29/03/2010-Mගෙ උපන් දිනය...

දැං මට හිතේ කරදරයක් නැතිව සිංහලෙන්ම post කලහැකි.'ම' කියල දුන්නා mini opera වලින් සිංහල අකුරු පේන්න settings හදාගන්න හැටි.ඉතිං ආයෙ dazzled ගෙන් බැනුම් අහන්න ඕනෙත් නෑ.
අද මුල් ටික නම් එපා වුනා.උදේ Mr.cute ගෙ mock exam1 නෙ.හපෝ.ඒක ඉවර වෙද්දි බාගෙට මැරිල.අපි ඉතිං සාකච්ඡා කරල තමා ලිව්වෙ නම්....hehe.එහෙම ලියලත් ප්‍රශ්න පත්‍රයෙ බාගයක් විතර හිස්.

හැබැයි ඉතිං ඊට පස්සෙ ටික නම් හොඳා.:) අද M ge(අපේ යාලුවෙක්) උපන් දිනය නිසා එයාගෙන් පොඩි treat1ක් තිබ්බා.MC එකට ගිහින් ටිකක් කැරකි කැරකි ඉඳල,pepperz එකෙන් බත් කාලා,.(බිල Mට),(කාල ඉවර වෙද්දි roots එකේ අලි අයිස් ක්‍රීම් එක කන්න බඩේ ඉඩ මදි. ඉතිං කෑවෙ නෑ.... Mගෙ වෙලාවට...)ආයෙ කාපුව බහිනකන් වටේ ඇවිද ඇවිද ඉඳල,අයිස් ක්‍රීම් ඕනෙමයි කියලා පස්සෙ හිතුන නිසා එතන කාර්ගිල්ස් එකෙන් කොනෙටෝ කෝන් අරන් කෑව.(ආයෙමත් -බිල Mට)hehe.

මගෙ උපන් දිනේටත් මුන් මේ වගේම බිලක් දාවි නේද කියල මතක් වෙද්දි නම් බයත් හිතුනා.lol.වෙලාවට Birthday1 එන්නෙ අවුරුද්දට එක පාරයි...අනේ මමත් පෙබරවාරි 29 ඉපදුනානම්...එහෙනම් අවුරුදු හතරකට සැරයයි.වැඩේ හරි ලාබයි!

ගෙදර ආවෙ දැන් ටිකකට කලින්.පාඩම් කරන්න කලින් සටහනක් දාල ඉන්න ඕනෙ කියල හිතුනා.අපේ අම්ම තමා වැඩේ කෑවෙ මට කම්පියුටරේ දාලා අයිය online ද බලන්න කියල.ඉතිං ඒ වෙලාවට මට හිතෙනව මොනව හරි ලියන්න....

2 comments:

said...

දවස අපිටත් කීවනම් එන්න තිබ්බා MC එකට

poppy said...

hehe. 'ම' ට සංග්‍රහ කරන්න හොඳ ජාති MC එකේ නෑ නෙ!ඔයා ෆලූඩා එහෙම බොනවද?;)ම්ම්....මම TOP CIMA පාස් උන දවසට ඔයාල ඔක්කොටම දෙන්නම් Grand පාටියක්!hehe.

Post a Comment