පරණ දින සටහන් 2

2006 සැප්තැම්බර් 1(සිකුරාදා)
ඉස්කෝලෙදි මැරෙන්න හෙම්බිරිස්සාව.මම සකූටයි,තරූටයි ice cream2,kit kat2 අරන් දුන්නා.chemistry වෙලාවෙදි සර් අහක බලද්දිම කෝන් එක අතින් අතට පාස් වෙනවා.මං ඇරෙන්න පන්තියෙ ඔක්කොම උන් අයිස් ක්‍රීම්2 බෙදාගෙන කෑවා.(මට හෙම්බිරිස්සාවනෙ!)මාර fun.සර්ට තේරුනා මොකක් හරි සීන් එකක්යනවා කියලා.ඒත් වැඩේ අහු උනේ නෑ.

2006 සැප්තැම්බර් 2 (සෙනසුරාදා)
Happy brithday to me //
Happy birthday dear Keanu Reevs & me...
Happy birthday to meeeeee!
මා....ර happy birthday එක.මට දැන්18ක්!මැරෙන්නම හෙම්බිරිස්සාව දැං නම්.උණත් වගේ.හතියත් තියනව.අද උදෙන්ම තාත්තා wish කලා.ඊට පස්සෙ චූටි අයියා(sky blue පාටින් ගලක් අල්ලපු ලස්සන lover1න් ගත්ත මුද්දක් දීලා)wish කලා.ඊට පස්සෙ අම්මා තොත්තුවක් දුන්නා.ඊට පස්සෙ ලොකු අයියා තොත්තුවක් දුන්නා.ඉෂ්,නිලූ,NIR,චාමර,සහන්,මහේෂ් wish කරලා sms එව්වා.සකූයි තනුජායි කෝල් කලා.බලන්න මම අලුත් සල්වාර් එක ඇඳලා පන්ති යන්න හිටියෙ.කොහෙද!සල්වාර්1 මහලත් නෑ අසනීප නිසා පන්තිත් නෑ.ලොකු අයියා සුපුරුදූ පරිදි තොත්තුවක් දීලා ෂේප් උනා.හරි නරකයි.අද ඉස්කෝලෙ swimming pool1ට මුල් ගල තියනවා.දෙවෙනි ගල කවදා තියයිද දන්නෑ.අපි ඉස්කෝලෙට ආව කාලෙ ඉඳලනෙ ඕක හදන්න ප්ලෑන් කරන්නෙ.ළමයි කියනවා අපේ මිණිපිරියන්ටවත් ඕකෙ පීනන්න ලැබුනොත් වාසනාවක් කියලා.අපිට school ID1ත් ලැබුණානෙ!මගෙ ඔක්කොම ඇද වෙලා ගිහින්.මාර සුදුයි හැබැයි.ඇහිබැම තනිකර ඇඳලා වගේ.ළමයි අහනව මම මේකප් දාලද ෆොටෝ1 ගත්තෙ කියලා.හැමෝගෙම මූණු ඇතුල බල්බ් දාල වගේ සුදු වෙලා.ළමයි කියනව proposal 1ක් ආවොත් යවන්නෙ මේක කියලා.(මනමාලය හිතයි 'මරු නෙ!'කියල)සකූට තාත්තා කියල -මේක නම් check කරන්න ඉල්ල ගත්තොත් අනිවා කොටියෙක් කියලා ඔයාව අල්ලගන්නවා,මොකද ෆොටෝ එකේ ඉන්නෙ නම් ඔයා නෙමේ-ලු.( ප.ලි.ඕව නම් මොනවද,මගෙ ජාතික හැඳුනුම්පතට ෆොටෝ1 ගත්ත තැන උන්න බුද්ධිමතුන් පිරිසක් වැඩි හොඳට මගෙ මූණෙ උපන් ලපයත් photoshop වලින් මකල දාලා තිබුණනෙ!)

10 comments:

said...

ඔයාට තිබ්බේ අයිස් ක්‍රීම් එක මුලින්ම ලෙව කාලා අනික් අයට යවන්න එතකොට සේරටම හෙම්බිරිස්සව නේ. මන් නම් එහෙම වැඩක් තම කලොත් නිකන්දෙන්නේ මොකටද :-D

මිනිහා දුර දිග බලලා උපන් ලපේ අයින් කලාද දන්නේ නැහැ. දැන් සමහර අය හැඩ වෙන්න්න ඔය වගේ එවා මූනෙන් අයින් කරන්වනේ

poppy said...

අපොයි කරන්න කියන පවු වැඩ.මගෙ හෙබ්බිරිස්සාව බෝ උනොත් මැරෙන්න අමාරු වෙනව.

Gayan Tharaka said...

ඔයා හෙම්බිරිස්සාවට යාලුවොන්ට අයිස්කිරිං අරන් දෙනව වගේ.
මම නම් කරන්නේ කූල් මොනව හරි ගන්න එක. :D ටිකකින් වැඩි‍වෙලා ‍ටක් ගාල හොද වෙනවා. වැඩි වෙච්ච වෙලාවට පොඩ්ඩක් අවුවට වෙලා ඉන්නවා. :D
අත්දුටුයි..

poppy said...

cirtazine කියන මැජික් පෙත්ත ගැන දන්නවද?ටක් ගාල හෙම්බිරිස්සාව හොඳ වෙනව

Gayan Tharaka said...

පොපී බැලුවම බෙහෙත් ගැනත් දන්නවනේ. මං නං ඔය බෙහෙත් පාවිච්චියක් නෑ.

ඒක නෙවි ඕං මං ඔයාට මේල් එකක් එව්වා. මට ඒක හම්බුණ විදිය පුලුවන් නම් කියන්නකෝ බලන්න.මට 120ට 220ක් ෂුවර් ඒක ඔයාගේ කියලා (රතු හැට්ටකා‍රි එකට නං නෙවෙයි.)

poppy said...

ඔව් බේත් ගැන දන්නව.අපේ පොඩි අයියා ඩොකා නෙ.hee hee.got ur mail.ඔයා google profile 1 බැලුවද මගෙ?ඇත්තම කියනවනම් මම පාවිච්චි කරන්නෙ yahoo account1ක්(rathuhattakari නෙමේ).මගෙ මුලු නම තියෙන්නෙ address1ට:)ඕක ඉස්සර gtalk වලට පාවිච්චි කරපු එකක්.

mhasantha said...

poppyta hamadama upandineta wish kalata apita nam mukuth na....man rata innakotath wish kala nowa...

poppy said...

:-D mama a kaale ewwa ne...2008n passe thama awula une.numbers maaru una...mage langa thibba mage male friendslage numbers okkomath ekkenek delete kala ne...(ugh.jealous,possesive boyfriends!)onna 2011indan waradin na aaye :-D

Gayan Tharaka said...

ආ මෙන්න හෙම්බිරිස්සාවට ඔයාගෙම ලැයිස්තුව තියේ.. හෙහෙ අදම ඔයාට ආයෙ පාරක් ටෙස්ට් කරතෑකි..

poppy said...

Ammo maasa 9k gewuna ikmana!oya mage blog eka mula indan kiyawapu kenek ne gayan aiye? :-D thanks....

Post a Comment