Summer



ආයෙත් ගොඩ කාලෙකින්....මේ දවස් වල නම් එච්චර හොඳ මූඩ් එකකින් නෙමේ ඉන්නේ.හේතුව විදිහට හිතා ගන්න පුළුවන් උන ප්‍රධාන හේතුව නම් දැන් තියන රස්නේ-උණුසුම් කාලගුණය.....මම වැඩ ඇරිලා ආවම ( ඔව් මම දැන් වැඩට යනවා නේ....!!! ) අපේ ගෙදරට එනවා නම් ඇනුම් බැනුම් වාග් ප්‍රහාර වලට සූදානම් වෙලා එන්න කියල මම මගේ එහා ගෙදර ඉන්න යාළුවා Ish ට කියල තියෙන්නේ.....මම හොඳ මූඩ් එකෙන් ඉන්න දවල් වෙලාවක කිව්වා එහෙම වෙලාවක බෙල්ලෙන් අල්ලලා එලියට දැම්මත් වැඩිය තරහ වෙන්න එපා කියල.....

ඉතින් අද මම කතාවක් කියන්න කියල හැදුවේ....මේක අපේ office එකේ නම් බොහොම ප්‍රසිද්ධ කතාවක්.අපේ අම්මගේ සුප් ගැන මම කියල තියනවද?ඒවා මේ පැත්තේත් බොහොම ප්‍රසිද්ධයි.ඔයාලට murder contract එකක් තියනවා නම් එක අපේ අම්මට දෙන්න පුළුවන්.. අපේ ගමේ කාට හරි අසනීප උන ගමන් අපේ අම්ම කරන්නේ හොඳ සුප් එකක් හදල (හරිම පිරිසිදුව, හරිම රසට) ඕක බෝතලයක දාල තාත්තගේ අතේ ඒ ලෙඩා ඉන්න ගෙදරට යවනවා.එකම වරද නම් මේ ලෙඩ්ඩු වෙන කෑම කන්න බැරි තරම් දුර්වල උන අය(ඒක නේ සුප් දෙන්නේ) ඉතින් ඒ ලෙඩ්ඩු කොහොමත් ටික කාලෙකින් මරණයට පත් වෙනවා.එත් ඉතින් කවුරු හරි හොඳට නිරීක්ෂණය කළා නම් මේ scene ඒක ඒගොල්ලන්ට දකින්න පුළුවන් වේවි ගෙදරක වයසක පුද්ගලයෙක් ලෙඩ වෙනවත්, අපේ අම්ම හදපු සුප් ඒක තාත්ත අතේ ඒ ගෙදරට යනවත්, ඊට දින කිහිපයකට පස්සේ ඒ ලෙඩා මරෙනවත්....ඉතින් දැන් නම් මට සහතිකයි අපේ තාත්ත සුප් බෝතලය අරගෙන ගෙදරකට යද්දී ගෙදර මිනිස්සු බය වෙනවා ඇති.ලෙඩා ඉක්මනට මැරෙනවා බලන්න කැමති මිනිස්සු නම් කැමති ඇති.... එකයි කිව්වේ තව ටික කාලෙකින් අපේ අම්මට murder contracts එනවා කියල....hehe.

ඕක office එකට ගියේ අපේ අම්ම මට උදේට බොන්න කොළ කැඳ හදල දුන්න වෙලේ මට තනියම හිනා ගියාම.....ඉතින් දැන් office එකේ කවුරු හරි තව කාට හරි දැන් තර්ජනය කරන්නේ-මෙහ් වැඩි සද්ද එපා පොපී ගේ අම්මට කියල සුප් එකක් හදල දෙනවා හරිද!! කියලයි.....

ඉතින්......දැන් ඉතින් මම Dazz එක්ක Thanu ගේ ගෙදර යන්න ඕනේ....හපොයි...මේ රස්නෙත් එක්ක තමා එපා වෙන්නේ.....මේ පින්තූරේ තියනවා වගේ cool drink එකක් ළඟ තියාගෙන cool එකේ පොතක් කියවන්න තියනවා නම්....*sigh* අපි කොහෙද එච්චර lucky.....