වනුආටු


මේ කියන්න යන්නෙ මගේ අත්දැකීමක් නෙමේ.මම තාම එච්චර වාසනාවන්ත උනේ නෑ.අපේ ලොකු අයියා ගිය සතියෙ ගිනි කන්දක් බලන්න ගියානෙ!ආසාවටම නෙමේ.එයාට ඕස්ට්‍රේලියාවෙ PR ගන්න ටික කාලෙකට වෙන රටකට යන්න වෙලා(මට මාස ගානකින් එයත් එක්ක කතා කරන්න බැරි උන නිසා scene1 හරියට වැටහුනේ නම් නෑ.මොකද මට පන්ති weekends.එයාට නිවාඩු ඒ දවස් දෙකේ)අඩුම වියදමින් යන්න පුලුවන් තැනට ගිහින් තියෙන්නෙ.ලඟදි ලංකාවට ඇවිත් ගිය නිසා රිම් එකෙන්ලු දුවන්නෙ.ගිහින් තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට ගිණිකොනින් තියෙන වනුආටු (vanuatu)කියන දූපත් සමූහයකට.

ඒකෙන් එක දූපතක ක්‍රියාකාරී ගිණිකන්දක් තියනවලු.දැනට 3 වෙනි ක්‍රියාකාරී අවස්ථාවෙ ලු.මේ දෙන්නා ඒකට මීටර් 300 ක් දුරින් කඳවුරක් බැඳන් ඉඳලා.දූපත් වාසීන් හදලා දුන්න තම්බපු අල ජාති තමා රෑට කාලා තියෙන්නෙ.දැන් මම හරිම නොඉවසිල්ලෙන් ඉන්නෙ ආයෙ එයාව skype වලින් set වෙනකන්.කතාව අහලම දැන ගන්න ඕනෙ.ෆොටෝ ටිකකුත් ඉල්ලගන්න ඕනෙ.ගිණිකන්ද දැක්කට පස්සෙ හිතෙන විදියට අක්ක ද ගිණිකන්ද ද වැඩියෙන් භයානක?කියලත් අහන්න ඕනා.hehe.

හ්ම්..අද උනේ මොනවද....*thinking*අම්මගෙ කාන්තා සමිතියෙ ඇත්තියෙක් ඇවිත්.එයාට කිරි තේකක් හදල දීල(ඇඳන් ඉන්න හඩු ඇඳුමට අම්මගෙන් බැනුම් අහ අහ),මමත් ඉඟුරු දාපු ප්ලේන්ටියක් හදන් PC1 ඉස්සරහට ආව.මේ දවස් වල හැමෝම තේ ගැන නෙ කතා වෙන්නෙ.මටත් තේ කතා ගොඩක් තියෙනව කියන්න නම්.ඔක්කොටම මුල(මට ආඩම්බර වෙන්න පුලුවන් කාරණා දෙක තුනෙන් එකක්)මට රසට කිරි තේ හදන්න පුලුවන් වීමයි.මීට අවුරුදු පහකට විතර කලින්හවස් වරුවක අපේ විද්‍යා පන්තියෙ සමීර ආව අපේ ගෙදර.ආවෙ නැති දවසක නෝට් එක ලියාගන්න.අපේ ගෙදර මම විතරයි හිටියෙ.එහා ගෙදර හිටියෙ මගෙ යාලුව(Ish)විතරයි.ඌ දන්නෙ නෑ තේ හදන්න.ඉතින් සමීර එහා ගෙදර ඉස්තෝප්පුවට වෙලා නෝට් එක ලියද්දි මම කහට වැඩියෙන් දාලා කිරි තේකක් හදන් ඇවිත් ලඟින් තිබ්බා.සමීර ගියාම මම කෝප්පෙ දැක්කෙ.බිංදුවක් ඉතුරු කරලා නෑ.ඒ මදිවට මේ මැට්ටා ගෙදර ගිහිනුත් ඕක කියලා.හොඳම වැඩේ උනේ සතියකට විතර පස්සෙ එයාගෙ අම්මා මගෙ යාලුවො ටිකත් ඉන්න තැන කියපු දේ නිසයි.මෙහෙමයි එයා කිව්වෙ-'අපේ පුතා ගෙදර ඇවිල්ලත් කිව්වා නෙ දුවගෙ කිරි හරි රහයි කියලා!'ඇයි මන්දා මේ මනුස්සයට 'තේ' කියන වචනෙ මඟ ඇරුනෙ!ඕකෙන් මගෙ යෙහෙලියො set1ට මාසයක්ම මාව බයිට් කරන්න පොටක් පෑදුනා.

අපේ Mr.sweet සර්ත් කැමති කිරි තේ වලට.පන්තියෙ තේ හදන කෙනාගෙන් හැම වෙලේම ඉල්ලන්නෙ-'මට තේකක් ගේන්න.'කිරි'තේකක්..'කියලා.දවසක් ඕක ඇහිල dazzled කියනව 'හදල දුන්න නම් ඔයාට ලකුණක් දා ගන්න තිබ්බා.ඔයාගෙ තේ රසයි නෙ..'කියල.මට karekleen1 ට බැඳෙන්න වෙනව එහෙමනම්.අපෝ බෑ.තේ හදන්න නම් පුලුවන් ඒත් මට එපාම කරපු වැඩේ තමයි ටොයිලට් සුද්ද කරන එක.facebook ෆොටෝ1ක එයා තුරුල්කරන් ඉන්න බලු පැටිය උනා නම් කමක් නෑ කියලවෙලාවකට හිතෙනව.lol.

හ්ම්....තව මොනවද.....ආහ් අද උදේ නූඩ්ල්ස් නෙ හැදුවෙ(දැනුයි මතක උනේ,සමීර නූඩ්ල්ස් වලට කියන්නෙ නූල්ඩස් කියලා)කතාව ඒක නෙමේ,මේ පාර ලක්බිම මන්දාකිණියෙ විද්‍යා කාටුන්1නම් මරු!lol.අපේ තාත්තා මම මන්දාකිණිය අතට ගන්න හැම වෙලේම සයිඩ් හිනාවක් දානව.ඇයි මම ඒකෙ යන විද්‍යා ප්‍රබන්ධය කියවන් නෑ නෙ!මෙහෙමයි කතාව.මම ඒකට කතා 2ක් යැව්වා.2ම මම ඒවා යවල පිළිවෙලින් සති2ක් ඇතුලත පල උනා.ඒත්3වෙනි එක යැව්වා යැව්වාමයි ආරංචියක් නෑ.හැබැයි තැපෑලෙදි අතුරුදන් උනාද දන් නෑ.සති4ක් විතර යද්දි මට හරියට දුක හිතිලා මම තාත්තට කිව්වා ආයෙ පත්තරේට ලියන්නෙත් නෑ මම ප්‍රබන්ධය කියවන්නෙත් නෑ කියලා.lol.කාටූන්1ක් නම් යවන්න අදහසක් තියනවා.

මට වැඩියෙන්ම සතුටක් දැනුන දවසක් තමා -ICBS එකේ office1ට යන තැන ඉඳගෙන ඉන්කොට ඒකට කවුදෝ ආව 3wheeler1ක් ඉස්සරහ නතර කරල තිබ්බා.ඕකෙ ඩ්‍රයිවර් මාමා පත්තරේ දිග ඇරගෙන කියෝ කියෝ හිටියා.මොකක්ද දන්නවද?මගෙ කතාව!හරි ෂෝයි.

24 comments:

said...

1 ගිණි කන්ද දැක්කම මටනම් හිතුනේ එක දෙයයි එකේ ලාවා වලින් එන රස්නෙන් බාබකියු එකක් දාගෙන බියර් එකක් ගහන්න තිබ්බ නම් මරු කියලා
2 අයිය ෂුවර් එකටම කියයි ගිණි කන්ද හොඳයි කියලා.
3 බැරිද අපේ කමු බොමු එකට තේ ගැන ලිපියක් ලියලා දෙන්න?
(http://www.kamubomu.blogspot.com/)
4 ".....දුවගෙ කිරි හරි රහයි......." අනේ හැබෑට :-p
5 ඉතින් දෙයියනේ පත්තරේ නොගියට මොකෝ මේ බ්ලොග් එකේ දාන්න තිබ්බනේ. ගිය ඒවායි නොගිය ඒවායි සේරම දාන්නකෝ

said...

අනේ කරුණාකරලා මේ "word verification" එක අයින් කරන්න බැරිද?

settings->comments->Show word verification for comments? select No -> save

මේ බ්ලොග් එකත් බලන්න, එක ජාතියේ වගේ ටිකක්
http://mitiyaawatha.blogspot.com/

said...

ඔන්න මම මේ ලිපිය FB එකෙයි Twitter එකේයි පොස්ට් කලා මේ හෙඩින් එක දාලා
"....අපේ පුතා ගෙදර ඇවිල්ලත් කිව්වා නෙ දුවගෙ කිරි හරි රහයි කියලා........"

Gayan Tharaka said...

ඕං "ම" උඹේ ලින්ක් එකෙන් මං ආවෙ මොකක්ද සින් එක කියල බලන්න. සිරාවටම කමු බොමු එකට රසට කිරිතේ එකක් හදන හැටි ලියන්නකෝ

Gayan Tharaka said...

පොඩ්ඩක් ලියද්දී ඡේද වෙන් කරන්නකෝ එතකොට කියවන්න ලේසි

MaJee said...

අර මරණෙ දාපු කිරි (තේ) කතාව නිසයි මාත් බලන්න ආවෙ;-) ඡේද ටිකක් වෙන් කරල ලීවනම් කියවන්න ලේසියි වගේ.

poppy said...

1-මරු තමා.දැන් ඕකෙන් උඩට එන්නෙ ලාවා නෙමේ බාගට හයි උන ගල් ලු.බියර් බොන්න වෙන්නෙ හෙල්මට් දාගෙන තමා.
2-hehe.ඔහොමම එයත් කියාවි
3-කොහොමද ලිපිය මම දෙන්නෙ?mail කරන්නද? හැබැයි මට එච්චර ගතියට ලියන්න බෑ
4-:-D
5-හ්ම් බලමුකො:)

poppy said...

අම්මෝ තත්වය භයානකයි.hehe.thanku 'ම'.හරි මම settings හදන්නම්.ඊලඟ පාර ඉඳන් ඡේදත් වෙන් කරන්නම්:)

said...

හැබෑට දෙන එක ප්‍රශ්නයක් නේ මේල් කරන්න කැමති magemaranaya@gmail.com නම් එකට එවන්න . හරි හරි මේ ලියන විදිහ හොඳටම ඇති. ඕනේ නම් අපි "මගේ ජීවිතය" ට කියල සංස්කරණය කරෝගමු.

Jay said...

නියමයි.
:)

poppy said...

ස්තූතියි හැමෝටම.'ම' ඔන්න මම තේ ගැන ලිපිය mail කලා.:)

Gayan Tharaka said...

මරණේ කෝම හරි ෆෝන් නම්බරේ ඉල්ලුවොත් අම්මගේ එක දෙන ළමයගේ මේල් එක ඉල්ලගත්ත නේද? :D (joke)

poppy said...

e mail 1 කින් මක්කක් කොරන්නෙයි?ඕක යැව්වෙ ඔරිජිනල් mail address1න් නෙමේ.කැමති කෙනෙක්ට මේ ලිපිනයට mail එවන්න තහනමක් නෑ.මගේ ඊ මේල් ලිපිනය - rathuhattakari@yahoo.com :)

Gayan Tharaka said...

අයියෝ පොපී විහිලුවක් නේ කලේ.. කමු බොමු එකේ ලියපු එකත් බැලුවා ෂෝක් හැබයි කස්ටිය දැනටම සීනි මේස හැදි 1 1/2 දාල හදාගෙන බිව්වද දන්නෑ.

පොපී ගේ කිරි (තේ හොදේ) රසද කියල බලන්න ඉතිං බීලම බලන්න ඕන. :D

ඒක නෙවෙයි යාලුවො සෙට් එක මාසෙකින් ඒක අමතක කරාද?

"මක්කක් කොරන්නෙයි" ඔයා මාතර පැත්තෙද? ඒක දැක්කම මට මතක් වෙනව මරු කතාවක්

Anonymous said...

Matto.. Post in english will u

poppy said...

@ gayan-අර මේ දෑස කුමටද?චිත්‍රපටියෙ කතාවද?ඒ පැත්තෙ සෙනඟ ආවෙ ඒකෙ නම-මේ දෑස මක්කටෙයි?-කියල වෙනස් කලාට පස්සෙලු නේද?hehe.නෑ මම දකුණෙ නෙමෙයි.ඒත් හිටපු ගමන් ඔහොම තමා.

යාලුවන්ට දැන් ඕක මතක් වෙන්නෙ මම කිව්වොත් තමා.හීහී.

@ Anonymous-I know it's my friend dazzled here.no one else calls me matta(publicly)!oki.i'll translate next posts to English

said...

ඉංග්‍රීසියෙන් ලියන එකට ගැන මගේ විරෝධය. ඔයා ලියන්න ඕනේ වැඩිදෙනෙක් බලන්න කැමති විදිහටනේ. යාළුවට කියලා දෙන්න සිංහල දාගන්න විදිහ. නැත්නම් හැම එක්කම සිංහල ඉංග්‍රීසි Version දෙකක් දාන්න

Gayan Tharaka said...

@පොපී
ඔව් ඔව් ඒකතාව තමයි මට මතක් උනේ "මක්කටෙයි" කියල තියෙනව දැක්කම. ඒකත් ලියන්නකෝ ඔයා ලියන විදියට. ඔයා විදිය ලස්සනයි කියවන්න ආස හිතෙනවා.

poppy said...

@ ම-දැං මං කොරන්නෙ ඒක තමා.වෙලාව නම් ටිකක් යනව.ඒත් දෙපාර්ශ්වයම තෘප්තිමත්නෙ දැන්

@ ගයාන්-මාව ත් කතන්දරවා'ලි'යෙක් කරන්නද උත්සාහය?ඒ වගේ නම් ලස්සනට ලියන්න ආත්මෙකදි බෑ.මරු කතා ටික.අම්මත් කියෝනව ඒව.:)

Gayan Tharaka said...

@පොපී
‍අපෝ නෑ මං කැමති ඔයා මේ දැං ලියන විදියටම ලියනවනම්. වෙනස් කරන්න ඕනි නෑ. අම්මට අපේ බ්ලොග් හෙම පෙන්නනව නෙවෙයි ඕං.

poppy said...

නෑ අම්මට එච්චර පරිඝණක සාක්ෂරතාවයක් නෑ.ඔයාගේ වැඩිපුර ඒ ගැන බ්ලොග් නෙ තියෙන්නෙ.හැබැයි ඒ එකක්වත් follow කරන්න බෑනෙ!ඇයි ඒ?තව දෙයක් අහන්න ඕනෙ.කොහොමද බ්ලොග් backup1ක් දාන්නෙ?ඇත්තම කියනවනම් මටත් එච්චර 'පරිඝණක සාක්ෂරතාවයක්' නෑ තමා:D

Gayan Tharaka said...

මං ඒකෙ ලියන එව්ව වෙනස් කරන්න ඉන්නේ. බලන්නකෝ ඉස්සරහට

Blogger.com එකට ‍‍‍ලොග් ‍‍වෙලා Settings වල Basic එකේ තියෙනවා Export Blog කියල එකක්. එකෙන් Export කරාම බ්ලොග් එක ඩවුන්ලෝඩ් කරල තියාගන්න පුලුවන්.හදිසියෙවත් ඕන උනාම ආයෙත් import කරගන්න පුලුවන්

Gayan Tharaka said...

Follow කරන එක ‍මං වෙන පිටුවකට ගෙනිච්චා. නැත්තං බ්ලොග් එක බලන්න එන කට්ටියට ඔක්කොම ලෝඩ් වෙනකං ඉන්න වෙන නිසා.

මේං මේ http://kpgtharaka.blogspot.com/p/extra.html පිටුවේ යටින්ම තියෙනවා.

poppy said...

හරී....got it.ස්තූතියි.......:)

Post a Comment