Helllllloooow


Does those cough syrups make YOU tipsy?well,It certainly makes ME though....today is a perfect day. well mom & dad acting all childish,but it's kind of adorable...they don't talk to each other because my dad told mom she's talking too much & it's annoying.comeon dad!she's just complaining cos she hates to see you drunk....well anyway my brother used to tell me that too.I talk too much...yesss... I talk too much.I'm a Girl! (He told me-"Nanga,we have two ears and one mouth, cos we need to talk less and listen more" then I replied-"I'm trying to tell you this story for an hour but still you don't listen!though you have TWO ears....that's what I'm saying.." Lol.

And Thanu is here....she says she's staying for a sleepover, and I invited Dazz too. We could have a Slumber Party!!
It's raining....and you know how much I love that.....it makes me so relaxed and carefree......it calms me.Mom says I wasn't born in a rainy day...but I doubt it...

And the picture above...I drew it....it's cute isn't it?Not the drawing! that calf...it's the 1st baby Elephant born in Melbourne Zoo.I found that photo in a NEWS paper & did the pencil sketch within 1 hour....aah.& I don't have it with me now.I gave it to a friend as a present......

So...must go now..... hope you are having a good Awurudu season.....have fun!

මේ පාර අපේ අවුරුදු......





මෙහෙ හැමෝම මේ පාරත් වෙනද වගේම අවුරුද්දට කලින් දවසේ හති දාගෙන ගේ සුද්ධ කරනවා.මට නම් පැත්ත පලාතට යන්න බැහැ,යන්නත් තහනම්...මොකද මට wheezing..තව මොකක්දෝ මන්ද කියන්න බැරි මහන්සි ගතියකුත් දැනෙනවා...උණ ගැනෙන්න වගේ....අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් නම් නෙමේ.කොහොමත් ඉතින් මේ පාර විතරක් නෙමේ මම කලින් අවුරුදු වලත් ගානට වැඩ අල්ලනවා නේ whezing වැඩි කරගෙන.මොකද අවුරුද්දට අපේ ගේ අස් කරන්න ගන්නවා කියන්නේ පෙනහැලි වල දූවිලි පුරවාගෙන wheezing අනිවාර්යයෙන් හදාගන්න වැඩක් නිසා....

වෙන නම් කියන්න දෙයක් නැහැ මේ දවස් වල ජීවිතයේ....ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කරන්න පටන් ගත්ත ඩිප්ලෝමා එක නම් නියමයි...මේ දවස් වල හරිම කැමැත්තෙන් එකට යනවා....තව පාඩම් කරනවා ටික ටික...අසනීප නිසා concentrate කරන්න ටිකක් අමාරුයි...තව ඉතින් මේ පාරත් අම්ම කැවුම් හදන්න යනවා....ඔයාලගේ ගෙවල් වලත් ජයට කැවුම් කොකිස් හැදෙනවා ඇති නේ?මේ පාර නම් අලුත් ඇඳුමක් ගත්තේ නැහැ...වෙලාවක් ලැබුනේ නැහැ.අනික කිරිබත්ගොඩ town 1 දැක්කම නිකන් කැරකිල්ල හැදෙනවා.phew.... තනිකර ඔලු ගොඩක්!මම නම් ආයේ මැයි ජුනි වෙනකන් ඔය shop 1 ක් පළාතකට යන්නේ නැහැ....!

මේකත් එක්ක මම පොඩි photos වගයකුත් දානවා.රජගල සහ මහ ඔය උණුවතුර ළිං.මම නම් මහ ඔය ගියේ නැහැ....මේවයේ නම් ඔක්කොම copyrights චුටි අයියගේ හොඳේ......lol.

ඉතින් ඉතින් එහෙනම්.........ඔයාල ඔක්කොටම ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා....ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා......




Copyrights & Misunderstandings...

හපොයි මෙන්න මට හදිස්සියේ පොස්ට් 1 ක් දාන්න වෙලා.

මගේ කිසියම් ලිපියක් එළකිරි කියා තිබෙන site එකේ කිසියම් පුද්ගලයෙක් විසින් copy කිරීමක් කර තිබෙනවා.මේක දැකපු මගේ බ්ලොග් කියවන්නෙක් ඒක නිසා මල පැනල ඒ පුද්ගලයාට සෑහෙන්න බැනල තියනවා.... ඉතින් ඔය හේතුව නිසා ඕකේ ඒක දිගට thread 1 ක් විදිහට දිගටම රණ්ඩුව ඇවිලිලා.ඉතින් මගේ ලිපිය මුලින්ම කියවල අර පුද්ගලයාට බැනපු තැනැත්තා අන්තිමේදී එයා මගේ අයියා බවත්, "නංගි" ට අසාධාරණයක් වෙන නිසා තමා පෙනී සිටින බවත් පවසලා.මෙන්න බොලේ ඉතින් මම අද දවල් මගේ බ්ලොග් එකට log වෙද්දී අමු කුණුහරුපෙන් මටයි අයියටයි බැනල comments රොත්තක්ම තියනවා...!!!

මුලින්ම කියන්න ඕනේ මගේ බ්ලොග් එකේ තියන ලිපි උපුටාගන්නා මගේ සම්පූර්ණ අවසරය තියනවා.කිසි අවුලක් නෑ copy කලාට.දෙවෙනි ඒක තමා මගේ ලොකු අයියට ඔය community sites වලට යන්න තියා නිදාගන්නත් හරිහමන් කාලයක් ලැබෙන නෑ.එයා Australia ඉන්නේ,රස්සාවට අමතරව රෑ වෙනකන් ඇහැරගෙන පාඩම් කරනවා.ඉතින් අපි එක්කත් කතා කරන්නේ කලාතුරකින්.පොඩි අයිය අම්පාරේ.එයා උදේ ඉඳන් clinic වල වැඩ කරලා හවස කෙලින්ම එයාගේ dispensary එකට යනවා.ගෙදර ඇවිත් අපිට phone එකෙන් call 1 ක් දීල එහෙමම නිදාගන්නේ ආයේ උදේ ඇහැරෙන්න තියන නිසා.ඉතින් ඔය 2 ගෙන් එක්කෙනෙක්ටවත් එළකිරි තියා මේ බ්ලොග් ඒක පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නෑ.අනික මේ බ්ලොග් 1 ගැන පොඩි අයිය දන්නෙත් නෑ,මම ඒ මනුස්සයට මේකේ බැනල තියන විදිහට තව මේක කියවන්න දෙන්නත් පුලුවන්ද!!

ඉතින් මම මේ එළකිරි එකේ සැහෙන්න තරහ ගිහින් posts දාන කට්ටියට කියන්නේ,ඕකට මගේ සම්බන්ධයක් නම් නෑ..මීට පස්සේ මගේ blog එකේ upset comments නම් දාන්න එපා.මොකද නොකරපු වරදකට බැනුම් අහන්න මට බැහැ නේ!! අනික මොකක්ද අප්පේ මම මෙතන කරපු වැරැද්ද!!