංදුවක් ඉතුරු කරලා නෑ.ඒ මදිවට මේ මැට්ටා ගෙදර ගිහිනුත් ඕක කියලා.හොඳම වැඩේ උනේ සතියකට විතර පස්සෙ එයාගෙ අම්මා මගෙ යාලුවො ටිකත් ඉන්න තැන කියපු දේ නිසයි.මෙහෙමයි එයා කිව්වෙ-'අපේ පුතා ගෙදර ඇවිල්ලත් කිව්වා නෙ දුවගෙ කිරි හරි රහයි කියලා!'ඇයි මන්දා මේ මනුස්සයට 'තේ' කියන වචනෙ මඟ ඇරුනෙ!ඕකෙන් මගෙ යෙහෙලියො set1ට මාසයක්ම මාව බයිට් කරන්න පොටක් පෑදුනා.

අපේ Mr.sweet සර්ත් කැමති කිරි තේ වලට.පන්තියෙ තේ හදන කෙනාගෙන් හැම වෙලේම ඉල්ලන්නෙ-'මට තේකක් ගේන්න.'කිරි'තේකක්..'කියලා.දවසක් ඕක ඇහිල dazzled කියනව 'හදල දුන්න නම් ඔයාට ලකුණක් දා ගන්න තිබ්බා.ඔයාගෙ තේ රසයි නෙ..'කියල.මට karekleen1 ට බැඳෙන්න වෙනව එහෙමනම්.අපෝ බෑ.තේ හදන්න නම් පුලුවන් ඒත් මට එපාම කරපු වැඩේ තමයි ටොයිලට් සුද්ද කරන එක.facebook ෆොටෝ1ක එයා තුරුල්කරන් ඉන්න බලු පැටිය උනා නම් කමක් නෑ කියලවෙලාවකට හිතෙනව.lol.

හ්ම්....තව මොනවද.....ආහ් අද උදේ නූඩ්ල්ස් නෙ හැදුවෙ(දැනුයි මතක උනේ,සමීර නූඩ්ල්ස් වලට කියන්නෙ නූල්ඩස් කියලා)කතාව ඒක නෙමේ,මේ පාර ලක්බිම මන්දාකිණියෙ විද්‍යා කාටුන්1නම් මරු!lol.අපේ තාත්තා මම මන්දාකිණිය අතට ගන්න හැම වෙලේම සයිඩ් හිනාවක් දානව.ඇයි මම ඒකෙ යන විද්‍යා ප්‍රබන්ධය කියවන් නෑ නෙ!මෙහෙමයි කතාව.මම ඒකට කතා 2ක් යැව්වා.2ම මම ඒවා යවල පිළිවෙලින් සති2ක් ඇතුලත පල උනා.ඒත්3වෙනි එක යැව්වා යැව්වාමයි ආරංචියක් නෑ.හැබැයි තැපෑලෙදි අතුරුදන් උනාද දන් නෑ.සති4ක් විතර යද්දි මට හරියට දුක හිතිලා මම තාත්තට කිව්වා ආයෙ පත්තරේට ලියන්නෙත් නෑ මම ප්‍රබන්ධය කියවන්නෙත් නෑ කියලා.lol.කාටූන්1ක් නම් යවන්න අදහසක් තියනවා.

මට වැඩියෙන්ම සතුටක් දැනුන දවසක් තමා -ICBS එකේ office1ට යන තැන ඉඳගෙන ඉන්කොට ඒකට කවුදෝ ආව 3wheeler1ක් ඉස්සරහ නතර කරල තිබ්බා.ඕකෙ ඩ්‍රයිවර් මාමා පත්තරේ දිග ඇරගෙන කියෝ කියෝ හිටියා.මොකක්ද දන්නවද?මගෙ කතාව!හරි ෂෝයි.