මම හඳට ගිය දවස...


මේ ෆොටෝ1 ගන්න ඇත්තෙ මාව හඳට අරන් යන්න යනව කියල රවට්ටල වෙන්න ඇති .

මම මේ පරණ ෆොටෝ ටිකක් බැලුව මම ඕපපාතික නොවන බව තහවුරු කර ගන්න.මොකද කියනව නම් ලඟඳි ඉඳන් මට තරහ යන කතා කියන්න පටන් අරන් අපේ අම්ම.මේ ඉරිද මම උදේ එලියට බහින්න හදද්දිම හරිම කළකිරෙන සුලු බැල්මක් හෙලලා කියනව -ඔයාගෙ upper lip හරිම හීනියි ලු!! ඉතිං ඒක මගෙ වැරැද්දක් යැ!මම කිව්ව මට කලින් අම්මගෙ lips හරියට බලාගන්න කියල.huh.

මේ හැමෝම එකයි.අපි ඔක්කොම ඕපපාතික.එයාල උපාසක මාතාවන් සහ මහත්මාවරු.
මේ ළඟඳි dazzled ගෙ ආච්චි,TV එකේ නලුවෙක් නිළියකගෙ කම්මුලට kiss1ක් දෙන scene1ක් දැකල,චිහ් මුන්ට ලැජ්ජා නැති හැටි!කියල.daz අහල ආච්චිට සීය kiss දුන්නෙම නැද්ද?? කියල.ආච්චි dazගෙ ආච්චිවම මතක් කර කර බනින්න ඇති.hehe

මගේ පෙනුමට සම්පූර්ණයෙන් වග කිව යුත්තේ මගේ අම්මා සහ තාත්තා.මම චූටි කාලෙ මට කියල තියෙන්නෙ කටුස්සි කියල.දවසින් සුදු වෙන මම ඊළග දවසෙ කලුලු.බලන්නකො මේවයෙ මගෙ සුද!දැං ඔහොම උණා නම්..hmmm....*sigh*

ලබන භවයේ හෝ කිරිගරුඬ පැහැ වී උපත ලබන්න පිං ලැබේවායි පතමි.එම භවයේ Mr.sweetගේ බිරිය වීමට වාසනාව ලැබේවායිත් පතමි.lol......cos he's "sorted out" this time..:( එයා නම් මේ භවයෙන් පස්සෙ heaven1ට වෙලා ඉන්නයි කල්පනාව.he's catholic.හපොයි එන පාර මගෙ husband වෙන්න වෙනව නම් ඉපදෙන්නෙ නැති එකම හොඳා කියල හිතෙයි එයාට නම්.*again sigh*

7 comments:

L4nk4n said...

Looks like a cute kid.

said...

මේ ලිපියෙන් අපි නිගමනය කලයුත්තේ ඔයා තාර වලට සමාන පැහැයෙන් යුක්ත බවද?? :-p

poppy said...

@L4nk4n-yep.I'm super cute.hehe.;)

@ම-එහෙමමත් නෙමේ ඉතිං....අම්ම තරම්ම සුදු නෑ.හ්ම්......:(

Anonymous said...

මේ භවයේ ඔබ ලබා තිබෙන රුවට වග කිව යුත්තේ ඔබමයි. ඔබ කරපු පව පින අනුව, ඔබේ රූපය සකස් වී ඇත. ඒ නිසා ඔබේ මවටවත් වෙන කිසිවෙකුටවත් ඒ නිසා දොස් කියන්න එපා.

poppy said...

මට මෙලෝ මතකයක් නැති,අවුරුදු සිය ගානකට කලින් කරපු දේවල් වලට return1 දැන් ලැබෙන එක නම් හරිම අසාධාරණයි!මොනව උනත් මේ පාර හැමදාම ආච්චිව හෝදද්දි මම එන පාරට පිං එකතු කර ගන්නව.well I'm proud of my colour!කලු සිත්කලුයි,දැකුම්කලුයි,කන්කලුයි(මගෙත් කන්කලුයි හැබැයි මම තළෙලුයි).....lol.& anonymous මම මේ 1post1ක් වත් serious,බරපතලව දාන ඒව නෙමේ.ගණන් ගන්න එපා.hehe

chathu said...

අක්කේ,අපි සුදු වෙලා කොච්චර ලස්සන වුවත් හදවතේ ලස්සන,පිරිසිදු,ගුණයහපත් සිතුවිලි නැත්නම් ඒ ලස්සනින් ඇති වැඩක් නැහැ.....අක්කා සුදු නැති වුණාට අක්කගේ හදවත පිරිසිදුයි.......ඔයා තමයි අපිට ඉන්න cuteම අක්කා.....

poppy said...

Hello!!me oya ne!!ADSL gaththath hari nanga full time net wage.hehe.anyway thanks for the comment*blushing*

Post a Comment