මේක කරන්න බෑ!!!

අපේ අයිය post කියෙව්වට කමක් නෑ,හැබැයි ඉතිං මාත් එක්ක කතා කරද්දි ඒවට comments දෙන එක තමයි ඉවසන්න බැරි!grrr.මගෙ වැඩේ අහු උනානෙ එයාගෙ අතටම...ඉතිං මම ඊට පස්සෙ මගේ 'මොට්ට posts' ශෛලියෙන් ඈත් වෙලා ටිකක් විනීතව post කරන්න ගත්තම එයා කියනව මම ආයෙ කටුවට රිංගලලු.ඉතිං එහෙම නැතුව බෑ නෙ.මොන කරුමයක්ද!හහ්.දැං මම පටන් ගන්නව අලුත් බ්ලොග් එකක්!
මොනව උනත් අයිය කිව්ව එකක් හරි.මම අනිත් මිනිස්සු ගැන පෞද්ගලික විස්තර ලිව්ව එක නම් වැරදියි.මට තරු පෙනුනා මේ දැන්.

මම නිකමට වගේ අපේ 'කඩවසම්,තරුණ'lecturers ලා දෙන්නාගේ නම් ටයිප් කරලා google search1ක් දැම්මා.මළ කෙලියයි!මුල පිටුවටම ආවෙ නැතෑ මගේ බ්ලොග් link1ත්.මම බොහොම බය උනා.posts ලේබල් සහ පෝස්ට් වලින් ඔවුන් දෙපලගේ නම ඉවත් කලත් තාම ඒ වැඩේම වෙනවා.දැං මම කල්පනා කරන්නෙ ගිය නුවණ අද්දවන්නේ කොහොමද කියලායි...

labels නැතුව ඔහොම ටික කාලයක් යද්දි link1 එන්නෙ නැති වේවි නේ?lol.silly me....මම හිතාගත්තා මීට පස්සෙ ඒ දෙන්නව Mr.cute සහ Mr.sweet කියලා හඳුන්වන්න.you know who නේ....මීට පස්සෙ lord voldemortට වගේ තමා,මමත් බයයි ආයෙ නම කියන්නත්...!!!

මේ ටිකේ නම් ජීවිතය අමු කම්මැලියි.රණ්ඩු නෑ.films නෑ.හරිම serious ඔක්කොම.හතරවටෙන් ඇහෙන්නෙ exams ගැන.හ්ම්..මේ වගේ වාතාවරණයක ඉන්නකොට ජීවිතය දශමෙන් දශමය එපා වෙනව.සාංකාව වගේ.හරියට තරහ යනව.රණ්ඩු වෙන්නත් ඉන්නෙ අර වයසක ජෝඩුවනෙ...(heee heee අම්මයි තාත්තයි අනේ.heee heee)එයාල එක්ක රණ්ඩු වෙන්නෙ කොහොමද මම.hmmm හැබැයි මම මේ ටිකේ ටිකක් සද්ද දැම්ම එයාලට.

ex හිටිය නම් එයාගෙ පිටින් වත් මේ තරහ පිට කරගන්න තිබ්බ.ඒ වෙලාවට එයා කියනව..'ඔන්න පිස්සු හැදීගෙන එනව!cool down cool down...'hehe.දැන් නම් හිනාත් යනව ඒ කාලෙ මතක් වෙද්දි..
ඒ මදිවට මගේ තරහ double කරන්න චූටි අයිය මට සක්කරවට්ටම කිව්ව.grrr.මම ඉතිං කියන් නෑ එයාට.huh.මම දවසක්ම කණ්නඩිය ඉස්සරහ කැරකුනා මම 'එහෙමද?'බලන්න.ඒ පාටක් නම් නෑ.
හ්ම්..............................................................................මට ආයෙ කාලෙකින් සිංහලෙන් post කරන්න බැරි වෙයි වගේ.කොහොමත් ඉතිං post කරන්න දෙයක් ඇත්තෙත් නෑනෙ.ඉතිං මගේ සුලු followers ගොන්නට ඉංග්‍රීසි දුක් ගැනවිලි අහ අහා ඉන්න වේවි...:)

මේ දවස් වල හරිම boring PM lectures වල ඇස් ඇරගෙන ඉන්නත්,අනිත් අයගේ කම්මැලිකම නැති කරන්නත් මම තමා මුල් උනේ....නින්ද යන වෙලාව එද්දි පොඩි රූපයක්එහෙම ඇඳල,විහිලුවක් ලියල chit1ක් යවනව.budgeting කරද්දි මම ඇන්ද පොත බදාගෙන බුදියන් ඉන්න ළමයෙක්ව.hehe.ඇඳල so sleeeeeeepy කියල ලියල යැව්ව.JIT pull system කරද්දි යැව්වෙ tute එකේ තිබ්බ රූපෙ modify කරල.ඒකෙ අදින බර අපි,බර අදින්නෙ Mr.Cute.අපිව ඇදන් එයා PM exam එක වෙත අපිව අරන් යනව.hehe.ගිය සතියෙ නම් එයාටත් stress.කියන ඔක්කොම වරද්දනව.ඉතිං මම පොත් කන්දක් උඩ ඉඳන් ඔලුව බදාගෙන ඉන්න ළමයෙක්ව ඇන්දා.
Sir,I'm also stressed.
btw it's 'us' who's gonna face the exam next month...why are 'you' stressed?

කියල අහල.එයාටනෙ චා.ඉතින් හොඳ...ට තනියම හිනා උනා ඒක කියෝල.lol.මම එයාගෙ උපන්දිනේට එයාගෙ portrait1 ඇඳල යැව්ව දවසෙ ඉඳන්..I'm his creative girl.....!!!!!!!;)මම කරන වැඩ දන්නව නම් මරනව කොනිත්තල!

මම අපේ Institute එකේ ළමයිව staff toilet යවපු කතාව දැම්ම දාන්න බෑ.ඒක මම ඕකට නොයන කාලෙක කියන්නම්කො...hehe.hmmm...දැන් නම් හිතට පොඩ්ඩක් fit වගේ.must go now.වැඩ ගොඩා...යි.හැමෝටම ටටා එහෙනම්.සුභ රාත්‍රියක්.....

7 comments:

said...

කෙනිත්තිලා මැරෙන්න උනත් හරි ආස ඇති නේ :-p

Ru. said...

Me me.. Mr.cute kianne mage "aiiya" ok? Oya eka arenna wena oone namak daganna ekata.. Huh. What abt Mr.Chweet?

Ru. said...

Lols.. Koniththala marenda witharak newe "ma".. Poppy ge ekama aasawa eyage puppy wena eka !

said...

නියම වැඩක් තියෙනවා කරන්න, ඔය කියන හාදයාගේ FB Account එකට අපි මේ බ්ලොග් එකේ URL එක Message කරමු.
:-D

said...

ඔන්න මන් කිව්වා විතරයි. කවුරු හරි කලොත් එහෙම නම් මන් දන්නේ නැහැ

Gayan Tharaka said...

මේක මාර සක්කරවට්ටමක් තමයි බැලුවම :D
චූටියට හිටියට කරන දේවල්..

poppy said...

අනේ දෙයියනේ 'ම' එහෙම දෙයක් නම් කරන්න එපා.....මට එල්ලිලා මැරෙන්නයි වෙන්නෙ!ඇත්තටම කැමතියි කෙනිත්තිලා මැරෙන්න...එයාගෙ බලු පැටියත් නරක නෑ...hehe

@daz-ok.....deal.oyage aiya thama ehenam Mr.Cute.but actually he's handsome...not cute.I'll call the other Mr.sweet then:P

@ගයාන්-මේ මේ....ඔය නම register වෙන්න දෙන්න බෑ.මම සක්කරවට්ටමක් නෙමේ!huh.හැබැයි පොඩි පොඩි තක්කඩි වැඩ නම් කරනව ඉඳල හිටල....දන්නැද්ද ඉතිං.....

Post a Comment