ප්‍රථම ඒක පාර්ශ්වික ප්‍රේමය-ඒ කිව්වට ප්‍රේමේ ම නෙමේ පොඩි crush එකක්



සැහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ....ඉතින් ඉඳල ඉඳල මම මේ කියන්න යන්නේ සැහෙන කාලයක් තිස්සේ කියන්න උන්න කතාවක්.මගේ මේ දවස් වල mood එක ඒ තරම් සුභ නෑ.ඉතින් ඔයාලගේ වගේම මගේ mood එකත් ටිකක් සැහැල්ලු වෙන්න මම මේක දාන්නම්කො......

ඔයාල දන්නේ නැති උනාට පොඩි කාලේ මම මොන්ටිසෝරි ගියා.ඒ කාලේ ඇත්තම කියනවා නම් මට මතක නැහැ.අපේ පුංචි අම්ම තමයි මේ කතාව මට කිව්වේ.මාව මොන්ටිසෝරි ඉවර වෙලා එයා ගෙදර එක්කන් එනවා ලු.ඉතින් ඒත් එක්කම පෙළක් දවසට අපේ ගෙවල් ළඟම,මොන්ටිසෝරියේ මාත් එක්ක හිටපු පොඩි කොලු පැටියෙක් එනවා ලු.අපි මේ කොල්ලට "ශාන්" කියල නම දාමුකෝ.ඉතින් පුංචි කාලෙත් මම දැන් වගේම බෝල ගෙඩියක් ලු.ශානුත් එහෙම ම ලු.ඉතින් බකල ගගහ එන අපි දෙන්න,අපේ ගෙදර ලඟදි ී වෙන් වෙලා යද්දී මම හෝ ගාල අඬනවලු.එයත් අඬනවලු සමහරදවසට.......ඉතින් ඕක පුංචි අම්මට නම් මාර ආතල් දර්ශනයක් වෙලා.

ඔය කාලෙම තමා මගේ මාම බැන්දේ.ඒ මගුල් ගේ දවසේ ඔය ඉන්න නෑදැයෝ එතන හිටපු එකම පොඩි එකා වෙන මාව අල්ලගෙන බයිට් කරන්න පටන් අරන්....මොකද ඕනේ පොඩි එකෙක් ආසයි නේ තෑගි වලට.couple එකට තෑගි ලැබෙනකොට මමත් හයියෙන් කියල "මමත් කවදාහරි බඳිනවා!!"කියල.
ඉතින් අනිත් නැන්දලා ටික මාව වට කරන් අහල "ඒත් දුව ඔච්චර ලොකු තෑගි කොහොමද උස්සන්නේ?"කියල.
මම කිව්වා ලු"මම මොකටද?ශාන් ඉන්නේ!" කියල.lol.

මට ඔය කතාව පුංචි කිව්වේ මට අවුරුදු 16 දී.එතකොටයි මට තේරුනේ මේක එසේ මෙසේ crush1k නොවන බව.

ශාන්ව මොන්ටිසෝරියෙන් පස්සේ මට හම්බුනේ ශිෂ්‍යත්ව පන්තියේදී ද කොහෙද.....පන්තියේදී කිව්වට එකට මම මාස2,3 ක් වත් ගියාද මන්ද.ඒ කාලෙත් ශාන් හරිම cute චබියෙක්.මම අති පණ්ඩිත cute චබියෙක්.මට යන්තම් මතකයි අපි ඔට්ටු දුවනවා.අපි කිව්වේ අපේ සෙට් එකක් හිටිය.....ඒ සෙට් එක.මට ඕක පෙන්නන්න බෑ.මොකද අනිවා මට තමා catcher වෙන්න වෙන්නේ.මොකද අනිත් යට මාව අල්ලන්න හරි ලේසි-මම දුවන්න හොරා නේ......

ඉතින් ඔය ශිෂ්‍යත්වෙන් පස්සේ මම කොළඹ විශාකවට ඇතුලත් උනා.ශාන් ගියේ කොළඹ ආනන්දයට..මම මෙයත් එක්ක හොඳටම තරහ උන දවස ආවේ ඔය කාලේ.

වෙලාවකට මෙයා ඉස්කෝලේ ඇරිලා අපේ ගෙවල් පැත්තෙන් යනවා-මෙහෙන් short cut එකක් තියනවා.ඉතින් ඔය කියන දවසේ (මට තවමත් හොඳට මතකයි)ශානුයි එයාගේ වැඩිමල් cousin අයිය කෙනෙකුයි ඔය පාරේ යනවා මම දැක්ක.කාලෙකින් නේ යාළුවව දැක්කේ.මම එහා ගෙදර හිටියේ ඒ වෙලේ.මම දොරකඩට බැහැල "ශාන් ටටා!!!!!!" කියල කෑගහල අත වැනුවා.මම දැක්ක අර වැඩිමල් අයිය හයියෙන් හිනා වෙනවත්,ශාන් රවාගෙන පැත්ත නොබලා ඉක්මනින් යනවත්.rejected හැගීමකින් හිත බර උනත් ඒත් එක්කම ආවේ තරහක්.මම එකෙන් පස්සේ ආයෙත් අවුරුදු ගානක් යනකන් ශාන්ව දැක්කේ නැහැ.

ඊට පස්සේ එයාව ආයේ දැක්කේ මට අවුරුදු 14 දී.ඒ කියන්නේ නවය වසරේදී.මමයි මගේ යාළුවා ish ගියා කඩේට,මම සාමාන්‍යයෙන් ශාන්ගේ ගෙවල් පැත්තෙන් යැවෙන් නැහැ,ඒත් කඩේට යන්න කෙටි පාරක් එතනින් වැටිලා තියනවා.එතනින් යද්දී මම දැක්ක ඒ ගේ ඉස්සරහ උස මහත සුදු well built කොල්ලෙක් ගේ ඉස්සරහ උදලු ගානවා.අපි දෙන්නත් "කවුද බොලේ ඇලිස් " කියල ලඟට කිට්ටු කරද්දී,කිට්ටු කරලා අදාළ පුද්ගලයා අඳුනාගතහැකි සීමාවට ආවම අපි දෙන්නගෙම කටවල් වලට අගුල් වැටුන.කවුද දන්නේ අවුරුදු කිහිපයකින් මෙච්චර වෙනසක් වෙන්න පුළුවන් කියල.....
අහ්....ඉතින් ඊට පස්සේ අපිව නිතරම මුණගැහෙන්න පටන් ගත්ත.මොකද අපි එකම විද්‍යාව පන්තියට join උනා නේ.....

ඔව් ඔව්.... අපේ සහෝදර blog ලියන්නෙක් වෙන මහේෂ් හසාන්ත ද සිල්වා ත් ඒ පන්තියටම ආව.hehe.ඒ කාලේ වගේම තව අවුරුදු 3 ක් යනකම් ඒ හැමෝටම මාව පෙනෙන්න ඇත්තේ මල විකාරයක් වගේ...මොකද මම හැම දෙයක්ම කලේ අවධානය ගන්න.හැබැයි ඒ එක දෙයක් වත් වැඩක් උනේ නම් නෑ.....lol.

අපි අවුරුදු 3 ක් එකට පන්ති ගියා.විද්‍යාව සහ English .ඉංග්‍රීසි පන්තියේදී තමා ඔය crush එක සැහෙන්න වැඩි උනේ....විද්‍යාව පන්තියේදී මට ඕනේ උනේ වැඩ පෙන්නන්න,මම ඒ කාලේ ලකුණු 95-99 අතර ගන්නවා ඉස්කෝලෙදි.ඉතින් හැමෝටම ඕනේ තමන්ගේ crush 1 ඉස්සරහ පොර වෙන්න නේ.....ඒත් වැඩක් උනේ නෑ.....ඔහොම ඉන්දෙද්දී එයාගේ උපන්දිනය ලං උනා.සල්ලි එකතු කරගත්ත මම ලස්සන pencil case 1ක් ගත්ත.එක පිරෙන්න පෑන්,පන්සල්,gold/silver pens,gel pens,මකන,අඩි රූල්,cutter,ටිපෙක්ස් ඔක්කොම අරගෙන ලස්සනට හැදුව.මොකද එයා පෑන් දාගෙන ආවේ පරණ කවකටු පෙට්ටියක.මම ඉතින් ඕක ලස්සනට පැක් කරලා-from a friend- කියල ලියල ගෙනාව හොරෙන් එයාගේ bag 1 න් දාන්න.ඒත් අන්තිම මොහොතේදී මගේ ආත්ම ශක්තිය බින්දුවටම බැස්ස-no gut.ඉතින් මම පෑන් ටික තියාගෙන purse එක වෙන කාටදෝ මන්ද දුන්න....

මම කැමති නෑ අපිව මගදී හම්බෙනවට.මොකද මගේ අතින් මොකක් හරි ගොන් කතාවක් කියවෙනවා....මම යන පන්ති වලටම නේ මෙයත් යන්නේ,ඒත් මට පෙළක් වෙලාවට ඉබේ ඇහෙනවා "අද පන්ති නැද්ද?"කියල.නැත්නම් සැහෙන්න චාටර් විදිහේ හිනාවක් යනවා.ඉතින් වෙලාවකට ඒ කාලේ මෙය ඉස්සරහින් එනවා දකිනකොට මට හිතෙනවා පාස් වෙලා යනකන් හැංගිලා ඉන්නත්!

ඉතින් ඔය කාලේ මම ගිය ඉංග්‍රීසි පන්තියේ ඉංග්‍රීසි සාහිත්‍යත් කළා අපි.ඕකෙ 9,10,11 පන්ති 3 ම එකට දාල ඉගැන්නුවේ.අපි ඉහල පන්ති වලට යද්දී අපිට වඩා බාල ළමයි ආව පන්තියට.මේ අතර හිටිය ලස්සන නංගියෙක්.සුදුයි,කොන්ඩේ curly,හරිම ලස්සන හිනාවක් තියන චුටි නංගියෙක්,අපිට වැඩ අවුරුද්දක් හරි 2 ක් හරි බාලයි...එයා ලස්සන නිසා අපි එයාට නම දැම්ම මාර්ගරිට්(Margeret) කියල.(ඒ කාලේ තමා TV එකේ The Lost World ගියේ.එකේ ප්‍රධාන චරිතයක්......)

මම සැහෙන්න මිනිස්සුන්ව නිරීක්ෂණය කරන කෙනෙක්,ඉතින් මට ටික දවසක් යද්දී තේරුනා ශාන්ගේ හිත ඔය නංගිට ගිහින් කියල.ඉතින් ඒ නංගිත් එක්ක අහලකින්වත් මට යන්න බැරි නිසා මම අදහස අතැරලා දැම්ම.........මම ප්‍රාර්ථනා කළා ඒ 2 න සෙට් වෙන්න,හොඳ couple එකක් වේවි කියල......

සාමාන්‍ය පෙලින් පස්සේ අපිව ආයේ හමු උනේ නෑ.....මම CIMA class යන්න ගත්ත නේ උදේට A/L වලින් පස්සේ...හැබැයි ඒ කාලේ මගේ ජීවිතේට වෙන කෙනෙක් ඇවිත් හිටිය....එයාගේ නම අසේල.මට පෙළක් දවස් වලට බස් එකේදී ශාන් ව හම්බුනා,සුහද හිනාවකට ඒ හමුවීම සීමා උනා.....මගේ ජීවිතේ awkward ම දවසක් ආවේ ඔය කාලේ.හවස මම පන්ති ඇරිලා අසේල එක්ක එද්දී අපි නැගපු,පිටකොටුව stand එකේ නතර කරලා තිබ්බ බස් එකේ පිටිපස්සේ සීට් එකේ ශානුත් හිටිය.මම හරිම අපහසුතාවයකට පත් උනා....අසේලට මම ශාන් ගැන කියල තිබ්බ-සැහෙන කාලයක් තිබ්බ crush 1 k කියල.අසේල කිව්වා බහින්න ඕනේ නෑ,මේකෙම යමු කියල....මම පෙරැත්ත කරලා බැස්ස......hmmmm I actually don't know why...but I felt something heavy inside me.......I felt guilty...... ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.

ඉතින් එදාට පස්සේ මට ආයේ ශාන්ව හම්බුනේ මේ ලඟදි.....මම වැඩට යන්න පටන් ගත්තට පස්සේ,හරියටම කියනවනම් නවලෝකේ ඉස්සරහ බස් හෝල්ට් එකේදී.ඉස්සර වගේම කොල්ල handy.......ඒත් වෙනද වගේ නැතුව මට ඉතාම සාමන්‍යය විදිහට ශාන් එක්ක කතා කරන්න පුළුවන් උනා.මට තේරුනා අපිට අන්තිමට යාලුවෝ වෙන්න දැන් පුළුවන් බව.....මොකද දැන් ඒ crush එක ඉවරෙටම ඉවර නිසා.......

ශාන් දැන් මගේ face book buddy කෙනෙක්.හැබැයි එයා poppy කියන නමින් මිසක්-මේ මමයි කියල දන්නේ නැහැ.දැනගත්තත් මට ප්‍රශ්නයක් නැහැ........ඒත් මට වෙලාවකට හිතෙනවා මගේ ඒ කාලේ 64 මායම් වැඩ කරලා බැරි වෙලාවත් මේ මනුස්සයව සෙට් උනා නම් මොනවයින් මොනවා වෙයිද කියල.සමහරවිට නෑදෑකමුත් නැතිවෙන්න තිබ්බ......මොකද මට මනුස්සයෙක් එක්ක ඉන්නත්,මනුස්සයෙක්ට මාත් එක්ක ඉන්නත් සැහෙන්න අමාරු නිසා..... hehe.

so this is my 1st crush.....aha.....yes...list goes forever!!!!! lol.

27 comments:

Hishan de Silva said...

Poppyගෙ cursh කතා...

said...

හ්ම්ම්ම් අවාසනාවට ඇත්ත කතාවක්

මටනම් තේරිලා තියෙන්නේ මාත් එක්ක දුරින් ඉන්න අයට ලඟින් ඉන්න අයට වඩා හොඳින් ඉන්න පුළුව්න කියලා.

ප්‍රේමය ඒක පාර්ශ්වික උන තරමට කරන්න ලේසියි දිවී පාර්ශ්වික උන ගමන් වාතයක් වෙනවා :-D

poppy said...

1st of hundreds...... <3

poppy said...

ma bro,oka oya TV programme ekaka title ekak ne?awaasanaawakata aththa kathawak?lol.hmmm hmmm....dwi paarshwika una gaman waathayak thamai.......agree

said...

ටී වී එකේ නෙමෙයි පොපී මන් හිතන්නේ ශ්‍රී එෆ් එම් එකේ යන එකක් ඒක :-D

poppy said...

aha....ow ow.ithin bus ekaka giyoth oya karume ne ahagena yanna wenne..........

mhasantha said...

මම නම් මේක නොදන්නා කතාවක් නොවුනට අග ඉදන් මුලට දෙතුන් වතාවක්ම ඕනිකමින්ම කියෙවුවා....පොඩි පොඩි අවුල් තැන් දෙක තුනක් ඇරෙන්න [ ශාන් ආනන්දෙට ගියේ ශිෂ්‍යත්වෙන් කියන එක ] ,අනික් ගොඩක් මටත් අද වගේ මතකයි...

ඉතින් පොපී ඔයා විතරක් නෙමෙයි....ඔය සයන්ස් ක්ලාස් එකේ හිටපු අනික් අයගේ දේවලුත්, අපි නොදැන හිටිය නෙමෙයි....
එත් ඔයාට නිකමට හරි මට ඔය සීන් එක කියන්න තිබ්බා....අපි ඉතින් නොදන්නවා වගේ පෙන්නුවට, අපි එකතු උන වෙලාවට ඔයාලා කරන වැඩ සැහෙන්න එන්ජෝයි කලා.....

ඔයා අවධානේ ගන්න කරපු සමහර හොද වැඩ නිසා රස කෑම වේල් දෙකකට විතර වගකිවුව කියල මතකයකුත් තියෙනවා....,,හි හි ...

" එයා පෑන් දාගෙන ආවේ පරණ කවකටු පෙට්ටියක "
මේ කතාව නම් සහතික ඇත්ත...තාමත් එයා ගාව ඒක තියනවද කොහෙද?
හැබැයි ඉතින් අපි මේ දේවල් දැනගෙන උනත් නොදන්නවා වගේ හිටියේ නපුරු කමකට නම් නෙමෙයි.....

ඔයා දන්නවනේ පොපී, ඒ වෙනකොට අපේ හිත් තිබ්බේ වෙන වෙන තැන් වල....ශාන්ගේ ඔය මාගරිට් සීන් එකටත් මං ඉතින් බැහැල සප් එක දුන්න බව ඔයාලා දන්නවනේ.....

ඔයාගේ පොස්ට් එකේ ලස්සනම මෙන්න මේ ටික....
"ඒත් වෙනද වගේ නැතුව මට ඉතාම සාමන්‍යය විදිහට ශාන් එක්ක කතා කරන්න පුළුවන් උනා.
මට තේරුනා අපිට අන්තිමට යාලුවෝ වෙන්න දැන් පුළුවන් බව....."
ඇත්තටම අපි වෙනදට වඩා දැන් ගොඩාක් හොද යාලුවෝ වෙලා....ඉතින් නිදහසේ දවසක මේ ගැනත් කතා කරලා හිනා වෙමු....

අන්තිමට මට කියන්න තියෙන්නේ......
ඔයාට ඒ මනුස්සය එක්ක ඉන්නත් බෑ....ඒ මනුස්සයට ඔයා එක්ක ඉන්නත් බෑ කියල විතරයි....
මොකද මං දෙන්නවම හොදට දන්නවනේ......

poppy said...

මල කෙලියයි.ශාන් ආනන්දෙට ගියේ ශිෂ්‍යත්වෙන් නෙමේ නේද?මගේ මතකේ නම් මරු.......seriously මට ඒ කාලේ ඒවා දැන් මතක නෑ හලෝ......මම එක edit කරන්නම්.අනිත් sure නැති එක තමා එයා අර ශිෂ්‍යත්ව පන්තියට ආවද නැද්ද කියන එක.....පොඩි මතකයක් නම් තියනවා ඒ ගැන........aha......"ඉතින් පොපී ඔයා විතරක් නෙමෙයි....ඔය සයන්ස් ක්ලාස් එකේ හිටපු අනික් අයගේ දේවලුත්, අපි නොදැන හිටිය නෙමෙයි...." ඔන්න ඔය කතාවෙන් ඔයා අදහස් කරපු කෙනා මට මේ ලඟදි කිව්වා ඔයත් එක්ක කතා බහ කරනවා නම් "කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න එක වරදවා වටහාගනීමක් කියල" කියල......lol.ඔන්න මම කිව්වා.මට ඇරෙන්න අපේ සෙට් එකේ කාටවත් ඔයාලගේ කාණ්ඩයේ කවුරු ගැනවත් crush එකක් තිබ්බේ නැහැ..........

mhasantha said...

අයියෝ....ඕව නම් මොනවද පොපී...අපි අපිනේ.......[ලොල්]

poppy said...

I'm serious!!! lol.she was really angry with us that day....ewaya bite kalaa kiyala.....ah....and I forgot to write about the day I fall down(actually slipped down & sit)on that stairs infront of you guys.lol.,remember Sirge class eke pahala hall1ta yana thana........?I was sooooooo embarrased!!!!!!lol.

d_chuti said...

Meka nam patta seen ekak, poopy u had to tell the story to us men, apita monama hari karanna thibbane.. any way now what to do ne? margeret has stollen ur crush ne. he he he he just joking ok.. margeret wenuwen mai silvai kapu kattak dannawanam, gahagatte nathi tika witharai.henama gamek dila wade settle karagatte.
kohomen kohoma hari now u r ok ne? aparade pencil box eka aran dunna nam api fun eke inna welawata somiyak danna thattuwak dana kawakatu pettiyath nathi wenawa. mata mathakai nataraj kawakatu pettiyak da koheda shaan ta thibbe ne?

kohoma hari siyalloma sathutin wisira giya eka hodai. mokada mahesh kiwwa wage man oya gana nam godaak danne na but a[e eka gana nam onawatath wada dannawa, u ekka api hitiyata oyata inna amarui.. api wali keliye idan MANGO friends la nisa u gana dannawa..
finally i should say u r a totally different character poppy bcz athulen pena kena neme eliyen inne..
I think u may guess who am i?
Hope to join the sri lankan bloggers recently..
we'll see..

poppy said...

Aha! I know u!one of my neighbours right?;-) create a blog soon!
Yep,nataraja ekakda koheda thamai thibbe...hehe.we all do silly things when v r teenagers don't we?I had a sweet sixteen,I loved that time....
I know u guys r surprised....only my girl-friends knew about my charactoristics....still I'm a very silent person outside...lol.
I still meet sis Margeret in buses,I dnt ever think she's 'stolen' my crush.lol.I always smile with her...A crush is just a crush.bt when a love is stolen,u really start hating that girl.....

හිස් අහස said...

පොපීගේ බ්ලොග් එකේ සිංහල වචනයක් දැක්කම තියන සනීපේ .

ඇත්තටම පොපී ඔයවගේ වයස් සීමාවල ඇතිවෙන සම්බන්දකම් නැතිවෙලා යන එකමයි හොඳ මොකද ඔය වයසේදී අපි ඒතරම් හිතලා මතලා තීරන ගන්න පුලුවන් කමක් නෑනේ ..ඒකනිසා ඔය පහුගිය කතා අමතක කරන්න .

පොපීටත් crush එකක් පුදුමයි අප්පා ..

poppy said...

Hehe.sorry...mage PC eka kadunama sinhalen type karanna bahane...aththa thama.podi kale kaloth karanne gon wadak...

වැඩබැරිදාස said...

අපෝ පොඩි කාලෙ ඉඳලම මගුල් විසේ ඉහෙට ගහල. ඕං අපේ කාලෙනම් තිබ්බෙ නෑ ඔය නරලොව හොල්මන්, අනේ මන්දා දැන් කාලෙ හැදෙන ගෑණු ළමයි.

poppy said...

lol.meh....shut up.............api hondaa....1990-1992 passe ipaduna kello gana nam kiyala wadak na.........I pity young boys.........

Ru. said...

හික් හික් හික් අර පැන්සල් පෙට්ටියේ සීන් එකනම් මටත් හොඳට මතකයි ..ලොල් .. අර අපිට මුකුත් කියාගන්න බැරි කමට අපිත් සද්ද නැතුව හිටියා .. ලොල් ලොල් ලොල් .. අහ් ඇයි ශාන් අපේ කලා උළෙල ට ආපු සීන් එකත් කියන්න තිබුනනේ .. හික් හික්

ahh btw you have mentioned one more thing we have in common.. lol " මට මනුස්සයෙක් එක්ක ඉන්නත්,මනුස්සයෙක්ට මාත් එක්ක ඉන්නත් සැහෙන්න අමාරු නිසා" cheers !!

poppy said...

Ane palayan bung...u guys encouraged me! :-P seriously kala ulele scene eka kiyanna bari una!AL class ekama wage poppyge crush eka balanna hall ekata awa ne.lol.

U r ryt mach...ape soul matesla thama ipadila nadda koheda...cheers!

samadhi said...

ශාහ් බලන් යද්දී poppyය් මමය් එකම ඉස්කෝලෙනෙ! දෑන ගෑනීම සතුටක්!

poppy said...

Aaaw!really?great!wuts ur A/L year?I jst checked ur profile.oyage favourite poth okkoma mageth favourite!really nice to meet u....

Jay said...

හෙහෙහෙ..
මට මගේ ඒ කාලේ මතක් වුණා..
:D

poppy said...

:D oyatath crush ekak thibba ehenam??;)

Isuru Wijesinghe said...

සෑහෙන්න පරණ ලව් ස්ටොරියක් වගේ....

" මොකද මට මනුස්සයෙක් එක්ක ඉන්නත්,මනුස්සයෙක්ට මාත් එක්ක ඉන්නත් සැහෙන්න අමාරු නිසා..... hehe "

මට මේක දැක්කම හිතුනෙ ශාන් ගිය ආත්මෙ ලොකු පිනක් කරල තියෙනව කියලයි

Tweety Buttz said...

nic story
lov it.

poppy said...

thank you thank you..... :D

Anonymous said...

" මොකද මට මනුස්සයෙක් එක්ක ඉන්නත්,මනුස්සයෙක්ට මාත් එක්ක ඉන්නත් සැහෙන්න අමාරු නිසා..... hehe "

Meka nam aththama thama xD !!

උමා said...

අති පණ්ඩිත cute චබියෙක්..lol!

Post a Comment