පරණ දින සටහන්

හිටපු ගමන් පරණ diary1ක් කියෙව්වා.මේ ඒකෙ තැනින් තැනින් අහුලගත්තුවා.
2006 පෙබරවාරි 23
අද මාර jolly!class එකේ නම් කියපු මලදානයක් තේරුණේ නෑ.හැබැයි class ඉවරඋනාමයි දැක්කෙ වහිනවා කියලා.මා...රයි.dazzeled(NIR),මායි,මල්ෂා යි තුන්දෙනා ලඟම කුඩ නෑ.අපි පිටකොටුවෙ holt1 ලඟ හිටියා පැය1/2ක් තිස්සෙ bus1ක් එනකන්.හිතාගන්න පුලුවන්ද,වහලයක් වත් නැති holtඑකේ,නිකම්ම අහස යට,1කුඩයක් වත් නැතුව,ධාරාණිපාත වැස්සෙ අපි පැය1/ක් bus1ක් එනකන් හිටියා කියලා!අන්තිමේ කොණ්ඩෙ pony tail1ක් දා ගත්තා.uniform1ඉදන් යට ඇඳුම් වලට යනකන් තෙත බරි වලා.මා....ර ෂෝක්.මම ගෙදර ආපු ගමන් නෑවා.වෙලාව රෑ9.30යි.2006-අගෝස්තු-07
ඉඩ තියෙන නිසා මොනව හරි ලියන්න හිතුනා.මට හිතුනා සීදුව ගැන ලියන්න.ලොකු අම්මා ඉන්න කාලෙ සීදුව හරි ලස්සනයි.මං හරි ආසයි නත්තලට සීදු යන දවසට.අපි මෙහෙන් කෑම හදාගෙන,අලුත් ඇඳුම් අරගෙන,ගෙවල් වලට තෑගි අරන් යන්නෙ.එහෙ හැම ගෙදරකම නත්තල් ගස් හදලා,සරසලා,නත්තල් කේක් හදලා,රතිඥ්ඥා පත්තු කරනවා...මාරjolly!ඒ කාලෙ ගොඩ දෙනෙක් බැඳලා නෑ.නදී අක්කා,ඉන්දූ අක්කා,මල්ලිකා අක්කා,රේණු අක්කා,නාලි අක්කා,චූටි අයියා,නලින් අයියා තව ගොඩක් අය.ඉතිං අපේ අයියලා දෙන්නත් ඒ අය එක්ක සෙට් උනාම මාර ෂෝක්.රෑට මහ ගෙදර ඉස්තෝප්පුව(ඒක පොළවට වඩා අඩි2ක් විතර උඩින් තියෙන්නෙ,වහලයක් නෑ)උඩ පැදුරු දාලා නිදාගෙන අහස බලනව.රෑට වටේටම තියෙන වගුරු බිමෙන් ගෙම්බොයි රැහැයියොයි කෑගහනව ඇහෙනව.රේල් පාර ළඟ හින්දා සැරින් සැරේ කෝච්චි යනව ඇහෙනව.පල්ලියෙ පූජාවට ගණ්ඨාරෙ ගහනව ඇහෙනව.සමහර දවස් වලට විතරක් අපි පල්ලි යනවා.මාත් දවසක් පල්ලි ගියා මතකයි.මට හරි ආසාවක් ආවා අර පෝලිමේ ඉඳලා ගන්න 'පූප' කන්න.හැබැයි අපිට හම්බුනේ නෑ.අපි කතෝලික නෙමේ නෙ.ඉතින් ආයෙ එද්දි මම හරි upset ගිහින්.අපි පල්ලි ගියෙ නැති දාට නෝබට් මහප්පලා පල්ලි ගිහින් එනකන් අපි හැමෝම ඉස්තෝප්පුවෙ ඉඳගෙන තරු දිහා බල බල පරණ කතා කියනවා.ලොකු අම්මට පල්ලි යන්න බැරි නිසා ගොඩක් වෙලාවට යන්නෙ නෑ.ඉතිං අපි12පහු වෙනකන් ඇහැරලා.12ට ඉතිං මෙහෙ අවුරුද්දට වගේ තමා එහෙ රතිඥ්ඥා.ඉස්තෝප්පුවෙ ඉන්නකොට මාර හීතල හුළඟක් එන්නෙ.මතක් වෙනකොටත් දැන් දුකයි.ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ.අවුරුදු10කින් සීදුවම වෙනස් උනා.ලොකු අම්මා මැරුණා.මැණිකෙ,මොන්ටි අයියා,ලිලානි මහම්මා,කමලා මහම්මා,පොඩි අයියා මැරුණා.නදී,ඉන්දු,මල්ලිකා,නාලි,රේණු අක්කලා බැන්දා.රමණි අක්කා රට.සුදු අක්කා ඩිවෝස්.හ්ම්....ගෙවුණු කාලය,නැතිවුණ දේවල් ආයේ කවදාවත් එන්නෙ නෑ...

7 comments:

Ru. said...

Adee.. I cnt read ths sht yaa.. Post in english

බිඟූ said...

he he apita kiyawanna puluwan

poppy said...

ooops.wait dazzled drln.oyata mehe aawa dawasaka thama kiyawanna wenne.but dnt worry.I'll give my diary on saturday:)

said...

dazzled sinhala install karagaththama hari mewath kiyawanna puluwan

http://www.siyabas.lk/sinhala_how_to_install.html
හොඳයි හොඳයි සිංහලෙන් ලියනකොට ෂෝක්. කොයි කාලේ ඉඳන් දින පොතක් ලියන්වද? මාත් ඉස්සර නම් ලිව්වේඅ දැන් නම් ලියන්නේ නැහැ

poppy said...

thanku thanku ම.මම 2003ඉදන් තමයි ලියන්න ගත්තෙ.dazzled mobile1n log wenne.mamath goda welawata ehemai.PC1ta install kara gaththanam hari.ඒකයි අවුල

Gayan Tharaka said...

dazzled ට සිංහල තේරෙන්නැතුවද දන්නෙත් නෑ LOL

poppy said...

dazzledට හොඳට සිංහල තේරෙනවා.ඒත් පේන්නෙ නෑ.phone1න් එද්දි සිංහල අකුරු නිකම්ම කොටු කොටු වගේ පේන්නෙ:)

Post a Comment