කුතුහලය..curiousity


මට මේ ටිකේ ඔය වචනය හරියට ඇහෙනව.මට හිතෙන විදිහට ලංකාවෙ තමා වැඩියෙන්ම කුතුහලයෙන් පෙලෙන මිනිස්සු ඉන්නෙ.මේ සිකුරාදා මට උන වැඩෙන් තමා හොඳටම ඕක තේරුනේ.අර කැළණි පාලමට එහා හෝල්ට් එකේ බස් එක නවත්තන් ඉන්නකොට මමත් ඔහේ පාරෙ එහා පැත්ත බලන් හිටිය.

එතකොටම අර පහල එක ලඟ තියෙන ගෙයකින් ලඟින් ඉහලට නගින පාරකින් උඩට මතුවුන, කිලිටි යට ගවුමක් ඇඳන් උන්න පොඩි දැරියක්, පොඩි වට්ටියකුත් අතින් අරන් ඒ පැත්තෙ උන්නු සෙනඟ මැද්දෙන් රිංගමින්,එක අතකින් ඇස් දෙකත් පොඩි කර කර කොහෙද යනව.
මට හිතුනෙ ඒ ලමයා හිඟන ලමයෙක් වෙන්න ඇති කියලයි.ඔය වගේ ලමයින්ගෙ අම්මලා ලමයින්ට අල්ලන් ගහන හැටි මම දැකලා තියනව.ලමයා ඇස් දෙක පොඩි කර කර යන නිසාත් මම හොඳට බලාන උන්නා ඊළඟට මොකද වෙන්නෙ කියල.

ලමයා දැන් පාරෙ එහා පැත්තෙ මට සමාන්තරව වගේ ඒ වෙලාවෙ.අතරින් පතර බස් යන නිසා මමත් යන්තම් ඉස්සරහට පිටිපස්සට බර වෙවී තමා ඒ පැත්ත බැලුවෙ.

ටික වෙලාවක් යද්දි මට තේරුණා මගෙ වම් පැත්තෙන් වාඩි වෙලා ඉන්න මාමාත් මම බලන දිහාවම හරි උනන්දුවෙන් බලන බවත්,ඒත් තාම මම මොකක් දිහාද බලන්නෙ කියල තේරුම්ගන්න බැරුව ඉන්න බවත්.මම ඒත් ඒක වැඩිය ගනම් ගත්තෙ නෑ.

ඒ වෙද්දි අර අඬ අඬා වගේ ගිය දැරිය බස් එක තිබ්බ තැන පහු කරන් ගිහින්.ඉතිං මෙයා මේ කොහෙද යන්නෙ කියල බලාගන්න ඕනෙ උන මම ටිකක් පිටිපස හැරිල ජනේලෙන් එලිය-ඒ දැරිය ගිය දිහා ඈත බැලුව.දන්නවද එයා කොහෙද ගියෙ කියල??මල් කඩන්න!!නැගිට්ට ගමන්,නිදාගෙන උන්න ඇඳුම පිටින්,ඇස් පොඩි කර කර නිදිමතේ වැනි වැනි යද්දි කවුද හිතන්නෙ මේ පාන තියන්න මල් කඩන්නයි යන්නෙ කියල!!(අපේ අම්ම මටත් කියනව උදේ නැගිට්ට ගමන් එයා ඉස්සරහට එන්න එපා කියල.මෝහිනී වගේලු.අමු මූසලයි ලු.lol)
මරු වැඩේ උන ඊට පස්සෙ.මම මේ දැරිවි මල් කඩන දිහා බලන් ඉන්නව.මට වමේ ඉන්න මාමා සීට් එකෙන් බාගෙට ඉස්සිලා පිටිපස්ස හැරිල මම බලන් ඉන්න දිහෑ එබි එබි බලනව.

වැඩේ වැරදි පැත්තට යන බව තේරුණ මම ඉක්මනට හරි බරි ගැහිලා කෙලින් ඉඳගත්ත.ඒත් වෙලා ඉවරයි ඒ වෙද්දි ඔක්කොම.අපිට පිටිපස්සෙ සීට් එකේ දෙන්නයි,ඉස්සරහ සීට් එකේ දෙන්නයි ත් හැරි හැරි පිටිපස්ස බලනව.මෙන්න බොලේ ටිකකින් බස් එකේ දකුණු පැත්තෙ පෝලිමම හැරි හැරි පාරෙ එහා පැත්ත බල බල,මේ කුතුහලයට මුල් උනු දේ හොයනව.මට කරගන්න දෙයක් නෑ.මම විතරක් ඉස්සරහ බලන් ඉන්න එක හරි නැති නිසා මමත් බැලුව.ඒත් ඒ වෙද්දි කෙල්ල ගෙදර ගිහිල්ලද මන්ද එතන හිටියෙ නෑ.

'මොකක්ද අනේ?'
'හැප්පිලා ද?'
'මොකක් දිහාද අනේ හැමෝම බලන්නෙ?'
'කවුද?'
ඔය වගේ දෙබස් හතර වටෙන් ඇහෙනව.දැන් දකුණෙ අය බාගෙට ඉස්සිලාත්,වමේ අයගෙන් බාගයක් විතර හිටගෙනත් එලිය බලනව එබි එබී.
වෙලාවට එතකොටම බස් එක ආයෙ ගමන ආරම්භ කලා.මේ රසවත් සිද්ධිය මොකක්ද බලාගන්න බැරි උන අය දුකින් ආයෙ ඉඳගත්තා.මගේ වම් පැත්තෙ හිටිය මාමා 'මොකක්ද අනේ?' අහන්න වගේ මගේ දිහා බලල ඔලුව වැනුව.මමත් කට බෙරි කරල ඔලුව පාත් කරල 'අනේ මන්දා..'පාට් එකක් දැම්ම.

ඔන්න ඔහොම තමයි ලාංකිකයන්ගේ කුතුහලය.බොරු නම් ට්‍රයි කරල බලන්න ඔය වැඩේ.hehe.

********************

I hear this word'curiosity'often those days.I think Srilankans are 'the' most curious ppl in this world.I knew this from an incident I faced last friday.

I was in the bus when it stopped at the holt near Kelani bridge.I was really bored & looked outside from the window(rights side window,which's on the face of main road)
then I saw a scene which took all my attention...
I saw a lil girl,who appeared from one house under the bridge area,wearing dirty rag like petticoat,there was a small cup in her hand.she was pressing her eyes as if she was crying.I was curious...I've seen some 'beggar'parents hit their children very rudely.

she was walking parallel to the bus,then she passed the bus.I had to move forth&back a little cos there were lots of other vehicles passing between her & my window.to have a clear viewe,I turned back & looked at where she's going.
Do you know where did she go.well...to pick flowers!!lol.who knew it's a normal girl(not crying but rubbing her eyes sleepily)who's still wearing her night dress goes to pick flowers to worship at that time!

best thing happened after that,the old uncle who was sitting next to me is now looking at where I'm looking curiously with a doubled curiousity!he was almost standing up & looking back.realizing what's going to be happen is not that good,I sit down properly.but it's done.within five minutes whole right side row were sitting half upright & looking back,searching for the 'happening thing'.
'what's going on?'
'is it a crash?'
'what men?what's everybody looking at?'
that's some of what I heard.luckily bus started within next five minutes...
everyone settled down,some hopeless,unable to see what was that curious thing.
then that uncle looked at me with an expression of 'what was it?'
well...then I replied with another 'actually...I don't know..'kind of expression.lol.

typical Srilankans.You can also try this if you won't.lol.I'm not lying....

10 comments:

said...

නිකන් පාරේ යනකොට කොහේ හරි නැවතිලා උඩ බලන් හිටියමත් ඕක වෙනවලු

poppy said...

අනිවා මිනිස්සු නැවතිලා බලනව.ඔහොම කිව්වට අපිත් ඒ වගේමයි.යන ගමන් හරි මේ scene1මොකක්ද කියල බලන් නෙ යන්නෙ...hehe

දුකා said...

අර මරේ කියපු කතාවත් ඇත්ත. ඔයා මාර වැඩ කරන්නේ. ඔක්කෝම කරල මොනාවත් දන්නේ නෑ වගේ හිටිය නේද ? . . හික්ස්

Gayan Tharaka said...

හික්.කොහොම හරි බස් එකක සෙනග නැගිට්ටුව නේද? මරණෙ කිවුව එක මං දැක්ක ටීවි එකේ විහිලු ‍වැඩසටහනක.

poppy said...

අනේ ඉතිං මං යැ එයාලටත් ඒ පැත්ත බලන්න කිව්වෙ!!lol.මම හිතාගත්තා ආයෙ නම් ඔහොම වට පිට බල බල යන්නෙ නෑ කියල.මම හරි ආසයි මිනිස්සුන්ව නිරීක්ෂනය කරන්න.පෙලක් අය දිහා බලන් ඉන්නකොට dazzled තමා මට ඇනලා මේ ලෝකෙට ගේන්නෙ,මොකෝ ඔය අරුන් දිහා කන්න වගේ බලන් ඉන්නෙ?කියල අහල

Grey said...

paare yanakota watapita nobala paara diha balan yanna kiyala kiyala denne hodiya panthiyedi neda?

Gayan Tharaka said...

ඒ ආතාලගේ කාලෙ නෙව. මේක කොම්පීතර යුගේ. අද කාලෙ ගෑණු ලමයි ලඟ බලනව බොහොම අඩුයි. පුලුවන් තරම් දුර තමා බලන්නේ' නේද POPPY?

Ru. said...

"sri lankans!" Lol u sound like pravinth

Ru. said...

Anddd.. Im gona try this too.. Heeeeek

poppy said...

@Gray-mama hodiya fail.owa dan na.lol
@gayan-eka ne!anika mama doora drushtikathwayen pelenawa.langa pen na.hehe.
@daz-apo.don't insult me.sounds like pravi?no way!and ofcourse try it.but when the bus stopped in a holt!

Post a Comment