ආහාර අනුභව කලෙමි.වැඩ ඇල්ලුවේ නම් නෑ.ඔයාල??


අද උදෙන්ම ඇහැරුනා වටින් ගොඩින් ඇහුන රතිඤ්ඤා සද්දෙට.මට ගේ අස් කරල දූවිල්ල ගිහින් wheezing හැදුන නෙ!ඉතිං ඒකෙ අමාරුවත් නිසා නැගිටින්න බෑ....කියල හිතිල ආයෙ කොට්ටෙන් කන් දෙක වහන් නිදාගත්ත.තාත්තයි අම්මයි දෙතුන් පාරක් ඇවිත් වද කරල ආහාර අනුභව කිරීමේ නැකතට මාව ඇහැරව ගත්ත.

ඉතින් රාත්‍රී ඇඳුමටම උඩින් අලුත් top1ක් ඇඳන් මමත් නැකතට කිරිබත් කෑවා(මූණ වත් නොසෝදා.hehe)මම නෙ ගෙදර photographer.ඉතිං නැකත් වෙලාවට මාව ඕනෙමයි...

විශේෂයෙන් කියන්න ඕනෙ අම්මගෙ කැවුම් ඉතා හොඳට ආව බව.මොකද අන්තිමේදි ඒව හැදුවෙ 'සුසිලා නැන්දා'.කැවුම් expert කෙනෙක්.ඒත් බැද්දෙ අම්ම නිසා අපි ඒවා අම්මගෙ කැවුම් කියල හඳුන්වමුකෝ....මට නම් ටිකක් බඩ upset වගේ.ඒ අමු මුං කැවුම් ගොඩක් කාපු නිසායි.මම හරි ආසයි නෙ ඒවට....

අද දවල් කෑම මෙහෙ-පවුලේ සැමට.මාමල නම් එනව.chathu නංගිලා ගාල්ලෙ යනවලු.මම දැන් යන්න ඕනෙ ඒ වැඩ වලට උදව් වෙන්න.කට්ටිය ගියාම හවසට වැඩ අල්ලනව.දවස්3කින් පොතක් ඇල්ලුවෙ නෑ!

එහෙනම් ඔයාල ඔක්කොටම සුභ ම සුභ නව වසරක් වේවා!!!ජයෙන් ජයම වේවා!!!take care........

14 comments:

Jay said...

සුභම සුභ නව වසරක් වේවා..!!

Amila Chathuranga said...

පැණි කැවුම් අපිට හමු උනා.....තව කියන්න මොකුත් නෑ ටිකක් වැහි අඳුර තියනවා ....හවහට වහී වගෙ.....

රොකියා | Udara said...

කෑම ගැනනම් කතා කරන්න එපා. මොකද අපිට මෙහෙ කොන්ඩ කැවුමක් තියා, කොන්ඩේ නැති කැවුමක් වත් හොයා ගන්න නෑ.!
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

Anonymous said...

සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!

said...

අද වහලා හින්දා මටනම් වැඩ අල්ලන්න හම්බ උනේ නැහැ. හෙටවත් බලන්න ඕනේ
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

moda john said...

ගෑණූ ළමයා හෑඩෙන හෑටි නම් අන්තිමයි...අවුලක් නෑ,පිස්සු dial එකක් නේ....සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

Unknown said...

මටනම් ඉතින් ඕකෙ අනිත් පැත්ත, අවුරුදු දවසම වැඩ ඇල්ලුවා. ඒ කිවුවෙ පැය 9කට වඩා සැප නින්දක් දැම්මා කාලෙකට පස්සේ :) පොපීටයි පවුලේ හැමෝටමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

poppy said...

@ Ansh-එසේම වේවා අක්කේ.ජීවිතයේ හැම දෙයක්ම සාර්ථක වේවා.we are with you :)
@ indi -අඳුර තිබ්බට හවසට වහින් නෑ නෙ!අපිත් හැදුවෙ පැණි කැවුම් තමා.ඔය අපේ අවුරුදු කෑම මේසෙ original photo1ක්!
@ Udara-මෙහෙ කිව්වේ කොහෙ??& එසේම වේවා එසේම වේවා....
@ punchisamanalee-
ඔබෙත් සියලු පැතුම් ඉටු වේවා!hug.
@ ම-lol.ඕවට අද ද ලෑස්ති වෙන්නෙ!hehe.anyway මේ අවුරුද්දෙ සෞඛ්‍ය තත්වය හොඳින් තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ජයම වේවා!
@ moda johan-hehe.සහතික ඇත්ත.හරි අන්තිමයි!ඔබටත් එසේම වේවා!!

poppy said...

@ nishacharaya-මමත් එහෙම තමා*yawning* තාම නිදිමතයි!!ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

Gayan Tharaka said...

මේ පාර අපටත් අවුරුදු නෑනේ! මාත් ඇහැරුනේ අන්තිම නැකතට පත්තු කරපු රතිඤ්ඤා වල සද්දෙට තමයි.
හොදට නිදාගත්තා කාලෙකින්.

ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා පොපී.

Hasitha Gunasinghe said...

මාත් අවුරුදු දවසේ පාන්දර 2 විතර වෙනකම් යාළුවන්ට sms යැව්වා. පස්සේ කිරි උතුරෝන වෙලාවෙත් මම නිදාගෙන හිටියේ. අම්මයි තාත්තයි හොඳට දෙහි කැපුවා නිදාගෙන හිටියා කියලා.

කෙසේ වෙතත් උදා වූ නව වසර සැමට යහපත් වූ සුභම සුභ නව වසරක් වේවා !!!

poppy said...

mata pena hatiyata okkoma mama wagema nakath paththakin thiyala nidiyagena wage.hehe.obatath esema wewa Hasitha:)

ආගන්තුකයා | Stranger said...

මම නම් අනාථ නාථ ආකාරයට වැඩ ඇල්ලුවා..

poppy said...

Mokakda a anaatha naatha andama?*confused* thaniyamada inne?

Post a Comment