නයිටිංගේල් කිරිල්ලිය සහ රතු රෝස මල


එකමත් එක රටක විසූ තරුණ සිසුවෙක් ඔහුගේ නගරයේ සිටි රූමත් තරුණියකට ආලය කලේය.ඇය මුණගැසුනු දිනෙක ඔහු මෙසේ කීය.
''මම අද රෑ නැටුමකට සහභාගී වනවා.මම කැමතී ඔබත් මා සමඟ එනවා නම්''
නමුත් තරුණිය හිස වැනුවාය.
''මට අද නැටුමට එන්න බැහැ.මට එක රතු රෝස මලක් වත් නැහැ.මම ගිය සතියෙ නැටුමකට ගියා සුදු ගවොමෙ රතු රෝස මලක් රඳවාගෙන,හැම දෙනාම කිව්වා-ඔබ ඉතාම රූමත්- කියලා.මම හරිම සන්තෝෂයට පත් උනා.''

එය ඇසූ තරුණ සිසුවා මෙසේ කීය.
''මම ඔබට රතු රෝස මලක් ගෙන එනවා.ඒ වගේම ඔබව නැටුමටත් රැගෙන යනවා..''මෙය ඇසූ රූමතියද ප්‍රීති වූවා.

සිසුවා ඔහුගේ උද්‍යානයට ගියේය.එහි සෑම අස්සක් මුල්ලක් පාසාම සෙවු නමුදු එහි වූ රතු රෝස මලක් නම් නැති.වෙහෙසට පත්වූ ඔහු බංකුවක වාඩිවී හැඬුවේය.''ඇය අද මා හා නැටුමට එන්නේ නෑ.ඇයට දීමට මා සතුව රතු රෝස මලක් නැහැ.''ඔහු සුසුම් ලෑවේය.

මෙය අසා උන්,අසල ගසක වැසූ නයිටිංගේල් කිරිල්ලියකි.ඈ කලක පටන් මෙම උද්‍යානයට පැමිණෙන සිසුවාට ආලය කලාය.ඇය මෙසේ කීවාය

''ඔහුගේ සුන්දර ඇස් හැඬීමෙන් රතු වෙලා.මම ඔහුට රතු රෝස මලක් ගෙන එනවා.''

ඇය බොහෝ දුර පියාඹා,සුවිසල් උද්‍යානයකට ඇතුලු වූවාය.එහි එක් රෝස පදුරක් විණි.එනමුදු එහිද තිබුනේ නොපිපි පොහොට්ටු කිහිපයකි.රෝස පඳුර ගීත ඇසීමට ප්‍රිය බැව් ඈ දන්නීය.

''ඔබ කැමතිද ගීතයක් අසන්නට?''
''ඇත්තෙන්ම කැමතියි''පඳුර කීය.
''ඒ වෙනුවට ඔබ මට රෝස මලක් දිය යුතුයි.''
''පළමුව මා වෙනුවෙන් ගීයක් ගයන්න..අනතුරුව මම ඔබට මලක් දෙන්නම්.''

නයිටිංගේල් සුන්දර ගීයක් ගැයුවාය.අනතුරුව ඈ කීය
''දැන් මට ඔබෙන් රතු රෝස මලක් ඕනෑ.''
''ඒත් මගේ ලඟ රතු රෝස නැහැ නොවැ.තිබෙන්නේ සුදු රෝස පමණයි'' පඳුර පොහොට්ටුවක් විදහාලීය.එය හිම මෙන් සුදු පැහැතිය.

කිරිල්ලිය දුක් වූවාය.''මම සිසුවාට ආලය කරනවා.ඔහුව සතුටින් තැබීමටයි මට ඕනෑ.මම ඔහුට කෙසේ හෝ රතු රෝස මලක් දිය යුතුයි.''

පිපී තිබූ අලංකාර සුදු රෝස මල අසල තිබුණේ උල් රෝස කටුවකි.ඉහලට පියෑඹූ ඇය,එම කටුව තම ළයට ඉලක්ක කර නැවත පහලට පියාඹා ආවාය.ළය පසාරු කල කටුව ඈ තම හදවත තෙක් ඇතුල් කිරීමට ළය කටුවට තද කලාය.ඒ හා සිදුරින් ගලා ආවේ රතු රුධිරයයි.වේදනාව ඉවසාගත් ඇය රුධිරය රෝස මලට වැටෙන්න ඉඩ හැරියාය.
''දැන් රෝස මල රතුයි''

එය රැගත් කිරිල්ලිය වහ වහා තරුණයාගේ නිවස වෙත පියෑඹුවාය.දුර්වල මුත් කෙසේ හෝ ඔහුගේ කාමරයේ ජනේලය වෙත ලඟාවූ ඈ එහි පඩියෙන් රෝස මල තැබුවාය.අනතුරුව ජනේලයට හොටින් තට්ටු කලාය.සිසුවාගේ ඡායාව දකිනවාහාම ඈ පඩියෙන් ඇද වැටුණාය.ඇය මිය ගොස් තිබිණි.කිරිල්ලියගේ සිරුර පහල වීදියේ පතිත විණි.

සිසුවා ජනේලය හැරියේය.
''කවුද මේ ලස්සන රතු රෝස මල මෙතනින් තිබ්බෙ?''
විමතියට පත් වූ ඔහු ඉමහත් ප්‍රීතියෙන් ඇසීය.

අනතුරුව ඔහු වේගයෙන් තම රූමතියගේ නිවෙස වෙත දිව ගියේය.
''මම ඔබට රතු රෝස මලක් ගෙනාවා!!!''

රූමතිය ඕනෑවට එපාවට මෙන් එදෙසට යන්තම් බැල්මක් හෙලුවා පමණි.
''මට ඕක දැන් ඕනෑ නෑ.ඉතාමත් පොහොසත් තරුණයෙක් මට වටිනා ආභරණ ගොඩක් තෑගි කලා.ඒවා ඔය මලට වැඩියෙන් ලස්සනයි.මම අද නැටුමට යන්නේ ඔහු සමඟයි''
තරුණයා දුක්බරව නැවත නිවෙසට ගියේය.ජනේලය හැර දැමූ ඔහු කෝපයෙන් රෝස මල ඉවතට විසි කලේය.එය පාවී ගොස් මිය ගිය කිරිල්ලියගේ සිරුරමත පතිත වුණි.

එක්වරම පැමිණි අස් රියක රෝදය කිරිල්ලියගේ සිරුර හා රෝස මල තලා දැමීය.අසලින් ගිය මිනිසුන් එදෙස බැලුවේ පිළිකුලෙනි.

''අපේ පාරවල් නම් හරිම අපිරිසිදුයි.බලන්න අර මැරුණ කුරුල්ලාඒ මදිවට කිලුටු වෙච්චි මලුත්!''
ඔවුහු ඉවත බලා එය පසු කර ගියෝය.
--නිමි.

මේක පුංචි ළමා කතාවක්.පරිවර්තනය මගේ.පව් නේද කිරිල්ලිය??

12 comments:

Anonymous said...

This is so sad poppy, it almost brought a tear in my eyes. And your translation is exquisite.

This is the exact reality that happen in life. Some people will never accept love when it's right in front of them. And they never think even for a moment that such love did exist.

There's a saying "තමා ආදරය කරන කෙනෙකුට නොව, තමන්ට ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න"... And that is eternal....

poppy said...

thank u very much kavinda.actually I was really worried before your comment,thought I haven't done justice to this story ,when translating it.cos there were no comments on it.i agree with you.this's the reality.even I know people who've chased after others while the perfect match's right infront of them

සු said...

පව් තමා කිරිල්ලී..
හරියට අපි වගේ..
අනුන් නිසා පපුවේ කටු ඇනගන්න..........

Anonymous said...

Sanwedi kathawak. Thanks for writing. Keep writing

poppy said...

thanks oya 2tath... :) aththatama api pelak deyak sacrifice karanawa anunwa sathutu karanna.eth anthime a dein katawath palak nathuwa yanawa.hmmm.

Ru. said...

Hmm.. Thats why they say "love is not the heart of life, its a part of life" & i strongly believe it . Life is too worthy to let it get tarnished by others values.

poppy said...

hmmm.if I wrote this story,i'm going to bring another charactor to this.A good,nice,humble girl.his best friend.when he comes home,heart broken by other girl's refusal,he meets her in the street.

then she says that's a lovely rose.by that time he's realised his foolishness.he looks at his friend.who understands him.not a beauty,but pleasant,kind and lovely.he presents it to her.then ask would you like to go to the dance with me tonight?

she agrees.they walk hand on hand,toward the park.then they see the dead nightingale.she take the body to her hand.feeling sorry for the little bird,she carries the and bury it in the garden.near a single rose bush.thereafter the roses grown in that bush are red.lovely,big and red.....

you know I hate tragic ends.I want a-they lived happily ever after-end in every story.but then,nobody remembers it.lol

වැඩබැරිදාස said...

පරිවර්ථනය හොඳට කරල තියෙනව හරියට ස්වතන්ත්‍ර නිර්මාණයක් වගේ.

නරකද තමන්ගෙ තියෙන ඉ0ග්‍රීසි දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගත්තොත්.

poppy said...

:) hondaa.eth kohomada?mama podi un 2kta free class1k nam karanawa

වැඩබැරිදාස said...

If you Can handle English lessons it can do via online web portal

වැඩබැරිදාස said...

If we arrange some web base Learning management system for English Language can you contribute as a resource person?

poppy said...

Mmmmh... Look... I'm not THAT fluent in English.but I can atleast give it a try...alright.I can

Post a Comment