මේ අවුරුද්දත් ඉවරයි ඔන්න.....


අද 2010 අවුරුද්දේ අන්තිම දවස කියල මතක් උනෙත් මේ දැන්.මට මේ ටිකේ දින,දවස්,වෙලාව ගැන කිසිම කල්පනාවක් නෑ.....කොහොමත් එකයි.අවුරුද්දේ පලවෙනි දවස කියල කිසිම විශේෂයක් නෑ මගේ නම්.මම රෑ films බලන්න ඇහැරගෙන ඉන්නෙත් නෑ.මොකද ඒවායේ මිනිත්තු දහයෙන් දහයට යන වෙළඳ දැන්වීම් අස්සෙන් film එක බලන්න ඕනේ නැති නිසා.මම 12 ට යාලුවන්ට සුබ පතල msg ටික යවල,සමහරුන්ට කතා කරලා හොඳට නිදාගන්නවා.මගේ දිනපොතේ අන්තිම පිටුවේ මුළු අවුරුද්දම ගැන-මට හිතුන විදිහ ගැනත් පොඩි සටහනක් දානවා.ඉතින් මේකත් එක විදිහක දිනපොතක් නිසා මේකෙත් අවුරුද්දේ අන්තිම සටහන දාන්න හිතුව

මේ අවුරුද්ද නම් හරිම වෙහෙසකර අවුරුද්දක්,දැන් නම් නිවාඩු පිට ඉන්නවා තමා.ආයේ ජනවාරි ඉඳන් තමා අමාරු හරිය පටන් ගන්නේ.අවුරුද්දේ දෙතුන් පාරක් wheezing හැදුනා,උණ හැදුනා,බඩේ අමාරු හැදුනා,ඕව තමා ලෙඩ.තව එක එක සිදුවීම් ගොඩක් උනා.overall ප්‍රතිපල නරකම නෑ.ලබන අවුරුද්ද නම් මොනවයින් මොනවා වෙයිද කියල හිතාගන්න බැරි එකක්.මගේ වගේම ඔයාලගෙත් ජීවිතයේ 2011 වසර සුභ වසරක් වේවා කියල ජය පතනවා....

ලබන අවුරුද්දේ,

රැකියා නැති අයට රැකියා ලැබේවා (ඒ කියන්නේ මම වගේ අයට)
ආදරවන්තයෙක්,ආදරවන්තියක් නැති අයට තමන්ගේ soul mate හමු වේවා ( '' '' '' '' '' )
ගෙවල් දොරවල් බාගෙට හාදාගෙන ඉන්න අයට ඒවා නිම කරන්න හැකියාව ලැබේවා.
දරු මල්ලන් බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ බිරින්දෑවරුන් pregnant වේවා.
විභාග ගොඩක් කරන්න ඉන්න අය ඒ ඔක්කොම විභාග වලින් සමත් වේවා(මම ඇතුළුව)
බඳින්න ඉන්න අයගේ මංගල්ල ජයටම සිදු වේවා.
තරහ වෙලා ඉන්න අය යාලු වේවා,එපා කරපු වදකාරයෝ සුන්නද්ධූලි වේවා,අලුත් හොඳ යාලුවන්ව set වේවා.
බස් වලින් යන අයට තමන්ගේම වාහනයක් ගන්න ලෝන් ලැබේවා.
රැකියා වලින් උසස්වීම් ලැබේවා,පිටරට ඉන්න අයට නිවාඩු ලැබී ලංකාවට එන්න ලැබේවා.
ලෙඩින් පෙලෙන අයගේ සියලු ලෙඩ සුවපත් වේවා.නිරෝගී වසරක් වේවා.

ඔය ආකාරයෙන් එකී,මෙකි,නොකී හැම ප්‍රාර්ථනාවක්ම 2011 වසරේදී ඉටු වෙන්න කියල පතනවා....
ඉතින් ඉතින් මේ තමා 2010 මගේ අවසාන සටහන.ආයේ හමුවෙනතුරු ...සුභ සතියක්

Aawarjana

Read my 100word short story at www.onezerozerowords.blogspot.com the story name is Aawarjana.link is here- Aawarjanait's a story inspired by the old granny who begs near MC & bamba area.(hunch backed-so... Old achchi) and one part is my own life story...

It's about 10 past midnight.I'm straightening my hair,at daz's place.daz's aunt is doing it.well,my hair now smells like a public toilet maintained by CMC.yeah amonia does it.hair structure,protien changes!grr.how can I go to thanu's engagement tomorrow smelling like this?ugh.my great timing eh?that's me....

Gud nyt guys!smelly sweet dreams!hugs.

Fragrances...



hey you Mr.He-who-ruined-my-100th-post-AKA-my-brother's-friend, THANKS A LOT! I asked you to talk with me,and you contact my brother?wow...ok.bank name removed. :-P

Anyway I'm in a good mood today,so I won't drag this,but I promise.one more word,and I'll haunt you until your death! lol

mmm...today I'm talking about aftershaves & body sprays.ofcourse,cheap ones...I'm really jealous of men because they have all the good smelling perfumes and aftershaves.when my brother came this time he brought a Lynx chocolate fragranced body spray for dad.IMAGINE!CHOCOLATE!! Yeah I put an immediate-green-with-jealous facebook status update that day :-(

why always men get those!so unfair...

you know when I was a kid ladies perfumes always gave me a terrible headache.sometimes made me nauseaous.But a gents perfumes & aftershaves never did that to me...maybe that's the real reason of me loving those.

Some fragrances awakes memories deep inside me.for an example,old spice aftershave(picture above)reminds me of my dad & old times.He used that when I was a child,and now he uses that again and I love it!

Some fragrances makes me dizzy,(in a good way),making me attack the guy who's using that aftershave(in a good way)lol.yeah I get a sudden urge to jump to him & inhale & kiss madly.for an example Gillette Galactic (cool splash or something like that)does that to me.my bro (doc) bought it,but luckily never used it.It's still in his travelling bags at Padiyathalaawa.mmm...that fragrance is Hot!it's actually warm,masculine,and spicy....it's just about Rs800/+ I don't know about you guys,but I think it's me & my hormones,but I really like that one.

And about my ex bfs perfume...lol.thank god he didn't use any!so I don't have any memories associated...and that time I used Elizebeth Arden tea tree perfume,which he insulted saying I always smell like 'butter & roti" hehe.

Btw.Mr.cute uses a heavy perfume!(yeah we always sniffed when he passes our row) ;-)

So that's all.There is a big list of aftershaves & perfumes my dad & brothers used.I didn't write,just wanted to say I love all of it (except some local brands) and I'm so jealous with you guys! Duh!

Wedding photography

I wanted to talk about this for a long time...everytime I attend a wedding I find the whole video & photography process utterly hilarious! I just watch it from the begining to end because it's really amusing and funny....

people laughing nervously,hugging awkwardly,kissing the bride mumbling some bullshit and smiling at the camera,undecided whether to hug or just handshake the bridegroom then finally ending up doing something like a half hug-humping...sweating,fidgeting,hair and dress fixing,nervous laughs and flirts...

It's all a fake...

The wedding day is one of the most important moments of a couple's life...but in here,it's just an acting...cameraman directs and everyone act the way he says...

He says to put the ring slowly,and sometimes to stop halfway to capture a photo,and he says to smile...what the hell?it's your man or woman!you're going to put the wedding ring in her ring finger for the first time and you do it on someone else's command?those people are mad!it's cameraman's job to capture the right moment!why do u pay for him if that d*head can't do his job properly?duh!

And just look at the whole kissing and hugging session...if cameraman couldn't get the pic in the right angle he tells them to hug again,and kiss again...just insane!all acting!no real talk or emotions in those...that happened to me one day.and I had to kiss the groom twice cos my face was covered from the first angle.(not that I minded,he was a one handsome,mind blowing guy! lol)but that was awkward...

And when the cake or milkrice is cut,couple has to hold that whatever piece near his or her mouth,smiling like a complete idiot until the camera clicks!again... Acting!

This system should be changed...I've decided,if I get to marry someone oneday I will only let the photographer take group photos with relations,and several photos of the couple,i.e. Only me and him.no awkward kissing and acting,no poruwa ceremony videos or pics,no cake cutting pics...those should be stored in our minds and recall without embarrassment.

This crossed my mind today cos I'm going to a wedding tomorrow,and to witness the same catastrophe.shame eh?hmm and I hate to attend wedding without the people and relations I like cos it's boring to sit and watch the drama,inhaling the nauseaous perfumes and earsplitting music and all the fakeness sorrounding....hmm what to do...it's a must.i'm glad my brothers going to be there....oki then,c ya.people who's planning to marry soon,just keep this in your mind...it's your day,do it your way!

Hello again

I'm sorry I won't be able to update my blog until some kind guy fix my PC again :-( yeah...It's broken again and my brother is too busy in this two weeks he just said I'd better pass that shit to someone else.hmm

btw a guy who calls himself he's my brother's friend has commented here,and I could certainly pass your regards(but how?wished u had a backbone to say your name) but defa, won't edit my posts cos there's nothing ill done from that.either to my brother or to any company he worked...and yeah... I don't give a shit about what others think :-P comeon guys.so lame....get a grip...

And....mmm about me these days,I'm doing nothing except cuddling like a puppy with my brother whenever I can..eating titbits brought by him all day..reading an amazing twilight fanfiction everyday, till past 2a.m. And shopping for my cousin's wedding and helping thanuja (one of my bffs)in getting ready for her engagement!I'm so excited!she's my own age and getting married!god!we've really grown up!I can't belive it!hmm love her so much....

I don't know what's the time now...3a.m.?no idea...I haven't closed mini opera in my phone for the whole day.lol.absorbed in that fic.lol.I just logged in to moderate comments and after seeing this comment,was so disgusted and angry...

I maintain this blog using a fake identity cos I've written crazy things about my lecturers and institute.not because I'm ashamed of myself,not to show off a fake,cool personality,not because I'm criticising people,politics or such rubbish.my real life is also funny,crazy,lovely,and alive as my blog.I'm planning to use my true name and post without bonds as soon as I finish my education...cos I love writing,and making others laugh...and I don't wanna have limits :-D I won't change any posts unless you give me a real reason.If you're reasons are making sense,I'm humble enough to edit or delete any post.....

Oki guys,i'm sleeping.good night or good morning or whatever,have a nice day!

Naughty Mr.Sweet!

Everybody know about Mr.Sweet & me right?I mean he has nothing to do with this rubbish,it's just 'Me'...hehe.

Hmmm...I had a HUGE crush on him since the 1st day I saw him...for 2years,he lectured us...and I just went crazy day by day.lol.I'm pretty sure he sensed my infatuation too.lol.

Severaldays ago i visited his facebook profile.and checked on his latest photos.wow.he's so naughty!!there was one photo,his both hands in two handcuffs,and two young and hot british girls dressed as sexy police women(short skirts,tight blouses,hats and sunglasses) holding that handcuffs on his sides.lol.they're infront of a restaurant,it looked like a halloween parade...having fun?lol.wonder whether he likes bondage too.lol.lol.lmao.

Anyway I knew he was so naughty....
cos the day he taught us Economic Value Added,he said "guys,EVA means Economic Value Added,nothing else" *mischievous smile*
and the day he taught us Activity based costing he said "people who charge a hourly rate earns a lot" *nasty grin*
hehe.eya baba....

So... Must say that I miss him a lot!that's one of my biggest crushes (there's a big list though.lol)
hmmm....I don't know why,but I like dark guys with baby eyes and wicked mischievous smiles!! (that contradicts with my desire of having a sweet fair baby one day :-( life is so complicated & hopeless)*crying*

මගේ 100 වෙනි post එක! (අපේ අයියා හතර ගාතෙන් ආ දවස)



මගේ සිය වෙනි post එක නිසාත්,කාලයක් තිස්සේ කියන්න උන්න කාරණයක් නිසාත් මම හිතුව හැමෝටම වැදගත්වන,බීමෙන් ගැලවෙන්න පුළුවන් කියන එක ඔයාලට පෙන්නන්න,පොඩි උදාහරණයකුත් එක්ක.ඊට කලින්,මගේ බ්ලොග් එක කියවන ඔබ සැම දෙනාටම ඉස්තූති කරලා ඉන්ඩ ඕනේ ඔක්කොටම කලින්......thanks හොඳේ.........මෙච්චර කල් මාව ඉවසගෙන මේක කියවනවටත්,comments දානවටත්....:)

අපේ අයිය මුලින්ම වැඩට ගියේ කොළඹ බැංකුවක.එකේ ප්‍රධාන කාර්යාලයේ තමා හිටියේ.ඕකෙ තට්ටුවක තියනවා ලු ටිකක් ඉහල නිළ තල වල ඉන්න අයට set වෙන්න,පොඩි pub එකක් වගේ තැනක්.අපේ අයිය නම් ඉහලම නිළයක නෙමේ,ඒත් ඒ වෙද්දී අයියව ගොඩ දෙනෙක් දන්නා නිසා හවසට මේකේ සෙට් වෙද්දී කවුරු හරි අනිවා අයියාවත් ඇදගෙන යනවා ලු.ඕකට නැත්නම් කොළඹ තියන සිය ගණනක් වෙන සෙට් වෙන ස්ථාන එකකින් එහෙක මේ පාප මිත්‍රයොයි අයියයි හවසට හවසට සෙට් වෙන්න අරන්.අපිට ඕක වැඩිය තේරුනේ නෑ.ඔය කාලේ අයිය තනිකඩය.ගෙදර එන්නෙත් 10 පහු වෙලා.ඇවිත් නාල කරලා කෙලින්ම PC එක ඉස්සරහින් ඉඳගන්නවා,මම නම් ආයේ දකින්නෙත් ඊළඟ දවසේ,මොකද මමත් ඒ කාලේ ඉස්කෝලේ නේ.

ඔන්න ඔහොම ඉඳල දවසක් අපිට ඕක එලි උනේ මෙහෙමයි.අපි එකෝමත් එක දවසක අයිය එන කම් බලන් ඉන්නවා රෑ 12 ත් පහු වෙලා.ඒත් අයිය නෑ.ඉතින් ඕක ගැන හරියට බය උන අම්මල හතර වටේට කතා කළා.ඒත් කිසිම ආරංචියක් නෑ.මේ දවස් වල අයිය ගෙදර එන්නේ staff වාහනෙකින්.ඔන්න පාන්දර ජාමේ අපේ ගෙදරට ගොඩ වැදුන අමුත්තෙක්......තාත්තත් එක්ක මොනවද මුණු මුණු ගාල මේ දෙන්නත් එක්ක ආපහු අඳුරේම පාර පැත්තට ගියා.ඔන්න ටිකකින් ආපහු දෙන්නම එනවා,අයියා දෙන්නගේ කර උඩ.බලන් යද්දී ඒ ඇවිත් තියෙන්නේ වාහනේ driver උන්නැහේ.ඉතින් මේ අලි කොල්ලව බැරි බැරි ගාතේ උස්සන් ආපු මේ දෙන්න මෙයාව කාමරේ ඇඳ උඩින් දැම්මා.තාත්ත පුපුරා පුපුරා ගේ ඇතුලට ගියා,අම්ම මූණ බේරී කරන් පැත්තකට වෙලා ඉඳගෙන ඔහේ බලාගත්
මම කෝකටත් කියල ගියා කාමරේට බලන්න.අයිය මලා වගේ ඇඳට අත්හැරිය ඉරියව්වෙන්ම ඉන්නවා...
"අයියේ...? අයියේ?" කිසිදු ප්‍රතිචාරයක් නොමැත.මම ටිකක් ඔලුව අතගෑවත් හෙල්ලුනේ වත් නෑ.තට්ටුවක් දැම්මා ඒත් මොකුත් නෑ.ඉතින් ඔහොමම බුදියන්න දෙන්නත් බැරි නිසා මම සපත්තු දෙකයි මේස2 යි ගලවල බෙල්ට් එකත් ඇදල ගලවල ගිහින් නිදාගත්තා.

ඊළඟ දවසේ ඉස්කෝලේ යන්න කලින් ගිහින් බලද්දිත් අයිය එහෙමමයි.හුස්ම ගන්නවා,මඳ චලනයක් තිබ්බ ඒ වෙද්දී.ඒ කිව්වේ එහෙට මෙහෙට ටිකක් දඟලනවා.ඉතින් මම ඉස්කෝලේ ගියා.

ගිහින් හවස එද්දී මෙයා ඉන්නවා ඉඳගෙන,අනන්තය වෙත රතු උන නෙත් යොමාගෙන,නිකන් "මලා නම් හොඳයි "වගේ expression එකකුත් දාගෙන......

"ඊයේ මම ගෙදර ආවේ කොහොමද නංග?"
"ම්ම් ම් .... වාහනේ driver යි තාත්තයි එක්ක"
"එතකොට මගේ සපත්තු ගැලෙව්වේ කවුද?"
"මම"
"අහ්,මම බැලුව ඒත් මම ගැලෙව්වා කියල නම් මතකයක් නෑ.....කවුද කියල...."
"මොකද උනේ?"
"වොඩ්කා"
"???"

බලන් යද්දී මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ.එදා කට්ටිය ප්‍රයෝජනයට අරන් තියෙන්නේ වොඩ්කා එකක්.මීට කලින් වොඩ්කා නොබිව්ව අයියා පුරුදු විදිහටම පුරුදු ප්‍රමාණයම අරන්.කිසි effect එකක් නැති නිසා තව අරන් (වොඩ්කා වල effect එක එන්න ටිකක් වෙලා යනවලු නේ?)ඉතින් effect එද්දී අයියා මග ලු.බොහොම අමාරුවෙන් පාර හොයන ගෙදර ආව driver නිසා අයියා යන්තම් බේරුනා.නැත්නම් අපිට කොළඹ කානු අස්සේ තමා අයියව හොයන්න වෙන්නේ

ඉතින් අයිය ඊට පස්සේ "පමණ දැන" වොඩ්කා බොන්න අරන්.මම හිතුව එදා ලැජ්ජාවට ආයේ නොබී ඉඳීවි කියල.ඒත් මෙයා තව කිහිප දවසක්ම වෙන අයගේ කර පිටින් ගෙදර ආව.අන්තිමේදී අක්කගේ බල කිරීමටදෝ එයාගේ ඒ පුරුද්ද ටිකක් අඩු උනා.ඒත් පාර්ටි වලදී එහෙම දිගටම බිව්වා.

කොහොම හරි මෙයාල බැඳලා රට ගියා නේ.එහෙදි ඔය පුරුද්ද ආයෙත් පටන් අරන්......මෙහෙ වගේ නෙමේ නේ,එහෙ ඉතින් හැමදාම වගේ මොකක් හරි ඉලව් පාර්ටියක් තියනවා නේ....ඒත් දැන්...දැන් අයිය කිසිම මත් පානයක් ගන්නේ නෑ...අඩු ගානේ රස බලන්නේ වත් නෑ...ගිය පාර ආවම අයිය ගෙනාව වයින් එකක් අපේ පවුලේ අය රස බැලුව.මමත් වීදුරුවකට දාගෙන ටිකක් රස බලල අයියගෙන් ඇහුව ඕනේ ද?කියල.අපෝ එපා කිව්වා.මටත් පුදුමයි.ඒත් කොහොමද මෙයා එහෙම උනේ?

මෙහෙමයි වෙලා තියෙන්නේ.දවසක් එහෙ අයියගේ යාලුවෙක්ගෙ පුතෙක්ගේ උපන්දින පාර්ටියක තිබිල.හැමෝම ඇඳන් එන්න ඕනේ dresses.නාවිකයෝ විදිහට,මුහුදු කොල්ල කාරයෝ,vampires,කාර්ටූන් චරිත...ඉතින් අයියගේ කොන්ඩේ දිග නිසා අයිය කොන්ඩ 2 ක් ගොතල,අර නාවික ඇඳුමක් ඇඳගෙන,මුහුදු කොල්ලකාරයෙක්ගේ තොප්පියකුත් දාගෙන ගියා ලු ඕකට.ටිකකින් පුරුෂ පාර්ශ්වය වෙනම පැත්තක පාර්ටියට සෙට් වෙලා.අයියට මතක ඊට පස්සේ පැයක්,දෙකක් පමණ ලු.ඇහැරිලා තියෙන්නේ පසු දින.ඔන්න ඕකෙන් ටික කාලෙකට පස්සේ අර ගෙදර (ළමයාගේ තාත්ත) අයියට වීඩියෝ එකක් පෙන්නලා.ඕකෙ අයිය කට්ටියත් එක්ක හොඳට හිනා වේවි,කතා කර කර ඉන්නවා තියනවා ලු.ඊට පස්සේ එක පාරටම නැගිටින අයිය,ඒ යාළුවව උස්සල කරට ගන්නවා ලු.(අපේ අයිය සෑහෙන උස මහතයි ඒ කාලේ,දැන් නම් බැහැල)අයියගේ ඉතින් එයාව කරේ තියාගෙන කැරකෙන අයිය ආයේ බිමින් තියල ගිහින් ඉඳගන්නවාලු.

ඊළඟ සීන් එක පටන් ගන්නේ හතර පස් දෙනෙක් එකතුවෙලා නිදාගෙන ඉන්න අයියව අමාරුවෙන්,එකයි ....දෙකයි....තුනයි...කියල උස්සල ගන්න එකකින්.අර මිනිස්සුන්ගේ කර පිටින් කාමරේට යන අයියව කට්ටිය අමාරුවෙන් ඇඳක් උඩට දානවා ලු.දැම්ම ගමන් එක පාරට නැගිටලා වටපිට බලල බොහොම හොඳින් හිටගන්න අයිය එහෙමම කාමරේ bath room එකට ගිහින් වමනේ දාල ඇවිත් ආයේ නිදා ගන්නවලු අර කට්ටිය පලු යනකන් බනිද්දි.ඇයි අනේ අමාරුවෙන් ඔහොම උස්සන් ආව මිනිහ කිසි ගානක් නැතුව නැගිටලා යද්දී තරහ යන් නැද්ද!!

ඉතින් ඕක දැකල හිනා යනවා වෙනුවට අයියට බය හිතිලා."හිතන්න නැඟී ඒ වෙලේ කවුරුහරි මාව provoke කළා කියල,නැත්නම් මට කිසි හේතුවක් නැතුව තරහ ගියා.නැත්නම් කවුරුහරි අක්කට අනවශ්‍ය විහිළුවක් කල කියල.මම මිනිහෙක්ව මරයි,එත් මම අන්තිමට දන්නේ නෑ මොනවද උනේ කියල"

ඕක මද්‍ය පානය කිරීමේ පල විපාකයක්.එක වෙලාවක් එනවා සිරුරේ අන්තර්ගත මද්‍යසාර ප්‍රමාණය අහිතකර ප්‍රතිශතයක් ගන්නවා.එක මොළයටත් බලපානවා.මිනිස්සු තමන් කරන කියන දේ දන්නේ නෑ.අවුරුදු ගානක් තිස්සේ පුරුදු කරන් ආව සිරිත්,ශිෂ්ට පුරුදු වලින් වැහිලා ඉන්න නියම මනුෂ්‍යයා එලියට එනවා.අපේ අයිය ස්වභාවයෙන්ම විනෝදකාමී කෙනෙක්.එක නිසා ඒ වෙලේ එයාගේ ඒ ගතිගුණයි දකින්න ලැබුනේ.හැබැයි එයාට තරහ ගියාම ඔක්කොම යක්කු ගෙදරට බැහැල වගේ....(මම වගේමයි!) ඔයින් ගියා ඇති.

ඉතින් මම මේ කියන්නේ මේක කියවන ඔක්කොම "බොන" කට්ටියට.ඔය පුරුද්ද දැම්ම නතර කරන්න බලන්න.නැත්නම් දවසක ඔයාලගේ පවුලේ හිතවතුන්ට,දරුවන්ට,බිරිඳට,යාලුවන්ටත් ඔයාව එපා වේවි.මොකද ඒ කාලේ හිටපු පුද්ගලයා නෙමේ ටික දවසක් යද්දී ඉන්නේ.මත්පැන් මිනිස්සුන්ව වෙනස් කරනවා.
හිත ඇත්නම් කල නොහැක්කක් නොමැත...