ද සොයිසා රෝහලේදී.

නම මොකක්ද?-.......
වයස කීයද?-දාසයයි.

ඕක ඒ කාලෙ මට විඳින්න සිදුවුන අමිහිරිම අත්දැකීම් කිහිපයෙන් එකක්.මොකද ඔය දෙබසට පස්සෙ මා දිහාවට එල්ල වෙන සමහර විට දරුණුත්,සමහර විට අනුකම්පාසහගතත් බැලීම් නිසයි.ඉතිං ඉතිං පොපී වයස දාසයෙදි සොයිසා ගියෙ ඇයි?බබෙක්ද?:D දිගටම කියවන්නකො...
මට සිංහලෙන් ටයිප් කරන්න බැරිව තිබ්බ කාලෙ ඉංග්‍රීසියෙන්ම ලිව්ව ginoගෙයි මගෙයි 'rawula'කතාව කියවලා තියනවනම් ටිකක් තේරෙයි මේ කතාව මොකක්ද කියලා.

ඔය රැවුලෙ ගහ දෙක මතු උනේ මට දාසය ලබද්දි.lol.මේකෙන් හොඳටම කලබල වෙච්ච අම්මා තීරණය කලා මේක නම් මාව භයානක විපර්යාසයකට ලක්වීමේ ලකුණු තමා කියලා.
ඉතින් වහාම ක්‍රියාත්මකවී මාව අම්මා දන්න හඳුනන නාරි හා ප්‍රසව වෛද්‍ය ශ්‍රීකාන්තන් ලඟට එක්ක ගියා.එයා තමයි අම්මාගේ ගර්භාෂය ඉවත් කරන සැත්කම කලේ.
ඔන්න ඉතිං ....අපි දෙන්නා එයාගේ උපදෙස් පරිදි සොයිසා එකේ ක්ලිනික් යන්න සෙට් උනා.

අපේ අම්මගෙ වැරැද්ද තමා ඉස්පිරිතාලෙකට සම්බන්ධයක් තියෙන කවුරු හම්බුනත් කොයිවෙලේද තමන්ගෙ පුතා දොස්තර (ඒ කාලේ නම් වෛද්‍ය ශිෂ්‍ය.)කෙනෙක්ද කියල කියන්නේ...කියලා බලන් ඉන්න එක.

වෙලාවකට ඔය මන්තරේ හරිගියත් වෙලාවකට ඕක කැරකිලා අපිටම වදිනවා.කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට කරන චූටි ඔපරේෂන් එකෙන් පස්සෙ මුලු අතම හිරි වැටෙන්න ගත්තෙත්,එන්ඩස්කොපියක් ගන්න ගිය අම්මා හාට් ඇටෑක් එකක් හැදාගෙන ගෙදර ආවෙත් 'ඇඳුනුම්කමට,වැඩි හොඳට,ලාබෙට' නවලෝකයේ සිට රාගමට මාරු උන නිසයි.ඉතිං මේ පාරත් දොස්තර කිව්වා මීට පස්සෙ මගෙ ක්ලිනික් එකට එන්න.ටෙස්ට් ඔක්කොම කරගන්න පුලුවන් කියලා.

ඔන්න ඉතිං කවුන්ටර වලදි මගේ නම සහ වයස අහන හැටිත්,මගෙ පිලිතුරු නිසා ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හින්දා මට ඇතිවී තිබූ මානසික තත්වයත් වටහාගන්න පුලුවන් මටයි,අවුරුදු දාසයෙදි බබෙක් හදන් ඔතනට ගිය කෙල්ලෙක්ටයි විතරයි.අන්තිමේ අංක අරන් අපි ගිහින් ඉඳගත්තා,වටේම බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා.වෙනදට ආසා උනත් එදා නම් ඔය බෝල බඩවල් දැක්කම ආසාවක් දැනුනේ නෑ.

කෝම හරි ඔන්න ගියා අපට ලැබුන දොස්තර මහත්මයා ලඟට.
'අම්මා ඉඳගන්න..'දොස්තර කිව්වා.
ඉතිං අපේ අම්මත් හරිබරි ගැහිලා පුටුවෙන් වාඩි උනා.

'නෑ.නෑ..ඔය අම්මටයි වාඩිවෙන්න කිව්වෙ..'දොස්තර මහත්මයා මා දිහා බලලා කාරුණික හිනාවක් පෑවා.ඒ පාර නම් මට වැඩිය රතු උනේ අම්මා.

'නෑ ඩොක්ටර්..මේ... ඩොක්ටර් ශ්‍රීකාන්තන්ව අපි කලින් චැනල් කලේ.හෝමෝන් වෙනසක් කියලා...ඩොක්ටර් තමයි කිව්වෙ අද එන්න කියලත්.මගෙ පුතාත් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්'අම්මා තම ප්‍රියතම වැකියත් අස්සට රිංගවන් එක හුස්මට කිව්වා.

'කියන්න එපැයි.ම හිතුවෙ බබෙක් කියලා!'

ඉතිං ඊට පස්සෙ දොස්තර මගෙ මූණ අතගාලා,රැවුල් කොට පරීක්ෂා කරලා,අම්මටත් එන්න කියලා මම ආයාචනාත්මක බැලුම් හෙලද්දි ඕනෙ නෑ කියලා නර්ස්ලා දෙන්නෙක් එක්ක මාව තවදුර පරීක්ෂා කර බලලා,ආපහු රතු දූඹුරු වෙලා එලියට ආව මං දිහා බලං හිටපු අම්මට මම දැම්ම රාක්ෂ බැල්ම තාමත් එයාට මතක ඇති.

ඉතිං එදා එයා කිව්වා මේකට ස්කෑන් එහෙකුත් කරන්න ඕනි කියලා.මම ඇත්තටම හිතුවෙ කතාව එතනින් ඉවරයි කියලා.ඒත් තවපොඩ්ඩෙන් ඉස්කෝලෙනුත් දොට්ට දාන තත්වයට ඕක පත් වෙයි කියලා නම් මම හිතුවෙම නෑ!

Day2 ද සොයිසා රෝහල.ස්කෑන් කාමරය අසලදී.

මම හිටියෙ බොහොම බය වෙලා.ප්‍රසූතිකාගාරය ඒ ලඟමද කොහෙද තියෙන්නෙ.ඒවගේ කවුරුත් කෑගහන ශබ්ද ඒ වෙනකන් මම අහල තිබ්බෙ නෑ.මොනව උනත් ඒ ලඟ ස්කෑන් රූම් එක තියෙන එක හරි නරකයි.බඩදරු අම්මලා බයවෙනව නෙ!!අම්ම නෙමේ එදා ආවෙ තාත්තා.මගෙ එහා පැත්තෙ හිටියා අවුරුදූ දොලහක විතර පුංචි නංගියෙකුයි බබෙක් ලැබෙන්න හිටපු එයාගෙ අක්කයි.නඟා මාත් එක්ක හොඳට හිනා වුනා.මාත් හොඳට හිනා උනා දෙන්නා එක්කම.ඔන්න ඊලඟ මොහොතෙ නර්ස් කෙනෙක් ආවා.

'මාස තුනට අඩු අම්මලා වතුර බොන්න ඕනෙ.වැසිකිලියට යන්න උවමනා වෙනකන් බොන්න.අනිත් අය ඕනෙ නෑ..'
*ප්‍රශ්නයක්*
නර්ස් ලඟට ආවම මම මගෙ කාඩ් පත දික්කලා
'එතකොට මම?'
'ආහ් ඔයාත් බොන්න ඕනෙ.'
අර අක්කයි නංගියි ආයෙ මාත් එක්ක හිනාවෙලා නැගිටලා ගියා.අපි ඉන්නේ ලංකාවේ රජයේ රෝහලක බව අමතක උන නිසා මම ලීටරයක් විතර වතුර එක පාර බිව්ව නිසා මගේ වාරෙ ආවම මට ස්කෑන් රූම් එකට යන්න උන් 'කැට් වෝක් එක' දාන්.මම හිතුවෙ අර නිදාගත්තම ඇතුලට යන මැෂින් එක කියලා.ඒත් තිබ්බෙ මොනිටර් එකක් සහ මවුස් එකක් වගේ එකක්.එතන හිටපු නිලධාරිනිය මට හරි ගඳ ජෙල් එකක් දුන්නා බඩේ ගාගන්න.පොපීගෙ හැටි දන්නෙ නැති එයා මට ඇලවෙන්න කියලා මවුස් එක බඩෙන් තිබ්බා.
'ආහ්..හීහී...හී..අයියෝ.අයියෝ..හහ්හහ්.හූ....හූ....හයියෝ..හී..හී...හී..හී...'
'පොඩ්ඩක් දඟලන්නෙ නැතුව ඉන්නකො ලමයො.මම මේ වැඩේ කොහොමද මෙහෙම කරන්නෙ?'
අසරණ වූ ඇය කිව්වා.ඒත් ඒක උපන් කිචියක්නෙ!අන්තිමේ එයා මවුස් එක පැත්තකින් තිබ්බා.

'බැඳලද?'
'නෑ..'
'මම හිතුවා!මොකටද ස්කෑන් එක?'
'අර හෝමෝන වෙනසක්ද බලන්න'
'පොලිසිස්ටික් ඕවරීස් ද කියල බලන්නද?'
'දන්නෑ(මම දන්නෙ කොහොමද,මම දොස්තර යැ!)'
'එහෙම පාටක් නම් නෑ(whatever it is....දෙයියන්ට පිං සිද්ධ වෙච්චාවෙ)

ඉතිං කොහොමහරි ඒක ඉවර උනා කියමුකො.තව රු.හත්දහක විතර රුධිර පරීක්ෂණයකුත් කරලා එයාලා කිව්වා මෙය සුලු ගැටලුවක් බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා විවාහයෙන් පසු එන ලෙසත්,රැවුලට කැමැත්තක් කරගන්නා ලෙසත්.මම හිතුව දැං හරි සහමුලින්ම සමාප්තයි කියලා.ඒත් මේ ටික උනේ හරියට අර නම් පේලියත් දැම්මට පස්සෙ අන්තිමට යන චුට්ට වගේ..

සතියකට පමණ පසු.පාසලේදී.

මම ගියා යෙහෙලියක් එක්ක කැන්ටිමට.වෙලාවට එයා මගෙ 'ද සොයිසා adventure' ගැන දන්න කෙනෙක්.කෑම අරන් ආයෙ යද්දි සෙනඟ අතුරින් පීරගෙන ආව කවුදෝ මගෙ අතට තට්ටු කලා.බලද්දි චූටි නංගියෙක්
'අක්කෙ,අක්කා නේද එදා අර ඉස්පිරිතාලෙ හිටියෙ?'

සොයිසා එක සහමුලින්ම අමතක වෙලා තිබ්බ මම...
'මොන?නැහැ නෙ'
'ඇයි මම අපේ අක්ක එක්ක ඇවිත් හිටියේ.අර බබාල හම්බෙන එක'

මල කෙළියයි.ඒ පාර නම් නංගිවයි අක්කවයි නෙමේ එයාලගෙ අම්මල තාත්තලා ඇතුලු නෑදෑ පරපුරම මතක් උනා.
'ඔව් නංගා,මට එදා ටෙස්ට් එකක් තිබ්බනෙ..'
මම නංගිට බායි කියලා අනික්පැත්ත හැරුනම දැක්කෙ අපිට නූලෙන් මඟ ඇරුන ශ්‍රේණි භාර ගුරුතුමිය.ඇහුන නම් මම එදා නතර වෙන්නෙ ප්‍රින්සිපල් ලඟ තමා!

නිමි.

6 comments:

said...

රැවුලට ගන්න නංගි Gillette Mach3 Razor එකක්.

ඔයාගේ ප්‍රශ්නේ පැත්තකට දාන්නකෝ
හැබෑට කසාද බැන්දා නොබැන්දා ලමයෙක් හම්බ වෙන්න ඉන්න එක ඔච්චර අපහාසාත්මකයිද?

බිඟූ said...

මරනේ හරි මම හිතන්නේ.
මොකද බබෙක් හමබ වෙන්න බඳින්නම ඔනේ නෑ.
නමුත් අද ලංකීය සමාජයේ පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්ණයක් ඕක.
ඔහොම උනොත් ඒකි වල් කෙල්ලෙක්.... හපොඉ ඒකිගේ අරක....
ඔය විදියේ කතන්දර 1000... විතර හැදේවි.

රැවුල ගලවලා දාන්න...

/බිඟුවා...!

Gayan Tharaka said...

මවුස් එකක් වෙන්න බෑ. ස්කෑනිං මොකක් හරි වෙන්න ඇති ඔයාට කිචි කවන්න ඇත්තේ. :D

දැං ඉතිං විවාහයෙන් පස්සෙ වැඩිදුර පරීක්සනේට යනවැයි.

poppy said...

@ ම-මම අප්‍රේල්,ජූනි අතර කාලෙක වල ලේසර් ප්‍රතිකාර වලින් ඕක සදාකාලිකව remove කරගන්න ඉන්නෙ.හරිම වදයක්.පිටට පේන් නැති උනත් නිකට අල්ලනකොට කොට අහුවෙනව නෙ.කසාද බැඳලනම් ෂේප්,ඒත් නොබැඳ ලමයෙක් හම්බවෙන්න ඉන්නකොට ඒ දිහා හැමෝම බලන්නෙ මහා අපරාධයක් කලා වගේනෙ...

@ බිඟුවා-ගලවන එක කියන්න නම් ලේසියි.දවසක් අර කිරිබත්ගොඩ salon asia එකෙන් ත්‍රෙඩින් කරන්න ගියා.මිනිස්සුන්ට වධ දෙන්න හොඳ ක්‍රමයක් ඒක නම්.

@ තාරක-නැහැ මවුස් එකක් නෙමේ.ඒ වගේ gadget1ක්.ඔව් ආපහු යනව තව අවුරුදු හය හතකින්!!!

මුතූගේ දිනපොත said...

ලේසර් කලාම අතුරු විපාක තියනවා නේද?ඕකට හොදම ත්‍රෙඩින් තමා.ටිකක් රිදෙනවා.ඒත් ආයේ වැවෙන එක පරක්කුයි.

poppy said...

හොඳයි නම් තමා,ඒත් ත්‍රෙඩින් කරද්දි පණ යනව නෙ!!

Post a Comment