මෙහෙන්දි සහ දේශපාලනය-Mehendi & Politics



(can't read sinhala?then read the English translation of this original post at the bottom:).)
අලුතින් ගත්ත මරතොන්ඩි ටියුබ් එකෙන් මොනවද අඳින්නෙ කියල හිත හිත ඉන්නකොටයි,පරණ පොතක තිබ්බ,ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගෙ මෙන්න මේ රූපෙ දැක්කෙ(චේ ගුවේරාට අපහාසයක් කලා කියලා චෝදනා නැගෙයිද මන්දා,හැබැයි මම කිසිම අගෞරවයක් නම් කලේ නෑ.කොටින්ම කියනවා නම් වෙනදා වම් අතින් හෝදන සියලු දෑ දකුණතින් සේදුව බවත් වලන් හේදුවේත් අත් මේස් දාගෙන බවත්'අම්මා පල්ලා'කියලාම කියනවා.)
ඉතිං පොපී JVP ද?අපෝ නෑ.මට පක්ෂයක් නෑ.අපි පාවෙන ඡන්ද ගණයට අයිති.මේ පාර නම් ඡන්දෙ දාන්න හිතෙන්ත් නෑ.

දැං කියන්න යන්නෙ මගේ යෙහෙලියක් (dazzled)දවස් දෙක තුනකට කලින් මාත් එක්ක කියපු කතාවක්.එයා නම් විහිලුවක් කලත් කොළඹ නාකි ආච්චිලනම් ඇත්තටම හිතන්නෙ මෙහෙමයි කියල දන්නව.ආච්චිලා ලස්සන කොල්ලන්ට ආසයි නෙ.ඕන වෙලාවක-'අනේ...සීදේවි කොලු පැටිය'කියාගත්ත ගමන්.මට නම් පේන්න බෑ!!

කතාව ගියෙ මෙහෙමයි...
*අපි දෙදෙනා පාරේ ඇවිද යන්නෙමු,දෙපැත්තේ තාප්ප දුමින්ද සිල්වාගේ කඩවසම් රුවින් වැසී ඇත.ඈ ඔහුගේ විශාල අත් ගොබය දිහා මඳ වේලාවක් බලා හිඳී'

dazzled-'මචං මම කොළඹ හිටිය නම් දුමින්දට මනාපෙ දෙනවා!'

*හිනා*

මම-තව කාටද?
*ඇය වට පිට බලයි.දේශයේ පංචායුධය එහා පැත්තේ තාප්පයේ ඇලවී ඇත*

dazzled-දෙවෙනි එක විමල්ට

*තව හිනා*

මම-ඊට පස්සෙ??

* ඉදිරිපස පෝස්ටරයක් දිහා බලා දිගු සුසුමක් හෙලන්නීය*

dazzled-ඊට පස්සෙ යටින් ලියනව 'මම සුජීව සේනසිංහටත් කැමතියි'කියලා!

කතාව හරි.ඡන්දෙ අවලංගු කරගන්නත් බෑ නෙ.ආයෙ නම් පොලිටික්ස් ගැන ලියන්නෙ නෑ.හ්ම්...අද වැඩ වැඩි.අපේ ගෙදර අද ව්‍යාපෘති දෙකයි.
1ජනෙල් රෙදි සේදීමේ ව්‍යාපෘතිය.
2ආච්චිගේ මළ ව්‍යාපෘතිය

අපේ ආච්චි එක තැන නිසා සමහර ක්‍රියා හිටපු ගමන් අනිච්ඡානුගව වෙනව.නාන කාමරයට හෝදන්න ගෙනියන්න කලින් ඇඳ උඩම තියන් පිහදාල අරන් යන්නෙ.ටොයිලට් පේපර් ඉවර වෙලා නිසා අද පත්තර කොළ වලින් පිහදැම්මෙ.මේ දවස් වල හැම පිටුවකම හිනා වෙලා ඉන්න කට්ටියගෙ මූණු නම් එච්චර ලස්සනට තිබ්බෙ නෑ වැඩෙන් පස්සෙ.සමාවෙන්න ඕනෙ.මූණු නැති පත්තරයක් හොයාගන්න තිබ්බෙ නෑ:D

-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+

when i was thinking what to draw from the 'marathondi designing' tube I bought several days ago,this picture came across me accidently.A great man he was.So I hope no one will accuse me for ruining his image,cos I've done nothing insulting to it.everything I usually wash using my left hand was washed by my right hand after drawing this.hehe.& I clearly state(god promise & mother promise)I even washed the pots&pans wearing a pair of gloves!

so....is poppy JVP?no way.she hasn't got one party.she's a part of floating votes!hmmm she feels like not voting to this election too,politics...shitty business:)

now i'm going to say a story one of my friends(dazzled) told me.if she likes i'll tell her name later.though what she said was a joke,I know lot of grannies living in colombo thinks this way.they all love handsome boys!'ane...seedevi kolla....(what a cute boy)'ugh!! I hate when they talk like that!

the story went on like this....
*we were walking...it was a street in colombo.all walls near the road are covered with the handsome posters of 'Duminda Silva'(who looks like a body builder).my friend looks at his huge arm for several seconds*

dazzled-You know machan...if I was a Colombo citizen,I'm gonna definitely vote Duminda!
*giggles*

me-so...you have two more left

*she looks at the other side of the road.'deshaye panchayudhaya'(talisman,amulet of the nation)is stuck in it*

dazzled-2nd goes to Wimal
*more giggles*

me-then?

*she looks at a banner hung infront of us*deep sigh**

dazzled-then I'll write at the bottom...'I also like Sujeewa Senasinghe'!!

*lols*

yeah thats true.otherwise the vote gets invalid no.(cos he's from another party)hmmmm...today is a busy day.Had two projects to complete
1-curtains washing project
2-granny's toilet project.
my Granny is a disabled old lady who can't walk or do her things alone.her 'system'is bit gaga those days & she does things(what we usually do in a toilet)on her bed.unfortunately toilet paper roll is over.before we carry her to the bathroom we wipe her a using papers.but today I had to use news papers for that job.politicians's faces, who's smiling at us from every page those days didn't look that smart when the job was over.lol.
very sorry guys,couldn't find a news paper without you...

11 comments:

Ru. said...

Ade.. I could sue u for stealing intelectual properties u knw !

poppy said...

oki oki.lol.you told it.hehe.

Gayan Tharaka said...

කොහොම හරි මේ කෙල්ල අමාරුවෙ දැම්ම නේද යාලුව. දැන් බාසා දෙකෙන්ම ලියන්න වෙලා වගේ.

said...

නියමෙට ඇඳලා තියෙනවා.

දකුණු අතින් හරි හෝද ගත්තනම් කමක් නැහැ නොසෝදා ඉන්නේ නැතුව.

දැන් යාළුවා ඉන්න පැත්තේ අනුව කාටද දන්නේ නැහැනේ එයාගේ මනාපෙ

poppy said...

@ගයාන් -ඔව් අප්පා.නැත්නම් මේ කෙල්ල හැම සෙනසුරාදාවකම මාව මරාගෙන කන්ඩ යනව නෙ!

@ ම -:Dයාලුව කොහොමත් සුභ අනාගතයක් ප්‍රාර්ථනාවෙන් ඉන්න කෙනෙක්.lol

Anonymous said...

ආර්ට් එකනම් පට්ට නගා...ඔයා 'චේ' ව හොදට දැකලා තියෙනවා වගේ...

poppy said...

ස්තූතියි.දැකලා තියෙන්නෙ පින්තූර වලින් තමා.ALකාලෙ ඔය ෆොටෝ එක ගොඩ පාරක්,කොළ,සමරු පොත් වල ඇඳල තියනවා යාලුවන්ගේ ඉල්ලීම මත

MaJee said...

"මෙහෙන්දි චේ" නම් නියමයි. මාත් ඔය රූපෙම යාළුවන්ට ඇඳල දීල තියනව.මාරයි.
අනේ පව් ආච්චි. මටත් අපේ ආච්චිල දෙන්නව මතක් වුණා.

poppy said...

ආච්චිලා දෙන්නා දැන් කොහෙද?තාම ජීවත් වෙනවද?

MaJee said...

ආච්චිලා දැන් ජීවතුන් අතර නෑ :-(

poppy said...

අනේ.I'm sorry.අපේ තාත්තාගේ අම්මත් 2004දි මැරුණා.හ්ම්.දන්නවද,එයා ගැන දෙපාරක් පත්තරේ ගියා.මැරෙනකොට අවුරුදු 106 විතර වයස

Post a Comment