අවුරුද්දත් කිට්ටු කිට්ටු....;)

ඔන්න මේ පාර අම්මා ජීවිතේ පළවෙනි පාරට තනියම ම කැවුම් උයන්න යනව!මම නම් සහමුලින්ම විරුද්ධයි ඒකට.මම තාත්තට කිව්ව කේක් විතරක් ඇති කියල.ඒත් අම්මා එයාගේ අදහසේ තරයේ එල්බගෙන සිටිනවා.....ඉතිං මම කිව්වා මම ගේ අස් කරන්නම් අම්මා කැවුම් උයන්න කියලා.අලුත් අවුරුද්දේ පවුලේ සාමාජිකයන්ට බඩේ අමාරුව සෑදවීමේ වගකීම මට ගන්න බෑ.

තාත්තටත් මොළේ තියෙනව.එයා අපිට ඕනෙ එකක් කරගන්න කියල බිලියඩ් ගහන්න ගියා කෑගල්ලෙ,එයාගෙ යාලුවගෙ දිහෑ.හ්ම්......අද ඉතිං No පාඩම්.....

ඇයි ඇත්තට අවුරුද්දට පැණි රහ ජාති හදන්නෙ?මම කිව්ව අපි අවුරුද්දට එන අයට උණු උණු කට්ලට්,පැටිස් දීලා තේ දෙමු කියල.පැණි රහ කාලම අප්පිරිය වෙනවනෙ නැත්තම්.ඒ අදහසට හැමෝම උඩින් එකඟයි!!

අම්ම කෑ ගහනව මට වැඩ පටන් ගන්න කියල.must go now.එහෙනම්....ඔයාලත් වැඩ කරගෙන යන්න...:)tataa.....

5 comments:

chathu said...

අක්කේ,අක්කගේ ඒ අදහසට මමත් එකගයි.මොකද ඉතින් පැණිරස කෑවහම අපි තවත් මහත් වෙනවා...මෙහේ අපෙ අම්මත් කොකිස් හදන්න කොකිස් අච්චු හොයනවා...මමත් අම්මට කිව්වේ මෙදා අවුරුද්දට අපි හැමෝටම විදවන්න වෙයි කියලා.....

Jay said...

let us know what happened after eating those kewum.
:D

Udara || උදාර ධර්මසේන said...

‍පොපී ළමයෝ.. මාත් ඔයාගේ මේ චූටි ස්වීට් බ්ලොග් එක කාලෙක ඉඳලා කියවනවා.. ඒත් කමෙන්ට් නම් දැමෙන්නේ නෑ එච්චර.. ලියන විදිහත් හොඳයි.. ඉතින් දිගටම ලියන්න.. අපි කියවනවා.. පුළුවන් වුන වෙලාවට කමෙන්ටුවකුත් දානවා.. ;)

said...

ඒකතමයි ඊට වඩා කොච්චර හොඳයිද ගෙදරට එන නෑයින්ට කූල් බියර් එක්ක බයිට් අල්ලනවා.

poppy said...

@ chathu-අපිටත් ලැබුණා කොහෙන්ද මන්දා කොකිස් වගයක් නම්.ඒව නම් ටිකක් ෂේප්.අඩු උණ කිලෝ5 ආයෙ වැඩි වෙයි වගේ මේ මාසෙදිම!

@ Ansh-hehe.most unbelievable thing is.......nothing happened!kewum rasaaaaaai

@ Udara-thank you thank you.....:)comments
ඕනෙ නෑ.කියවනව නම් ඒ ඇති...

@ ම-නරක නෑ අදහසත්.අපේ තාත්තත් කැමති වෙයි වැඩේට!

Post a Comment